ගෝටාභයට අනුනාහිමි කියූ හිට්ලර් කෑල්ල පෙන්වා වසා දැමූ සම්පූර්ණ කතාව මෙන්න..

June 22, 2018 at 10:39 pm | lanka C news
ගෝටාභයට අනුනාහිමි කියූ හිට්ලර් කෑල්ල පෙන්වා වසා දැමූ සම්පූර්ණ කතාව මෙන්න..

අනාගතය උදෙසා දැහැමි පාලකයකුගේ අවශ්‍යතාව අද රට තුළ මතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ ප‍්‍රකාශ කළහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එ් මහතාගේ නිවසේ 20 වැනිදා සංවිධානය කර තිබූ දානමය පිංකමට එක්වෙමින් උන්වහන්සේ එසේ සදහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙඩරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ –

ජන්ම දිනය එක්තරා සතුටක්. කවුරුත් එකතු වෙලා උපන් දිනය සමරන අවස්ථාවක්. දුකෙන් කණගාටුවෙන් කවුරුත් ජන්ම දින සමරන්නේ නැහැ. සතුටත් එක්ක මේ දානමය පිංකම සංවිධානය කර තිබෙනවා. සතුටත් එක්ක දන් දෙන්න පටන් ගත්තේ බුදුන් වහන්සේ දවසේ සිටයි. අපේ සංස්කෘතිය තුළ 2500 වසරක් තිස්සේ සතුට පදනම් කරගෙන නොයෙක් උත්සව කෙරෙනවා. නමුත් බුද්ධ, සංඝ, ධම්ම යන තුන්රුවණත් මුල් කරගෙන ආගමානුකූලව ජන්ම දිනය සැමරීම වටිනා ආදර්ශයක්. තුණුරුවන්ගේ සරණ හැර වෙන සරණක් පිහිටක් නැහැ. රටේ පාලකයන් කටයුතු කළ යුත්තේ් සංඝරත්නයේ අනුශාසනා අවවාද මතයි. ස්වකීය දෙමාපියන් සිහි කරමින් ඥතීන් සමගයි මේ දානමය පිංකම සංවිධානය කර තිබෙන්නේ.

මේ පවුලේ සහෝදර සහෝදරියන් විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමාලා ගමන ආරම්භ කරන්නේ ගිරිවාපත්තුවෙන්. රුහුණේ කියන විට යම්කිසි අභිමානයක් තිබෙනවා. ගෝඨාභය, මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය කොතෙක් අවධානම් අවස්ථාවලදීත් මහා සංඝරත්නය එක තැනකට වැඩම කරවලා ජය පිරිතෙන් ආශිර්වාද ලබා ගත්තා. ගෙදර අප්පච්චි, අම්මා කියන භූමිකාව ඉතාමත් අභිමානවත්.

රටේ ජනපති පදවිය කියන එක වසර 10, -15 ක් පවතින්නේ නැහැ. වසර පහෙන් පහට වෙනස් වෙනවා. ඊළගට පත් වෙන්නේ 7 වැනි ජනාධිපති. ඊළග ජනාධිපති කවුරුන්ද කියන රූපරාමු වැටෙන විට ගෝඨාභය මහතාගේ රූපයත් එ් අතරට වැටෙනවා. 7 කියන්නේ වාසනාවන්ත අංකයක්. වාසනාවන්ත තනතුරට පත් වන්නට යම් කෙනෙක් සිටිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත රටේ ජනතාව තුළ ප‍්‍රාර්ථනාවක් තිබෙනවා. එ් ප‍්‍රාර්ථනාව මත බුදුදහම ජාතිය වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් අවශ්‍ය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ නිසා ජනතාවගේ ප‍්‍රසාදය එතුමාට හිමි වුණා.

අපට පේනවා රටේ දහම ක‍්‍රියාත්මක වෙන්නේ නැති බව. අපරාධ රැුල්ලක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා. අනාගතයට දැහැමි පාලකයෙක්ගේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. ඔබතුමන්ලාට ගොඩක් හිතන්නට වෙනවා රටේ ජනතාව බලාපොරොත්තු වන ඉල්ලූමට අපේ පැත්තෙන් සැපයුමක් දෙන්නේ කොහොමද කියන එක. මහා සංඝරත්නයට නිරන්තරයෙන් ආදරය කළ යුතුයි. ඔබතුමන්ලාගේ දේශපාලන ගමන මේ රටට හිතකර විදිහට සකස් කර ගැනීමට මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාව ලබා දෙනවා.

දානය ගැන මොන තරම් බණ කියන්න පුළුවන්. ඔබතුමන්ලා මහා සංඝරත්නය මෙම ස්ථානයට වැඩම කළේ බොහොම ගෞරවයකින්. වාසනාවන්ත පිංකමක් මේ සිද්ධ කළේ. බණ කියන්නේ හිතේ තිබෙන කෙළෙස් අඩු කරන්නයි. දානය කියන්නේ අත්හැරීමයි. සුඛෝපභෝගී ජීවිත, සැණසිලිදායක ජීවිත කියලා දෙකක් තිබෙනවා. සැණසිලිදායක ජීවිතයක් නැතිනම් සුඛෝපභෝගී ජීවිතවලින් වැඩක් නැහැ. අපි හැම වෙලාවකම උත්සව සංවිධානය කරනවා. අද මේ කළේ උත්සවයක් නෙමෙයි. මේ පිංකමෙන් සිද්ධ කළේ සිත දමනය කර ගැනීමයි. පිංකම කියන්නේ සිතේ සතුටයි. හිමිනමක් නිවසට වැඩම කළා කියන්නේ ධර්මයත් උන්වහන්සේලා සමග නිවසට ඇතුළු වෙනවා. අනුරාධපුර යුගයේ තිබූ සංස්කෘතිය, දුටුගැමුණු රජතුමාගේ තිබූ අභිලාෂයන් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප‍්‍රාර්ථනවා කරනවා.

අමරපුර පාර්ශ්වයේ මහනායක, ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ‍්‍රීත‍්‍රිපිටක විශාරද අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ –

දානය යනු බුද්ධිමත් ලෝකයා අනාදිමත් කාලයක සිට කරගෙන එන පිංකමක්. ගෝඨාභය මැතිතුමා බොහොම නිශ්ශබ්දවයි මේ පිංකම සිද්ධ කළේ. අඩුවෙන් කතා කරන, වැඩියෙන් ඇහුම්කන් දෙන කෙනෙක් විදිහටයි ඔබතුමා ජනතාව තුළ ප‍්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. බොහොම අඩුවෙන් කතා කරනවා. වැඩිපුර ඇහුම්කන් දෙනවා. එ්ක නායකයකුට අවශ්‍ය දෙයක්.

රටට ශ්‍රේෂ්ඨ යුතුකමක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළා. එ් නිසා ජනතාවගේ ප‍්‍රසාදය එතුමාට තිබෙනවා. එතුමා නායකත්වයට එන්නේ නැති නම් ඊළගට සුදුස්සා අසවලා කියා මතයක් රට තුළ ඇති වෙලා තිබෙනවා. එ්ක ලොකු සතුටක්. රටට ජාතියට දහමට ලැදි කෙනෙකු-ට මේ තනතුර ලැබෙන්නට අවශ්‍යයි. ඔබතුමන්ලාට පුද්ගලික ලාභ, ප‍්‍රයෝජන ගැන බලාපොරොත්තු නැහැ. රට, ලෝකය, ජනතාව ගැනයි හිතන්නේ. ජී.එල් පීරිස් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ පොහොට්ටුව පසුගිය මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළා. එ්කේන් පේනවා ජනතාවගේ ප‍්‍රසාදය තිබෙන්නේ කොතැනද කියලා. එ්ක පිටුපස සිටින්නේ කවුද කියන එක ජනතාව දන්නවා. රටට මේ පවුලේ සේවය තවදුරටත් අවශ්‍ය බව ජනතාව තුළ හැගීමක් තිබෙන බව පේනවා. එවැනි හැගීමක් ඇතිවන අයුරින් ඔබතුමන්ලා සේවයක් කරයි කියලා රටම දන්නවා. අනාගතයේ බලාපොරොත්තු තබා ගෙනයි රටවැසියා බලාගෙන ඉන්නේ. ජාතීන් අතර එකමුතුකම ඇති කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව ඔබතුමන්ලාට තිබෙනවා. රාජපක්ෂ පවුල ගැන මේ රටේ පමණක් නොව ජාත්‍යන්තරයෙත් ප‍්‍රසාදයක් තිබෙනවා. අද රටේ විවිධ ප‍්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අනාගතය සකස් කරගනු පිණිස ජනතාව වෙනුවෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාදෙන බව සිහි තබාගත යුතුයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, පවුලේ ඥතීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

– චාමින්ද කරුණාරත්න

26,598 Viewers

11 Comments to “ගෝටාභයට අනුනාහිමි කියූ හිට්ලර් කෑල්ල පෙන්වා වසා දැමූ සම්පූර්ණ කතාව මෙන්න..”

  1. Karu says:

    මේ කතාවේ ‘හිට්ලර්’ යන වචන හොයන්නට මම හුඟාක් මහසි වුණා.සංශෝධනයනොවූ වීඩියෝ එකත් දැම්ම නම් හොඳයි. මන්ගලලා වගේ අය හදා ගෙන එන මතය මේකයි.

    අපේ අයට අපේ මිනිස්සු ගැන හිතා ගන්න ඇමෙරිකන් ඉන්දියන් කාර කාෂ්‍යපයෙක් ඕනැනෑ.හැමදාම රටේ ඉන්න අපට කොහෙන්වත් ඇවිල්ල කාමර අස්සට වෙලා හිටිය පරපුට්ටෙක්ගෙ අදහස් ලොකුද? ඇයි අපේ ඔලු වලට මක් වෙලාද?

    ගෝටාභය දක්ෂ නිලධාරියෙක්. ත්‍රස්තවාදයෙන් සිංහල, දමිළ මුස්ලිම් හා බර්ගර් මැලේ වගෙ අනෙක් ජාතීන් කියන සියලු ලාංකිකයන් විශාල උවදුරකින් බේරා ගැණීමට උපකාර කළ අයෙක්. ඔහුගෙන් වඩාත්ම සේවය ලබා ගත්තේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවයි.

    ගිය වාරයේ ‘හොර’ භීතිකාව වගේ මේ වාරයේ ‘හිට්ලර්’ භීතිකාව හදා ගෙන එනවා.අමෙරිකාව හිට්ලර්ට වඩා දරුණු අපරාධ වියට්නාම් යුද්ධයේ විතරක් කරල තියනවා. එතකොට කුවේටය, ඉරාකය, ඊජිප්තුව, ලිබියාව,ඇෆ්ගනිස්තානය විනශකරමින් කළ අපරාධ?මනුෂ්‍ය සංහතියේ අලුගෝසුවා විදිහට ඇමෙරිකාව ඇතිවෙන්න වැඩ කරල තියනවා.

    හිට්ලර් යුද්ධ කලේ ජර්මන් ජාතිය සඳයායි. අමෙරිකාව කරන්නේ තම බලය රඳවාගෙනෙන රටවල්වල සම්පත් කොල්ල කන්නයි.

    • බබා says:

      හරිම දාර්ශනික අදහසක්, මේ ලංකාවෙ සුපිරි මොළවලට එනවද මන්දා. හිට්ලර් කියන්නෙ මානසික රෝගයෙක්, හිට්ලර් ජර්මන් ජාතිය වෙනු⁣වෙන් කලේ මිලියන ගානක් ජර්මන්වරු වගේම මිලියන ගානක් වෙනත් අහිංසක මිනිස්සු මරපු එක.ජර්මනිය දෙකට කඩපු එක සහ ජර්මනිය පොලවට සමතලා කරන්න මගපාදපු එක. අනික හිට්ලර්ගෙ අරමුණ වුනේ ජර්මනිය ලෝකෙට ලොක්කා වෙලා ලෝකෙම යටත් කරගන ලොකෙම සම්පත් සුරාකෑම. වාසනාවට ඒක ඇත්ත වුනේ නෑ.
      අනික ඔයකියන සුදුවෑන්කාරයා කොච්චර දක්ෂ නිලධාරීයෙක්ද කියනවනම් යුද්ධය ඇවිලෙද්දි මානසික රෝගයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඔය කියන මිනීමරු ඇමරිකාවට පැන්නා. ඒ කියන අපරාධකාර රටේ පුරවැසිභාවයත් ලබාගත්තා.තාමත් ඇමරිකන් පුරවැසි.අවුරුදු 15ම මේ රට දිහාවත් නොබල ඉඳල අයිය ජනාධිපති උනහම රටින් ඇවිත් බැහැලා වෙඩි උන්ඩෙ ඉඳන් ගසාකාපු එකා මොනතරම් දක්ෂ නිලධාරීයෙක්ද කියලා හිතාගතහැකි.

  2. Wijebahu says:

    As a Buddhist monk glorifying Hitler is good enough to end up in Hell. Mewage hora cheewaradaraying nisa mulu ratama agadayata Yanawa. According to him it’s ok to be a cold blooded murderer. People so carefully think about to whom you are going to vote in next presidential election. Bloody monks are endorsing another Hitler to take up the power in Sri Lanka.

  3. S.B. says:

    ගෝටා ඊලඟ ජනාදිපතිවරණයට එනවා කියන ආරංචියට මේ පිංගුත්තර ආණ්ඩුවේ උන්ගේ දනිස් පූට්ටුවෙලා සට සට ගාලා වෙවුලන්න අරන් තියන තරම කොච්චරද කිව්වොත් ඊයේ හැන්දෑවේ ITN ප්‍රවුර්ති වලට අර පිංගුත්තර මොංගල් ඇමතියාගෙයි කියා ගත්තු විශේස නිවේදනයක් විනාඩි 15ක් විතර කියව ගෙන ගියා..අම්මපා මෙහෙමත් විහිලුවක්…ලජ්ජයි ITN එකේ පිංගුත්තරයෝ ටික….

    • බබා says:

      ඇයි ඉතින් සුදුවෑන් මිනීමරුවා එනවා කිව්වහම බය නැද්ද? එකවුන්ට් එකක කීයක්හරි තියනවා දැක්කොත් සුදුවෑන් දාලා උස්සලා සල්ලි ඉල්ලන මිනිමරුවනෙ.

  4. Krishna krishna says:

    එහෙයි අපේ හාමුදුරුවනේ .

  5. sinhala basawa puduma ekak. ehi ingi, samaroopa, pirulu, pirila.” meyita wada hondai prabakaranata rata dunna nam” meyin adahas karanne prabakaranta rata diya yutuyi yanna nowe
    ESEMA APE UPALI HIMIYAN KIWWA DE THERUM GANNA, ethumano ugath, desapremie. silwath bhiksun wahanse kenek MAMA WASARA 40 ETHUMA ESURU KARANAWA.
    ETHUMAN WIWECHANAYA KARA AGAURAWA KARANNA EPOOOOOOOOOO

    • Wijebahu says:

      koheda yana hora ganagediyekta vandum pidum kara nirayata yamen walakenu. mun buddhagamata niga karanna sangaweshayen pamini yakshayan piriseki.

  6. Daham says:

    මුරුත්තෙට්ටුවේ, ගලබොඩඅත්තේ,ගලබොඩ, ඇල්ලේ, ඉත්තෑපානේ, වෙඩරුවේ උපාලි වැනි සිවුරුපොරවාගත් අයට මේ කාලයේ මොලය විකල්වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් මොවුන් සිටිනා තුරු සිරි ලංකාවට මහා අනතුරක් අත ළඟ බලාපොරොත්තු විය හැකි බවත් කිව හැක .

    • John says:

      සාමයේ ආගම යයි පාරම්බාන ඉස්ලාමය තුල අන්මත නොඉවසීමේ ප්‍රවණතාව දිගින් දිගටම වර්ධනය වන ලකුණු පෙන්නුම් කරන අතර අපේ රටේ එයට හොද උදා ..මේ Daham Mohomad

    • sinha le says:

      අන්තවාදී බදියුදීන් ,මරික්කාර් ඇතුළු අන්තවාදී මුස්ලිම් ඇමතිලා ,ජාතිවාදී ඊළම් වාදී විග්නේශ්වරන්,සුමතිදරන් ඇතුළු TNA තස්තවාදීන් ,දෙමළ ජාතිවාදී ගනේෂන් වැනි සුලුජාතිකයන් මේ රටේ සිටින තුරු අපේ රටේ අනතුරේ ලංකාවට මහා අනතුරක් අත ළඟ බලාපොරොත්තු විය හැකි බවත් කිව හැක .එසේම මංගල ,රනිල්, සිරිසේන ,චන්ද්‍රිකා , කිරිඇල්ල අඑවිහාරේ ,රංගේ බණ්ඩාර ඇතුළු යමපාලනේ හොර නඩේ අපේ රට දැනට මත් ලොකු අනතුරකට හෙළා ඇත

Main News