චම්පිකගේ උවමනාවට එජාප නම වෙනස් කර සන්ධාන බෑ.. චම්පිකට උවමනා නම් එජාප සාමාජික්තවය ගනු..- එජාපය චම්පිකට දන්වයි..

January 6, 2019 at 3:00 pm | lanka C news
චම්පිකගේ උවමනාවට එජාප නම වෙනස් කර සන්ධාන බෑ.. චම්පිකට උවමනා නම් එජාප සාමාජික්තවය ගනු..- එජාපය චම්පිකට දන්වයි..

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වුවමනාව වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ නම වෙනස් කොට නව සන්ධානයක් ගොඩනැඟීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 17 දෙනකු දැනටමත් දැඩි විරෝධය පළකර සිටින බව එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ නව සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඉදිරිපත් වී තිබෙන යෝජනාවට එරෙහිව වෙනම යෝජනාවක් මේ මස 07 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බවද හේෂා විතානගේ මන්ත්‍රිවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණ ශක්තිමත් පෙරමුණක් නිසා ඒ නම වෙනස් කොට නව සන්ධාන බිහිකිරීම අනවශ්‍ය බවත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන එක්සත් ජාතික පෙරමුණට එක්විය හැකි බවත් හේෂා විතානගේ මහතා පෙන්වා දෙයි.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ නම වෙනස්කොට නව සන්ධානයක් ගොඩනැඟීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම බලවත් අකැමැත්ත ප්‍රකාශ කරන බවත් පක්ෂයේ වගකීම් භාර ගැනීමට සූදානම් තරුණ පිරිස් වෙත එම වගකීම් කඩිනමින් භාරදිය යුතු බවත් විතානගේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

– mawbima

24,922 Viewers

4 Comments to “චම්පිකගේ උවමනාවට එජාප නම වෙනස් කර සන්ධාන බෑ.. චම්පිකට උවමනා නම් එජාප සාමාජික්තවය ගනු..- එජාපය චම්පිකට දන්වයි..”

  1. chandapala says:

    චම්පික යනු බොඩ්ලැලි පක්ෂයක නනත්තාර වෙච්ච මිනිහෙක්. යුඑන්පි කියන්ඩත් ලැජ්ජයි. ඒ හීන්ද යුඑන්පියේ නම ටිකක් වෙනස් කර බලය අල්ලන්නයි හදන්නේ . සජිත් මහතාණෙනි මේවට නොරැවටෙන්න

  2. Ray says:

    චම්පිකරණවක කොහොම හරි ලගදිම සජිත්ට ගේම. දෙනව
    සජිත්ප්‍රේමදාස ට අබ.සරණයි

  3. siri says:

    be care full, he just want to put his head only, he know how to do rest, crewel thief.

  4. කව්ද හොරා says:

    අලුත් නමක් ද? ” එක්සත් සමනල පෙරමුණ ” කියල දාගන්න, බඩුම තමා.

Main News