ඞීසල් වෙනුවට බස්රථවලට භූමිතෙල් ගහන්න අවසර ඉල්ලයි..

March 2, 2018 at 5:30 pm | lanka C news
ඞීසල් වෙනුවට බස්රථවලට භූමිතෙල් ගහන්න අවසර ඉල්ලයි..

මගී ප‍්‍රවාහනයේ යෙදෙන පුද්ගලික බස් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීමට අවසර දෙන්නැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් සදහන් කරන්නේ මේ වන විටත් මෙරට බොහෝ බස්රථ ධාවනය සදහා භූමිතෙල් යොදා ගන්නා බවත් එම බස් හිමියන් කර්මාන්තයෙන් ලාභ ලබන බවත්ය.

භූමිතෙල් යෙදීමෙන් බස් රථයේ එන්ජිමට හානියක් නොවුවත් කොටස් කිහිපයකට භූමිතෙල් බලපෑම් ඇති කලත් ලබන ලාභයෙන් එම නඩත්තු වියදම පියවාගත හැකි යයිද ඔහු කියයි.
තම ඉල්ලීම ඉඩ දුනහොත් බස් ගාස්තු ඉහල දැමීමක්ද අනවශ්‍ය යයිද ලේකම්වරයා වැඩි දුරටත් කියයි.

16,936 Viewers

7 Comments to “ඞීසල් වෙනුවට බස්රථවලට භූමිතෙල් ගහන්න අවසර ඉල්ලයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    බත් වෙනුවට තණකොල කන්න අවසර දෙන්න බැරිද?

    • සුබාෂ් says:

      නියමයි මිටවඩා හොඳ නැද්ද අර කෞතුකාගාර වල තියෙන ගල් අගුරු වාහන ගෙනල්ල ඒවා දිව්වොත් එක ඊටත් වඩා ලාබයි .මේක ඔලමොට්ටල හරක්ට ගිය රටක් .මිනිස්සු ක්‍රිකට් ගහලා ගෑනු ටෙලි නාට්‍ය බලලා හදන ළමයි අන්තිම මැටි මොල්ලු වෙලා .උන්ටම හරියන ජනාදියගේ ඉඳල නායකයෝ ටිකකුත් බිහිවෙලා අර ගොන්ජා ,ඩිජිටල් ,මොංගල් ,තඹ හොරා වගේ

  2. Mahesh says:

    වතුර දාලා දුවන්න බැරි වෙයිද ?

  3. අසාද්‍ය සාලිය says:

    යකෝ ඔල මොට්ට අංජන….
    අංජනන් බලපිය එතකොට
    භූමිතෙල් නිසා වෙන පරිසර දූෂනය ගැන…
    මෙහෙමත් මැට්ටෙක්….!

  4. Susantha says:

    එතකොට පරිසර දූශනය වෙන්නේනැද්ද??

  5. Kaluthara says:

    එතකොට ඒකෙන් පරිසරයට වෙන හනියට වන්දි ගෙවන්නෙ කව්ද?… මුන් ඔක්කොම තමන්ගෙ ලාභය ගැන විතරයි හිතන්නෙ. කර්මාන්තය පාඩුයිනම් කරන්න තියෙන්නෙ වෙන බිස්නස් එකක් කරන එක.

  6. සයිමන් says:

    කරත්ත සර්විස් එකක් දැම්මනම් සතාට කන්න දෙන්න විතරයි ඕනේ …පරිසර දූෂණේ කුත් නැහැ ..

Main News