ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි.. යුද අපරාද පරීක්‍ෂණත් අරඹන්න යයි..

August 5, 2018 at 10:00 am | lanka C news
ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි.. යුද අපරාද පරීක්‍ෂණත් අරඹන්න යයි..

මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව වාර්තා වේ.

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසා තිබේ.

එහිදී තානාපති නිලධාරීන් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහු විසින් කරන ලද යුද අපරාධ පිළිබඳ වාර්තා තමන්ට අවශ්‍ය වී ඇති බවයි.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කළැයි කියන ප‍්‍රකාශයක් මත හෙළිවුණු සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සහ පැහැරගැනීම් පිළිබඳ මැක්ස්වල් පරණගම කොමිසමේදී හෙළි වූ කරුණුවලට ගෝඨාභය රාජපක්‍ෂගේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ඇමෙරිකානුවන් උනන්දුවන බව දැනගන්නට තිබේ.

විශේෂයෙන් කොටි පොලිස්පති නඬේසන් ඝාතනය කර ඇත්තේ ඔහු හමුදාවට යටත් වූ පසු ගෝඨාභය රාජපක්‍ෂගේ නියෝගය පරිදි ද යන්න ඇමෙරිකානුවන් සොයා බලමින් සිටින බව දැනගැනීමට ඇත.

මෙම කතාබහ පිළිබඳ දැනගැනීමට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාට අප විසින් දුරකතන ඇමතුමක් ලබාගත්තද ඒ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

– divaina

11,137 Viewers

8 Comments to “ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි.. යුද අපරාද පරීක්‍ෂණත් අරඹන්න යයි..”

  1. සීගිරි says:

    ඇමෙරිකාවට මේ කව්රැ ආවත් එකයි …. මේ හැමෝම බටහිර වහල්ලු..
    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ ජනතාව අතට පත් වන්නට නොදී ලංකා යටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පලිගත හැකි විසදුමකි !!!!!

    • ගන්ජ බන්ඩා says:

      ඔය ජනතා විප්ලවය‌ක් ක‌ොරල හර ගිය රටක් කියපන්ක‌ො බලන්න.

  2. Viraj says:

    The Communist Party of China (CPC) is said to be hoping to strengthen relations with the Sri Lanka Podujana Peramuna (SLPP) by having further exchange programmes.

    Vice Minister of the International Department of the CPC Central Committee, Guo Yezhou met former president Mahinda Rajapaksa and SLPP Chairman G.L. Peiris yesterday.

    Prof. Peiris said CPC official commended the efforts taken by the former government to foster ties between Sri Lanka and China, while the CPC expressed its desire to enhance party to party relations with the SLPP.

    The CPC maintains relations with all the major political parties in Sri Lanka.

  3. Hari says:

    Karuth dagalane APPITA YAMAK KRAN NAWAEI Ayalage bada gosthreta vithrai

  4. john the baptice says:

    ඇමෙරිකාවට දැන් බලයක් නැහැ චීනය රුසියාව පෙරමුණ

  5. සීගිරි says:

    දෙබිඩි පුරවැසි කුහකයෝ පිටු දකිමු !!!!!

    • Analyst says:

      The nations , who now seem to show savoiurs of human rights , war crimes have been the fathers of well famous brutal massacres, atrocities and war crimes committed against independent nations , after invading them or in order to curb the national movements or freedom movements in those countries.

    • ඩ්සාඩ් says:

      JVP ගොන් තඩියන් ගමෙනුත් පන්නමු.

Main News