චන්ද්‍රිකාගේ කුරුමාණම හරි ගිහින්ද.. ලසන්න අලගියවන්න එජාපයටද…

November 7, 2018 at 9:20 am | lanka C news
චන්ද්‍රිකාගේ කුරුමාණම හරි ගිහින්ද.. ලසන්න අලගියවන්න එජාපයටද…

ලසන්ත අලගියවන්න මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වන්නේ යයි පලවන මාද්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අලගියවන්න මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මාගේ පවුලේ අතිශයින් වැදගත් කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවී සිටින මෙවන් අවස්ථාවකදී මා සම්බන්ධව, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා වෙබ් අඩවි මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙලා දකිමි.

මාගේ දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප කර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමග රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටිමි.

විශේෂයෙන් වර්තමානයේ රාජ්‍ය නායකයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුලිකත්වයෙන් රටේ ඉදිරි සුබ සිද්ධිය උදෙසා අවංකව උපරිම කැපවීමකින් මා ආදරණීය ගම්පහ සියනෑ කෝරලයේ ජනතාව සමඟ කටයුතු කරමි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මාගේ සහෝදර මන්ත්‍රී වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ගෙන යන මෙවැනි වැරදි සහගත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.

අතිගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා එක්ව ගෙන යන වැඩ පිළිවලට සියලු වාද බේද අත හැර අත්වැල් බැදගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු දෙනාටම ආරාධනා කරමි.

– ලසන්ත අලගියවන්න

69,906 Viewers

6 Comments to “චන්ද්‍රිකාගේ කුරුමාණම හරි ගිහින්ද.. ලසන්න අලගියවන්න එජාපයටද…”

  1. Kamal says:

    පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් තියන්න යන බව දැනගත්ත ගමන් සියලු කතිකයෝ ගොලුවී ඇත….

    • Amda says:

      සමනල රෑන මේක මයින්ඩ් ගේම් එකක කරගෙන. කට කතාත් පතුරවනවා. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනෙ.

      කොහොම උනත් මේ වෙලාවෙ සල්ලි වලට එහාට යන උන් සදහටම දේශපාලනයෙන් අතුගාල දාන්න ඕනෙ. නැත්නම් මේ සෙල්ලමේ කෙලවරක් නෑ.

  2. lasantha is one of my brilliant and obedient students. He never changes his policies for any bribe. Even in his young days, he fought for other students rights, forgetting his own comforts I am proud of you son god bless

  3. david milibanda says:

    Manushaya S’pore duwala salli malla baara ganna.

  4. Donad Isuru Wilegoda says:

    Chandrika is no match for Basil.

  5. Steven Smith says:

    MACO must be Dismissed before going for any election or else he will change numbers like he did in January 2015 in support of Chandrika, RAnil, Mangala, Ponseka, Rajitha, Champika to topple MR.

Leave a Comment

Main News