ඡන්දය නොතියන්නමයි හිත.. ඇමති ෆයිසර් සීමා නිර්ණ කමිටු වාර්තාව පිලි නොගනී..

January 2, 2017 at 6:48 pm | lanka C news
ඡන්දය නොතියන්නමයි හිත.. ඇමති ෆයිසර් සීමා නිර්ණ කමිටු වාර්තාව පිලි නොගනී..

සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාවට එහි සභාකයින් දෙදෙනෙකු අත්සන් කර නැති බව පවසමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.

ඇමතිවරයා පවසන්නේ එම කමිටුවේ සන්ධාන සාමාජික සාලිය මැතිව් හා එජාප සාමාජික එස්. මිස්බා අවසන් වාර්තාවට අත්සන් තබා නැතිවීම නිසා ප්‍රතික්ෂේප කල බවයි.

අදාල සාමාජිකයින් දෙදෙනා පවසන්නේ අවසන් වාර්තාව තමන්ට නොලැබුනු බවත් එය කියවා බැලීමකින් තොරව අත්සන් තැබිය නොහැති බවය.

එම කමිටු වාර්තාවට කමිටු සාමාජිකයින් බහුතරය අත්සන් කර ඇති නිසා එය වලංගු වාර්තාවක් යයි කමිටු සභාපති අශෝක පීරිස් මහතා පෙන්වා දෙයි.

මේ අතර කමිටු සභාපති අශෝක පීරිස් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ කමිටු වාර්තාව හැකි තාක් ප‍්‍රමාද කරන ලෙස ඇමති ෆයිසර් මුස්තාපා හා එජාප නියෝජිතයින් දිගින් දිගටම තමනට කියූ බවයි.

 

12,609 Viewers

10 Comments to “ඡන්දය නොතියන්නමයි හිත.. ඇමති ෆයිසර් සීමා නිර්ණ කමිටු වාර්තාව පිලි නොගනී..”

  1. Brahmana says:

    ඉගෙනුම නැති පුද්ගලයාට උගත් පුද්ගලයන් ගන්නා තිරණ greek වැනිය .අහෝ

    • Medamulana says:

      මු කටුකන වසළයෙක්‌.
      ලජ්ජා නෙතී හිවලෙක්.
      දවස් සීයේ ආණ්ඩුවේ,
      පොනිලය මුඋව කොන්කර හැටි මතක නැති වෙලා වගේ

  2. kamasiri Kuruwita says:

    චන්දෙට මහ එකයි පොඩි එකයි හැත්තෑ බුරුත්තයි ඔක්කොම මාරම බය බව පෙනෙනවා කරන කියන මෝඩ ලජ්ජා නැති වැඩ දැක්කම.

  3. නිරීක්ෂක says:

    හා, හා, හොරේ දැනුනා, දැනුනා! ඡන්දෙට ඇයි මෙච්චර බය කියා දැනුනා!

  4. සුරත් says:

    මුන් පස්දෙනාම එකට ඉඳලා හදපු වාර්ථාව දෙන්නෙක් කියවලා නෑලු. එතකොට මුන් එක එකතුවෙලා කලේ ඇටබෝල ගහන එකද ? මේ වගේ කාලකන්ණි ගස් බල්ලෝ දැක්ක තැනක සෙරෙප්පුවෙන් ගහලා පන්නලා දාන්න ඕනේ. මු ඔක්කොම එකතු වෙලා රටේ මහජනතාවට කොකා පෙන්නන එක තමයි මේ කරන්නේ. මුන් හොඳටම දන්නවා චන්දෙ දිනන්න බෑ කියලා. එක නිසා පුළුවන් තරම් චන්දෙ කල් දාන්න ට්‍රයි කරනවා.

  5. ගමරාළ says:

    චන්දය කල් දාන්න කල් දාන්න අවාසි වෙන්නේ ආණ්ඩුවට බව මේ ගොන් වහන්සේලාට තේරෙන්නේ නෑ…

  6. සකල බුජං says:

    ඕකට තමයි හලෝ කියන්නෙ එළ හරකයි මී හරකයි පෑහෙන්නෙ නෑ කියල.ඔහේල ඕක නොදන්නව උනාට ඕනම එළ හරකෙක් මී හරකෙක් මේක දන්නව හලෝ..ඒ කියන්නෙ ඔහේල ඒ ගොන්නුන්ටත් වඩා ගොන් කියන එකයි…

  7. SB says:

    මෙම කමිටු වාර්තාව ඇමතියා විසින් ප්‍රතික්ශේප කරන හැටි විද්යුද් මාධ්‍ය මගින් පෙන්වමින්, විශාල ප්‍රසිද්ධියක් දුන්නා. මෙය තනිකරම ටෙලිනාට්‍ය රඟපෑමක් බව ඕනෑම ගොනෙකුට පෙනුනා. එයට මේ මාධ්යකරුවනුත් හවුල් බව අප දුටුවා.

  8. justin says:

    muta doshabiyogayak genawanam hariii… maka chande thiyanna lasith na… mage mathaya nam chande thiyala.. mahinda gota dinuwata passe…sathi 2 n Anduwa perelanwa… aka mu dannwa… akaii boru kiya kiya chande kaldanne

  9. nanayakkara says:

    ඡන්ද භිතිකාව

Main News