ගෝටා ඇමරිකාවේ සිට වියත් දෙසුමක… අස්ථාවරත්වයට බැරිබැරියාවට හේතු මෙන්න..

January 21, 2018 at 2:10 pm | lanka C news
ගෝටා ඇමරිකාවේ සිට වියත් දෙසුමක… අස්ථාවරත්වයට බැරිබැරියාවට හේතු මෙන්න..

අද මේ රජයට තමන්ට පවතින අභියෝගවත් හදුනාගැනීමට පුළුවන් කමක් නෑ ඔවුන් එකම අභියෝගය වශයෙන් හදුනාගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ රජය පමණයි නමුත් පසුගිය රජයේ අපට පැවති අභියෝග හදුනා ගන්න හැකියාවක් තිබුණා ඒ අනුව තමයි මහින්ද චින්තනය නමැති ප‍්‍රතිපත්ති මාලාව එළි දකින්නේ එය කි‍්‍රයාත්මක කරන්න හැකි කණ්ඩායමක් තෝරා ගත හැකි වන්නේ මේ රජයට තියෙන ප‍්‍රශ්නය තමයි තීරණ ගැනිමට නොහැකිකම සහ නිවැරදි නායකත්වයක් නැතිකම නමුත් එදා අපි නිවැරදි සෘජු තීරණ ගත්තායැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

ඒ මහතා එසේ පැවසූයේ සියනෑ විද්වත් සංසදය මගින් ගම්පහ නගරයේ දී සංවිධානය කරතිබූ විද්වත් හමුවක් ඇමරිකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

තව දුරටත් අදහස් දැක්වූ ගෝඨාභය මහතා,

අද අපේ රටේ තිබෙන අස්ථාවර තත්වය ආර්ථික අර්බුදය සංවර්ධනය ඇන හිටීම නීතිය හා සාමය කඩා වැටීම අසාධාරණය ¥ෂණය සහ පළි ගැනීම කොටින්ම කියනව නම් අසමත් රාජ්‍යයක් බවට අපේ රට පත්වීම පිළිබදව ඔබ හොදින් දන්නව.

මෙවැනි අර්බුදයකට රට පත්ව තිබෙන්නේ ස්වභාව ධර්මයේ බල පෑම් නිසා නොවෙයි පාලකයින්ගේ වැරදි ආකල්ප මතවාද ප‍්‍රතිපත්ති දර්ශනවාදයන් නිසි ශ‍්‍රම බලවේගයක් නොමැතිවීම සහ ඔවුන්ගේ නොහැකියාව යන හේතු නිසයි.

මේ රජය අනුගමනය කරන්නේ සත්‍ය වශයෙන් ම අසාර්ථක වූ බටහිර මතවාදයන් ඔවුන් කි‍්‍රයා කරන්නේ අයි එම් එප් ලෝක බැංකුව වැනි අසාර්ථක ආයතනවල සැලසුම් වලට අනුවයි. නමුත් සිංගප්පූරුව මැලේසියාව ඉන්දුනීසියාව දකුණු කොරියාව වියට්නාමය ජපානය සහ ප‍්‍රධාන වශයෙන් චීනය වැනි රටවල දියුණුවෙමින් පවතින රටවල් තමයි අපි අනුගමනය කළ යුත්තේ ඔවුන් බටහිර රටවල අවශ්‍යතා අනුව කටයුතු කළේ නෑ ජපානය වැනි බටහිරට සමීප රටක් පවා තමන්ගේ ස්වෛරීභාවය සංස්කෘතිය සහ ඉතිහාසයට ගරු කරමින් තමයි ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ .

අද මේ රජයට තමන්ට පවතින අභියෝගවත් හදුනාගැනීමට පුළුවන් කමක් නෑඔවුන් එකම අභියෝගය වශයෙන් හදුනාගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි නමුත් පසුගිය රජයට පැවති අභියෝග හදුනා ගන්න හැකියාවක් තිබුණා. ඒ අනුව තමයි මහින්ද චින්තනය නමැති ප‍්‍රතිපත්ති මාලාව එළි දකින්නේ එය කි‍්‍රයාත්මක කරන්න හැකි කණ්ඩායමක් තෝරා ගත හැකි වන්නේ මේ රජයට තියෙන ප‍්‍රශ්නය තමයි තීරණ ගැනිමට නොහැකිකම සහ නිවැරදි නායකත්වයක් නැතිකම නමුත් එදා අපි නිවැරදි සෘජු තීරණ ගත්තා.

2005 දී බලයට ආ අපට තිබුණු එකම අභියෝගය තමයි වසර 30 ක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය ඒ ත‍්‍රස්තවාදය වසර 3 කින් අවසන් කරන්නට අපට හැකිවුනා. එය කරන්නට අපට හැකි වුනේ අභියෝගය තේරුම් අරගෙන එය ක‍්‍රියාත්මක කරන්නට සුදුසු කණ්ඩායම නිවැරදිව තෝරාගත් නිසයි එවැනි නිවැරදි ප‍්‍රතිපත්ති මාලාවක් හෝ ශක්තිමත් කණ්ඩායමක් මේ රජයට නෑ අපි යුද්ධය අවසන් කළා විතරක් නොවෙයි ඊළගට තිබුණු සංවර්ධනය කිරීමේ අභියෝගයත් හදුනා ගත්තා.

ඉතාමත්ම වැදගත් දේ තමයි නිවැරදි නායකත්වය සහ තීරණ ගැනීමේ හැකියාව අපි හදුනාගත්තා එහිදී ඉන්දියාව වැදගත් සාධකයක් බව අපි එය ජයග‍්‍රහණය කළා එහිදී අපි විදේශ අමාත්‍යංශය හරහා කරන සාමාන්‍ය ක‍්‍රමවේදයට වඩා වෙනස් ක‍්‍රමවේදයක්අනුගමනය කළා

එක් අවස්තාවක රටේ සහල් හිගයක් ඇති වුනා ඒ අවස්ථාවේ අපි වහාම පොහොර සහනාධාරයක් ඇති කළා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ සෘජු තිරණයක් ගත්තා එහි ප‍්‍රතිපලයක් වශයෙන් රට සහලින් ස්වයංපෝෂිත වුනා ඒවගේම එදා හමුදාවෙන් විශ‍්‍රාම යන අයට රැකියා ලබා දීමේ අවශ්‍යතාවයක් ඇතිවුනා. ඒ සදහා රක්නා ලංකා කියන රජයේ ආරක්ෂක සමාගම ඇති කළා මහා භාණ්ඩාගාරයෙන් මිලියන 4 ක් අරගෙන ඇති කළ ඒ සමාගම බිලියන 4 ක වත්කමක් පෙන්නුවා අපට හැකි වුනා රණවිරුවන් 4000 කට පමණ සෘජු රැකියා ලබා දෙන්න. තවත් 8000 කට පමණ පුද්ගලික අංශයේ රැකියා ලබා දෙන්න හැකි වුනා අපට හැකියාව ලැබුණා විශාල ප‍්‍රයෝජනයක් තියෙන රාජ්‍ය ආයතනයක් ඇති කරන්න මේ රජය බොරු චෝදනා ඉදිරිපත් කරල ඒ ව්‍යාපෘතිය අසාර්ථක කරල වහල දැම්මා.

යුද්ධය අවසන් කළාට පස්සේ අපට තිබුණ අභියෝගය තමයි රට සංවර්ධනය කිරීම වසර ගණනාවක් පැවති යුද්ධය නිසා ආයෝජනය කරන්න මුදල් තිබුණේ නෑ. ඒනිසා විදේශ ආයෝජන අවශ්‍ය වෙලා තිබුණා ඒසදහා දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්නට ඕනෑ ආයෝජනයට සුදුසු වාතාවරණයක් තිබෙන්නට ඕනෑ. ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න ඔනෑ. ඒ වගේම කඩිනම් තීරණ ගැනීමේ හැකියාව තියෙන්නට ඕනෑ. අනවශ්‍ය කාලයක් ගත්තොත් ඒ ආයෝජකයින් නැවත මේ රටට එන්නේ නෑ යුද්ධය අවසන් වූ වහාම ලෝකයේ පිළිගත් ආයෝජකයෙක් වන ෂැංග‍්‍රිල්ලා ආයතනය අපේ රටට ගෙන්වා ගන්නට හැකිවුනා. ඒ සමාගම තවත් සමාගම් විශාල ගණනක් එන්න පටන් ගත්තා. අද කොළඹ අවට සිටින ආයෝජකයින් වැඩි දෙනෙක් ආවේ අපේ ආණ්ඩුව කාලේ අපි ඒ අයට අවශ්‍ය සියළු පහසුකම් සලසා දුන්නා සිංගප්පුරුවේ පැවැති ආයෝජකයින්ගේ සමුළුවකදී ප‍්‍රකාශ වුනා ආයෝජනය කිරීමට හොදම රට අපේ රට බව අපට හැකි වුනා ආයෝජකයින් විශාල පිරිසක් ගෙන්වා ගන්න.

අපේ රටේ සංවර්ධනය සදහා රාජ්‍ය සේවය ඉතා වැදගත් වසර ගණනාවක් තිස්සේ අපේ රටේ රාජ්‍ය සේවය දුර්වල වෙලයි තිබුණේ අපි එය හදුනාගත්තා අප රාජ්‍ය සේවයේ විවිධ දක්ෂතා ඇති නිලධාරින් හදුනා ගෙන ඔවුන්ව දිරි ගන්වා ශක්තිමත් කරල තීරණ ගැනීමේ අයිතිය ලබා දීල ඔවුන් ගෙන් නිසි ප‍්‍රයෝජනය ගත්තා ඒ විදියට අපේ රට සංවර්ධනය කරන්න නම් රාජ්‍ය සේවා දියුණු කරන්න ඕනි ඒ සදහා කෙටි කාලීන සහ දිගු කාලීන ව්‍යාපාති අවශ්‍යයයි විදේශ රටවල සිටින අපේ අයගේ සේවය ලබා ගැනීමට ක‍්‍රමවේද අවශ්‍යයි පුහුණුවීම් අවශයයි බදවා ගැනීමේ පටිපාටියක් අවශ්‍යයි.

චීනයේ ඉතිිහාසය දිහා බැලූවාම රාජ්‍ය සේවය දියුණු කරන්න ගත් ක‍්‍රියා මාර්ග ගැන ආදර්ශ ගත හැකියි අද අපේ රටේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා බය කරලයි තියෙන්නෙ දැන් එප් සි අයි ඞී හරහා රාජ්‍ය නිලධාරින්ට හිරිහැර කරන්න පටන් අරන් අපේ රටේ හිටපු හොදම රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරින් ජනාධිපති ලේකම් වරයා පවා හිරගෙට යැවුවා රාජ්‍ය නිලධාරින්ට බය නැතිව තීරණ අරන් කටයුතු කරන්නට හැකි වාතාවරණයක් තිබිය යුතුයි රටේ හැමදේටම රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වෙනවා එතැන ක‍්‍රියාකාරී නැත්නම් ඒ දේවල් හරියට සිදු වන්නේ නෑ රාජ්‍ය ආයතන පුද්ගලික සමාගම් සමග තරග කරන සාර්ථක ආයතන බවට පත් කළ යුතුයි චීනය රාජ්‍ය ආයතන විශාල වශයෙන් දියුණු කළා අපි දියුණුවන රටවල් වල ප‍්‍රතිපත්ති අධ්‍යයනය කළ යුතුයි.

ඒ වගේම රටක් සංවර්ධනය කරන්න නම් යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම දියුණු කළ යුතුයි මහින්ද රාජපක්ෂ රජය ආරම්භකළ ව්‍යාපෘති අවාසනාවට වගේ දැන් නතර වෙලා චීනයේ කියමනක් තියෙනවා ගමක් හදන්න නම් පාරක් හදන්න ඕනි කියලා අපි දැක්කා යටිතල පහසුකම් ඇති කිරීමත් සමග දුෂ්කර පළාත් දියුණු වෙන හැටි බොහෝවිට දියුණු වෙන්නෙ බස්නාහිර පළාත පමණයි අපේ රටේ ඇතිවූ කැරැුල්ලටත් හේතු වුනේ ඒ අසමතාවයි හම්බන්තොට මොනරාගල වැනි දුෂ්කර පලාත්වල යටිතල පහසුකම් ඇති කළේ ඒ නිසයිවරාය ගුවන් තොටුපල වැනි ව්‍යාපෘති නිසා ඒ පළාත් දියුණු වෙන්න පටන් ගත්තා මේ ආණ්ඩුව අවුරුදු 3 ක් තිස්සේ බොරු චෝදනාකරමින් ඒ ව්‍යාපෘති නවතා දමා තිබෙනවා එය ආර්ථිකයට විශාල හානියක්.

රටක දියුණුවට අධ්‍යාපනයත් අත්‍යවශ්‍යයයි රටකට අවශ්‍ය කාර්මික හැකියාව සහිත ශ‍්‍රම බලකායකුයි අනෙක් රටවල් සමග තරග කරන්න හැකිවන්නේ එවිටයි ඒ සදහා විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සවි බල ගැන්විය යුතුයි.

දේශීය ව්‍යවසායකයින් දිරි ගැන්විමත් අත්‍යවශ්‍ය සාධකයක් ඒ සදහා සුදුසු වටපිටාව ඇති කළ යුතුයි දැන් අපේ රටේ දේශීය ව්‍යවසායකයින් පවා ආයෝජනයට බියවී සිටිනවා ස්තිර ප‍්‍රතිපත්තියක් නැතිකම සහ දිනෙන් දින බදු අනුපාත වෙනස් වීම එයට හේතු වෙලා තිබෙනවා ඔවුන්ගේ විශ්වාසය නැතිවෙලා ඒ නිසා ගැලපෙන බදු ක‍්‍රම ඇති කළ යුතුයි.

පසුගිය රජය විශාල වැඩ කොටසක් ඉටු කළා ඒ රජය තුලත් යම් යම් වැරදි නොතිබුණා නොවයි අපි ඒවා හදුනා ගත්තා ඒ දුර්වලකම් අපි හදා ගත යුතුයි විශේෂයෙන් යුද්ධය කාලයේ ජනතාවට හිරිහැර විදින්නට සිදුවුනා නමුත් අපට වසර 3 කින් යුද්ධය අවසන් කරන්නට හැකි වුනා ඕනෑම රටක ¥ෂණය වැඩිවන්නේ යුද්ධයක් පවතින විටයි අපි යුද්ධය අවසන් කළා දැන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දිය යුතුයි ඒ සදහා දේශපාලකයින් ව්‍යාපාරිකයින් රාජ්‍ය සේවකයින් රණවිරුවන් සම්බන්ධ කරගත යුතුයි

විශේෂයෙන් ම අපි වියත්මග හරහා බලාපෙෙරොත්තුවන්නේ මේ අය සම්බන්ධකර ගැනීමටයි ඒ හරහා හොද දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටයි.

මේ මැතිවරණය පළාත්පාලන ආයතනවලට නියෝජිතයින් තෝරා ගන්නා ගමේ මැතිවරණයකට වඩාවසර 3 ක් තුල මේ රජය ගෙන ගිය සාහසික වැඩ පිළිවෙළට සහ ඉදිරියේදී කරන්නට යන ව්‍යවස්ථා සංශෝධන වලට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ට කරන බලපෑම් වලට විරුද්ධව ඡුන්දය භාවිත කරන ලෙස යොදා ගත යුතුයැයිද පැවසීය.

– චමින්ද කරුණාරත්න

22,948 Viewers

20 Comments to “ගෝටා ඇමරිකාවේ සිට වියත් දෙසුමක… අස්ථාවරත්වයට බැරිබැරියාවට හේතු මෙන්න..”

  1. melith says:

    2015ජනවාරි රටේ මහ ජාතිය ගත් අනුවන තීන්දුවක් නිසා මුලු රටම අවුරුදු 20ක් ආපස්සට ගොස් රටම මහා වලකට ඇදදමා ඇත හිටපු දක්‍ෂ පාලකයන් සහ නිලඩාරින් රටින් පිටවූ අය නැවත ගෙන්වා ගැනීම සඳහා පොහොට්වට කතිරෙ ගහන්න නැවත මහින්ද බලයට ගේන්න.

    • melith says:

      Mage Sihinaya mata dakinna ida harinna..

    • "රණවියරු" says:

      නිවැරදි දර්ශනයෙන් සිරිලක ජයගන්න
      ඔබවැනි උතුමෙකි අප රටටම පිලිගන්න
      රජ පුටුවෙ හිඳ මුතු ඇටයම ගොඩ ගන්න
      අත්ල මත තබා පොහොට්ටුවම දිනවන්න

      අත් දෙක එකතු කලාම එය පොහොට්ටුවයි
      පොහොට්ටු එකතුවෙ දුක්බර දුගියව දිනවයි
      රණවිරුවත් දමිල මුස්ලිම් එකමුතුව සිනාසෙයි
      පොහොට්ටුව දිනවා සිරිලකම ගෝඪාම පතයි

  2. Karunaratne says:

    Exactly correct ! Everybody should read this to understand what has happened and what to do for the future !
    I loved Gotabhaya and wish him all the best in his future career too !
    These facts should be explained to the public by the candidates at the forthcoming election.

    • dharahana says:

      විදුලි පුටුවට අරන් යනව කියල අඩ අඩ හිටපු මහත්තුරු මෙන්න ඇමෙරිකාවෙ ගිහින්. දේශප්‍රෙමෙ කොච්චරද කියනවනම් ඇමෙරිකන් පුරවැසියෙක්. අපිට තියෙන ආදරෙට මෙහෙ පොලිටික්ස් කරනවලු. අපි පව් ඉතින්

      • රටවැසියා says:

        බොලට පව් තමයි. බැංකු මංකොල්ල කාපු හැත්ත. 😀

      • sun says:

        be afraid … people are awakening. GR will be the only hope we have right now. go to hell with your yahapalana bullshit

      • don katugampala says:

        “LIN MEDIYATA ” LINDE THARAMA THAMA MERNA THURU DENENNE,

  3. NARAYANA says:

    Well said, KEPPAYATA HODA DESUMAK

    • "20-20 සිරිලක" says:

      කටින් බතල නොව ලොවටම වැඩ පෙන්වු
      යටින් නැතිව කෙලින් යුධ ජය ගෙන පෙන්වු
      වටින් එකට බැඳි සහෝදරකමින් මඟ පෙන්වු
      රටින් පැතුම මතු ජනපති ගෝඪා නිභය පෙන්වු

      නිදහස සැම මනසට ඇතිකල මහින්ද
      අදහස ගෝඪාභ සුරැකිව ජය යුධ බින්ද
      මදහස සැමගෙ ගෝඪා රජපුටුවෙ හින්ද
      නිදහස් නොබෙදි සිහල රටක සැම හින්ද

  4. Aurora says:

    මැතිතුමනි, අපේ රටේ අනාගත බලාපොරොත්තුව ඔබයි. සිරිසේන වැනි දුර්ජනයෙකුට අගමැතිකම නොදීම 2005-2015 රජයේ ඉතාම හොඳ තීරණයක්. අනාගතයේදී (2019 -2020) නිසැකවම පොහොට්ටුව රාජ්‍ය බලය ලබාගන්නවා. එවිට රටපුරා විසිරී සිටින නමුත් දේශපාලනයට ප්‍රසිද්ධියේ එක්වී නැති වෘතිකයන් සහ උගතුන්ගේ මතවාදී සේවය නොකඩවා ලබාගන්න ක්‍රමවේදයක් ගොඩ නගන්න.

  5. Sunil says:

    ඇමරිකාවට බැන බැන ඇමරිකාවටම රිංගලා
    කයිවාරු කෙලිනවා

  6. perera says:

    ඔබතුමා ඈතුලු රාජපක්ශ පරපුරේ සේවය මේ රටට නෑවතත් ලෑබේවායි පාර්‍රතනා කරමි.

  7. Gamage says:

    American karayek ape rate hadana widiya katha karanawa hora kapu danaya nawatha ganda una mu baya gotha

  8. Saradiel says:

    2020 ගොටාබය ජනාදිපති කරමු රට කලු සුද්දන්ගෙන් බේරා ගනිමු

  9. AIC says:

    Dear Sir, We do respect you

  10. pakshikaya says:

    well said sir. you are the only person save our country jayawevaaaaaaaaaaaaaaaaaaaaaaa.

  11. akshin says:

    minie maruwo,

  12. rathe says:

    හරියටම හරි සර් .2020 අපේ බලාපොාරාත්තුව ඔබ

Main News