චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]

April 18, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]

මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදුව ඇතැයිද කී ඔහු අදද මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකි බවද කියා සිටී.

නාගරික සංවර්ධන අධිකාරිය බාර ඇමතිවරයා වන්නේ චම්පික රණවක වන අතර කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් මහ ඇමතිවරයා මීට පෙරද ඔහුට සෘජුව චෝදනා එල්ල කලේය.

31,264 Viewers

10 Comments to “චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]”

  1. Gayan says:

    This National Government not for the national but. For the International.

  2. මුන්ට ලුස් කණ්ඩායම තලු මර මර අමු කාලා. දැන් දෙකට කැඩිච්ච පනුවෝ වගේ දඟලනවා.

  3. හිටපු හෙළඋරුම සපෝටර් says:

    මේ කතාව සම්පූරණ ඇත්ත .
    මේ මහා ඇමති ශ්‍රීලනිප මහා ලේකම් වගේම මහින්දට බය එනිසාම මහින්දට නිතරම මඩ ගහන්න උත්සාහ කරන ලාමක චරිතයක් තමයි නමුත් මේ කියන කතාව නම් ඇත්ත .
    මහා ඇමති කුණු දහනය කරන්න යන්ත්‍රයක් සවිකරන්න ඉඩමක් ඉල්ලුව බවත් එය චම්පික රණවක විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් එසේම කිසිම අද්යනයක් ඒ ගැන සිදු නොකොට එම වියාප්රිතිය බොරු වියාපෘතියක් වබත් පච රණවක කි බව පසුගිය වසරේ පුවත් පත් වල තිබුනා .අපි මිනිහා දන්නා නිසා දැනගත්තා මේකා මේ වියාපෘතිය කඩාකප්පල් කරන්න කියන කතා බව .පච රණවක යම් මට්ටමක උගතෙක් නිසා ඔහු බොරු කියන්නෙත් ඒ බොරු විද්යානුකුල ලෙස හැඟෙන ලෙසයි එවිට ඒ බොරු අහන නුගත් මිනිසුන් මොහුගේ කතා විශ්වාස කරනව .මොහු දේශප්‍රේමී මිනිස්සු හිටපු පක්ෂය දේශද්‍රෝහී unp එකට පාවදුන්නෙත් ඔන්න ඔය විදියටම තමයි .එනිසා මේ මිනිහාගෙන් හැමෝම පරිස්සම් වියයුතුයි .නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියා හඬනැගීමෙන් පලක් නැත.
    අපි මේ පුද්ගලයා මේ තත්වයට ඔසවා තැබීමට වගකිවයුත්තන් වෙමු .නමුත් මොහුගේ විද්යානුකුල රට පාවාදීමේ කතා වලට අපි හසුවූයේ නැත

  4. RW says:

    This person has no sense about waste management or anything. Got a pina chance to become the Chief Minister. What a Karume Srilankans have done to have Ministers like this.

    • kaniya says:

      මෙහෙමයි මේ මනුස්ස්සයා ඉල්ලුවේ පර්චස් අටක ඉඩමක් ඒ ඉඩමේ කුණු දහනය කරන පොඩි යන්ත්‍රයක් සවි කරන්න පුළුවන් .කුණු වෙන් වෙන්ව එකතු කරන නිසා ඒ ඒ කුණු වර්ග ප්‍රතිචක්‍රීකරණය කරන්න ඒ ඒ ස්ථාන වලට යවුවාම පුච්චන්න ඉතුරු වෙන්නේ පොඩ්ඩයි .මහා නගරවල හෙවත් මෙගා පොලිස් වල කුණු කළමනා කරණය කරන්නේත් මේ ආකාරයෙන් .හැබැයි මහා නගරයේ කුඩා කෝරල /කොට්ටාස වල කුණු වෙන වෙනම එකතු කරන ඒ එකතුකරන මද්යස්තාන වලදී ම ඒවා ඒ ඒ ප්‍රතිචක්‍රීකරණ මද්යස්තාන වලට යවනව ඒවගේම ඉතුරු වන කුණු ඒ ප්‍රාදේශීය මද්යස්තාන වල පුච්චනවා .සමහරවිට මේ මනුස්සයා කරන්න යන්න ඇත්තේ එවැනි කුණු පුච්චන එක තැනක් හැබැයි ඉතින් මුළු කොලම්බම කුනු ඒවගේ පොඩි තැනකින් හසුරුවන්න බෑ තමයි නමුත් එකක් හරි කලානම් කොළඹ නගරයේ පිටත තැන් කිහිපයක මේවගේ ස්ථාන පිහිටුවලා ඔය එකතුවෙන කුණු ගොඩගහගන්නේ නැතිව කරන්න තිබුනා .
      සරල ජනාදිපතිටත් තිබුනා තමුන්ගේ පරිහරණය වෙනුවෙන් මිලියන් 600 ගන්න යන රථය නොගෙන එයා ඉන්දියානු ඇඳුමත් අඳින නිසා අමබසඩර් කාර් එකෙක් ඉන්දියාවෙන් ගෙන්නාගෙන ඒ මුදල මේ කුණු ප්‍රශනය විසදගන්න අරමුදලට ලබා දෙන්න

  5. BARCARDI says:

    Actually this Pachaman is neither a Professional Engineer nor an Academic nor a Politician of good caliber.
    This man has an Engineering Degree. There is no ( or very few )engineering degree holders in the parliament.
    Engineers should use engineering knowledge to design works. This man use it to disguise others.

  6. Chanakya says:

    මේකට වගකීම ගන්න ඕන පළාත් පාලන චන්ද නොතිය ඉන්න අයනේ . පළාත් පාලන ආයතන වල ඉන්න ජනතා නියෝජිතයෝ මේ වගේ ප්‍රශ්න කලින්ම නිලදාරින්ට පෙන්නලා දෙනවනේ. නිලදාරීන් හුරුවෙලා තියෙන්නේ ජනතා නියෝජිතයන් කියනදේ කරන්න. නිලදාරීන් මේ කුණු කන්ද ගැන දැන ගන්න ඇත්තෙත් 14 න් පස්සේ . දැන් ජනතාවත් නිලදාරිනුත් අතර හිඩැසක් තියනවා . ගමේ ප්‍රශ්න දන්නා නියෝජිතවරු නෑ . මිනිස්සුන්ට උද්ගෝෂණය කරනවා හැර විකල්පයකුත් නෑ . ඉක්මනින් පළාත් පාලන චන්ද නොතිබ්බොත් තව මේ වගේ දේවල් රටට සිද්ද වේවි .

  7. Gajaba says:

    Now arguing or blaming do not make sense. We can argue whole our life time. I do not know this person or his politics. I watched many news items after this disaster. Still , Government or Municipal council do not have solution for this problem. This guy says that He could solve the problem. Balangoda Municipal council follow very simple band low cost method to solve garbage problem. So Provincial council and the president to give and necessary facilities to Isura Desapriya to solve this problem because he is the only person who discuss about permanent solution for the problem after disaster

  8. gavin gunawardane says:

    උඹ යෝජනා කල දේ දන්නැති රටට
    බේගල් දෙසන්නේ උඹෙ අවලං කමට
    ඉස්කෝලෙන් හැලුනෙ තොගෙ අමු ගොං කමට
    කවුරුත් පලි නහැනෙ තොගෙ ලොකු අං දෙකට

    කුනු කන්දෙන් මූත් මිනිහෙක් වෙන්ට
    හොර කොම්පැනි හදා ටෙන්ඩර් එක ගන්ට
    අසු උන තැනේ මුගෙ මගඩිය අතට
    පල්ලං බැස්ස හැටි අමතක නහැ අපට

  9. Dushantha says:

    අර හූ ඈම් පී හිතවාදී ගඳගහන වෙබ් සයිට් එකේ දාලා තියනවා මෙයයි චම්පික රණවකයි දෙන්නම කුනු ප්‍රශ්නෙදි කොමිස් ඉල්ලපු හෑටි. ඒකට ප්‍රසිද්ධියක් දීලා මුන්ගෙ නිරුවත එලි කරන්ඩ

Leave a Comment

Main News