ගොලීය ශ්‍රී ලාංකික සංසදය යලිත් ජිනීවා සටනට…

March 16, 2018 at 8:02 am | lanka C news
ගොලීය ශ්‍රී ලාංකික සංසදය යලිත් ජිනීවා සටනට…

2018 පෙබරවාරි 26දායින් ඇරඹී මාර්තු මස 23 දා දක්වා ජිනීවාහීදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරයට සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් මෙවර දේශප්‍රේමීන් රැසක් සහභාගී වීමට නියමිතය.

ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ අන්තවාදී දෙමල ඩයස්පෝරා සමාජිකයින් ලංකාවට එරෙහිව දිගින් දිගටම විශාල බලපෑම කරද්දී ශ්‍රී ලංකා රජයෙන් ඉටු නොවන වගකීමක් රට වෙනුවෙන් ඉටුකිරීම එක්වන මේ කන්ඩායමට ශ්‍රී ලංකාවේ සිට පැමිනෙන රියර් අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ඇතුලු නියෝජිත කන්ඩායමට අමතරව ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය මොනොකෝ ඩුබායි කුවේට් වැනි රටවල් රැසක ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් සහභාගී වනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය පෙබරවාරි 26 දා ආරම්බ කරමින් එහි මහ කොමසාරිස් සෙයිද් හුසේන් කුමරු මෙවරද ශ්‍රී ලංකාවට දැඩි ලෙස දෝශාරෝපන එල්ල කලේය.

ශ්‍රී ලංකාවේ වත්මන් අධිකරණ පද්දතිය දැඩි විවේචනයට ලක්කල ඔහු ශ්‍රී ලංකාවේ වගවීම් සහතික කිරීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණ යාන්ත්‍රණයක අවශ්‍යතාව යලිත් අවධාරණය කලේය. ඔහු තදින් ප්‍රකාශ කලේ 2015දි ශ්‍රී ලංකා රජය ජිනිවා වලදි සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවන් සියල්ල පොරොන්දු වූ ආකාරයටම ඉටු කල යුතු බවය. ඒ සඳහා ලංකාවට බලපෑම කල යුතු බව ඔහු අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි තත්වයක් යටතේ 2015දී ශ්‍රී ලංකාවේ අලුතින් පත්වූ රජය විසින් නිසි අධ්‍යයනයකින් තොරව සම අනුග්‍රහය දැක්වූ යොජනාවලියේ අඩු පාඩු ලොවට පෙන්වාදී ලංකාවට එරෙහිව එල්ලවල බාහිර බලපෑම් වලට විරෝදය දැක්වීම ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ මුලික අරමුණ ජිනීවා බලා පිටත්වීමට පෙර මේ ගැන අදහස් දැක්වූ දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

මීට අමතරව වත්මන් රජය හමුවේ ආරම්බ වී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝදී පාලන ක්‍රමය හා නීතිය අයුතු ලෙස භාවිත කෙරෙමින් සිදුකරන දේශපාලන මර්ධනයන් පිලිබඳවද ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමටද ශ්‍රී ලංකා නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඍජුවම සාකච්ඡා ආරම්බ වන්නේ මාර්තු මස 16දායින් පසු බවත් මෙහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරණ අදහස් පිලිබඳව තමා ඇතුලු කන්ඩායම අවධානයෙන් සිටින බවත් පැවසූ ආචාර්ය ගොඩහේවා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් මාර්තු මස 18 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් සංවිධානය කිරීමට නියමිත බවත්, ප්‍රධාන සැසි වාරයේ කෙරෙන කෙටි දේශන රැසකට අමතරව සමාන්තර සම්මන්ත්‍රණ කිහිපයක්ම මෙවරද ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සැලසුම් කොට ඇති බවත් පැවසීය.

චමින්ද කරුණාරත්න

6,646 Viewers

4 Comments to “ගොලීය ශ්‍රී ලාංකික සංසදය යලිත් ජිනීවා සටනට…”

  1. JANAHITHAKAMI says:

    ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් රජු මතම යැපුන රටක් නොවේ.මහා සංඝ රත්නය,විටින් විට පහලවූ ජාතික වීරයන් ඉදිරි පත් වී ඇත.වසර 2500 අකන්ඩ ඉතිහාසේ පැහැදිලිවම මෙය සඳන් වේ.ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ පහවූ ජන නායකයන්ට පින් සිදුවන්නට අපි මෙහෙමවත් සිටිමු.වර්තමාන ජන නායකයන්ට අපගේ උපහාරය.

  2. Love nature says:

    මුස්ලිම් අයෙක් මානව හිමිකම් තනතුරට පත් කිරීම ගැන කණගාටු වෙනවා විසේසයෙන් ෂරියා නිතිය තිබෙන රටක උපන් කෙනෙක් නිසා.

  3. Saradiel says:

    පසුගිය දෙවසර ඇතුළත ඉන්දුනීසියාවේ 500කට අධික පිරිසකට ෂරියා නීතියට අනුව ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දී ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. මෙවැනි ම්ලේච්ඡ දඩුවම් පැමිණවීම් වහා නතර කරන මෙන් මානව හිමිකම් සඳහා වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී

  4. john the baptice says:

    මානව හිමිකම්

    ‘‘හෙණ ගහන අපරාදයක් ’ ගල් ගසා මරා දැමීම

Main News