චමල් උමා ඔය ගැන කට්ටියටම බඩ පිරෙන්න දෙයි… රාජපක්ෂවරු ගැරඩියෝ වගේ නෙවි වගත් රටටම හඩගා කියයි..

July 11, 2017 at 2:10 pm | lanka C news
චමල් උමා ඔය ගැන කට්ටියටම බඩ පිරෙන්න දෙයි… රාජපක්ෂවරු ගැරඩියෝ වගේ නෙවි වගත් රටටම හඩගා කියයි..

උමා ඔය යොජානා ක්‍රමය 2001 වසරේ දී විදුලිබල උත්පාදක යෝජනාවක් ලෙස ආරම්භ කිරීමට එවකට විදුලිබල අමාත්‍ය වර්තමාන කථානායකවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කල අතර එයට රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය අනුමැතිය ලබා දුන්නා. එහෙත් මුදල් නැති නිසා ආරම්භ කලේ නැහ. 2005 වර්ෂයේ දි පරිවාස රජයේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජවිපෙ අනුර කුමාර දිසානායක ප්‍රථම වරට උමාඔය බහු කාර්යය යොජානා ක්‍රමයක් ලෙස මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් සඳහා ජලය ගෙන යාමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2004/09/02 දින ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගතහ. ඒ සඳහා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල හරහා චීන රජයේ ණයක් ලබා ගෙන මෙම ව්‍යපතිය කිරිමට සුදානම් වුවත් එය ඉටුකිරීමට නොහැකි විය.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ දි ජනාධිපතිවරයා කිරීමට ජනතාවට ඉදිරිපත් කල මහින්ද චින්තන වැඩපිලිවෙල එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ පිලියෙල කල අතර එහි පැහැදිලිව උමාඔය, මොරගහකන්ද , දැදුරුඔය ඇතුළු වාරිමාර්ග ව්‍යාපති 4 ක් මෙන්ම කුඩා ව්‍යපති ගනනාවක්ම ඇතුලත් කොට ජනතාවගේ අනුමැතිය ලබාගත් බවයි.

ඒ අනුව උමාඔය බහු කාර්යය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම පරිසර අධ්‍යයන වාර්තා මෙන්ම සක්‍යතා වාර්තා ලබා ගැනීමෙන් පසු ඉරාන රජයේ මූල්‍ය ආධාර මත ශ්‍රීලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් එදා ඛනිජ තෙල් අමාත්‍ය ඒ එච් එම් පවුසි මහතා හා ඉරාන රජය අතර ගිවිසුම අත්සන් කර ආරම්භ කල බව ඊයේ දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 වැඩසටහනට සහභාගි වෙමින් හිටපු කථානායක මෙන්ම උමාඔය ආරම්භ කරන සමයෙහි සිටි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අගමැති ධූරය ලබාදීමට කටයුතු කල බවට කිසිවෙකු තමා සමඟ සාකච්ඡා නොකළ බවද සඳහන් කල හෙතෙම අනාගතයේදි සිදු වු වැරදි නිවැරැදි කරමින් ප්‍රගතිශීලි ආණ්ඩුවක් සැදීමට අවශ්‍ය කටයුතු කරන බවත් සඳහන් කලේය.

රාජපක්ෂවරුන් 1936 සිට රාජ්‍ය මණ්ත්‍රන සභාවන් ආරම්භ කල ගමන අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එදා රාජපක්ෂවරුන්ට සංවිධානාත්මකව හොරු කියා චෝදනා කිරීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටුකල මහින්ද රාජපක්ෂ රජය පරාජය වූ බවත් එදා මෙරටේ තිබු 30 අවුරුදු දැවැන්ත යුද්ධය නිමා කොට රටට සාමය ගෙන ඒමෙන් අද රටේ සියලුම ජනතාව එම නිදහස භුක්ති විදින බවත් හිටපු කථානායක වත්මන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසිය.

Link

54,345 Viewers

13 Comments to “චමල් උමා ඔය ගැන කට්ටියටම බඩ පිරෙන්න දෙයි… රාජපක්ෂවරු ගැරඩියෝ වගේ නෙවි වගත් රටටම හඩගා කියයි..”

  1. Silva says:

    California devoloped rapidly due to a project similar to Uma Oya

  2. jaathiwaadiya says:

    2005 වර්ෂයේ දි පරිවාස රජයේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජවිපෙ අනුර කුමාර දිසානායක ප්‍රථම වරට උමාඔය බහු කාර්යය යොජානා ක්‍රමයක් ලෙස මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් සඳහා ජලය ගෙන යාමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2004/09/02 දින ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගතහ. ඒ සඳහා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල හරහා චීන රජයේ ණයක් ලබා ගෙන මෙම ව්‍යපතිය කිරිමට සුදානම් වුවත් එය ඉටුකිරීමට නොහැකි විය.

    ලපය චීනයෙන් ඉල්ලපු නයවත් දුන්නේ නෑ. ජෙප්පා කපෝති.

  3. yyy says:

    This is great. He is a gentleman. We respect former speaker Chamal. Must give a chance to telecast it again to educate all citizens.

  4. රටට හිතවත් says:

    දුර්දාන්ත යහපාලන ආණ්ඩුවේ දුර්වල පාලකයින් විසින්, ඔවුන්ගේ නොහැකියාවත් වාචාලකමත් නිසා නිර්මාණය කරගත් බොහෝ ගැටළු වලට කල් යල් බලා කාලානුරූපීව සහ ඉතා ඉවසිලිවන්තව ලබාදීපු අර්ථවත් පිළිතුරක්! මෙවන් උතුම් මිනිසුන්ගේ හැකියාවන් සහ දැනුම් සම්භාරය මගින් රටට තවදුරටත් සේවයක් ලබාගතහැකි ප්‍රාණවත් ආණ්ඩුවක් යලිත්????????

  5. ආනන්ද says:

    අවමන්ගල ලා, පරාජිත ලා වැනි මැත දොඩන අම්බරුවන් මෙන් නොව, මෙතුමා ඇතී තතු යාථාර්තයෙන් දැන කවදත් ක්‍රියාකළ – අදත් කරන ජනතා නියෝජිතයෙකි……!!!

  6. Nimal Perera says:

    Still talking about war victory 8 years ago forgetting all the misdeeds of Rajapakses happened afterwards.

    Whoever initiated Uma Oya project is immaterial. It is a good project, no doubt. What matters is the poor planning and execution!!

    • සිංහල බන්ඩා says:

      එසේ මෙසේ යුද්ධයක් නෙවෙය් යකෝ ඉවර කලේ අවුරැදු 30 ක් ජනාධිපතිවරැ හතර දෙනෙකුට ඉවර කොරගන්න බැරිවෙච්ච මරාගෙන මැරෙන කාලකන්නි යුද්ධයක් තමය් මහින්ද රාජපක්ෂ මහත්තය අවුරැදු තුනෙන් ඉවර කොලේ ගොනෝ.

    • DB says:

      Watch the full video before speaking in the last part he explained the reasons for loosing 2015 election and analyze many things nicely.

    • DB says:

      And there wasn’t any poor planning or execution part on uma oya project . why don’t you just go and watch the full video ?he explains many things nicely.he also mentioned about mistakes did by previous government which cause the collapse of the previous government.

  7. සිංහලයා says:

    අවුරැදු 8 ක් නෙවෙය් මෝඩයො අවුරැදු 80ක් සමරන්න ඔින දිනුමක්. රාජපක්ෂලා යුද්දෙ ඉවර නොකල නම් සමහරවිට ඔය බය්ල ලියන උඹත් මරාගෙන මැරෙන බෝම්බෙකට අහුවෙලා වල පල්ලට යන්න හොඳටම ඉඩ තිබුනා.

  8. orwin says:

    mu thamai loku hora. mugen thamai mallila horu une

    • kate says:

      Nodakin tho. Traitors of this country. Unp buffelows. Still criticise the leaders who developed this country.

Main News