ගෝටා ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙක් යයි කියන වෙල්ගමට, වාසුට ගෝටාභයගෙන් කණ පැලෙන පිලිතුරක්..[Video]

July 15, 2018 at 10:44 pm | lanka C news
ගෝටා ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙක් යයි කියන වෙල්ගමට, වාසුට ගෝටාභයගෙන් කණ පැලෙන පිලිතුරක්..[Video]

2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා රටේ පාලනය බාර ගත් පසු ත‍්‍රස්තවාදය හා පාතාලය අවසන් කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තමන් ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා පෙනවා දෙන්නේ රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය ඇතිව බවත් ඒවා ආරක්‍ෂා කිරීමට පැවති මහින්ද රාජපක්ෂ පාලනය පියවර ගත් බවත්ය.

මෙරට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතු බව තමන් හොද හැටි දන්නා බවත් එහි වටිනාකම තමන් දන්නා බවත් කී ඒ මහතා යුද්දය අවසන් වීමෙන් පසුව උතුරු පලාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීම සදහා වූ සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා ලද්දේ තමන්ගේ අනුදැනුම මත යයිද කියා සිටී.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හලාවතදී පැවති ‘එලිය’ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැමුන් විසින් චෝදනා කරද්දී රාජපක්‍ෂ මහතා විසින් මෙම අදහස් පල කිරීම විශේෂයකි.

මම එන්නේ දේශපාලන පවුලකින්. රාජපක්‍ෂවරු හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දේශපාලනය පටන් ගත්තේ 1935 ඉඳලා. පරම්පරා තුනක් අද දේශපාලනයේ නිරතව සිටිනවා. අපේ පියා හම්බ කළේ ජනතාව. දේශපාලනය ඉගෙන ගන්නේ පාර්ලිමේන්තුව සිට පමණක් නෙමෙයි. දේශපාලන පවුලකින් ආවත් යුද හමුදාවට බැදුණු නිසා දේශපාලනය කරන්න ඉදිරිපත් වුනේ නැහැ. නමුත් එදා මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ වෙලාවේ පාසල් ශිෂ්‍යයෙක් වූ මමත් ගෙයක් ගෙයක් ගානේ ගියා. දේශපාලනය දැන ගන්නට ඉගෙන ගන්නට, කතා කරන්නට රට වැසියකු වශයෙන් ඕනෑම පුද්ගලයකුට අයිතිවාසිකමක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවෙයිද, මිලිටරි ආණ්ඩුවක් බිහිවෙයිද කියා කතිකාවක් තිබෙනවා.

2005 මහින්ද මහතා රට භාර ගන්න විට රටේ තිබ්බ තත්ත්වය හැමෝම දන්නවා. ත‍්‍රස්තවාදය, පාතාලය තිබුණා. එතුමාගේ අවසාන කාලය වන විට රටේ ත‍්‍රස්තවාදය අවසන් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න හැකි වුණා. ඒ සෑම අවස්ථාවකම එතුමාගේ ලේකම්වරයා වශයෙන් එතුමාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළේ මමයි. ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය ස්ථාපිත වුණා පමණක් නොව නීතිය හා සාමය ක‍්‍රියාත්මක වුණා. නීතියට අනුව තමයි රටක් පාලනය විය යුත්තේ කියන පදනම මම හොඳින් දන්නවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසාන වුණාට පසුව උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ගත් සෑම පියවරක මූලිකත්වය ගත්තේ මමයි. එදා මේ රටේ ත‍්‍රස්තවාදය අවසාන කිරීමට හමුදාව විශාල කැපවීමක් කළා. අද ඇතැමුන් හමුදා නිලධාරීන් ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය නැති කරන පුද්ගලයන් හැටියට හංවඩු ගහන්න උත්සාහ ගන්නවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ත‍්‍රිවිධ හමුදාවක වගකීම ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර දේවතාවන් තමයි ත‍්‍රිවිධ හමුදාව.

මිලිටරි ආණ්ඩුවක් ගැන කතා කරනවා. අද බලන්න තිබෙන්නේ මිලිටරි ආණ්ඩුවක්. යුද හමුදාවේ ඕනෑම නිලධාරියෙක් විශ‍්‍රාම ගියාට පසුව සිවිල් පුරවැසියෙක් වශයෙන් දේශපාලනය කරන්න පුළුවන්. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සක‍්‍රීය සේවයේ නිරත හමුදා සාමාජිකයෙක් දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කළොත් මිලිටරි ආණ්ඩුවක්. අද මේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන්න යනවා, මිලිටරි ආණ්ඩුවක් ගේනවා කියන අයම තමයි සක‍්‍රීය සේවයේ යෙදී ඉන්නේ. ඔහු මන්තී‍්‍රවරයෙක් පමණක් නෙමෙයි කැබිනට් ඇමැතිවරයෙක් වශයෙන් සේවය කරනවා. ෆීල්ඞ් මාර්ෂල්වරයෙක් කියන්නේ ජීවිතාන්තය දක්වා සක‍්‍රීය සේවයේ කරන නිලධාරියෙකි. විශ‍්‍රාම ගියහොත් නිල ඇඳුම අඳින්නේ නැහැ. විවිධ උත්සවවලදී දැක ඇති නිල ඇඳුම අඳින ෆීල්ඞ් මාර්ෂල්වරයෙක්. ඔහු කැබිනට් මණ්ඩල සාමාජිකයෙක්. හමුදා නීතියට විරුද්ධයි. එහෙම ව්‍යවස්ථාව කඩකරලා නීතිය කඩ කරලා තිබෙනවා. අද තිබෙන්නේ මිලිටරි ආණ්ඩුවක්. නීතිය ක‍්‍රියාත්මක කරනවා නීතියට අනුව කටයුතු කරනවා කියන එක පුහු වචනයක් වෙන්න පුළුවන්. නීතිය සාධාරණ විය යුතුයි. නමුත් නීති සකස් කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටයි.

අලූත් නීති ගේනවා. අද විශේෂ උසාවි ඇති කරනවා. මේ විශේෂ උසාවි ඇති කරන්නේ තෝරාගත් පුද්ගලයන්ටයි. ඒ පුද්ගලයන් තෝරා ගන්නේ ඇමැතිවරුන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක, නීතියට අනුව එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මේ රජය ආරම්භ දිනයේ සිටම ව්‍යවස්ථාව උල්ලංගණය කර තිබෙනවා. එදා භීෂණ ඇති කළ නායකයන් තමයි අද රටේ නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය ගැන කතා කරන්නේ. 88,87 කාලය අද බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ.

ත‍්‍රස්තවාදය නිසා ධීවර කර්මාන්තයේ නිරත වූ අයට විශාල බාධා තිබුණා. සෝදිසි කිරීම් තිබුණා. අත්අඩංගුවට ගැනීම් සිදුකළා. ඒවා අපි කළේ ජනතාවගේ සුබසිද්ධියටයි. ත‍්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ මේවාට මුහුණ දුන් නිසා තමයි මේ අද රටේ පවතින සාමය ඇති කරගන්න පුළුවන්. මේවා වැරදි ආකාරයට ජනතාවට ගෙන යෑමට විරුද්ධ පක්ෂය කටයුතු කරමින් සිටිනවා. එදා මේ බොරුවලට ජනතාව රැුවටුණා. මේවා ගැන ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. ත‍්‍රස්තවාදය අවසාන වුණාට පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාවර කිරීමට, නීතියට අනුව මේ රට පාලනය කිරීමට විශාල වැඩකොටසක් අපේ රජය කරගෙන ගියා. අද ඒ තත්ත්වය ක‍්‍රමයෙන් විනාශ වෙමින් යනවා. උතුරේ ආරක්‍ෂාව නැති වෙමින් යනවා. දකුණේ දිනෙන් දින පාතාල ක‍්‍රියාකාරකම් වැඩි වෙමින් පවතිනවා. අපි එදා නීතියට අනුව පාලනය ගෙන ගිය නිසා පාතාලය, කුඩු නැති කිරීමට හැකි වුණා. නිවැරදි තීරණයක් ගැනීමට ගත හැකි නායකත්වයක් අවශ්‍යයි. ඒ නිවැරදි තීරණ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායමක් අවශ්‍යයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතා සෘජු තීන්දු ගත්තා පමණක් නොව, ඒවා ක‍්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් තෝරා ගත්තා. එතුමා මේ සියල්ලක්ම අවසන් කරලා සෑම ඡුන්දයක්ම පැවැත්වූවා. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකම අවශ්‍යතාව.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන අයම තමයි ඡුන්ද කල්දමන්නේ. පක්‍ෂපාතීව, අසාධාරණව නීතිය ක‍්‍ර‍්‍රියාත්මක කරවලා කටයුතු කරන අයම තමයි මිලිටරි ආණ්ඩුවක් එන්න පුළුවන් කියන්නේ. ආර්ථිකය හැසිරවීමට හැකියාවක් නැහැ. ඔවුන්ගේ එකම පරමාර්ථය තමයි විරුද්ධවාදීන් මර්දනය කිරීම. අද වන විටත් බුද්ධි නිලධාරීන් හිරේ. මේ වගේ පොලිස් නිලධාරීන්, බුද්ධි නිලධාරීන්, හමුදා නිලධාරීන් දේශපාලනඥයන් වගේ සෑම කෙනෙක්ට බොරු නඩු දාලා මේ ආයතනවලට ගෙනැල්ලා තිබෙනවා. විරුද්ධවාදීන් මේ වගේ පීඩනයකට ලක් කරලා තමයි මොවුන් රට පාලනය කරගෙන යන්නේ. මොවුන් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්නේ. ව්‍යාපාරිකයන් මේ විදිහට තව අවුරුද්දක් ගියොත් රට කඩාවැටෙනවා කියනවා. ආණ්ඩුව පෙරළා දමලා මහින්ද රාජපක්‍ෂ රජය ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට සියලූම දෙනාගේ සහයෝගය අවශ්‍යයි.

– චාමින්ද කරුණාරත්න

46,483 Viewers

23 Comments to “ගෝටා ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙක් යයි කියන වෙල්ගමට, වාසුට ගෝටාභයගෙන් කණ පැලෙන පිලිතුරක්..[Video]”

  1. Ratata Adhare says:

    තමන්ට එරෙහිව නගන අවලාද වලට කඩිනමින් පිලිතුරු සැපයීම ඉතා හොඳ දෙයක්!
    එසේම මීලඟ ජනපතිවරනය ඉලක්ක කරගනිමින් ගෝඪාට, මහින්දට, නාමල්ට සහ
    විමල්ට අභූත චෝදනා නගමින් හා අපහාස කරමින් තුෂාර ජයරත්න වැනි සුනඛයන්
    දැනටම වැඩ පටන්ගෙන ඇත.

    ඒවාටද ප්‍රතිපිලිතුරුදීමට දැන් කාලය පැමින ඇත.

  2. Buddhist says:

    Hiragedera mardanaya, wathura illapu evun ge mardanaya, sudu van mardanaya, Thajudeen mardanaya wagema madiyawedin mardana okkoma amathaka wela wage. Appayak kala thami me kathawa kyanna aththe!

  3. Amda says:

    well said Sir

  4. සිංහල කොන්ග්‍රස් says:

    යම‌ෙ‌ෙක් එක කාලයක් හමුදා නිලධාරියකේ වූ නිසා පසුව එකාධිපතියකේ වනෙවා කියන්න‌ෙ වැඩ බැරි ප්‍රලාප පමනක් ද‌ොඩවන අමු ම‌ෝඩය‌ෝ රැලක්. වාසුවා සහ ව‌‌ෙ‌ිිිල්ගමයා ක‌ොච්චර කල් ඇමතිද? කුනුහරැ කිව්වා ඇර‌ෙන්න ම‌ොනවද ක‌ොරල තියන වැඩ?

    • බබා says:

      කොහොමත් ගොට්ලර් කන් පලන්න දක්ෂයි. මෙයා කොහෙ ජනාධිපති ඉල්ලන්නද තාම ද්විත්ව පුරවැසි නෙ, අද අයින් කරනවා හෙට අයින් කරනවා, දවසයි යන්නෙ කීවට තාම නෑ. ඒක වෙන්නෙම නෑ.ඒ වගේම හොර පවුලෙ එකෙක් ආයෙ ඔතෙන්ට එන්නෙත් නෑ.

  5. බබා says:

    දැන් ඇතුලෙ වලිය පටන් අරන්. එල! අපි දැනගෙන හිටියෙ නෑනෙ සුදුවෑන් කෙරුවාව පර්සි මහේන්ද්‍ර දැනුවත්ව කල බව. ඒකත් දැනගත්ත එක හොඳයි.ඔන්න මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී නායකයො. සල්ලි තියෙනවනම් දරුවෙක් පැහැරගෙන කප්පම් ගන්නවා.අපූරුයි රෙජිමෙ එවුන්.

    • Dev says:

      JVP wikarayek

    • බබා says:

      උම්බෑ…හ්.. සුදු වෑන් වගේද කළු ඩිපෙන්ඩර්? ….දවසක් පැදලා මස් කඩේ කොක්කේ එල්ලුනත් සැපයි….උම්බෑහ්…බැහැහැ…!

      • බබා says:

        කියන දේට දෙන්න උත්තරයක් නෑ. බොරුවට තප්පුලනවා. තමුන්ට කියලා නමකුත් නෑනේ
        කොහොම උනත් ආයෙ රාජපස්සයො එන්නෙ නෑ.

        • යකා says:

          කම්බ හොරුන්ට කුඩ්ඩන්ට බටලන්දෙ මිනිමරුවට කඩේ යන තෝ වගේ ගස් බල්ලන්ට වෙන මොන උත්තරද බොල ? මේ රටේ මිනිස්සු මැරිලා උපන්නයි කියලා හිතාගෙන ගොං කතා කියන බොට හරකෙක් කියන එක හරකුන්ටත් කරන නින්දාවක්.

          • බබා says:

            කම්බ හොරු කවුද කියල මුලු රටමයි ලෝකෙමයි දන්නවා. සුනාමි ආධාර හොරකමේ ඉඳලා චීන අධාර හොරකම දක්වාම හොරාකාපු හැටි ලෝකෙම දන්නවා.
            ලංසගෙ ගෙදර කුඩු අල්ලපු ගමන් හෙලිකොප්ටරෙන් ගිහින් ඌව බෙරගත්ත හැටිත් හැමෝටම මතකයි.
            තොපි වගේ බයියගෙ වහල්ලු නම් හිතා ඉන්නෙ රටේම ඉන්නෙ හරක් උන් මැරිල ඉපදිල ඉන්නෙ කියලා. හොරකම්, කුඩ්ඩොත් එක්ක ගහපු ඩීල් එලිවෙද්දි ගලේ පහරපු බලල්ලු වගේ මරුකියවනවා.

    • fass says:

      Rathu ali patiyage kollek

  6. Wijebahu says:

    Yes you are correct. There is no law and order. That’s why you are still not in the prison.

  7. Raawana says:

    janathaawage mudal walin, demawupiyange sohon hadannath e kaale prajaathantrawaadaya thibunane.

  8. GodFather says:

    Since GOTA is not a corrupted, irresponsible person like RW and considering his family background and family records , he has a potential to do something to this country.

  9. karu 1 says:

    Well said, You must respond to the fundamental questions posed againt you, either they are from government or from your camp. We are 100% with you. WE WANT YOU. NO ONE ELSE. If condition get worsen think about contesting to the election under any circumstances. No other way to built this country. At this moment you are the only option country has. Be courageous. Country expecting your leadership. If you rearly thinking of the country be prepared to take decisions- even against your camp or even your family. You have to show that motherland is above all your interests. How can you escape if motherland expecting your service? All the other interests are irrelevent.

  10. Gotler says:

    මේ අයියලා මල්ලිලා කාටවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ වත් හරි හැටි උච්ඡාරණය කොරන්න බැරි එකේ තේරුම නං කොහොම දනීද?

  11. LION voice says:

    WELL SAID Hon: Gotabaya Rajapaksha our 2020 PRESIDENT….jayama wewaaaaaaa!!!!!!

  12. KUMARA HERATH says:

    SIR, KATHAWA ELAKIRI WAGE. KISIMA HIRAWEEMAK NE. SUBA ANAGATHAYAK.

Main News