චීනයට හම්බන්තොට වරාය දීමත් සමග ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් වෙයි…

December 30, 2016 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
චීනයට හම්බන්තොට වරාය දීමත් සමග ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් වෙයි…

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙසේ අදහස් පල කලේය.

‘Don’t catch anything what you can’t throw away. කියලා ඉංග්‍රීසි  කියමනක් තියෙනවා. අත් හැරිය නොහැකි කිසිවක් අල්ලාගන්න එපා කියන එකයි එහි තේරුම. අපේ අගමැතිතුමන් ඉංග්‍රීසි පොත් පමනක්ම කියවන කෙනෙක් උනත් අවාසනාවකට ඔහු මේ ඉංග්‍රීසි කියමන අහලා නෑ. ඒ  නිසා තමයි ඔහු අපිට අවශ්‍ය උනත් එලවාගත නොහැකි යන්න කියන්නට නොහැකි ලෝක බලවතුන්ට මේ රට කෑලි කෑලි වලට බෙදල දෙන්න උත්සහා කරන්නේ.

අද වන විට හම්බන්තොට චීනයට, ත්‍රීකුණාමලය ඉන්දියාවට, ඒ වගේම කොළඹ ඇමරිකාවට හා ඔස්ට්‍රේලියාවට ලබාදීමට පිඹුරුපත් සකසමින් ඉන්නවා.  අපිට මතකයි මීට දස වසරකට කලින් ගරු පාච රණවක මැතිතුමන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව  හැදින්වූයේ දොන් ජුවන් ධර්මපාල කියලයි.  ඒ ප්‍රකාශයේ සත්‍යය තේරෙන්නේ දැන් තමයි.  දොන් ජුවන් ධර්මපාල රජතුමා ඔප්පුවකින් කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා.  ඒ ක්‍රමයම අනුගමනය කරමින් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමන් යලි උපන් දොන් ජුවන් ධර්මපාල බවට පත්වෙමින් දිගුකාලීන බදු ඔප්පු හරහා ත්‍රීකුණාමලය ඉන්දියාවටත් හම්බන්තොට චීනයට ලබාදෙන්න යනවා.

හම්බන්තොට වරාය ගුවන්තොටුපල සහ අක්කර 15 000 ක කාර්මික කලාපයක් චීනයට ලබාදුන්නොත් එය චීනයේ කෙටසක් වීම වලක්වන්න බෑ.  අපිට මතකයි ඇමරිකාව පැනමාව ආක්‍රමණය කලේ පැනමා ඇල ඇමරිකානු ආර්ථිකයට මර්මස්ථානයක් ඒ නිසා පැනමාවේ ස්ථාවර බව ඇමරිකාවට බලපානවා කියන පදනමින්. ඒ වගේම ඇමරිකාව ග්‍රෙනඩාව ආක්‍රමණය කලේ දැවැන්ත ඇමරිකානු ආයෝජන ග්‍රෙනඩාවේ සිදුවෙනවා විශාල ඇමරිකානු පුරවැසියන් පිරිසක් එම රටේ වෙසෙනවා.  ඒ නිසා ග්‍රෙනඩාවේ ස්ථාවර බව ඇමරිකාවට සෘජු දේශපාලණික ප්‍රශ්නයක් යන පදනමින්.

ඒ නිසා 99 වසරක හෝ 198 වසරක බදු කාලය අවසනදී චීනයට යන්න කිව්වට යන්නෙත් නෑ නොගියොත් අපිට යවන්නත් බෑ.  ඒ වගේම දැඩි චීන විරෝධී ආකල්ප ජනතාව මත මෝදු වෙනවා දැක්කොත් පැනමාවට ග්‍රෙනඩාවට අත් වූ ඉරනම ලංකාවට අත්වීමේ අවධානමක් තිබෙනවා. චීන ආයෝජනවල ආරක්ෂාවට චීන හමුදාවක් උනත් ලංකාවට ගොඩ බැසීමේ අවධානමක් තියෙනවා.  ඒ තමයි මෑත කාලීන ලෝක ඉතිහාසය තුලින් අපට දැකිය හැකි පාඩම.

මෙහෙම ගියොත් ඉන්දියාව චීනය හා ඇමරිකාව කියන ලෝක බල වතුන්ගේ බල අරගලයේ කෙලිබිමක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ අවධානමක් තිබෙනවා. අනාගත ලෙබනනය බවට ලංකාව පත්වීමේ අවධානමක් තිබෙනවා.  එසේ උනොත් හැමදාම වෙඩි හඩ ඇහෙන ලේ විලක් බවට ලංකාව පත්වීම කාටවත් වලක්වන්න බෑ.

විශේෂයෙන්ම හම්බන්තොට ලේසියෙන් චීනය අත් නොහැරීමට හේතුවක්  තිබෙනවා.  චීනයත් තායිලන්තයත් මීට මාස තුනකට කලින් තායිලන්තය හරහා ට්‍රා නමින් ඇල මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කලා.  මේ ඇල මාර්ගයෙන් අන්දමන් මුහුදත් දකුණු චීන මුහුදත් යා කෙරෙනවා. ලෝක ඉතිහාසයේ මෙවැනි ඇල මාර්ග දෙකයි ඉදිකරලා තියෙන්නේ . ඒ තමයි  ඇමරිකාව හරහා ඉදි  වූ පැනමා ඇල හා ඉජිප්තුව හරහා තිබෙන සූවස් ඇල . මේ සුවස් ඇල ඉදි කිරීමෙන් පස්සේ යුරෝපීය නැව් ආසියාවට එද්දී අප්‍රිකාව වටා ගමන් කිරීමේ අවශ්‍යතාවය නැති උනා. ඒ නිසා ලෝකයේ කාර්ය බහුල නගරයක් හා වරායක් වූ සුභ පැතීමේ තුඩුව පාළු නගරයක් බවට පත් වුනා.

මේ ට්‍රා ඇල කැපීමෙන් සිංගප්පූරුව හරහා නැතිනම් මලක්කා සමුද්‍ර සන්දිය හරහා  චීනයට ජපානයට පිලිපීනයට ගමන් කරන නැව් වලය සෘජුවම චීනයට යන්න පුළුවන් වෙනවා සිංගප්පූරුවට නොගොස්.  එයින් නැව් ගමන් කල යුතු දුර කිලෝ මීටර් 1200 කින් අඩු වෙනවා. එවිට සිංගප්පුරු වරායට ලෝකයේ ඇති වටිනාකම අහිමි වෙලා හම්බන්තොට වරායට ආසියාවේ වැදගත්ම වරාය බවට පත්වෙනවා.  ඒ වරායේ අයිතිය 80% හිමි වෙන්නේ චීනයටයි. තව වසර දහයකින් මේ ඇල කපලා ඉවර උනාට පස්සේ සිංගප්පූරු වරායට සුභ පැතීමේ තුඩුවට අත් වු ඉරනම අයිති වෙනවා.  ඉතින් චීනය මේ වැදගත්  හම්බන්තොට වරාය දාලා යයිද?

අන්න ඒ නිසයි මම කිව්වේ අත් හැරිය නොහැකි කිසිවක් අල්ලාගන්න එපා කියන කියමනේ වැදගත් කම අපේ අගමැතිතුමන් දැනිලා තියෙනවනම් කීයටවත් ලෝක බලවතුන් අපේ ආර්ථික මරමස්ථානවලට දාගන්නට උත්සහා කරන්නෑ.

ඒ වගේම සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවලදී පරාජයට පත්වීම හුදෙක් අගමැතිතුමන්ට එල්ල කරන කම්මුල් පාරක් විතරක් නෙමේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයටද එරෙහි කැරැල්ලක්. පසුගිය නොවැම්බර් මාසෙ 22 අමාත්‍ය මණ්ඩලය මේ පනත ඒකමතිකව සම්මත කලා. ඉන් පසුවයි නොවැම්බර් 25 වෙනිදා මේ කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්නේ.

එහෙමනම් ශ්‍රීලනීප ඇමතිවරුනුත් අත උස්සලා අනුමත කරපු පනතට තමයි මේ ශ්‍රී ලනීප මහ ඇමතිවරුන් විරුද්ධ වෙන්නේ.  ඒ නිසා මෙය අගමැතිට විතරක් නෙමේ ශ්‍රීලනීප ඇමතිවරුන්ටත් එරෙහි අරගලයක්. අපි ඒ අරගලය එක්ක හදවතින්ම ඉන්නවා කියන එක අපි මකත් කරනවා’

– අරවින්ද අතුකෝරල

21,112 Viewers

2 Comments to “චීනයට හම්බන්තොට වරාය දීමත් සමග ලංකාව ලෝක බලවතුන්ගේ කෙලි බිමක් වෙයි…”

  1. anjanam devi says:

    බලවතුන් කෙලිවි. ලංකා මාතාව ගැබ් ගනීවි. ඔක්කොම අංග විකල ළමයි වදාවී.

  2. Sirisena Yatawara says:

    The said person has to realized that China having no any military base in world like USA imperialism.

    I do not agreed that China will colonized Sri lanka.

Main News