ගෙවත්තකට ආ කිඹුලා ප්‍රදේශවාසීන් අල්ලා ගනිති..

September 7, 2018 at 5:30 pm | lanka C news
ගෙවත්තකට ආ කිඹුලා ප්‍රදේශවාසීන් අල්ලා ගනිති..

මන්නාරම, සින්නකඩෙයි ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි හැල කිඹුලෙකු සින්නකඩෙයි ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවි නිලධාරීන් වෙතට භාර දීමට පියවර ගෙන ඇත.

රාත්‍රියේ නිවසේ ඇති කළ බල්ලන් බුරන ශබ්දයක් ඇසී නිවැසියන් එළියට පැමිණ බලන අවස්ථාවේ කිඹුලා ගෙවත්තට පැමිණ සිටි ආකාරය දන්කට ලැබුණ බවයි.

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව කිඹුලා අල්ලා ඇති අතර, අනතුරුව මන්නාරම පොලිස් නිළධාරීන් හා වනජිවි නිළධාරීන් දැනුවත් කොට ඇත.

පසුව අදාල ස්ථානයට පැමිණි මන්නාරම් වනජීවි නිලධාරීන්  අල්ලා සිටි හැල කිඹුලා රැගෙන යාමට කටයුතු කල අතර වනජිවි නිළධාරීන් පැවසූවේ අඩි හයක පමණ දිගින් යුතු හැළ කිඹුලෙකු ‍එලෙස ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඇති බවටයි.

අසළ ජලය පිරි කුඩා වැවක් පවතින අතර, අදාළ වැවේ සිට කිසියම් ගොදුරක් සොයාගෙන පැමිණි කිඹුලෙකු එලෙස ගෙවත්ත වෙත පැමිණෙන්නට ඇති බවද වනජිවි නිලධාරීන් පැවසීය.

අල්ලාගත් කිඹුලා මන්නාරම රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට කටයුතු කළ බවද වනජිවි නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,291 Viewers
Main News