ජගත් සෞඛ්‍ය විද්‍යා පර්යේෂණ සම්මානය හිමි කරගත් ජී.ජී.චමල් සංජීව මහතාට සුව ඇමති සුභ පතයි…

November 12, 2017 at 2:14 am | lanka C news
ජගත් සෞඛ්‍ය විද්‍යා පර්යේෂණ සම්මානය හිමි කරගත් ජී.ජී.චමල් සංජීව මහතාට සුව ඇමති සුභ පතයි…

International Agency for Standards and Rating (IASR) ආයතනය මඟින් ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ වාර්තා සැකසීම පිළිබඳ සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා හිමි කරගත් සම්මාන මෙරට වෛද්‍ය ප්‍රජාව මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ද ලැබූ ජයග්‍රහණයක් යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ලොව පුරා රටවල් 56 ක විද්‍යා පර්යේෂකයින් 6000 ක් අතරින් 2017 වසරේ සෞඛ්‍ය සඳහා වන මෙම ජාත්‍යන්තර ඇගයීම දිනා ගැනීමට වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා සමත්ව ඇත.

ලොව පුරා විසිරී සිටින ඉහළ අධ්‍යාපන හා පර්යේෂණ කුසලතා වලින් හෙබි විද්වත් වෘත්තිකයන් ඇගයීම අරමුණූ කරගනිමින් මෙම සම්මාන උළෙල පැවැත්විනි.

වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා හම්බන්තොට හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම රෝහල් සේවා පවත්වාගෙන යාමට සක්‍රීය දායකත්වය ලබා දෙමින් වෛද්‍ය වෘත්තියේ වගකීම් ඉටු කර ඇත. වර්තමානයේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ මතවාද ඉදිරිිපත් වුවද, මෙම වෛද්‍යවරයා තම වගකීම් නිසි අයුරින් ඉටුකිරීම සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ටම ආදර්ශයක් වෙයි. වෘත්තිකයන් ද දුප්පත් මානසිකත්වයෙන් ඉවත්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ගෝලීය අවනතාවයට අවතීර්ණ විය යුතුය.

පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට පූර්ණ සහයෝගය ලබා දීමටද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පොරොන්දු වී ඇත. තවද තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට වෛද්‍ය ජී.ජී.චමල් සංජීවට ශක්තිය ධෛර්ය ලැබේවායී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

– ප‍්‍රසන්න අධිකාරී

1,249 Viewers

Leave a Comment

Main News