ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට ඒකාබද්ධයේ කල්ලියක් විරුද්දයි..

April 25, 2018 at 3:50 pm | lanka C news
ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට ඒකාබද්ධයේ කල්ලියක් විරුද්දයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකුත් විරුද්ධ බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සහ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී ජනාධිපති වනු ඇතැයි බියෙන් බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොදී ඔහු හොරෙක්, මිනීමරුවෙක් ලෙස පෙන්වා තරගයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා,

මාධ්‍යවේදී නොයාර් පැහැරගෙන ගිහිල්ලා ඔහුට පහරදීම සම්බන්ධයෙන් අද වෙනකොට ඒ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂව පටලවන්න උත්සාහ කරනවා. 2008 මැයි 22 මේ සිද්ධිය වුණේ. ඊට දින කිහිපයකට පස්සේ විපක්ෂ නායක විදියට ඉඳපු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා මේක කළේ සරත් ෆොන්සේකාගේ කණ්ඩායම කියලා. ඒ වගේම ජෝෂප් මයිකල් පෙරේරා කිව්වා වෙන කවුරුත් නෙවෙයි මේක කළේ සරත් ෆොන්සේකා කියලා. වහාම සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න කියලා ඔවුන් එදා ආණ්ඩුවෙන් ඉල්ලුවා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා පරීක්ෂා කළොත් ඒක බලාගන්න පුළුවන්.

කීත් නොයාර් පැහැරගෙන ගිහිල්ලා පහර දෙන්න කලින් දිගින් දිගටම ලිව්වේ සරත් ෆොන්සේකාට විරුද්ධව.

ඒ වගේම අපි දන්නවා සරත් ෆොන්සේකා අමානුෂික ලෙස කටයුතු කරපු විදිය ගැන. එහෙම කරපු කෙනෙක් කීත් නොයාර්ට පහර නොදී ඉඳී කියලා අපිට හිතන්න බැහැ.
දැන් සමහර මාධ්‍යවලින් කීත් නොයාර්ට පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා ඒත්තු ගන්වන්න හදනවා. අපිට මේකෙන් ඉතාම පැහැදිලියි අද වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහලාට, සරත් ෆොන්සේකලාට ඕන විදියට නටන අම්බලන්ගොඩ රූකඩ බවට පත්වෙලා කියන කාරණය.

අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් ඉදිරි ජනාධිපතිවරණයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඔහු ජයග්‍රහණය කරනවා. ඒ ගැන විශ්වාසයක් අපිට වගේම ජනතාවටත් තියෙනවා.

අනුර කුමාරලා බයවෙලා ඉන්නේ. මොකද ඔවුන් දන්නවා ගෝඨාභය රාජපක්ෂ දිනන බව.

ඒකාබද්ධ විපක්ෂයේ කොටසකුත් ඉන්නවා දෙන්නම් බැටේ, අපි බලයට පත් වුණාම කියලා. ඔවුන්ට වුවමනා දේවල් ඉටු කරගන්න වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ආවොත්. ඒකයි ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ගෝඨාභයට විරුද්ධ වෙන්නේ. ගෝඨාභය වැලි පාක් එකෙන් හරි දියත උයනෙන් හරි, ඔහු කරපු සංවර්ධන වැඩවලින් මුදල් වංචා කළේ නැහැ. ඔහු විනිවිදභාවයෙන් වැඩ කළා. රුපියලක්වත් වංචා කළේ නැහැ.

අද ගෝඨාභය රාජපක්ෂව හිරේ දාලා ඔහුව ජනාධිපති ධුරයට තරග කරන එක වළක්වන්න. ඒ සඳහා එක්නැලිගොඩ නඩුව, නාවික හමුදාව දෙමළ තරුණයන්ව පැහැර ගත්තා කියන නඩුව, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, කීත් නොයාර්ට පහර දීම, මිග් ගනුදෙනුව මේ දේවල් උඩට අරගෙන උත්සහ කරනවා.

අපි රණවිරුවෝ විදියට කියනවා විධායක ජනාධිපති ධුරය මේ රටේ තිබිය යුතුයි. ඒක අහෝසි කරනවා කියන්නේ ඊළමට පහර ගැසීමක්.

උදයන්ති මුණසිංහ
– mawbima

26,520 Viewers

25 Comments to “ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට ඒකාබද්ධයේ කල්ලියක් විරුද්දයි..”

  1. මාභරණ says:

    වරෙල්ලා… වරෙල්ලා… අපි ඔක්කෝම එකතුවෙලා ඇමරිකාවට ගැතිකම් කරන ඇමරිකානු පුරවැසි CIA ඒජන්ත ගෝතාබයියා ව අනාගත රජ්ජුරුවෝ කරමු……

    • vishnu says:

      උඹ වරෙල්ල වරෙල්ල කියන්න ඕනෙ නෑ බොල
      අපි ඒක කර ගන්නම්

    • Rarhna says:

      Api ayeth pathola sirisenayawa genemu patholaya niyama pimpiya

    • ආප්පකෑ සිරළ සරා says:

      උබගේ Ballot Paper එක රෝල් කරල ඒක උඩ ඉඳ ගනින් ලොල්ලා

    • පොරියා says:

      බැසිල් යනු සන්විදාමය කිරමේ දක්ශයෙකි.. ඔහු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙකි..

    • Asoka says:

      Yes. we will do it.

    • Bobby Pereira says:

      Ado Goobharana. Ranil, Sirisena, You and your mother must be giving your backsides to America. Not Mr. Gotabhaya.

    • Asitha says:

      See where your brain is. I hope you cant figure it out as you are sitting on it..

    • FREE says:

      මාභරණ,උඹ දඟලන කොට දෙපරන්ද අස්සෙ තිබෙන ආභරණ සද්දෙ ඇහෙනව​,ඔළුව පාත් කරල අං දෙකෙන් ඒව තද කරගනිං,,,

    • Dp says:

      Gotabhayage nama ahenakotath toilet yanna wage hithenawa neda..?
      OKTA kiyanne..GOTA-BAYA kiyala..

    • Goiya says:

      Ube psse hill dekak thiyanawada balapan paeaya

    • sam says:

      Yako dan wenne ehema nemei da? gona

  2. Sumith Silva says:

    Menna pissek. Gota bheethikawa mutath hadila denma. Etakota Ranil Rusiawatada?

  3. sara says:

    ගෝඨාභය ජනාධිපති වෙනවට වැඩියෙන්ම අකමැති මහින්ද. එකනේ එයත් කිව්වේ විධායකය අහෝසි කරනවට කැමතී කියල. තමාට හෝ නාමල්ට බලය එන විදියක් තමා මහින්ද හිතන්නේ.

  4. චම්පා says:

    වෙන කව්රුත් නොවෙයි උදැල්ල දාන්නේ මහින්ද මහත්තයා

  5. Dr Lakshman Fernando says:

    NO ANY OBJECTIONS ON GOTA. MY3, RANIL & ANURA ARE ON FEAR. GOTA IS THE REAL PERSON TO CONTEST ON PRESIDENCY ELECTION..

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මාභරණ,සරා, චම්පා කියන නම් වලින් ඉන්නේ රටේ අවාසනාවට පහල වෙච්ච කාලකණ්ණින්ගෙන් පැවත එන කාලකණ්ණි හාල් කෑලි කිහිපයක්….පහුගිය අවුරැදු තුනට මුන් තුන් දෙනා කඩේ ගිහිල්ලා පත් කරපු එවුන් රට සුර පුරයක් කලාද….රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ…රට දැය සමය ගැන හැගීමක් නැති ආගම දහමක් ගැන පැහැදීමක් නැති හරිහමන් ප්රතිපත්තියක් නැති උඹලා තුන් දෙනාටම මේ කියන්නෙ…ඕක උඹලාගෙ ජාතකේ වැරැද්ද …හරිහමන් දෙමාපියන්ට දාව ඉපදුන් නැති එකේ වැරැද්ද…

    • dine says:

      ayi un 3 thena witharsk

      lankawe inna majority kadr yannwa hama political party ekskatama
      rata vinasawenawa.godaganna ba than

  7. LION voice says:

    Champa WELL SAID…….agree with your above comment 100%…MR’s dirty behavior has shocked the Sinhala nation & the Maha Sangha…….SAD & very BAD & dangerous situ.

  8. karu says:

    අජිත් ප්‍රසන්න මහතාණෙනි, ඔබ කණ්ඩායමේ අය මතයක් නැතිව බෙදුම්වාදයට පාර කපන විසඳුම් ගැන කතා කරනවිට හෙට දවසේ මේ පොලවේ යථාර්තයක් වියයුතු දේ ගැන කතා කිරීම ගැන ප්‍රණාමය. ඔබ සමග දේශප්‍රේමී ජනතාව දහස් ගණනක් එකඟයි.
    ආදරණිය දේශප්‍රේමී ජනතාවනි, ගෝටභය මැතිදුන් හට රිදී බන්දේසියක තබා ජනපති අපේක්ෂකත්වය පිලිගන්න්වනු ඇති කිසිවිටෙක නොසිතන්න. මක්නිසාද යත් ඔහුගේ ආගමනය අභියෝග කරන්නනේ මේ රටට පිලිලියක් වී ඇති දේශපාලන සන්දර්භයටයි. එනිසා ඔහුගේ ආගමනයට අකමැති පිරිස් ආණ්ඩු පක්ෂයේ මෙන්ම එකාබද්ධයේද ඇත. එනිසා ගෝටාභය මැතිඳුන් ව දේශපාලකයන් විසින් ගෙන එනතුරු බල සිටියහොත් එය එසේ නොවීමට ඉඩ ඇත. පාට පක්ෂ ගැන නොසිතන රටක් ගැන සිතනා මිනිසුන් පෙරට ආ යුතු වේලාවකි. ඔබට වගකීමක් ඇත. සම්ප්‍රදායික දේශපාලකයින්ට ජනපතිවරණ චන්දය දිනිමට නම් ඔහු හැර වෙන කෙනෙක් නොමැති තැනට බලයක් සැදීම ඔබ අපගේ වගකිමයි. ජය වේවා!

  9. NAK says:

    The claim in the headline could be true as there were rouge elements in the previous government and they are now in the JO and they know that if GR comes to power they won’t be able to carry on as business as usual but MR is definitely not one of them.
    It doesn’t matter what they like or dislike they have no choice but go with the wind.

  10. justin says:

    Vimal, oba mahinada gana balagatha uthuiii…make gunduwak…..ranil, lapakumra, ngo, para suuda ma serama GOTA ana aka nwathwanna hadanne….a nisa obathidin vrudda viya uthiii… ape rata hadanna inne gota withraiii… a balaporthuwath apen adura ganna denna apa..vimal..pl do somethin

    • Analyst says:

      Whether it would be GOTA or Any other suitable CANDIDATE ,the we in the patriotic camp would decide. The people in the antinational camp need not bother about it.The enemies of the Nation seem to be engaged in an unsuccessful attempt to rift the patriotic camp .The patriotic Camp unanimously agree to abolish EXECUTIVE PRESIDENCY ,only if and if both the the Executive Presidency and 13th AMENDMENT are abolished SIMULTANEOUSLY.

  11. Rohitha says:

    “…. විධායක ජනාධිපති ධුරය මේ රටේ තිබිය යුතුයි. ඒක අහෝසි කරනවා කියන්නේ ඊළමට පහර ගැසීමක්.” Shouldn’t the last three words be changed to “eeiamata paara kaepeemak”?. Of course, this seems to be an inadevertent error; but it contradicts the central idea of the piece.

Main News