චන්ද්‍රිකා මෛත්‍රීගෙන් කැපෙයි..? ඇය හමුවීමත් ජනපති ප්‍රතික්ෂේප කරලා..?

July 25, 2018 at 10:22 pm | lanka C news
චන්ද්‍රිකා මෛත්‍රීගෙන් කැපෙයි..? ඇය හමුවීමත් ජනපති ප්‍රතික්ෂේප කරලා..?

-මෙම පුවත උපුටා ගන්නා ලද්දේ lankanewsweek වෙබ් අඩවියෙනි-

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර පැවති සුහදතාවය මේ වන විට විශාල ලෙස පළුදු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරිය කෙරෙහි දැක්වූ සුහදතාවය,විශ්වාසය සහ සැලකිල්ල මෙසේ වියැකී ගොස් තිබෙන්නේ ඇයගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඊට හේතු වී තිබෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතැම් විට ජනාධිපතිවරයා පවා අභිභවා ක්‍රියා කිරීමට දරන උත්සාහය,රජයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු සඳහා කරන අනවශ්‍ය මැදිහත්වීම් යැයි ජනාධිපතිවරයාට සමීප රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකෂයෙක් සමග පැවසීය.

තමා හමුවීමට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරියට වේලාවක් පවා නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගත වී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
කිසිදු දැනුම්දීමකින් සහ වේලාවක් යොදා ගැනීමෙන් තොරව, සිය අභිමතය පරිදි ඇය වරක් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට දැනුම් දී ඇති අතර ඒ වන විට රාජකාරි බහුලව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ තමාට ඇය හමුවීමට නොහැකි බව දැනුම් දෙමින් හරවා යැවූ බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ පිළිබඳව රජයේ ප්‍රබල ඇමතිවරයකු සමග චෝදනාත්මකව කතා කර ජනාධිපතිවරයා හමුවීමට වහාම තමාට වේලාවක් ගෙන දෙන ලෙස බල කර ඇති බවය.

– lankanewsweek

24,087 Viewers

13 Comments to “චන්ද්‍රිකා මෛත්‍රීගෙන් කැපෙයි..? ඇය හමුවීමත් ජනපති ප්‍රතික්ෂේප කරලා..?”

  1. Amda says:

    Everyone has their limits

    • A citizen says:

      People never believe in their fightings among Maithree , Ranil and Chandrika , as they are in the same boat and try to pretend to the people that they have disagreements among them to deceive people.They all jointly support the moves ,which are disastrous to the national defense and sovereignity of the country, but are brought to appease the foreign powers with vested interests , NGOs and divisionists.

      • Pachaya says:

        Totally agreed

      • Neutral Man says:

        I am with you Citizen. My3 we all knew used to wet his sarong even at the mention of Chandrikas name . I do not think My3 has that kind of a Kasheruka to turn his back on his mentor. My3 has always been her poodle. As the old saying goes ” Old habits die hard”

  2. චුලා says:

    මොන බොරුද මොරගහකන්දට චන්ද්‍රිකාව එක්ක ගියේ මෛත්‍රීපාලනේ. දෙන්න හොඳට කඩේ දාගෙන හිටියේ.

  3. Saradiel says:

    චන්ද්‍රිකා ලිබරල් සංස්කෘතික ජීවිතයකට පුද්ගලිකව ඇළුම් කළාය. පීඩිත ජන මනසට අනුව ඇය ‘විස්කි මැඩම්’ විය. එළි වන ජාමය තෙක් යහළු යෙහෙළියන් සමග හොඳ හොඳ සෙල්ලම් නැටුවාය. උදෑසන නැගිටින්නට කම්මැලි වූවාය. කාලය හා වේලාව යන මායාව ඇය බිඳ දැමුවාය. සමීපතම යහළුවන් ජොලි බට්ටන් බවට පත් කළාය. අයිවන්ලාව රිද වූවාය. තමන්ට රිදවන අයට වෛර කළාය…

  4. Sadda says:

    මුන් ඔක්කොම සමස්ථ ජනතාවගෙන් කැපෙන දවස වැඩි ඈතක නොවේ.

  5. Vanni Bandara says:

    Loke Cahndrikata karanta puluwan dewal monawada kiyala hithagantawath Janadipathi Sirisenata beruwa ethi. Tikiri moleta therenne bohoma tikai.

  6. Wasantha Raja says:

    Palayan nokiya aappa bedanawa wage.

  7. කරුණාකර මේ කාලකන්නි මුහුණ ඔබගේ වෙබ් පිටුවෙන් ඉක්මනින් ඉවත් කරන්න. මෙය දකින සැම අවස්ථාවකම මිනිසුන්ගේ රුධිර පීඩනය වැඩිවෙනවා. ඒ නිසා මේ මුහුණ ඉවත් කරන්න

  8. vishnu says:

    මේ පරයන්ගේ මූණු දැක්කම මුළු
    දවසම මස්තබාල්දුයි

  9. ratawesiya says:

    munta GARU kiyanne EPA?? innakal padi gatta horakam kala.comis gatta/ rata sawari giya, jeewithayata awshya siyaluma dewal janatha mudalin gatta permit wikka
    paraajaya unama siyallama hamarawiya yutuyi PENSION DENNA EPA ESE KALA HEKI RAJAYAK BIHI KARAMU

  10. Buddhist says:

    Kelehi guna danne nathi Janadhipathi thumek inne. Rajpakse la rakamin inna Janadhipathi kanek. Amathaka wela kawda eyawa Janadhipathi putuwe indaganna kare kyala . Ane mewage kala kannni deshapalakgnayo!

Main News