ගෙවත්තට ආ දැවන්න හැල කිඹුලෙකු අල්ලයි…[Photo]

September 26, 2018 at 5:30 pm | lanka C news
ගෙවත්තට ආ දැවන්න හැල කිඹුලෙකු අල්ලයි…[Photo]

වවුනියාව පූන්තොට්ටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දැවන්ත හැල කිඹුලෙකු වව්නියාව වනජීවි නිලධාරීන් විසින් අද (26) උදෑසන අල්ලා රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගන්නා ලදි.

පූන්තොට්ටම් ප්‍රදේශයෙ පිහිටි වැව් සිඳී යාම හේතුවෙන් ජලය හා ආහාර සොයා අද අළුයම් කාලයේ පැමිණ ඇති මෙම හැල කිඹුලා ප්‍රදේශවාසීන් විසින් දැක අල්ලා ඒ බව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

වව්නියාව වනජීවි නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් දැවන්ත හැල කිඹුලා රැගෙන ගොස් වව්නියාවේ පිහිටි රක්සිතයකට මුදා හැරීමට පියවර ගෙන ඇති අතර එම හැල කිඹුලා දිගින් අඩි 8කට ආසන්න බවටද වව්නියාව වනජීවි නිලධාරීන් කියා සිටියහ.

ප්‍රදේශයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙසේ කිඹුලන් ගම් වදින බැවින් ප්‍රෙව්ශම් වන ලෙසටද වව්නියාව වනජීවි නිලධාරීන් විසින් ගම්වාසීන්ට දැනුම් දී ඇත

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,747 Viewers
Main News