චීන-ඇමරිකා-ඉන්දීය බල අරගලය මැදින් ලංකාව ලෝකයේ ඉහලින්ම ඔසවා තබන සැලැස්ම ගෝටා හෙලි කරයි..

March 30, 2018 at 6:30 am | lanka C news
චීන-ඇමරිකා-ඉන්දීය බල අරගලය මැදින් ලංකාව ලෝකයේ ඉහලින්ම ඔසවා තබන සැලැස්ම ගෝටා හෙලි කරයි..

ගොඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානයේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණයක් මාර්තු මස 28දා කුලියාපිටියේදී පැවැත්වුන අතර මෙහිදී ගොඨාභය රාජපක්ෂ, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාර්ඩ් කබ්‍රාල්, මේජර් ජෙනරල් කමක් ගුනරත්න, වෛද්‍ය සීතා අරබෙපොල, රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, මොහාන් සමරනායක යන අය දේශණ පැවැත්වූහ.

‘පිරිපුන් දේශයක් වෙනුවෙන්’ යන සුපුරුදු වියත්මග තේමාව යටතේ පැවත්වුන මේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ කුලියාපිටිය වියත්මග කැඳවුම්කරු වෛද්‍ය ශාන්ත සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් වන අතර කුලියාපිටිය හා කුරුණෑගල ප්‍රදේශවලින් වියත්මග සාමාජිකයින් 600ක් පමන මෙයට සහාභාගී වූහ.

වර්ථමාන සමාජ, ආර්ථික අර්බූදයට හේතු වූ කරුණු මෙන්ම රටේ අනාගතය සකස් විය යුත්තේ කෙසේද යන්න දේශකයින් විසින් උදාහරණ හා දත්ත සමග පෙන්වා දෙනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පලකරමින් කීවේ රට ගොඩනැගීමේ කාර්යය සඳහා රටේ විද්වතුන් , වෘතිකයින් හා ව්‍යවසායකයින් සතුව විශාල කාර්ය භාරයක් ඇති බවයි.

විවිධ දක්ෂතා සහිත නව අදහස් ඇති, කැපවීමෙන් ක්‍රිය කිරීමට සූදානම් වෘතීමය මට්ටමේ නායකත්ව කන්ඩායමක් රටට අද අවශ්‍යව ඇති බවයි.

– චාමින්ද කරුණාරත්න

29,732 Viewers

8 Comments to “චීන-ඇමරිකා-ඉන්දීය බල අරගලය මැදින් ලංකාව ලෝකයේ ඉහලින්ම ඔසවා තබන සැලැස්ම ගෝටා හෙලි කරයි..”

  1. Asaranaya says:

    ඔබගේ දේශනය මසුරන් වටිනවා මහතාණෙනි,
    අපේ දැන් වැජඹෙන කුහක නායකයන් කරන්නේ රටේ තියෙන සම්පත් විකුනා හරියට වත්ත බදුදී ඇස්සට දත නියවනවා වගේ කරන වැඩැක්, ඉතින් කොහොමද රටක් දියුනුකරන්නෙ, අපේ සම්පත් තුල තවමත් අපෙ රටේ ධනය
    උපදවාගන්න ක්‍රම බොහෝ තිබෙනවා, මේ ලියන මගේ අරමුනත් මහින්ද මහාතාගෙ රජයක් යටතේ එවැනි නිශ්පාදනයයක් ආරම්භ කිරීමයි, ඉදිරියේදි අපි බලමු මොකද වෙන්නේ කියාල, පඹ පින්ගුත්තර හවුල සුනුවිසුනු වෙන දිනය ඉක්මනට ලඟාවේවා

    • ඇත්ත says:

      මේ ලංකාවේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය කලු සුද්දනගේ සහ සිංහල බිල්ලන්ගේ විතරයි. බහුතර ජනතාව කැමති රම්පෙ කරපිංචා තාලෙට ජීවත් වෙන්න….

  2. Gayantha says:

    Konda pana thiyena niyama nayakayek methuma.

  3. rathne says:

    Educating the people for correct path will the development of a nation. Sri Lanka needs more and more people like , Gotabaya. Wishing you all the best and your affords.

  4. DAYASIRI says:

    තිස් වසරක ත්‍රස්ත-යුධ ශාපයෙන් මව්බිම මුදවාගෙන මුලු මහත් ලාංකික ජනතාවටම සාමයේ අරුණලු උදාකර දෙමින් තිරසාර සැලසුම් සහගත සංවර්ධන මාවතකට අපේ රට යොමු කළ උදාර රාජපක්‍ෂ පාලනය, 2015 දී දෙස් විදෙස් දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් මගින් අපට අහිමි කරන ලදී. එහෙත් 2018 පෙබරවාරී 10 වෙනි දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව දෙන ලද පුරවැසි ප්‍රකාශය මගින්, 2015 දී සිදුවූ අත්වැරැද්ද නිවැරදි කර අැත.
    ඒ අනුව නැවත වරක් මහින් ද චින්තන වැඩ පිළිවෙළ මෙන්ම එම ඉදිරි දැක්ම වැනි දේශීයත්වය මත පදනම් වූ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකි වේවායි සුභ පතමු.

  5. Saradiel says:

    රටේ දුප්පත් කම නැති ක‍රන්න නම් මින් ඉදිරියට පිරිපුන් දේශයක් වෙනුවෙන්’ පත්කරන ඇමතිවරුන් තම ආගමේ නායකයන් ඉදිරියේ මහජන මුදල් වංචා නොකරන බවට සහතිකයක්
    ලබා ගත යුතුය.

  6. indunil says:

    aragalayakk abiyogayakk saha ratata hetakk………..

  7. Manoj says:

    Meke thiyena title ekai, news eke detail ekai match wenne nehe.

    Balaya thiyeddi muu oya tika denagena hitiye nedda ? PORT CITY hadala CASHINO dala Devleop karanna heduwa misak 😀

    pala palaaaaaaa.

Main News