ගුවන් හමුදාවේ දෙවැනියා ඉල්ලා අස්වෙයි.. හමුදාපතිගේ සාමාන්‍ය සෙබල නෝනාට මැඩම් කියන්න වෙලාලූ..

September 15, 2016 at 10:02 pm | lanka C news
ගුවන් හමුදාවේ දෙවැනියා ඉල්ලා අස්වෙයි.. හමුදාපතිගේ සාමාන්‍ය සෙබල නෝනාට මැඩම් කියන්න වෙලාලූ..

එයාර් මාෂල් රනිල් ගුරුසිංහ මහතා මෙතෙක් දැරු ගුවන් හමුදා දෙවැනි නිලය වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ

මේ බව තහවුරු කරන ගුවන් හමුදාපති කපිල ජයමිපති මහතා පවසන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම ගැන තමන් කනගාටු වන බවයි.

ගුරැසිංහ මහතා පුද්ගලික කාරණයක් මත තනතුරෙන් ඉල්ලා අස්වූ බව ලිපියේ දක්වා ඇත.

මේ අතර ඇතැම් සමාජ ජාල හා වෙබ් අඩවි වාර්තා කරන්නේ මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ නව ගුවන්හමුදාපතිවරයා විවහ වී සිටින්නේ ගුවන් හමුදා සෙබළියක් සමග නිසා ඇයට ‘මැඩම්’ යයි ඇමතිය නොහැකි නිසා බවයි.

6,013 Viewers
Main News