ගුවන් හමුදාපති බිරිද සාප්පු සවාරියේ.. සුසුදු සම රකින්නට හමුදා සෙබලෙක් කුඩය අල්ලයි..

April 12, 2018 at 11:20 am | lanka C news
ගුවන් හමුදාපති බිරිද සාප්පු සවාරියේ.. සුසුදු සම රකින්නට හමුදා සෙබලෙක් කුඩය අල්ලයි..

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති කපිල ජයම්පතිගේ බිරිඳ වන අනෝමා ජයම්පති සාප්පු සවාරියේ යද්දී ඇයට හිරු එළිය වැටීම ආවරණය කරමින් ගුවන් හමුදා සෙබලෙක් කුඩයක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන පින්තූරයක් මේ දිනවල සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

රාජකාරියේ නියුතු සෙබලෙක් ලබා මෙම කාර්ය කරවා ගැනීම ගැන සමාජ ජාලයන්හි දැක්වෙන්නේ දැඩි විරෝධයකි.

46,613 Viewers

38 Comments to “ගුවන් හමුදාපති බිරිද සාප්පු සවාරියේ.. සුසුදු සම රකින්නට හමුදා සෙබලෙක් කුඩය අල්ලයි..”

  1. ඇත්ත says:

    යූද්දෙන් රට ආරක්ෂා කරන්න ගිහිල්ල අතපය අහිමිකර ගත්තු අය ඉන්නා රටේ සුදුහම රකින පුත්තු හරි වාසනාවන්…

    • Disna says:

      අත් පය වගේද බොල හම…නිකන් යහපාලනේට කෝචොක් දාන්න එපා..

      • සුදා says:

        මේක මහින්දගේ කාලේ උනානම් අපේ නිදහස් මාද්‍ය කාරයෝ එන්ජිඕ ඩොලර් කාක්කෝ බටහිර මාද්‍ය බටහිර තානාපතියෝ මේ ඔක්කොම මේක අල්ලාගෙන මහින්දව පට්ට ගහවි ඒවගේම අපේ ෆේස් බූක් මඩ බලකාය සිරිකොතේ රතුතොල් බලකාය කුණු දතාගේ මෝඩ පුතාගේ මඩ බලකාය මේ ඔක්කොම මහින්දට බනිවි නමුත් දැන් එකෙක්වත් හුම් නෑ ඉන්නේ මුන්ව සුද්ද කරන්න කුලියට ලියන රතුතොල් බලකායෙන් විසිරුවපු රුපියල් 1600 කැල්ලක් විතරයි

        • නිහාල් says:

          මෙහම කියමුකෝ .එදා ඉඳල වැදගත්කම තිබුණු පවුල් වල කුල කාන්තාවන් මිනිස්සු ලවුවා අමුතු ගවුරව අමුතු සැලකිලි ලබාගන්න් හදන්නේ නෑ ඒ වගේම කිසිවෙකු අපහසුතාවට පත්කරන ජාතියේ පිඩක මට්ටමේ දේවල් කරන්නේ නෑ .එහෙම දේවල් එවැනි කාන්තාවන් කරන්නේ නැත්තේ ඔවුන්ගේ තිබෙන ගවුරවාන්විත චරිත ලක්ෂණ නිසා .එවැනි දේවල් මගින් ඔවුන් ලජ්ජාවට් පත්වෙනවා .නමුත් අර එදා ඉඳල වැදගත්කමක් නොතිබුණු කෙනා බලන්නේ තමුන්ට වඩා දුර්වල මට්ටමේ තමුන්ට වඩා අහිංසක මට්ටමේ ඉන්න කෙනා ලවුවා වැදුම් පිදුම් ලබාගන්න එමගින් මම ඉතා ඉහල කෙනෙක් කියල සමාජයේ වැජබෙන්න .(මේ වෙලාවේ ප්‍රේමදාස මහගේත් මතක් වෙනවා )
          දැන් මේ පින්තුරය බලන්න මේ සොල්දාදුවා මෙහි අසීරුවට පත්වෙලා නේද ?මේ කාන්තාවට මේකෙන් ලැබෙන්නේ ගවුර්වයක්ද අපහාසයක්ද ?මේ වැඩෙන් මේ කාන්තාවගේ මට්ටම ඉහල ගියාද පහල ගියාද ?
          අපි වත්මන් ගුවන්හමුදාපති ගැන කිසිවක් දන්නේ නෑ නමුත් මේ කාන්තාව ගැන කිසිවක් නොදන්නවා උනත් මේ පින්තුරෙන් ඇය ගැන ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන් එච්චරයි .
          පිරුණු කලේ දිය නොසැලේ කියල පැරණි සිංහල කියමනක් තියනවා නේද ?

          • Vasana says:

            ගුවන් හමුදාපති බිරිද කල මේ අවමානයට මුළු ගුවන් හමුදාවෙන්ම සමාව ගත යුතුයි
            ඇය ගුවන් හමුදාපති ධුරය දරන්නේ නැහැ …ගුවන් හමුදාපති තුමා මේ ගැන මොකද්ද කියන්නේ ?එය සාධාරණද ? නැහැ නේද ?
            කවුරු කලත් වරද වරදමයි

        • මම මම says:

          ඔයාල දන්නේ නෑනේ මෙයාලා මට දැන් ඔය පොලට තනියම යන්න තිබුනා ඒ වුනත් මෙයාලාහිතන්න දැන් මම එක්ක සෙබලියෝ දෙන්නෙක් දෙපැත්තෙන් ඊටපස්සේ සෙබලා මට කුඩේ අල්ලනවා ඉතින් ඔය පොලේ බඩු විකුනන්න ඉන්න අයට තේරෙනවා මේ නම් ලොකුම බෝස්ගේ නෝනා තමා කියල ඒ වගේම ඉතින් මේ පොලට බඩු ගන්න පිටින් එන අයටත් තේරෙනවා මේ නම් ලොකුම බොස්ගේ නෝනා තමාවේ කවුරුත් නෙවෙයි කියල ඉතින් හැමෝම මගේ දිහා බලනව හැමෝමටම පේනවා මට තියෙන තැන. අතට පයට සෙබල සෙබලියෝ ඉතින් මගේ හිතට එතකොට දැනෙන සතුට. (මේ සතුට තවත් වැඩිවෙනවා අපේ ගමේ කෙනෙක් හරි අදුනන පිට කෙනෙක් හරි දැක්කොත් දැන් ඉතින් එකත් උනා )හැබැයි ඉතින් මම ඒ සතුට හංගගෙන කූල් එකේ බඩුවක් අතගාල බලනවා පොලේ හැසිරිලා එනවා දන්නේ නෑ වගේ බඩු ගත්තේ නැතත් මගේ මෙහෙයුම සාර්ථකයි රැජින කවුද කියල දැන් හැමෝම දැක්කා ඒ සතුට බඩු ගත්ත සතුට වගේද ?

        • citizen says:

          මහින්දගෙ කාලෙ මේවා නොවුනා නෙමෙයි. මේ වගේ ෆොටෝ මාධ්‍යයට දැම්මෙ නෑ. දැම්මනං පහුවෙනිදට ඌ ‘මිසින්’.

          • SAPU says:

            ජඩපලානේ ගොන්දෙන්නෙක් රට කකා සිටි
            උන් ඉදිරියේ විරුවන් අද කොයිතරම් නම් අසරනද
            පොළකට ගිහින් ලොකු නෝනා රෙදි තෝරද්දී
            අව්වට කුඩ ඔසවන්නේ මා සෙබළකු වූ නිසා වටද
            රණවිරු සොහොයුරන් සිරගෙවල දුක් විදින අද
            කොටි ත්‍රස්තයෝ නිදහසේ පිනුම් ගසයි අද
            රට ජාතිය රැකගත් අපේ සොහොයුරන් අපරාධකාරයෝ වූ කල
            බලන් කඩතුරා හැර දෑසේ
            අද රණවිරුවන්ට සිදු වූ විපත
            සිංහල නුබේ ඇස් වලට හෙන ගහලද අහෝ

      • නිහාල් says:

        කවුද දන්නේ ඒ බවලත්ති ආසාවට එහෙම කුඩේ අල්ලන්න කිව්වද කියල ?

        • Bang kock says:

          මේ හමුදා පති බිරිඳ නොව විදෙස් අමුත්තියක් විය හැක​. බැංකොක් වලදී බාත් 800 කට ආවා තායි කෙල්ලෙක් මේ වගේම හැඩ රුව​.

        • CAT says:

          ආරක්ෂක හමුදාවට දැන් පැවරී ඇති කාර්යය කාන්තාවන්ට කුඩ එසවිමද ? ලැජ්ජයි

      • Alapaluwa says:

        අනිත්තිය ගැන සිතපල්ලා ඔය සුදුහම ඇතුළෙන් තිබෙන දේය දැක්කම සසර කළකිරෙනබවත් සිතේ තබාගනිල්ලා.දැන්ඔය කුඩ ඇල්ලුවත්,කුඩ යට සිටිනා වයසක තරුණ ලඳ මැරුනපසු එකදවසක් සතුටෙන් ඔය කියනම සුදුහම අතගාවිද? මුන්ට ලැජ්ජා නැ බං රාජකාරිය මේතරම්ම බාල්දු කිරීම. මේයට තමයි බන් කියන්නේ යපාලනය රේද්ද ඇතුළෙන් බෙරේනබව. හැබෑයි දැන් තියෙනවා ඔය කුඩයට Air-condition එකක්,අන්න එකක් හයි කරගෙන ගියානම් මේයට වඩා හොඳ නැද්ද? මොකද සකළ සරුවන්ගේම සීතල වෙනවානේ යන යන තැන.

        • සුදු පරවියා says:

          ගුවන් හමුදාපති තුමෙනි ,බිරිදගේ කුඩයට Air-condition එකක් සවි කිරීමට අමතක නොකරන්න ..
          රටේම නැවත LTTE ත්‍රස්තවාදීන් දේශපාලන බලයෙන් රජකරද්දී හමුදාපති වරු ,වත්මන් ජඩපාලනයේ තරු පටි වලට බලයට නිහඩව සිටීම ගැන කණගාටුයි
          අපේ රට ජාතිය රැකගත්ත විරෝධාර රණවිරුවන් සිරගෙට පෝරකේට යවද්දී ,ගුවන් හමුදා සෙබළුන්ට මොකද්ද මේ කරන අවමානය …ඔබලාගේ දෙනෙත් වලට මේවා නොපෙනෙන්නේ මන්ද ? ලැජ්ජයි

  2. නිදහස් says:

    මුදලට හා බලයට හැම දෙයක්ම යටයි. ඇමතිආරක්ෂක සේවයේ යෙදෙන අය පොල් ගෙඩිය ගේන්න පවා කඩේ යනව. ඇමතිවරුන්ගෙ මන්ත්‍රීවරුන්ගෙ ගෙදර ඉන්න බල්ලත් නාවන්නෙ පොලිසියෙන්. හැමෝම නොවනත් සමහර නිලධාරීන් නිසා මේ රට හැම පැත්තකින්ම අගාධයට ගිහින් ඉවරයි.

    • සුදුපරවියා says:

      මෙවැනි පහත් ක්‍රියාවන් මින් පසු නොකිරීමට ගුවන් හමුදාපති බිරිද කටයුතු කලයුතුයි ..
      .එය අපේ ගුවන් හමුදාවට කරන ලොකු අවමානයකි ..
      .Shame on you Ms Jayampathi

  3. Tongaa says:

    රණ විරුවන් හිරගෙට දක්කන් යද්දී
    නව අණ පණත් ස්වෛරී බව කෙලෙසද්දී
    හිත එඩි ඇති සැමගෙ සිත් බිඳිලා යද්දී
    මේ වැනි දැකුම් මතුවට තව වෙයි සිද්ධී

    • SALMAL says:

      දැන් ගුවන් හමුදා නිලධාරීන්ට සිදු වන අවමානයක තරම …
      ගුවන් හමුදාපති බිරිද සාප්පු සවාරියේදී ,.ඇයි කුඩය එසවීමට හමුදා නිලධාරියෙක් යොදවා ගත්තේ ?
      ඇගේ පුද්ගලික වැඩවලට හමුදා සෙබලෙක් යොදා ගැනීම අපි හෙළා දකිමු …

  4. බබා උක්කුන් says:

    එයාර්මන් කුඩේ අල්ලාගෙන, ලේඩි ඔෆිසර්ස්ල දෙන්නෙක් දෙපැත්තෙන්, එස්කොට් එක ඈතින්.
    එයාර්ෆෝස් ජෙන්ටල්මන්ලා.
    ලැජ්ජාවේ සන්තෝසේ බැරුව.

  5. ExUNPer says:

    People,
    Compare the war heroes in the jail, war heroes who are disabled with this soldier.
    To whom we should pay attention.
    This is not a serious issue. It does not affect national economy. It does not affect anyone else ( except the soldier, who may be willing to do it – as a respect to his commander).
    If that hearts us that is Jealousy !!!!!!!!!!!!
    So people, do not go to extremes. Why can’t we say, ‘ ok, anyway, it is our commanders wife’.

    • JOY says:

      Why not …This is a serious issue…..

      මෙයට වගකිව යුත්තේ අපේ ආරක්ෂක ත්‍රිවිඩ හමුදා ජිනීවාහිදී දෙමල කොටි ඩයස්පෝරාවට ,අධිරාජ්‍යවාදීන්ට , NGO ලාට පාවා දුන් නිවට පාලකයා සිරිසේනයි
      ගුවන් හමුදාපති බිරිද සාප්පු සවාරියේ යමින් දැන් අපේ හමුදා සෙබලන් ලෝකයා ඉදිරියේ තවත් අවමානයට ලක් කරනවා …අපි මෙය තරයේ හෙළා දකිමු
      කාන්තාවන් ට කුඩ එසවීම හමුදා සෙබළකුගේ කාර්යය නොවේ …මොකද්ද මේ නටන යමපාලන නාඩගම ?

  6. RASA says:

    Pls. smug this soldiers face.

  7. Ranarala says:

    Me weden sebalath podi aathal ekak gannawawage penenawa. Man hithanne sebala siya kemeththenma me wede karanawa ithi. Mokada promotion ekak ehema lebeine !

  8. Gihan Dissanayaka says:

    සිතුණත් නරකෙකි රණවිරුකමට
    විනයක් ක්‍රමයක් ඇත හමුදාවට රැකුණ
    වුවානම් මෙය අප මහ රජු කලක
    වැගිරෙනු ඇත සැමතැන අලි කදුළ

  9. Yasantha says:

    ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි! ඒත් මේඅහිංසක සෙබලා ගැන දුකයි.අණ පිලි නොපැද්දොත් ඌට වෙන සංගෙඩිය කොමෙන්ට්ස් දාන උන් දන්නේ නෑනේ!

  10. Ali Oluwen says:

    Dan kuda allannath hamuda batayo paawichchi keruwata e dawaswala kudayakwath thibunada kiyala soya baluwanam tharama danaganna puluwan wevi. Adu kale selave kiyanne mewata thamai .

  11. තුට්ටු දෙකේ පඩංගු.

  12. Roy says:

    Defence Minister Stephen Smith has said sorry on behalf of the Government to the men and women in the Australian Defence Force who have suffered physical and mental abuse while in the military.

  13. Saman says:

    Oka hitapu sebaliyak. ……danno dani lol

    • ජගත් says:

      ඔබ කියන කතාව ඇත්තනම් එතනින් එහාට මේ අශෝබන ක්‍රියාව කිරීම ගැන වෙන පැහැදිලි කිරීමක් අවශ්‍ය නෑ

  14. jayantha says:

    Samiya rata rakikinawa.Meya hama rakinawa.

  15. පිස්සා says:

    කෝ අර රණවිරු වන්ගෙ අයිතිකාරයො

  16. Rider says:

    It looks to me this is some event like Awurudu pola, organized by Airforce or some organization. But holding an umbrella is not proper.

  17. me පින්තුරේ ගත්තු එකා FCID says:

    මේ පින්තුරේ ගත්තු එකා FCID එකට අල්ලන් යනවාමයි. කව්රුවත් කුඩේ අල්ලන්න නම් එන්නේ නැහැ.

  18. indunil says:

    sudu samata sapa wenasakk…………

  19. FREE says:

    මෙහි සම්පූර්ණ වගකීම ගුවන් හමුදාපති භාර ගත යුතුයි.ගෙදර උන්දෑ කඩේ පොලේ යන විට ඒ වයසක උන්දෑට කුඩේ අල්ලන්නට තමා අණ දෙන හමුදාවේ සෙබලෙකු යෙදවීම ඒ හමුදාවට කරන ලද අගෞරවයක් බව නොතේරෙන්නේ නම් ඔහු උඩින් යන විට ප්‍රවේශම් වීම නුවනට හුරු බව අපේ හැඟීමයි.බැලූ බැල්මට නම් ඒ උන්දෑගේ දෑස් පෙනෙනවා කියා සිතන්නට අපහසුය​.රෙද්ද අතගානා ආකාරයෙන් ඒ බව මනාව පැහැදිලි වේ.මේ අපේ රටේ කරුමයද​?

  20. Mayadunne says:

    මෙම හමුදාපති බිරිද ගුවන් හමුදාවෙි සිටි සැරයන් වරියකි. එසේම වීරවරියකි. රටට සේවය කර විශ්‍රාම ගිය වීරවරියකි. එසේම ගුවන් හමුදාවට විශාල සෙවයක් කරන සේවා වනිතා ඒකකයේ සභාපතිනියයි. ඇය සියලු ගුවන් හමුදා නිලධාරීන්ගේ මවයි. ඇයට නිකන්ම නිකන් නිලධාරියෙකුගේ බිරිදක් වුවා නමි එයින් කථිකාවතක් ගොඩ නැගිය හැක. සීනිවිස්. ඔබට නොපෙනෙන පැති කඩවල් තව බොහෝ ඇත. පහලම තනතුරේ සිට ඉහලම තනතුරට ගිය ඇය අද සියලු සාමාන්‍ය සෙබලුන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කරන්නේ ඇයගේ අත් දැකීමි සමගය. සැබැවින්ම මැයට කුඩය ඇල්ලීමෙන් කිසිදු නිලධාරියෙකුට අවමාණයක් සිදු වන්නේ නැත. මෙය මාගේ අදහසය. මෙය පලකරනු ඇතැයි මා විශ්වාශ කරමි

Leave a Comment

Main News