ඡන්දෙ කාලෙ සිල්රෙදි බෙදුවා කියා චෝදනාවක් නෑ.. ලලිත්-අනුෂ නඩු තීන්දුව පිළිබඳ නීතිමය විවරණයක් මෙන්න..

September 13, 2017 at 10:50 pm | lanka C news
ඡන්දෙ කාලෙ සිල්රෙදි බෙදුවා කියා චෝදනාවක් නෑ.. ලලිත්-අනුෂ නඩු තීන්දුව පිළිබඳ නීතිමය විවරණයක් මෙන්න..

බරපතල වැඩ සහිතව තුන් වසරක් සිර දඩුවම් නියම කර ඇති ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා බන්ධනාගාරයෙන් පිටව යන මොහොතේ මාධ්‍ය වේදීන් අමතමින් මෙසේ අදහස් පල කලේය.

දෙවැනි වතාවටත්  ලලිත් වීරතුංග මහතාත් අනූෂ පැල්පිට මහතා බැලීමට බන්ධනාගාර රෝහලට පැමිණියේ මේ නඩු තීන්දුව පිළිබඳ නීතිමය විවරණයක් සකස් කිරීමේ බලාපොරොත්තුවෙන්.  අපේ රටේ නීතිමය කාරණා පිළිබඳ සමාජය විවෘතව කතා කරනවා අඩු නිසා ම නඩු තීන්දුව පිළිබදව ජනතාවටත් අවබෝධයක් නෑ.  ඒ නිසා අපි මේ පිළිබඳව නීතිමය විවරණයක් සකස් කර ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යටතේ තමයි ලලිත් වීරතුංග මැතිතුමාට  මේ චෝදනාව නගලා තියෙන්නේ.  386 වන වගන්තිය යටතේ සාවද්‍ය පරිහරණයක් වෙන්න නම් එක්කෝ එම මුදල් භාවිතා කළ කෙනාට වාසියක් සිදුකරගෙන තියෙන්න ඕන. නැත්නම් මුදල් බාරදුන් කෙනා එහෙමත් නැතිනම් රජයට පාඩුවක් සිදුවෙන්න ඕනේ.   මේ දෙකෙන් එකක්වත් වෙලා නැහැ.

ඒ වගේම නඩු තීන්දුවේ සඳහන් වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගන්නේ පසු අනුමැතියක් කියලා. ඒක වරදක් නම් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි ජනාධිපති අරමුදලට මුදල් නිදහස් කරන සියළුම නිළධාරීන් අත්අඩංගුවට ගතයුතුයි. ජනාධිපති අරමුදල පිළිබද පනතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය නැතිනම් කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියකින් තමයි සියළුම මුදල් නිදහස් කල යුත්තේ කියලා. අපි දන්නවා දිනපතා ලක්ෂ එකහාමාර දෙක රෝගීන්ට මුදල් නිකුත් කරනවා. මේ නිකුත් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් නෙමෙයි. ජනාධිපති ලේකම් වරයා විසින් අනුමත කළාට පසුව එම මුදල් නිකුත් කරනවා.  මාස තුනකට විතර සැරයක් තමයි මේක රැස්වෙන්නේ. ජනාධිපතිවරයා අගමැතිවරයා ජනාධිපති ලේකම් වැනි රටේ කාර්ය බහුලම අයගෙන් තමයි ජනාධිපති අරමුදලේ කළමණාකරන මණ්ඩලය පත්වෙලා තියෙන්නේ.  එම මණ්ඩලය මාස්පතා හමුවෙන් නෑ. මාස තුන හතරකට සැරයක් හමුවෙන්නේ. ලේකම් වරයා අනුමතකල ඒවට පසුව අනුමැතිය ගැනීම සිදු කෙරෙනවා.

මා හිතන් නෑ ජනාධිපති අරමුදලේ නිලධාරීන් මීට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව එක සතයක් වියදම් කරයි කියලා. ඒ නිසා අසරණ හෘද රෝගීන්ගේ හෘදයන් නතර වන තුරු ජනාධිපති අරමුදලේ මුදල් නිදහස් නොකිරීමේ අවදානමක් මේ නඩු තීන්දුව හරහා මතුකරලා තියෙනවා. අතිගරු ජනපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

ප්‍රශ්නය –
මේ සිල් රෙදි ඡන්දේ කාලේ බෙදුවා කියලා නේද මූලිකවම චෝදනා කෙරෙන්නේ?

පිළිතුර –
එහෙම චෝදනාවක් චෝදනා පත්‍රයේ නම් නෑ. නීතිපති වරයා විසින් ගොනු නොකල වරදකට විනිසුරුවෙකුට දඩුවම් දෙන්න හැකියාවක් නෑ. ඒ වගේම ඡන්ද කාලේ ඉලක්ක කර බෙදුවා කියන්නෙත් පට්ටපල් බොරුවක්. මේ යෝජනාව එන්නේ සම්බුද්ධත්ව ජයන්ති කම්ටුවේ එක් නිර්දේශයක් විදිහට. මේ නිර්දේශය දිගින් දිගටම ක්‍රියාත්මක වීම ප්‍රමාදවීම ගැන ශාසනාරක්ෂක බලමණ්ඩල ආදියෙන් පැමිණිලි එද්දි මාර්තු මාසයේ 20 වෙනිදා ජනාධිපති සංවර්ධන අරමුදලෙන් මේ මුදල නිකුත් කිරීමට නියම කරනවා. ඉන් අනතුරුව සමීක්ෂණ හරහා සිල්ගන්නා පුද්ගලයින් කීදෙනෙක් ඉන්නවාදැයි හදුනාගෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා සිල්ලෙදි ලබාගැනීම තීරණය වෙන්නේ ඔක්තෝම්බර් මාසයේ. එවිට ජනාධිපති වරණයක් නෑ.

ජනාධිපතිවරණය තීරණය කරන්නේ නොවැම්බර් මාසය වෙන කොට මේවා අත්සන් තබලාත් ඉවරයි. එහෙමනම් මේක එක් ජනාධිපති අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කළානම් ජනාවාරි 8ට කලින්මේවා බෙදන්න කියලා පන්සල්වලට නියෝගයක් දෙන්න තිබ්බා. එහෙම නැත්නම් එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන පන්සල් මග හැරලා සන්ධානයට සහය දක්වන පන්සල්වලට පමණක් මේ සිල්රෙදි දෙන්න තිබුනා. එහෙම දෙයක් සිදුවෙලාත් නැ.

සෘජුවම සිල්ගත් අයට නෙමෙයි මේ සිල් රෙදි දීලා තියෙන්නේ. පන්සල් වලටයි සිල් රෙදි බාරදීලා තියෙන්නේ. ඉතින් ඒ පන්සල්වලට ජනාධිපතිවරණය ඉවර වෙලා උනත් ඒවා බෙදන්න තිබුනා. ඒ නිසා මේකේ ජනපති අපේක්ෂකයෙක් ප්‍රවර්ධණය කිරීමේ චේතනාවක් කිසිම තැනක ඔප්පු වෙලා නෑ.

ප්‍රශ්නය –
නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ දිනයේ යලිත් භික්ෂුන් වහන්සේලාට අපහාස කලා. ඒ ගැන ඔබතුමන් මොකද හිතන්නේ

පිලිතුර –
අවාසනාවකට මේ ආණ්ඩුව බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියකයි ඉන්නේ . ඒ නිසා ඉතාම නරක ආකාරයට භික්ෂුන් වහන්සේලාට කතා කරනවා. උන්වහන්සේලාගේ  ක්‍රියාමාර්ග ආණ්ඩුවට රිදෙන ආකාරයට සිදුකරන නිසා.

ලෝරන්ස් රන්ජන් රාමනායක නොදැන සිටියාට ඉතිහාසය පුරා භික්ෂුන් වහන්සේලා තමයි රජයේ වැරදි පෙන්නුවේ. රජවරු දොහොත් මුදුන් තබා නමස්කාර කොට ඒ අවවාද අනුශාසනා පිළිගත්තා මිසක් චීවරධාරියා සංඝ මුදලාලියා කියමින් භික්ෂුන් වහන්සේට අපහාස කලේ නෑ.

අපිට මතකයි අපේ ආණ්ඩුව පෙරලීම සදහා සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය පටන්ගත්තේ මාදුළුවාවේ සෝභිත හමියන්.  උන්වහන්සේ ආණ්ඩුව පෙරලිමේ වැඩපිළිවෙලක 2010 ත් හිටියා. මොකද සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහු පිටුපස සිටි ප්‍රධානතම භික්ෂු චරිතයත් උන්වහන්සේ. නමුත් අපේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් උන්වහන්සේට චීවරධාරියා කියලා අපහාස කලේ නෑ. සංඝමුදලාලි කිව්වෙත් නෑ. මේ තමයි මේ ආණ්ඩුව රටට ලබාදුන් වෙනස.

– අරවින්ද අතුකෝරල

21,038 Viewers

12 Comments to “ඡන්දෙ කාලෙ සිල්රෙදි බෙදුවා කියා චෝදනාවක් නෑ.. ලලිත්-අනුෂ නඩු තීන්දුව පිළිබඳ නීතිමය විවරණයක් මෙන්න..”

  1. DB says:

    JO,
    plz find some new people like mr gammanpila for your new party.this speech really proves how an intelligent person would react in this type of situation.It doesn’t matter which party they are in sl politics really need people like mr gammanpila.

    • AluthKade Saita says:

      හරියට හරි.
      පාලකයන් බුද්ධිමත් මෙන්ම රටට ආදරය කරන්නන් විය යුතුය.
      උගත් කම හැම විටම අදාල නැත.

      • ඒ කියන්නෙ පාලකයා තමන්ට හිතු හිතු පරිදි රටේ මුදල් කැමති දෙයකට වියදම් කලාට කමක්නෑ? ඔන්න ඔය විදිහට හිතන කාලකණ්ණි මේරටේ ඉන්න නිසාත් එහෙම උන්ගෙන් එකෙක් කොහොම හරි රටේ පාලකයා වුනොත් එදාට මේවගේ ප්‍රශ්න ඇතිවෙන නිසාත් තමයි රජයේ ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි වගේ දේවල් හදල තියෙන්නෙ. ඒ නීතිරීති අභිබවන්න ජනාධිපති⁣ටවත් බෑ. රටේ තාවකාලික පාලකයා බවට පත්වෙන කෙනා තමන් උරුමෙන් පත්වුනු ර⁣ජෙක් කියලා හිතාගෙන තමන් හිතන දේ රටේ නීතිය කියලා හිතන්නේ නූගත්කම හා බැඳනු මෝඩකම නිසා. සිල්රෙදි බෙදීම වරදක් නොවුනත් ඒ සඳහා වියදම්කල රජයේ මුදල් සපයාගන්නෙ නිත්‍යානුකූලව නෙවෙයි. ඒ වගේම ඒවා බෙදාදෙන්නෙ ජන්දයක් කටඋඩ. අනික ඒවගෙ එක් අපේක්ෂකයගෙ නම ජායාරූප ඇතුලත්. දැන්මොනව කීවත් කලත් ඒ දේ කලේ මොන අරමුණකින්ද කියල හැමෝම දන්නවා. ඒ වගේම රටේ නායකයා කිව්වා කියල ඕනම දෙයක් කරන්න නම් ලේකම් මොකටද? මතක ඇති මෑතක නිමල් බෝපගේ මහතා රටේ මොන ලොක්කා කීවත් තමන්ට වැරදි කියල හිතුනු මන්ත්‍රීවරුන්ට වාහන දෙන ලිපිය අත්සන් කලේ නෑ.එවැනි කොන්දක් ඇති නිලධාරීන් මාරුකලත් හිරේ අරින්න බෑ. මෙතන රජයේ නීති අනුව වරදක් වෙලා තියෙනවා.ඒක හිටපුරජා අනදුන්නා කියලා නිවැරැදි වෙන්නෙ නෑ. දැන් දඬුවම් විඳින්නම වෙනවා.

  2. love nature says:

    වරක බෑවටත් මිනී මැරුවා කියලා තමුන්නාන්සෙට නින්දා කරන හැටි මතක් වෙනකොට ඉවසන්න බැරුව ඇඬෙනවා.” කිව්වා.

    අන්දරේ නිතර දෙවේලේ මහනුවර රජ වාසල රාජකාරියට යනවා. එක සැරයක් රාජ සේවය ඉවර වෙලා ආපහු යන ගමන් ටිකක් විඩා නිවා ගන්න රිදී විහාරයට ගොඩ වුණාලු. එතැනදී අන්ද‍රේට වරකා සුවඳක් දැනුණා.

    අන්දරේ කියන්නේ වරකාවලට පණ වුණත් දෙන කෙනෙක්. අන්දරේ වටපිට බැලුවා. කොස් ගහක වරකා ගෙඩියක් තියෙනවා සුදු රෙද්දකින් වහලා. අන්දරේ දැන ගත්තා ඒක මහ වාසලට වෙන්කෙරපු එකක් බව. අත තිබ්බොත් රාජ උදහස සිකුරුයි. අන්දරේ ටිකක් කල්පනා කෙරුවා. ඉණේ තිබුණු කඩුව අතට ගත්තා. සුදු රෙද්ද අයින් කරලා වරකා බෑවක් කපා ගෙන හොඳහැටි කෑවා.

    අන්දරේට ආපහු වැඩි දුරක් යන්න වුණේ නෑ. රාජ පුරුෂයෝ ඇවිත් කෙළින්ම මහ වාසලට අරගෙන ගියා. නඩු තීන්දුව ලැබුණා. වද මල් මාලයක් කරේ දාලා වද බෙරේ ගහ ගහ හිස ගසා දමන්න කලින් වීදි දිගේ අරගෙන ගියා.

    එහෙම යන අතරේ අන්දරේ එක සැරයක් මහ හයියෙන් හිනා වෙනවා. ඊට පස්සේ ඊටත් වඩා හයියෙන් හිනා වෙනවා. ඊට පස්සේ ඊටත් වඩා හයියෙන් අඬනවා. අන්දරේ දිගටම මේක කරනවා දැකලා එක රාජ සේව‍කයෙක් රජ්ජුරුවන්ට පැමිණිලි කළා. රජ්ජුරුවන්ට පුදුම හිතිලා අන්දරේ ආපහු ගෙන්නලා ඇහුවා, “ඇයි හයියෙන් හිනාවෙලා ඊට පස්සේ අඬන්නේ” කියලා.

    “තමුන්නාන්සේගේ අණින් මැරෙන්න ලැබුණු සන්තෝෂයට හිනා වුණා. ඒත් ඒ එක්කම අහවල් රජ්ජුරුවෝ වරක බෑවටත් මිනී මැරුවා කියලා තමුන්නාන්සෙට නින්දා කරන හැටි මතක් වෙනකොට ඉවසන්න බැරුව ඇඬෙනවා.” කිව්වා.

    රජ්ජුරුවො අන්දරේ නිදහස් කරලා රාජ පාක්ෂිකභාවයට තවත් තාන්න මාන්න දුන්නා.

  3. Gadol says:

    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි

  4. Dr.Jayawikrama says:

    Excellent Job, Please Keep It Up Hon Gammanpila, Well Said.

  5. Ananda says:

    ජනතාවට නොතේරෙන භාෂාවෙන් නීති පනවා ජනතාව පෙළන එක් රටකි ශ් රී ලංකාව. එවැනි බරපතළ අසාධාරණයක් සිදු වුවද සිංහලයන් අන්ධයන් , බිහිරන් සේ සිටිති.

  6. Ruvan says:

    While agreeing fully with Mr. Gammanpila, I would like to point out another grim aspect of this issue. Sinhalese (or any) Buddhists in Sri Lanka are the majority but they’ve been inhumanly deprived of their due rights since 1505. If you study history it will show how Sinhalese Buddhists sacrificed their lives, property, kiths and kins to safeguard this tiny island and nation along with Buddhism which is its foundation rock. Maha Sangha from Arihaths to Ganin-nanses tried their best to protect the innocent people from being abused and butchered by the invading armies and their foreign rulers whether it was South Indians, the Portuguese, the Dutch, the British, or/and their modern counterparts with their agents living in SL. They may have disguised themselves as NGOs and/or MPs/Ministers/PMs or even as Presidents.
    Today’s monks, who meet their devotees, should add a 5 minutes statement to their main sermon as to how we, as Sri Lankans should plan and act to face this hideous and heinous foreign conspiracy. Mara had different forms when he confronted the Bodhisatva; likewise these invaders/ agents or/and conspirators have a number of different forms (friendly, alluring, helper-type, sweet-talking etc. etc). We need to identify them, reveal them and confront them in public like Migettuwatte Gunananda thero did it in the 19th century.

  7. Dinusha Fernando says:

    බොහෝ දෙනෙක් කතා කර කී දේ ගැන සිතති. ගම්මන්පිල සිතා කතා කරයි. ඒකයි වෙනස.

  8. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    රන්ජන් කිව්ව කතාව හරියටම හරි
    අධිකරණය මඟින් දඩුවම් ලත් පිරිසක් වෙනුවෙන් භික්ෂූන් පෙනී සිටින්නෙ ඇයි ?
    ගොඩක් බෞද්ධයෝ මාත් එක්ක කිව්වේ මේ භික්ෂූන් වැරදි බවයි
    අනික සිල් රෙදි බෙදීම හදිසි ආපදාවක් නිසා උපාසක මහත්ම මහත්මීන්ගේ රෙදි නැතිවීම නිසා කරපු දෙයක් නෙවෙයි නේද

    • K.N.Andrahennedi says:

      Mendosa,Appearing of Bikku for the Lalith and Anusha is the wish of god

    • අපි නොදන්න ලෝ says:

      ආණ්ඩුවකට අවශ්‍ය නම් කොල හෝ නිල් කණ්ණාඩි තම විනිසුරුවන්ට ලබා දිය හැකිය. එවිට ද මෙවන් තීන්දු ලැබිය හැකිය. නඩුව විභාග කර ඇති ආකාරය පිළිබඳව සැලකිලිමත් ව කියවා බලන්න.

Leave a Comment

Main News