ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කරන්න සූදානම්..

September 13, 2018 at 12:40 pm | lanka C news
ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කරන්න සූදානම්..

වහල මත සවි කරන ගෘහස්ත සුර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මුල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ වහල මත සවිකරන ගෘහස්ත සුර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිය.

අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දෙනු ලබන අතර අක්‍රමිකතා වැලක් වීම සඳහා ගෘහස්ත සුර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට සීමා කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය අංශය

11,378 Viewers

3 Comments to “ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කරන්න සූදානම්..”

  1. Saradiel says:

    යමපාලනයේ තවත් මහා බැංකුව වැනි හොර සෙල්ලමක්

  2. Naamal says:

    කෝටි 800 දශලක්ෂයෙන් බෙදූ විට එක් නිවසකට රුපියල් 8000කි.

  3. ගන්ජ බන්ඩා says:

    හ‌ොඳ වැඩක්. නමුත් ඉතාම අඩු මිලට විදුලිය ලැබ‌ෙන යුනිට් 60 ට අඩුව‌ෙන් විදුලිය පාවිච්චි ක‌ොරන පවුල් කිසිම මුදලක් ග‌ෙවා ස‌ෝලා පැනල් සවි කරාවි යැය් මම නම් හිතන්න‌ේ නැහැ. ඹ‌ොකද ඔවුන් ග‌ෙවන මුදල ඒ තරම්ම අඩුය්.

Main News