චම්පිකගෙන් වෙනම මැයි ජනහමුවක් හා නාට්ටාමි රක්‍ෂණයක්..

April 28, 2017 at 7:05 am | lanka C news | ලංකා සී නිවුස්
චම්පිකගෙන් වෙනම මැයි ජනහමුවක් හා නාට්ටාමි රක්‍ෂණයක්..

ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ දි 27 දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි.

ජාතික හෙළ උරුමයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, මධ්‍යම කාරක සභික පස්සරමුල්ලේ දයාවංස හිමි, ජාතික හෙළ උරුමයේ මහලේකම් හා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණව, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල ඇතුළු ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙක් මේ මාධ්‍ය හමුව සඳහා  සහභාගි විය.

එහි දි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ අව්වට වැස්සට තෙමෙනා සැබෑ කම්කරුවන් සැමරීම සිදු කළ යුතු බවයි. අද කම්කරු රැස්වීම් යනුවෙන් පැවැත්වෙන මැයි රැළි බොහෝමයක් දේශපාලන පක්ෂවල සිටින මිනිසුන්ගේ එකතුවක් මිස සැබැ කම්කරුවන්ගේ එකතුවක් ලෙස නොවේ.

ඒ නිසා එය ජනතාවාදී සැබෑ කම්කරුවන්ගේ මැයි දිනයක් වෙන්නේ නෑ. එම නිසා අපි මෙවර සැබෑ වැඩකරන කම්කරු ජනතාව වෙනුවෙන් විශිෂ්ට මැයි රැළියක් පවත්වනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ කම්කරු ව්‍යාපාරය ඒ අරගල ගැන කතා කරන කොට අතිශය වැදගත් චරිත තුනක් සිටිනවා. දැන් සමහරු ඒ අය ගැන කතාවක්වත් නෑ.  අපි ජාතික හෙළ උරුමය හැටියට සමරන්න ඕනෑ මුලින්ම ඒ.ඊ බුල්ජන්ස්  මැතිතුමා. ඔහු මුලින්  ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඔහු තමා පළමු වෘත්තීය අරගලය ලංකාවේ සිදුකරන්නේ 1893 දී. නමුත් ඒ වැඩවර්ජනය පරාජයට පත් වෙනවා. ඉන් අනතුරුව කොළඹ නගරයේ 1883 දි ලංකාවේ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය, කැලිකසල එකතුකරන්ගේ වැඩ වර්ජනය,රික්සෝ පදවන්නන්ගේ වැඩවර්ජනය වැනි වැඩවර්ජන කිහිපයක් වුණා. ඒ හැම එකකටම නායකත්වය ලබා දුන්නේ ඒ. ඊ බුල්ජන්ස් මහතාය. එපමණක් නොවේ  නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් එතුමා අරගල කළා. එසේම බෞද්ධයන් වෙනුවෙන් ද බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කතා කලා. සැමට අධ්‍යාපනය යන තේමාව ගෙනාවේ එතුමා. එම නිසා අපි  බුල්ජන්ස් මහතා සමරන්න ඕනෑ.

අනගාරික ධර්මපල තුමා ද සමරන්න ඕනෑ. එතුමා තමයි මුල්ම දුම්රිය වැඩවර්ජනය මෙහෙය වූයේ. දුම්රිය කම්කරුවන්ගේ අයිතිය රැක දුන්නේ. මෙම වැඩ වර්ජනයට නායකත්වය ලබා දුන් නිසා අනගාරික ධර්මපාල තුමාට රටින් පිටවෙන තුරු මෙරට සිටි ඉහල මධ්‍යම පාන්තිකයන් එතුමට පහර දුන්නා. එසේම තවත් සැබෑම කම්කරු නායකයෙක් වන ඒ.ඊ ගුණසිංහ මහතා සමරන්න ඕනෑ. එතුමා ලංකා කම්කරු පක්ෂය අරම්භ කරමින් කොළඹ නගරයේ සිටින බර උසුලන්නන්ගේ අයිතිය වෙනුවෙන් අරගල කලා,  අප මෙවර එතුමාත් සමරන්න ඕනෑ. කොළඹ නගරය විධිමත් නගරයක් කරන්න වැඩ කටයුතු කල කම්කරු නායකයෙක් එතුමා.

මෙම මාධ්‍ය හමුවට සහභාගි  වු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ අද මැයි දිනය දේශපාලන දිනයක් කරගෙන සැබෑ කම්කරුවාට අද කම්කරු දිනය අහිමි වෙලා. අපි හදන්නේ සැබෑ කම්කරුවාට ඒ තත්ත්වය නැවැත අරගෙන දෙන්න. ඒවගේම ජාතික පුනර්ජිවයට වැඩ කල නායකයන්. සැබැ කම්කරුවන් වෙනුවෙන් කතා කල අය අතර අනගාරික ධර්මපාල තුමා, ඒ. ඊ බුල්ජන්ස් මහතා, ඊ. ඒ ගුණසිංහ මහතා වැනි අය ජාතික අරගලයේ සිටි නායකයන්ය.

දැන් මේ දේශපාලන පක්ෂවලට එකතු වෙන කම්කරුවෝ කියන අය හැමදාම එකම මට්ටමේ.‍ ඒ දෙමාපියන්ගේ දරුවන් දෙමව්පියන්ගේම මුට්ට කරගහන දරුවන් නොවිය යුතුය. මත්ද්‍රව්‍යවලට යොමු වු පිරිස්ගේ දරුවන් අප බෙරාගෙන නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනැ. අද වන විට සැබෑ කම්කරුවා අමතක කරලා තියෙන හැඩක් පේන්න තියෙන්නේ.

අමාත්‍ය චම්පික රණවක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“මෙවර ජාතික හෙළ උරුමය මැයි රැළිය කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් පාගමන ආරම්භ වී පිටකොටුව ඊ.ඒ.ගුණසිංහ ප්‍රතිමාව ඉදිරිපිට පැමිණ ගුණසිංහ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වා ඉන් අනතුරුව බෝධිරාජාරාම පදික වෙළද සංකිර්ණයේ දී ජන හමුවක් පැවැත්වෙනවා. ඒ අතර කොළඹ කොටුව හා අවට දිගු කලක් සේවය කරන කම්කරුවන් 500ක් දෙනෙකුට (නාට්ටාමිලා) ජිවිත රක්ෂණයක් ලබා දිමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව කම්කරුවෙක් මියගිය හොත් ඔහුගේ පවුලකට ලක්ෂ 5ක් ද, අතක් පයක් අහිමි වු අයකුට එක්ලක්ෂ විසිපන් දහසදක් ද, රෝගි වු විට රෝහල් ගත වන දිනකට 500ක් ද මරණයක් සිදු වු අවස්ථාවේ දී අවමංගල්‍ය කටයුතු කර ගැනිමට පනස් දහසක් ද ලබාදිමේ වැඩපිළිවෙක් සහිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙමින් ජාතික හෙළ උරුමය මෙවර කම්කරු දිනය සැමරිමට කටයුතු සුදානම් කර ඇත. ”

මෙමගින් සැබෑ කම්කරුවන් හඳුනා ගැනිමක් ද සිදු කෙරේ. එසේම දැනටමත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදිවෙන සුවිසල් නගර නිර්මාණයන්ට දායකවන කම්කරුවන් සදහා විශේෂ රක්ෂාණාවරණයක් ආරම්භ කර ඇති අතර එම රක්ෂණාවරණයට අවශ්‍ය මුදල් කම්කරුවන්ගෙන් නොගෙන අදාළ ආයතන වලින්ම ලබාගෙන කටයුතු කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

බුදුගල ජිනවංස හිමි
මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

7,029 Viewers

5 Comments to “චම්පිකගෙන් වෙනම මැයි ජනහමුවක් හා නාට්ටාමි රක්‍ෂණයක්..”

  1. සුකිරි බොලේ says:

    තොට අනගාරික ධරමපාලතුමා හදිසියේ මතක් උනේ මොකද ?චන්දයක් ළඟ එනව නේද ?
    අපි ඒ හරක වික්කා තෝ වගේ පාවා දෙන ද්‍රෝහියෙක්ට අපේ චන්දය අරගෙන ප්‍රසිද්ද වෙලා අන්තිමේ අර රනිල් කියන ද්‍රෝහියගේ වලිගෙ එල්ලුණු එකෙක්ට අපි ආයේ චන්දෙ දෙන්නේ නෑ .

    මැයි රැලි තියන්න ඉස්සරවෙලා අර කුණු කන්දෙන් මැරිච්ච මිනිසුන්ගේ ඥාතින්ට පුද්ගලිකවම වන්දි ගෙවල ඉඳපන් අවලමා ඒවගේම අර සංදීප තරුණයාට වන්දි ගෙවල ඉඳපන් .වැඩකරන ජනතාව ගැන උඹට ඔය තරම් කැක්කුමක් තියෙනවනම් කුණු කන්දට උඹ නිසා යටවුනු දේපල වලට වන්දි ගෙවපන් අර පැනමා බැංකුවේ තියෙන සල්ලි ගෙනල්ලා තක්කඩියා ..

    මු එක පැත්තකින් අනගාරික ධරමපාල තුමා ගැන කතා කරනවා අනෙක් පැත්තෙන් අලියාගේ වලිගෙ එල්ලිලා ඉන්නවා මුගේ මහා චක්ගෝල තක්කඩියා රතන සහ මු තමා මේ ඔක්කොම කරලා සිංහලයා පාවල දුන්නේ .තොපිට අපි ආයේ චන්දේ දෙන්නේ නෑ

    • Rex says:

      අනගාරික ධරමපාල,ගංගොඩවිල සෝම හිමි ඇතුළු විකීණීමට පුළුවන් සියලු දේ විකීණීම පරණවතාන ලාගේ පැවැත්මවයි.

      • Alapaluwa says:

        සුකිරි බෝලේ,රෙක්ස් චුට්ටක් ඉවසපල්ලා මම හදනවා අමුතුම බෝලයක් මේ හෙළහුරුමයේ හොර තක්කඩියෝයි හොර ගණයෝයි එකේ ඇතුලට දමා යවනවා වෙනම ග්‍රාලෝකයකට මොකද මුන්ව මෙහාට හොඳ වැඩියි.

  2. Notthischange says:

    Dharmapala thumata ratin yanna set kale thopi wage sinhala kama issarahata thiyan awith passen pihiyen anapu sakkili… chandeth langaine. Dan sinhala kama mathakwela me sakkiliyata… ara kokiyage gani dan epa welada apahu baudda wenna hadanne…

  3. Karu says:

    පා.ච.රණවක හා කුණුදත් රාජිත වෙනම මැයි රැළි තියන්නේ ඇයි?මුන් දෙන්නම ආංඩුවේ ඇමතිවරුන් නෙව.
    2020 ජනාදිපති වරණෙට එන්න හිතේ නෑ කියන්න බෑ.මේ යන්නේ මේ පව්කාරයන් පුම්බා ගන්න එක.

Main News