ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…

February 27, 2018 at 10:48 pm | lanka C news
ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහා බව ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයාගේ “අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව” කවරක් දැයි පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ඔහු හැසිරුණු අන්දමින් පැහැදිලිව දක්නට ලැබුණු බවය.

“එතුමා ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒ නිසා නැවත ජනාධිපතිවරණයකදී ඔහුට මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියෙන ඡන්ද ටික අවශ්‍යයි. ඒ නිසා ඔහුට ඕනකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගයත් තමන්ට ලබාගන්න.”

එබැවින් ගෝඨාභය රාජපක්ෂ ද “හවුල් කරගෙන” ජනපතිවරණයට ඉදිරිපත්වීම ජනපති සිරිසේනගේ සැලසුම වී තිබූ බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපදයේ සිට යළි සිය රට බලා පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, “බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.

තමන් තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැවින් දේශපාලනයට පිවිසීමේ සැලසුමක් “තවම නැහැ,” බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සංවාදයේදී පසුගිය ඉරිදා සිදු කළ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ, ගතව ගිය වසර තුනක කාලය තුළ වත්මන් ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය ‘කොමඩියක්’ පමණක් නොව ‘ට්‍රැජඩියක්’ (ඛේදවාචකයක්) ද බවය.

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා යටතේ තිබූ නීතිය හා සාමය අමාත්‍යාංශය තාවකාලිකව අගමැතිවරයා යටතට පත්කිරීම මගින් කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

“නමුත් විශේෂයෙන්ම ජනවරමට අදාළව දූෂිතයන්ට එරෙහිව නඩු කටයුතු කරන්න බැරි වුනේ, මම හිතන්නේ නැහැ ඒක සාගල රත්නායක මහතාට අදාළ කරුණක් කියල,” බිමල් රත්නායක මන්ත්‍රීවරයා පැවසීය.

“මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කර තබා ගැනීමේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ පවුලට අදාළ නඩු කටයුතු සීමා කළා, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ කියන එක පැහැදිලි කාරණයක්.”

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ‘දෙබිඩි ප්‍රතිපත්තියක්’ පිළිබඳව මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවා මෑතදී සඳහන් කර තිබුණු බවත් සිහිපත් කළ ඔහු පවසන්නේ අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද සිය අනාගත සැලසුම් වෙනුවෙන් රාජපක්ෂ පවුලේ “තෝරාගත් සාමාජිකයන්” ආරක්ෂා කරන බවය.

කෙසේ වුවත් 2015 ජනපතිවරණයෙන් පසුව රාජපක්ෂ පාලනය දැඩි විවේචනයට ලක් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ජනපතිවරණය දින ජීවිත ආරක්ෂාව පිණිස තමන් මුතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ බවය.

ජනපතිවරණයෙන් පරාජය වූයේ නම් සිය “මුලු පවුලම විනාශ කිරීමේ සැලසුමක්” තිබුණු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ බීබීසී යට පැවසීය.

– BBC

50,582 Viewers

27 Comments to “ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්…”

  1. බන්ඩා says:

    ජනාධිපතිවරණයට ඉස්සෙල්ල රනිල් සහ සිරිසේන බලයට ගේන්න ජෙපි හැත්ත මොන තරම් සොප්පඩ විජ්ජා වන් සහ පච හෑල්ලක් ජනතාවට දෙසා බෑවද? කිසිම හැකියාවක් නැති ජෝඩුවක් බලයට ගෙනල්ලා දැන් කනවෝ කනවෝ කියල රට විනාස කල මිනීමරැවො දැන් කෑ ගහනවා.

    • අපි ගොන්නු සංවිධානය.. says:

      මෙතුමා කියන දේ හරි බන්ඩෝ ….අපිව අඳුනා ගන්න අපේ අයි.ඩී. එක නැති හිංදා….තමයි වරද….

      • Kamal says:

        2005 මහින්ද බලේට ආවේත් ජෙප්පො නිසා. ඉතිහාසෙම කලේ මුන්ගෙ ඡන්ද ටික මහ පක්ෂ වලට පාවලා දුන්න එක විතරයි.

    • cim says:

      Me kiyana adahasath therum ganna wenawa, mokada MY3 hadanne MR ta gota lawa parajaya karanna, Kohewath mahinda maethidu kiyala thiyanawada magen passe gota janadipathi kiyala, Ethumata one gotek nemei, namal ta para hadanna, samahara witaka me lagadi Isura deshapriya kiyapu kathawa aeththa kiyala hithenawa.

      • kate says:

        Pala Yako Boru Comments Noda. You cant cheast the people with this type of created “Keppa”. You bloody UNPers spread this type of false stories everywhare. But failed. Look at the election results.

    • ලෙනින් says:

      හැම එකාගෙම බෙට්ට ඉඹලා, කාපු බීපු ඒවා, වෙලාවල් ටක්කෙටම කියන්න දන්න ජේවීපී එකට, තමන් කෑවේ මොනවද කියලා පිඟාන දිහා බලලවත් කියා ගන්න බැරි ලෙඩක් තියෙන්නේ.
      අනුන්ගේ බෙට්ට ගැන විග්‍රහ කරන්න කලින්, තමන්ගේ කෑම පිඟානේ තිබ්බ දේවල් මතක් කරගන්න එක කාගේත් දේශපාලන සෞඛ්‍ය ට හොඳයි.

    • ගුණේ අයියා says:

      අපි යථාර්තය තේරුම් ගත යුතුයි. ගෝඨාභය දේශපාලනයට ගෙන ආ යුතුයි. ඔහු වටා 113 ගැනීම අපහසු නැ. මෛත්‍රී SLFP තුලින් එතනට තල්ලු කල යුතුයි. සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක්. SLPP / UNP / SLFP / JVP

  2. Gurudev says:

    JVP is without any doubt a puppet outfit funded by the Tamil Tiger diaspora and Anglo centric imperialists.

  3. krishantha says:

    ඇයි යකො බිමල්., තොපි ගෙනාපු ගවපාලනයනෙ මෙක. තොපි මෙවට වග කියන්න ඔනෙ.තොත්ත බබ්බු.

  4. dilruk says:

    jvp eka hithuve vada bari durvala depalak pathkara gaththama egollo goda yayi kiyala. mokada egollata vipakshaye idan vada pennana lesine. eta passe janatha balaya ganna puluvanne. namuth vune eken goda giye pohottuva. mahindage vatinakama minissunta theruna. rata arajika karala thama pakshaya goda daganna giya jvp ekata anthimata kela vuna.

  5. bend to bend says:

    සෞම්‍ය මූර්ති තොණ්ඩමන් කඳුකරයේ බලය අල්ලාගෙන සිටි අවදියේ රජුන් තනන්නාගේ කාර්‍යභාරය කලේ ඔහුය​.ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වත්මන් තොන්ඩමන් ඒ කාර්‍යයෙන් පහ කර දැමුවේ මහින්ද රාජපක්‍ෂය.එකී රික්තකය විජේවීර නම් විප්ලවාදියා බිහි කල ජවිපෙ භාර ගත්තා යැයි කියා උදම් අනන්නේ එකී විප්ලවවාදියා අමු අමුවේ ලාබෙට වෙන්දේසි කරනා වත්මන් රතු අලි පරපුරය​.ඔව්හු මහින්දට එරෙහිව ෆොන්සේකා නම් දේශපාළණ ළදරුවා කරලියට ගෙනැවිත් ඔහු කරකවා අතහැර දැමුවේය​.ඔහුගේ කුලප්පු වූ මොළය නතර කරගන්නට නොහැකිව අදටත් ඔහු විඳිනා දුකට ජවිපෙ වන්දි ගෙවිය යුතුය​.එතැනින් නොනැවතුන මේ අමන රැල හංසයා දිනවා එහි විධායක සභාවේ අසුන් ගත්තා පමණක් නොව කුලියට රෙදි සේදීමේ ගාස්තුව ලෙස විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන්ද පිදුම් ලැබීය​.හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ මහ බැංකු ගොඩනැගිල්ල පමණක් ඉතිරි කර එහි සියළු සේසත යටි මඩි ගැසූ උන් හා වත්මන් ජවිපෙය දිය යටින් ගිනි ගෙන ගියහ​.දේශපාළණය ව්‍යාපාරයක් කර ගත් ඔව්හු ගමේ කැට හොල්ලන බිම් මට්ටමේ වාමවාදියා අදටත් අන්දමින් සිටින්නේය​.එලිපිට වම පෙන්නා හොරෙන් දකුණ සිඹ ගන්නා වත්මන් ජවිපෙය මෙවර ගම කා ගත්තේ උන්ගේම වරදිනි.ඔව්හු නැවත විප්ලව නොකරන්නාහුය​.ඔව්හු ඉදිරියට ව්‍යාපාර කරන්නාහුය​.විජේවීර සහෝදරයා බිහි කල වමට විප්ලවීය ආචාරය පුදන්නට ඔවුනට සදාචාරමය අයිතියක් නැත්තේය​.මේ වනාහී සොබා දහමේ කැඳවීමය​.

  6. meme says:

    Probably JVP has a deal with global tamil forum to destroy rajapaksha and make the country divide then when chaos starts at least they can govern certain part of the country just like they did in 1988/89 era with the help of elements of LTTE.

  7. මුන්ට පිස්සු බං says:

    මුන්ට පිස්සු බං මුන්ව වෙනම පාර්ලිමේන්තුවක් හදලා මුල්ලේරියාව රෝහලට අනුයුක්ත කරන්න වෙනවා.

  8. Park says:

    Khomada Gota agamathi wenne ohu pitarata wasiyek.

  9. Karu Jayasuriya says:

    රටේ ජනතාව දැන්වත් මුන්ව කවුද කියල අදුනගන්න ඕනේ. මුන් තමඊ බයනකම කණ්ඩායම. මුන්ට තවමත් හැකියාව තියනවා අලුතෙන් එකතුවෙන තරුණ චන්ද වලින් කොටසක් ආකර්ෂණය කරන්න. හැම අවුරුදේම ඒ ක්‍රමය නිසා මුන්ට තවමත් යම්කිසි චන්ද කොටසක් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වැජබෙන්න පුළුවන්. මුන්ට ඕනේ රට හැමතිස්සෙම කඩාවැටෙන්න තත්වයේ තියෙන්න. එමගින් මුන්ට කතා පවත්වා තරුණ චන්ද කොහොමහරි ලබා ගන්න පුළුවන්. කාලකන්නි.

  10. ajita de costageneral striketr says:

    excellent chioce

  11. sarath jayawardana says:

    j v p කාරයෝ කියන්නේ මහා ජරා අමන කාලකණ්නි අම්මෙක් අප්පෙක් නැති පාරේ හැදිච්ච පාරේ ඉපදිච්ච බල්ලෝ ජාතියක් මුන් හැම වෙලාවේම බැලුවේ රට අස්ථාවර කරලා බලයට එන්න මුන් 71 රට විනාස කෙරුවා 89-90 රට ජරා විදියට විනාස කෙරුවා අහිංසක මිනිස්සු මරලා අර මොරටුවේ බස් ඩිපෝ එක එහෙම්පිටින්ම ගිනි තිබ්බා තැපැල් කන්තෝරු ගොවිජන සේවා කාර්යාල මුන් කරන තරමක් කෙරුවේ රට ආපස්සට යන දේවල් එක පැත්තකින් බැලුවාම මුනුයි LTTE එකයි උනුත් රට විනාස කෙරුවා jvp කාරයොත් රට විනාස කෙරුවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් මුලා කරලා මරලා දැම්මා මුන් බැලුවේ මේ පාරත් රට කන්න මුන් අනිවාර්යෙන් දන්නවා රනිලයි සිරිසේනයයි ඩබල රට කනවා කියලා එතකොට මුන් හිතුවා ඊට පස්සේ මිනිසුන්ට එපා උනාම බලයට එන්න පුළුවන් කියලා නමුත් එකෙන් උනේ රට දරුණු විදියට අගාදයකට ඇදලා දැමීම නමුත් මිනිසුන් ට දැන් තේරිලා තියෙන්නේ මුන් හැම තිස්සෙම බැලුවේ රට විනාස කරලා බලයට එන්න 71,89/90 ,ආයි 2008 දැන් මුන්ව කුණු බක්කියටම තල්ලු කරන කලේ හරි

  12. Rohitha says:

    mama hithagene hitiye jvp sokkan athara bimalta tikakhari molayak saha pawrushayak thiyanawa kiyala. balapuwama un okkoma eka walle pol.

  13. saratth kumara says:

    j v p කාරයෝ කියන්නේ මහා ජරා අමන කාලකණ්නි අම්මෙක් අප්පෙක් නැති පාරේ හැදිච්ච පාරේ ඉපදිච්ච බල්ලෝ ජාතියක් මුන් හැම වෙලාවේම බැලුවේ රට අස්ථාවර කරලා බලයට එන්න මුන් 71 රට විනාස කෙරුවා 89-90 රට ජරා විදියට විනාස කෙරුවා අහිංසක මිනිස්සු මරලා අර මොරටුවේ බස් ඩිපෝ එක එහෙම්පිටින්ම ගිනි තිබ්බා තැපැල් කන්තෝරු ගොවිජන සේවා කාර්යාල මුන් කරන තරමක් කෙරුවේ රට ආපස්සට යන දේවල් එක පැත්තකින් බැලුවාම මුනුයි LTTE එකයි උනුත් රට විනාස කෙරුවා jvp කාරයොත් රට විනාස කෙරුවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් මුලා කරලා මරලා දැම්මා මුන් බැලුවේ මේ පාරත් රට කන්න මුන් අනිවාර්යෙන් දන්නවා රනිලයි සිරිසේනයයි ඩබල රට කනවා කියලා එතකොට මුන් හිතුවා ඊට පස්සේ මිනිසුන්ට එපා උනාම බලයට එන්න පුළුවන් කියලා නමුත් එකෙන් උනේ රට දරුණු විදියට අගාදයකට ඇදලා දැමීම නමුත් මිනිසුන් ට දැන් තේරිලා තියෙන්නේ මුන් හැම තිස්සෙම බැලුවේ රට විනාස කරලා බලයට එන්න 71,89/90 ,ආයි 2008 දැන් මුන්ව කුණු බක්කියටම තල්ලු කරන කලේ හරි

  14. Ruwan says:

    JVP thopi me seratama wagakiyanna one.Dan ththota babala wage kathakaranawa.

  15. W.Milton says:

    JVP is terrorist outfit ,that not a party who believed democracy. Now JVP support for UNP!
    Many perks and bonus from UNP and foreign other intelligence agencies

  16. W.Milton says:

    JVP founder of PND Wijeweera is/was CIA agent says by “ATTA” Newspapers in 1969?

  17. බන්ඩා says:

    එක අතකින් ගෝටා හිරේ යවන්න කුමන්ත්‍රණ කරනවා. අනිත් අතින් අගමැති කොරන්න හදනවා. මේ මොන නරි නාටකද? ඔය විගඩම් හරි යන්නෙ නැහැ හිටං. ජනතාව තව දුරටත් ගොනාට අන්දන්න බැහැ. ජහපාලකයිනි! අම්බානෙට කන්න ලැහැස්ති වෙයල්ලා.

  18. කරුණාකර ඔය දිරච්ච ලනුනම් ගිලින්න එපා ඔය පැරදුන් එවුන් ගේ ජාමය බේරා ගැනීමේ මර උගුල්/????
    මුන්ට දැං ආංණ්ඞුව ගෙනියගන්න බැරුව අතීසාරයට අමුඩෙගහන්න පිලියමක් සොයමින් ඉන්නේ??>>??????????

Main News