ගෝඨාබය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න..

November 27, 2017 at 10:32 pm | lanka C news
ගෝඨාබය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී තිබෙන බවට අපිට විශ්වාශණීය තොරතුරු තිබෙනවා..  අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ විරෝධයක් මහනායක ස්වාමීන් වහන්සේලාද ඇතුළු සමාජයේ මතු වී තිබෙන නිසා ආණ්ඩුවේ පුංචි පැකිලීමක් තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව තුලත් මේ  දේශපාලන පළිගැනීම ගැන දැඩි විරෝධයක් ඇති වී තිබෙනවා. හැබැයි එන් ජී ඕ මහත්තුරුනම් ආණ්ඩුවට ප්‍රභල පීඩණයක් එල්ල කරමින් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නාලෙස. ඇත්තටම ගෝඨාභය මහතා අත්අඩංගුවට ගන්නේ ඇයි?

ඩී ඒ රාජපක්ෂ පදනම විසින් ඩී ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා.  සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද?  උත්තරය ඔව්.  1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා.  ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා.  මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්.  ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා.  වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්.  ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා.  එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා.  ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුනා.  ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්‍රශ්න කරනවා.  ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා.  ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා.  ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිම ශතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්.  මීට පදනමින් විරෝධය පල කරනවා.  අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා.  ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්.  ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා.  තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි.  එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා.  දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන් ද? මගේ අධ්‍යනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා.  එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම.  මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා.  නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා.  සංස්ථාවේ වියදම මිලියන 61යි.  ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මි 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.  ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රථිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා.  නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා.  මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි.  කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි.  මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්‍යාපෘතිය සම්පුර්න කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා.  මේක වැවක් හෑරීමක් නොවේ.  ස්මාරකයක් ඉදි කිරීමක්.  පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි.  සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා.  හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

දැන් මේ ලිපිගොනු තිබෙන්නේ මෙගාපොලිස් ඇමතිවරයා ළඟ.  ඇමතිවරයා මේ ලිපි ගොනු නීතිඥයින්ට ලබා දෙමින් ගෝඨා ඇතුලට දාන්න පුළුවන් ද කියා විමසනවා.  නීතිය දන්න නීතිඥවරු බෑ කියනවා.  තවත් නීතිඥ කණ්ඩායමක් ගෙන්වනවා.  ඔවුන්ට මේ ලිපි ගොනු අධ්‍යනය කරන්න දෙනවා.  ගෝඨාව ඇතුලට දාන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද අහනවා.  මේක කෙලින්ම දේශපාලන පලි ගැනීමක්.

ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා.  වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ.  එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ.  වාණිජමය ගනුදෙනුවක් විතරයි.  සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.

කවුරු හරි කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොදු දේපල අපහරණය කර තිබෙනවා අත්අඩංගුවට ගත යුතුයි කියා ඒ ඕනෑම කෙනෙකු සමග ප්‍රසිද්ධ විවාදයකට මම සූදානම්.  ඒ අත්අඩංගුවට ගන්න උපදෙස් දුන් නීතිපති වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වේවා, එන්ජිඕ ඒජන්තයෙකු වේවා ඕනෑම කෙනෙකු සමග විවාද කිරීමට මම සූදානම්.

බැලු බැල්මට නඩුකරයක් නැති නම් ගෝඨාභය මැතිතුමාව අත්අඩංගුවට ගන්න යන්නේ ඇයි?  ඔහු අද ආණ්ඩුවට පවතින දැවැන්තම දේශපාලන තර්ජනය නිසා.  ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වන බෙදුම්වාදි ව්‍යවස්ථාවට එරෙහිව එළිය සංවිධනය සමග රට පුරා රැස්වීම් පවත්වන්නේ ඔහු.  ජනප්‍රියතාවයෙන් ඔහු දෙවැනි වන්නේ මහින්ද ජනාධිපතිතුමාට පමණයි.  ඒ නිසා ඔහුව සිර කර නිහඬ කිරීමට උත්සාහ කරන්නේ.

පරාජය කළ නොහැකි බවට ලොවම කියූ කොටි ත්‍රස්තවාදයේ පරාජයේ නියමුවා ඔහුයි.  මම නම් කොටි පරදන්න පුළුවන් කියා විශ්වාස කළත් කොළඹ කුණු නැති කරන්න පුළුවන් කියා විශ්වාස කලේ නෑ.  ඔහු ඒ වික්‍රමයත් කළා.  ගෝඨා කියන්නේ හොර බොරු නැති වැඩකාරයෙක් බව පක්ෂ භේදයෙන් තොරව රටම පිලි ගන්නවා.  ඒ පිලි ගැනීම තමයි ආණ්ඩුවේ භීතියට හේතු වෙලා තිබෙන්නේ.

වරදක් කර තිබෙනවා නම් අපේ දෙමව්පියන් අත්අඩංගුවට ගත්තත් අපි විරුද්ධ වෙන්නේ නෑ.  මෙහෙම දේශපාලන පලි ගැනීම් කරන්න දෙන්න බෑ.

ගෝඨා ජාතියේ හදවතයි.  හදවත බේරා ගන්න ඕනෑම දෙයක් කරන්න මේ රට සූදානම් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා.

– අරවින්ද අතුකෝරල

37,105 Viewers

38 Comments to “ගෝඨාබය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න..”

  1. සුපුන් says:

    බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ්, ෆ්‍රංශ විදේශ ඇමති
    කඋෂ්නර් ශ්‍රී ලංකාවට පැමින යුද්ධය නතර නොකලොත් විදුලි
    පුටුව යෑමට සිදුවන බවට තර්ජනය කර තිබියදීත්, එම තර්ජන
    තුට්ටුවකට මායිම නොකර ක්‍රියාන්විතය දිගටම ගෙනයාමට උපදෙස්
    දුන්, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ද්‍රව්‍යමය
    සහ පිරිස් බල ආධාර අඛණ්ඩව සැපයූ ගෝඨාභය රාජපක්ෂ
    විරුවන්ට අත නොතබනු!

    • සුනිල් says:

      දැන් ඉතින් මේ අයට විදුලි පුටුවට යන්න උනාද රාජපක්සලා කියන හිවල්ලු රැලට ඔව්වා කියල අන්දන්ඩ බැරි මිනිස්සුත් රටේ ඉන්නවා එහෙනම් මොන බම්බුවටද ප්‍රංශ මූල්‍ය ආදාර අරගෙන උතුරේ පාලම් හැදුවෙ. ආදාර ඉල්ලගෙන හිගාකන්න යුරෝපෙ රටවලට යනවා එවා අරගෙන ලංකාවට ඇවිල්ලා ඒ රටවලටම කොටි කියලා බැනලා චන්ද ටික කඩාගන්නවා එහෙනම් බැසිල් ගෝටා ඇමරිකාවට බැන බැන ඒරටටම රින්ගන්නෙ ඇයි.තමිල්නාඩු පොලිටික්ස් මෙහෙට අරියන්නෙ නැහැ පුතේ

      • ලසන්ත says:

        සුනිල් කියල නම දැම්මට මේ කොමෙන්ට් එකනම් දාල තියෙන්නෙ හයිකෝෆ් ෆොනීමයි.

        • yaka says:

          ithin bn sunila kiyala thiyenne aeththa ne..

        • ලසන්ත says:

          ශ්‍රිලංකාවේ ජනතාවට භිෂණය පැතිරවූ ත්‍රස්තවාදය විනාශ කිරීමට ප්‍රධාන සාදකයක් වූ යුගපුරුෂයා ගොටාභයයි .මහින්දට ත්‍රස්තවාදය අවසන් කළහැකි බවට සපත කලේ ඔහුයි .
          සටන් බිමට ආදරය රැගෙන ගොස් සොල්දාදුවන්ට මානසික ශක්තිය ලබාදී ඔවුන්ට අවශ්‍යතා නිසි පරිදි ලබාදී සටනේ ශක්තිය වුයේ ඔහුයි .

          ඔහුට විරුද්දව කටයුතු කරන්නන් මේ ජාතියේ විරුද්දකරුවන්ය මේ ජාතියට වින කරන්නන්ය .
          සියලුම සිංහලුන් ගොටාබය මැතිදු සමගයි .
          ගොටාභය විරුවන්ට අත නොතබනු

      • Boo says:

        මට නං තේරෙන්නේ නැහැ ඇයි ප්‍රංශ වැරැද්දක් දැක්කම ප්‍රංශ රටට බැනල ප්‍රංශ රටට යන්න හොඳ නැත්තේ ඇයි කියල. ඒ වගේම ඇමරිකාවට බැන බැන ඇමරිකාවට යන එකේ වැරැද්ද මොකක්ද කියල.

        මොකද එහෙනං ඔය ඕන තරම් රිලවු, හිවල්ලු ඉන්නේ ලංකාවට බැන බැන ලංකාවේම පදිංචි වෙලා. එතකොට ඔය ඕන තරම් ඉන්නේ මහින්දගේ අධි වේගෙට බැන බැන එකේම යන එන හිවල්ලු. එතකොට තව හිවල්ලු ඔය මහින්දට බැන බැන මහින්ද හදපුවා විවෘත කරන්නේ.

      • Wijebahu says:

        මේ Sunil කියන කාලකණ්නියව ජාතක වෙලා තියෙන්නෙ සක්කිලි
        යෙකුට.

        ඒකයි ඌට රාජපක්ෂලව පෙන්නන්ඩ බැරි.

      • Chan says:

        Sunil. Attatama Miliband haduve Mahinda bayakaranna e vagema adat hoyala balanna UN eken pava kivve nadu dameema natara karanne na kiyalane eva ahune na vage boru kiyanne kapati polititionsla kiyalat kivvane umbat eyin ekek

        France valin ay dakunata adara kale naththe hoyala balapanko

      • vishnu says:

        සුනිල් මිනිහෙකුට ජාතක වෙච්ච එකෙක් නෙවි
        අම්ම මරදානේ තාත්ත පරංගි කැනහිලෙක් වෙන්න ඕන

      • පොඩි නිළමේ says:

        සුනිල් කියල නම දැම්මට උඹ පට්ට දෙමළෙක් නේද බං? “ අරිද කියන වචනෙන් තේරෙනවා.

        • Lakmalee says:

          “තමිල්නාඩු පොලිටික්ස්” ගැන දන්නෙ කොටියෙක් මිස වෙන කවුද?
          ඔන්න Sunilo උඹේ කොටි පුල්ලි පේනවා.

    • කැලුම් සම්පත් says:

      ගොටාභය කියන්නේ යෝධ ආත්ම ශක්තියක් තිබෙන චරිතයක් .යුද්දයක් ඉවර කරලා මේ රට දියුණු තලයකට ගෙන්න දිවා රෑනොබලා කටයුතු කරපු ඒවගේම ප්‍රතිපල පෙන්වපු කෙනෙක් .රටේ අවාසනාවකට මේ රටේ මෝඩ ජනතාව මහින්දව පරාජය කරලා බාටහිර බත් බැලයකු රජ කෙරෙව්වා රට යලිත් වතාවක් අඳුරු යුගයකට ගියා .
      නමුත් මුන් දන්නවා ගොටාබය නිසා උන්ට දේශපාලනිකව පැවැත්මක් නෑ කියල අන්න එකයි එතුමාගේ දේශපාලනය නවත්වන්න චරිත ගාතනය කරන්නේ .
      ගොටාහය විරුවාට ඇත නොතබවූ

    • theraputtha says:

      සොහොන්ටික හැදුවෙ රාජපක්ශ පදනමේ පුද්ගලික වියදමෙන්ලු. ඔක්කොම ගෙවීම් ටිකත් කරල තියෙනවලු. ලක්ශ දෙකක් වැඩිපුරත් ගෙවල තියෙනවලු. වියදම් කරේ පුද්ගලික පදනමකින් නම් මේකට ගොටගේ නම ගෑවුනේ කොහොමද, රාජ්ය මුදල් අවබාවිතා වුනේ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරනවද? මෙයා කියන කතාවේ විදිහට ගොටාබය මහත්තයා මේකට කිසිම සම්බන්දයක් නෑ නේ. එතකොට කොහොමද අත් අඩන්ගුවට ගන්නේ?

  2. අකිල පොඩි පුතා says:

    හැමෝම ගෝඨා අත්අඩංගුවට ගන්න එපා කියලා බෙරිහන් දෙනවා. ඔහුගේ නිදොස් බව පැහැදිලි කලේ ඔබ විතරයි.
    ඔබට ජය!

  3. SALMAL says:

    ලෝකය වෙනස් කල රටවෙනුවෙන් එඩිතර තීරණ ගත්ත වීර නායකයෝ අතරින් කෙනෙක් ගරු ගෝඨාභය රාජපක්‍ෂ
    එතුමාට සිංහල ජාතියේ උත්තමාචාරය

  4. Vasana says:

    STOP insulting our war heroes
    We Salute all our great heroes for making Sri Lanka a free country
    We thanks to our great ex Secretary, Defence Hon. Gotabaya Rajapaksa …. for saving our country…..
    We salute of our heroes Hon …Mahinda and Gotabaya Rajapakshe and all army troops.

  5. JOY says:

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සිදුකිරීමට හදන බොරු චෝදනා දේශපාලන පලිගැනීම් වහාම නතර කරනු
    ගෝඨාභය රාජපක්ෂ විරුවන්ට අත නොතබනු!

  6. Saradiel says:

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන පලිගැනීම් වහාම එය නතර කරනු රට ජාතිය රැකි විරුවන්ට අත නොතබනු ..සිරිසේන කරුණාකර ඉල්ලා අස්වන්න

  7. Sri Lankan Canadian says:

    Uday! Good explanation. Keep up the good work for the voiceless people of Sri Lanka.

  8. හෙළයේ මොලය says:

    සුපුන් ගේ සුපුන් කතාව සුපුන්ය. මම කියන්නේ වෙනත් කතාවක් උනත් එකමය, කට මැත දොඩන හිවලුන් ගෝඨාභය රාජපක්ෂ ට මෙන්ම රන් විරුවන්ටද දේශපාලන හේතුන් මත කරන අඩන්තේට්ටම් අපි හෙලා දකිමු. ගෝඨා හිර ගෙට යැවිමෙන් සතුටුවන පරයනි. ගොනා ගේ පසුපස එන කරත්තය මෙන් me පාපය මොනම කෙනෙක් කලද me ආත්මයේදීම තොපටද පඩිසන් දෙන්නේය, සඳුන් ගසක් කපන්න කපන්න සුවද දෙන්නා සේ ගෝඨා සුවදවත් වනු ඇත.බලවත් වනු ඇත.එයා අපේ පැතුමයි. කොරලා බලාපල්ලා කල් ගුණ දන්නා හෙළයින් එහි වාඩුව ගන්නේ පොලියත් සමගයි.

  9. Manel says:

    Do not touch Gota. If Champika thinks that he can do it, I feel sorry for him.

  10. ජනක says:

    ගොටභය විරුවන් අත්අඩංගුවට ගතහොත් අනිවාර්නම එය රජයේ මෙන්ම සිරිසේනගේද දේශපාලන ජිවිතයේ අවසානය බව මතක තබා ගනු .මේ රටේ ජනතාව ගොටාභය විරුවන්ට තිබෙන ආදරය බොරු චෝධනා එල්ල කර ඔහුව සිරගත කර නැතිකළ නොහැක

    • Brahmana says:

      ජනක
      පවු බන් උබ.
      උබගේ උගත් කමට අනුව ඊට වැඩි දෙයක් උබට තෙරුම් ගන්න බැහැ.

      • රාජපති says:

        බ්‍රාහ්මනයෙකු වුනහම මුහුකුරාගිය බුද්ධියක් තිබෙන්ට එපායැ.
        නමුත් ඔයාට තියෙන්නෙ නැව් රාජිතගෙ මන්ද මානසික
        පුත්‍රයගෙවගේ නොවැඩුන බුද්ධියක්නෙ.

  11. Saliya says:

    Can I get my house built on credit by a government institution? If not for the change of govt Rajapaksas would never have paid! It would have been borne by the tax payers just like the mega foreign trips they did or the numerous parties given at temple trees.

    • Kautilya says:

      Your argument sounds like that everything done by the Rajapakshas are black and wrong; and the Yahapalana grand robberies are all pure white and justifiable!

      Empty vessels make big noise.

  12. Boo says:

    ගොටාබයට වැඩි වැඩියෙන් ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ලබාදෙන මේ රජයට මගේ ස්තුතිය පුදකරමි.

    දකුණු අප්‍රිකාවේ සිටි පුක නොහෝදන ගඳ සුද්දන් වරක් නෙල්සන් මැන්ඩෙලා ව හිරගෙට දැම්මත්, අදත් ලොවේ කාටත් මතක නෙල්සන් මැන්ඩෙලා මිසක් ඒ ගඳ සුද්දෝ නෙමෙයි.

  13. Sam says:

    Mandela Gota Langin Thiyanna Puluwanda ?

    • Dinusha Fernando says:

      ගෝඨා මැන්ඩෙලාට වඩා විශිෂ්ඨයි. මැන්ඩෙලා සාර්ථක නිදහස් සටනක් කලත් පාලකයෙකු ලෙස අසාර්ථකයි. ගෝඨා කොටින්ගෙන ්රට නිදහස් කර ගැනීමේ සටන වගේම පාලකයෙකුගේ භූමිකාවත් සාර්ථකව ඉටු කලා

    • Boo says:

      බැහැ, මැන්ඩෙලාව තියන්න වෙන්නේ ගොටභයට යටින්.

  14. vishnu says:

    මේ වගේ වැඩ කරපු ශ්‍රේෂ්ට මිනිසෙකුට ගරහන සිංහල
    මිනිස්සුන්ගෙ හදවත් කොච්චර නපුරු වෙන්න ඕනෙද.
    මුන්ට තේරෙන්නෙ නැද්ද යුද්දෙ අද වෙනකම් තිබුනානම්
    අපි කීදෙනෙක් වල පල්ලෙද කියල

    • RS says:

      Ethakota Fone Pol Gawada …
      Yuddeta Baye rata Panapu Un Wageda …Niyama Weera Puttharayek Lankawata Pahalauna

      • Sarath says:

        ඒ වීර පුත්‍රයා නේද සුදු කොඩි කථාව ගොතල මුලු හමුදාවම පාවල දුන්නෙ?

      • Nihal says:

        ඒ වීර පුත්‍රයාමනේද මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මැතිතුමාගෙ
        අහිංසක, අසරණ ගෘහසේවිකාව, ධනවතීව බලහත්කාරයෙන් දූෂණය
        කරල ඇයල සදාකාලික මානසික රෝගියෙක් කලෙත්?

    • Unicorn says:

      පුදුම වෙන්ඩ දෙයක් නෑ විෂ්ණු; ඕකට කාරනා කිහිපයක් තියෙනවා:

      1. ජාතියත්, දේශයත් පාවාදුන් දුෂ්ඪ, දුර්ජන මිනිස්සු රජ කාලෙත් හිටිය, දැනුත් ඉන්නව.
      මිනිස්සුන්ගෙ ඊර්ෂියාව, කුහකකම සහ ම්ලේච්චකම
      තියෙනකම් ඒක වලක්වන්ඩ බැහැ.

      2. කුලියට කොමෙන්ට් දාන එවුන්ට ආගමක්, ජන්මයක් නෑ.
      උන් කොටන්නෙ සල්ලි වලට විතරයි.

      3. අනික සුනිල අරක මේක කියල සිංහලෙන් කෙටුවහම අපි හිතනව උන් සිංහල කියල. නමුත් උන් ඇත්ත වශයෙන්මනම් සිංහල ඉගෙන ගත්ත කොටි හෝ
      හම්බයො .

Main News