චෛත්‍ය ලෝකයේ ඉතිහාසගත නිර්මාණයක්…

September 2, 2017 at 8:02 am | lanka C news
චෛත්‍ය ලෝකයේ ඉතිහාසගත නිර්මාණයක්…

බේරුවල වලතර මෙත්තාරාමය විහාරස්ථානයේ නව චෙත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

“ලෝකයේ ඉතිහාසගත නිර්මාණ දෙකක් තිබෙනවා. එක් නිර්මාණයක් වන්නේ මහා චෙත්‍ය රාජයාණන් වහන්සේයි. අනෙක් නිර්මාණය මිසරයේ පීරමීඩයි. මෙම නිර්මාණ ලොව මවිත කරන නිර්මාණ වෙනවා. ඒවාට සංස්කෘතික ඉතිහාසයක් ද තිබෙනවා. මිසරයේ පිරමීඩ ඉදිකිරීමට ජනතාව වහලුන් වගේ යොදා ගත්තා. එම පීරමීඩ නිර්මාණය කිරීමෙන් පසු එම ජනතාවගෙන් එක් අයෙක් පිරමීඩයට දමා වසා දැමුවා. නමුත් වෙහෙර විහාර ඉදිකිරීමේ දී රජවරුන් එවැනි වැඩපිළිවෙලක් දියත් කළේ නැහැ. සම්පුර්ණ මුල්‍ය අනුග්‍රහය ලබාදුන්නේ රජවරු විසින්. රාජ අඥාවක් නිකුත් කර ජනතාවගේ ශ්‍රමය හූරා කෑවේ නැහැ. ජනතාව කැමැත්තෙන් තමයි ශ්‍රමය භාවිත කළේ. බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණය එයයි. සංස්කෘතිය ඉතාම වැදගත් එම නිසා වෙහෙර විහාර ඉදිකිරීමේ දී ජනතාව ස්ව කැමැත්තෙන් දක්වන දායකත්වය ඉතාම වැදගත්.”

– ප‍්‍රසන්න අධිකාරී

7,002 Viewers

6 Comments to “චෛත්‍ය ලෝකයේ ඉතිහාසගත නිර්මාණයක්…”

  1. කක්කුස්සි කටා says:

    මූ අපිට මොකක් ද දැන් කරන්න කියන්නෙ?

  2. Chethiyasena says:

    මූට එලොව පොල් පෙනීගන එනව

  3. sinha le says:

    ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී …කියා ඇත

  4. LION says:

    මෙරට මූල දෙමළ හෝ මූල මුස්ලිම් හෝ මූල බර්ගර් හෝ ආදී වශයෙන් පිරිස් නැහැ. එවැනි සංකල්ප ගොඩනගන්නත් බැහැ. මුස්ලිම් ජනකොටස දහහතරවැනි සියවසේ පැමිණ සිංහලයන් සමග මිශ්‍ර නොවී මලයාලම් වචන සහිත දෙමළ බසක් කතාකරමින් ජීවත්වී ඇති බව පැහැදිලියි. සිංහලයන් ඔවුන් සිංහල බෞද්ධ කිරීමට ගියේ නැහැ. සිංහල රජවරුන් උඩරට පෙදෙස්වල හා රුහුණේ් ඔවුන් පදිංචි කිරීමේ දී සිංහල බෞද්ධ විය යුතු ය කියා කොන්දේසියක් දැම්මේ නැහැ. ඒ එක ප්‍රදේශයක්වත් මුස්ලිම් නිජභූමියක් නො වෙයි. ඊනියා දෙමළ නිජභුමි ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. දෙමළ ජනයා වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කර ඇත්තේ ලන්දේසීන් හා ඉංගිරිසින්. යාපනයේ වෙල්ලාලයන් පදිංචි කෙරුවේ ලන්දේසීන්. ලන්දේසීන් වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයේත් පදිංචි කෙරුවා. එපමණකින් නැටෝල් ප්‍රදේශය දෙමල නිජභුමියක් වන්නේ නැහැ.

  5. palitha says:

    What he says it quite true. Even the first Dagaba in SriLanka was built similar to a Pyramid in shape and finally it changed as”BUBBULAKARA” shape. That shape created using two water bowls.
    Other important factor is that Pyramids and Dagaba `s are created with equals to the space star-line movements.

Main News