ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..

February 28, 2018 at 12:00 pm | lanka C news
ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ

පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශණ පවත්වමින් මගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ දැරූ වත්මන් රජයේ අලුත්ම ප්‍රයත්නය වන්නේ හිටපු පුවත් පත් කතෲ වරයෙකු වන ලසන්ත වික්‍රමතුන්ංග මහතාගේ ඝාතනයට මගේ සම්බන්ධයක් ඇතැයි රටට ඒත්තු ගැන්වීම බව හා ඒ මගින් හෝ මා අත් අඩංගුවට ගැනීමට හේතුවක් සොයාගැනීම බව මෑත කාලීන ප්‍රවෘති හා ආන්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලින් පෙනී යයි.

පසුගිය සතියේ රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුනේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනුව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්, එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්ථා කලේ ගොඨාභය රාජපක්ෂට බවත්ය.

මෙය පැහැදිලිවම ජනතාව නොමග හැරීමට හා සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා හාස්‍ය ජනක උත්සාහයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කාලයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දරමින් ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශන හා සම්බන්ධීකරණ කටයුතුවල පමනක් නියැලී සිටියේය. ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමනක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිදු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.

හමුදා බුද්ධි අංශ වල පාලනය ඇත්තේ යුධ හමුදාව යටතේ මිස කපිල හෙන්දවිතාරණ රාජකාරි කල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවේ. හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මන්ඩලය යටතේයි. එවකට එහි ප්‍රධානියා වූයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාන්ඩලික බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරයි. ඔහු වාර්ථා කලේ හමුදාපතිවරයාටයි. මේ කියනා අවධියේ හමුදාපතිවරයා වුයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිදු බුද්ධි අංශ හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක වුවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිලිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑත කාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් ගුවන් යානා පිලිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙලි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් මිග් ගුවන් යානා පිලිබඳව මට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘතී ප්‍රචාරය කිරීම පිලිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත් පතට මා විසින් එදා නඩු පැවරූ බවය. එම නඩුවෙන් මා දිනු අතර, අසත්‍ය චෝදනා කිරීම පිලිබඳව සමාව ඉල්ලා ප්‍රසිද්ධ නිවේදනයක් පලකරන ලෙස උසාවිය විසින් ලසන්තගේ පුවත් පතට නියෝග කරන ලදී. ඒ අනුව සන්ඩේ ලීඩර පුවත්පත ප්‍රසිද්ධියේ මගෙන් සමාව ඇයැද සිටියේය.

ලසන්ත වික්‍රමතුංගගේ චෝද්නාවලට මා පිලිතුරු දුන්නේ ඒ ආකාරයට ගෞරවාන්විතව රටේ පවතින නීතිය තුලය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිලිගෙන සමාව ඉලලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමග ගැටලුවක් නොතිබුනි.

නමුත් මෙහිදී මතක් කල යුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙලක් ලියන ලද බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මා කලාක් මෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. විවේචනය පිලිබඳ දැඩිලෙස කුපිතව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියාත් අද ලසන්ත ඝාතනය ගැන පක්ෂාග්‍රාහී විමර්ශණයක් පවත්වන රහස් පොලීසිය සොයාබැලිය යුතුය. වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.

එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඍජුවම චෝදනා කලේ හිටපු අමුදාපති සරත් ෆොන්සේකාටය. හිටපු කතානායක වරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරාද එයට සමාන ප්‍රකාශයක් කලේය. මේ අය අද බලයේ පැමින සිටිනා නමුත් හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන එදා ඔවුන්ම කල චෝදනාව අමතක කොට ලසන්ත ඝාතන විමර්ශනය වෙනතකට හැරවීමේ දීන ප්‍රයත්නයක යෙදී සිටිති.

ලසන්ත ඝාතනයට හේතුව අපාහාසාත්මක ලිපි නම් ඔහුගේ අපහාසයට ලක්ව එයට එරෙහිව නඩු මගට ගිය මා ගැන සෙවීමට අද පොලීසියට තිබෙන උනන්දුව ලසන්තගේ අපහාසයට ලක්ව ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත්, එසේම ලසන්ත ඝාතනය කලායැයි සැකකරනු ලබන හමුදා බුද්ධි අංශ වලට අණ දිය හැකි බලයක් එදා තිබුන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන සොයන්නටත් පොලීසියට තිබිය යුතුය.

විශේෂයෙන්ම වර්ථමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කලේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කල චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කල හැක. ඒ වෙනුවට අද කුහක දේශපාලනඥයින් කරන්නේ නරියාට කුකුල්ලු බාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

අවසාන වශයෙන් රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලීසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්ථමාන රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳව රට තුල පමනක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන එමට හේතුවන බවය.

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිලිතුරු දෙනු ඇත.

ගෝඨාබය රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම්

66,090 Viewers

78 Comments to “ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..”

  1. Manel says:

    This man is the one who need my country. Not yahapaalana jokers.

    • Kamal says:

      ෆොන්සේකාට ඇමතිකම දෙනව කිව්වම ඔච්චරම බය වෙන්න එපා සර්.

      • අමල් says:

        පොල් බූරුවෝ ගොන් කතා නොකියා මේ ලිපිය කියවලා බලපන්. බය දැනෙන්නේ කාටද කියලා එතකොට තොට තේරෙයි.මිනීමරුවන්ට හොරුන්ට රෙදි නැතුව කඩේ යන්න තොට ලජ්ජා නැද්ද කමලෝ.
        කොස්ගම අවි ගබඩාව ගිනි තිබ්බේ කවුද කියලත් හොයන්න කියපියව් .මිනි මරුවන්ට ඇමති කම් දීලා හොරෙක්ට පොලිසිය බාර දුන් පඩ පාලන පාණ්ඩුව ගෙදර පලයව්.

        • senaka says:

          මොහාන් පීරිස්වයි, ගෝඨාභයවයි ඉක්මනට හිරේ දපල්ල….ශිරානි බණ්ඩාරනායකට දෝෂාභියෝග ගෙනහල්ල කලු සුද්දො රජකරගෙන ඉන්න අළුත්කඩේ දූෂණය කරපු එකෙක්ට නිදහසේ ඉන්න දෙන්න එපා. නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙනෙ…ඔය විජේදාස කියන දෙපැත්ත කන ගොබිල ලවා ඔත්තු බලාගෙන එදා ශිරාණි නෝනගේ නඩු අහපු සියලු දෙනා එල්ලන්න ඕනැ. ඊටපස්සෙ අගවිනිසුරැ වෙච්ච මොහාන් පීරිස්ගෙ ඇට කඩන්න ඕනැ..ඒකට අල්ලස් කොමිසමට නියම බඩු ටිකක් දාන්න ඕනැ. හීන් නූලෙන් වැඩේ දෙන්න…ජනතාවට තේරෙන්න හරින්න එපා මේ සියලුම දේ යහපාන රෙද්දට මුවාවෙලා කලු සුද්දො කරන වැඩ කියලා….

      • sayumi says:

        ජඩයින්ට දැනෙන ලොකුම බය ? ගෝටා -භය !!!
        චන්ද පරාජයෙන් වියරු වී වෙඩි කෑ ඌරන් මෙන් ඔබතුමා පසු පස එලවන්න අර අඳිමින් සිටින ජඩපාලන ඌරන්ගෙන් ප්‍රවේසම් වෙන්න වගබලා ගන්න මැතිඳුනි. ඔබතුමාට ජයෙන් ජයම වේවා !!!

      • SENANAYAKA says:

        MR. 6500 RUPEES,, GON KAMA PRADARSHANAY KARANNA EPA .

      • පිංගුත්තර​ says:

        කමල්,උඹ සිංහලයකුට දාව උපන් එකෙක් වෙන්න බැහැ.

      • kiribathgoda says:

        UNP ye ithiri tikath nathi karanne Fonseka ma thamyi.uta deela balapan venne mokakda kiyala !! api muwa kelaniyen elevuwa !!!

      • Supun says:

        ඒ ඇමතිකමෙන් මොන කෙංගෙඩියක් කරන්නද ඕයි? ජෝන් අමරතුංගයි සාගලයි කලින් කරපු එකනෙ. ඒ අමාත්‍යංශයෙන් නඩු අහනවයැ.

      • premarathne says:

        HARAKO BOORUWEK WAGE DODAWANNA EPA, THO KAALAKANNIYA ADA JEEWATH WENNE ME MINISSU NISA KIYANA EKA HITHATA GANIN.

      • ගුණේ අයියා says:

        බෝම්බ බඩේ බැදන් ආව කොටියට බයවුනු නැති ගෝටා කලවැද්දෙකුට බය වෙයිද මෝඩයෝ

      • sam says:

        යුද්දෙ කාලෙ බයේ ඇමරිකාවට පැනලා පිරවුම් හලක පොම්ප ක්‍රියාත්මකකරපු එකා අයියා ජනාධිපතිවුනාට පස්සෙ රටට ඇවිල්ල යුද්දෙ වෙන එවුන් ලව්වා කරවගෙන දේශප්‍රේමී ලේබල් ගහගෙන හොරකම් කරලා මිණී මරල තව පඩ ෂෝ දාන්නත් එනවා.

        • ටොයියා says:

          සෑම්, උඹ දැන්ද අවදිඋනේ. උඹේ පොඩි ළමයාගෙන් වත් අහල දැනගනින්.

        • Supun says:

          නොදන්න දේවල් කතා නොකර හිටපං මෝඩයා. ගෝඨා ගියේ සාම ගිවිසුම අත්සන් කරල යුද්දෙ නැවැත්තුවහම. එතකං යුද්දෙ මෙහෙයුම්වල හිටපු ප්‍රධාන නිලධාරියෙක්. ඇමරිකා ගියේ green card එකෙන්.වැඩ කරේ කොම්පියුටර් ආයතනයක. උඹේ මොලේටනම් සිරිකොතෙන් හොඳ ගොම ලෝඩ් එකක් පොම්ප කරල තියනව .

        • පිංගුත්තර​ says:

          සෑම්,ඇයි උඹට අල්ලපු ගෙදර මිනිහගෙ වාසගම දැම්මෙ?

      • darshana says:

        එක නම් ඇත්ත සර් දැන් නීතිය අවනීතිය වෙලා තියෙන්නේ. කලින් වෙඩි තියල මැරුව කියල තිබ්බත් දැන් හොයාගෙන තියෙනව උල් ආයුධයකින් පහර දීල ලසන්තව මරල දැම්ම කියල.ඔබ තුමාලගෙ කාලෙ පොලිසිය බාරයට ගත්තට පස්සෙ නැතිවෙච්ච ලසන්තගෙ නොට් බුක් එකේ කොපියක් හොයාගෙන තියෙනව.එකෙ ලසන්ත ෆලො කරපු බයික් දෙකෙ නම්බර් දෙකත් හොයාගෙන තියෙනව. තව පොලිස් පොතේ ලොග් එන්ට්‍රි කරපු පිටු කැඩුවෙ කව්ද කියලත් හොයාගෙන තියෙනවා. බයික් එකෙ අයිති කාරය කියල අතඩන්ගුවට ගත්ත දෙමල මනුස්සය අත්තඩන්ගුවෙදි අභිරහස් විදියට ඝාතනය වුනා කියලත් හොයාගෙන තියෙනව. දන් නම් නීතිය පුදුම විඩිහට වල් වැදිල තියෙන්නෙ සර්. මිනීමරුවොන්ට ගැලවෙන්න නම් අමාරු වෙයි

    • Susil says:

      Please, Please, Please take the political leadership.
      Blessings of the Triple Gems!

      Susil

  2. Mahasona says:

    Well said Sir. The people in the country are with you. Rascals in this government are blindly following orders from ‘Para Suddas’ and Indians. At the end they will fail. Come Provincial Council elections. We will fk these bastards.

  3. prasad says:

    Great warrior…great speech..Fonsekage muna balapallako…bala peretha pahara balla.

  4. විපුල says:

    ලොක්ක දැන්ම බය වෙලා වගේ !!! පොන්සේකා එනවද, නැද්ද කියලා තාම ස්ථීර නැ, තමන් වරදක් කරලා නැත්තම් යක්ෂයාටවත් බයවෙන්න ඕන නැහැ. රනිල්ටයි – මෛත්‍රීටයි දිගටම මේ සෙට් එක ආරක්ෂා කරන්න බැරී තත්යක් වගේ තියෙන්නේ!!!

    • HAMBAYA says:

      Gota baya ne bn kalaweddanta……Paw Lollo ubala

    • don katugampala says:

      modaya umba dakina heenen negitapan ban.

    • HOO ! says:

      බොල විපුලෝ යුද්ද කාලේ ඇඳ යට හැංගිලා හිටපු තොපිලෝකේ කුරිරුතම ත්‍රස්තවාදීන් කියූ කොටින් පරදා යුද්දේ දිනපු වීරයගෙන් ‘බයවෙලාද’ අහන්නේ ගවුමක් ඇඳ ගෙනද ? උඹලාගේ හොර නායක රනිල් තුමාගෙන් අහලා දැන ගනිල්ලා ලසන්ත මැරුවේ කවුද කියලා. එයා බය නම් හැන්සාඩ් කියවලා බලපල්ලා මිනි මරුවාගේ නමම එයා කියලා තියෙනවා.

    • Nandasoma Suriyaarachchi says:

      මේව, උඹලගෙ ජඩ ආණ්ඩුව බොරු සාක්කි හදල හරි රාජපක්ෂ වරු එක එක්කෙනා හිරේ දාල අනාගත දේශපාලන වටපිටාව සකස් කර ගැනීම සඳහා ගන්න පහත් ක්‍රියා මාර්ග.

      මොන තරම් චෝදනා කළාද? ඒත් තවම එකක් වත් ඔප්පු කර ගන්න පුලුවන් උනාද??
      බලමුකො මොකද වෙන්නෙ කියල…. මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නෙ….. අත තියල බලමුකො….. ආණ්ඩුව ගෙදර යවන සටන එදාට ආරම්භ වෙයි…..!!

    • silva says:

      තොපිල වගේ බත් බැලයො පොන්න කතා

    • පිංගුත්තර​ says:

      විපුල උඹ සිංහලයකුට දාව උපන් එකෙක් වෙන්න බැහැ.

    • premarathne says:

      Rata paawadenna dayakawenna epa yako

  5. Dev says:

    Kalaya wisin rata obatumata bara wanu atha.
    Ethan patan rata hadamu sama sri lankikyakutama jeewath wenna.

  6. Jau says:

    Dear Sir
    Mr. Gotabhay is a genuine character and a creative personality that the country need this time.
    People have already understood the game being played by this Yahapalana gang.
    We are not allowing them to ruin our country on the orders given by the Tamail Diaspora.
    All Srilankans should rally round with Pohottuwa…

  7. Gratitude says:

    Dear Sir
    Mr. Gotabhay is a genuine character and a creative personality that the country need this time.
    People have already understood the game being played by this Yahapalana gang.
    We are not allowing them to ruin our country on the orders given by the Tamail Diaspora.
    All Srilankans should rally round with Pohottuwa…

  8. daham says:

    We don’t know whether this government is so mad to appoint Fonseka as the minister of law and order.

  9. sanjaya says:

    My salute sir ! You are my hero !

  10. he says:

    ඔබට තුන් රුවනේ පිහිට අරක්ශාව ලැබේ වා….

  11. kawan says:

    ඔක්කොම හොනද්යි ,ආණ්ඩුවේ සල්ලි මිලියන් ගාණකින් තාත්තගේ සොහොන හදපු එක තමයි වැරදි

    • Dushantha says:

      එහෙනන් එතුමා ජනාධිපතිවරනෙට ආපුවාම උඹ චන්දෙ නොදී හිටපන්. අපිනන් දෙනවා.

      • jayantha says:

        yako yudde kale LTTE ekata baye saranagatha visa aran americawata gihilla aurudu 25 k rata gana balanne nathuwa idala ayya janapathi unama gon porak una ekawa raja karanna hadana ratakada me

        • don katugampala says:

          NODANNA DEVAL KATHAKARALA UMBA “HARAKEK “KIYALA PENNANNA EPA BAN.

        • Supun says:

          නොදන්න දේවල් කතා නොකර හිටපං මෝඩයා. ගෝඨා ගියේ සාම ගිවිසුම අත්සන් කරල යුද්දෙ නැවැත්තුවහම. එතකං යුද්දෙ මෙහෙයුම්වල හිටපු ප්‍රධාන නිලධාරියෙක්. ඇමරිකා ගියේ green card එකෙන්.

        • ගුණේ අයියා says:

          තව බැනපන්… සිංහල අපි තව තවත් ශක්තිමත් වෙනවා

    • adrian says:

      Kawan is trying hard to say something against Gothabaya. Stupid Liar Kawan, it is too late, every one hates yahapaalana Govt.

    • පිංගුත්තර​ says:

      api ennam thoge sohona hadanna.

  12. Suresh says:

    leader must be depolomatic and also must be trustful. Locally and internationally trustworthy and respectable. We are waiting for that leadership.

  13. KUMARA HERATH says:

    IT WAS THE assailant HIMSELF WHO GAVE THE CALL TO MANO PERERA; WHO IN TURN RANG THE CDS AND BROKE THE NEWS.

  14. SUNIL says:

    යුද්දෙ කාලෙ බයේ ඇමරිකාවට පැනලා පිරවුම් හලක පොම්ප ක්‍රියාත්මකකරපු එකා අයියා ජනාධිපතිවුනාට පස්සෙ රටට ඇවිල්ල යුද්දෙ වෙන එවුන් ලව්වා කරවගෙන දේශප්‍රේමී ලේබල් ගහගෙන හොරකම් කරලා මිණී මරල තව පඩ ෂෝ දාන්නත් එනවා.

    • Deiya says:

      @SUNIL කරුනු හොයල කතා කරපන් ගොනෝ…

      1) “බයේ ඇමරිකාවට පැනලා” – කර්නල් කෙනෙක් විදියට විශ්‍රාම ගෙන
      2)”පිරවුම් හලක පොම්ප ක්‍රියාත්මකකරපු එකා” – Unix System Administrator
      3)”යුද්දෙ වෙන එවුන් ලව්වා කරවගෙන” – ජෝර්ජ් බුශ්, ඔබාමා, ක්ලින්ටන් ල නිලදාරින් මෙහෙයවල යුද්ධ කරා මිස තුවක්කු උස්සන් යුධ බිමට ගිහින් සටන් කරාද බූරුවෝ

    • SENANAYAKA says:

      Thamuseta hondatama ridila wagei. Rs 6500 vedi karaganna puluwan ghana mehema gon kacha liwwoth.

    • ජනාදරී විමලසුරේන්ද්‍ර says:

      සුනිල්, නුඹ ආයේ සැරයක් පටලගෙන. ඇමරිකාවෙ පැට්‍රල් ෂෙඩ් එහෙක වැඩ කලේ ගෝඨා නෙමේ,
      දම්මික රණතුංග, අර්ජුනගෙ සහෝදරයා.

      ගෝඨා සේවය කලේ කැලිෆෝර්ණියාවේ සුප්‍රකට පරිගණක
      ආයතනයක Linux Administrator කෙනෙකු විදිහට.

      දන්නෙ නැති කමට හෝ අපහාස කිරීමේ අදහසින් සම්ප්‍රප්පලාප
      දෙසා බෑමෙන් සිදුවන්නේ නුඹ බොරු කාරයකු බව මෙම වෙබ්
      සයිට් එක කියවන/බලන අය අතර මතයක් ඇතිවීමයි.

    • Narisena says:

      Sunil. Kamal. Kawan uppeenna. Sahatiketa. Mudukkuwen. Salliwalata. Gattha taattlaa
      Ammala. Innata. Asamajjaati. Narumayo. Fu n p kiyanne. Ooka tama

    • Supun says:

      නොදන්න දේවල් කතා නොකර හිටපං මෝඩයා. ගෝඨා ගියේ සාම ගිවිසුම අත්සන් කරල යුද්දෙ නැවැත්තුවහම. එතකං යුද්දෙ මෙහෙයුම්වල හිටපු ප්‍රධාන නිලධාරියෙක්. ඇමරිකා ගියේ green card එකෙන්.වැඩ කරේ කොම්පියුටර් ආයතනයක. උඹේ මොලේටනම් සිරිකොතෙන් හොඳ ගොම ලෝඩ් එකක් පොම්ප කරල තියනව.

    • ගුණේ අයියා says:

      සිංහල අපිට 74%

    • ඡන් ගොම්පා says:

      සුනිල් නමින් ලියන එන්ජීඕ කාක්කි චම්පා උඹ ඇමරිකාවේ ගිහින් ෂෙඩ් වල පැට්‍රොල් ගැහුවට ගෝටා පලිද බං

  15. Mahen says:

    EVER SRILANKAN SHOULD READ THIS LETTER!
    LET US SHARE THIS AS MUCH AS WE CAN.
    HE IS THE ONLY PERSON WHO CAN SAVE THE NATION!!!

  16. Rosh says:

    Wow! What a nice response. A true leader indeed.

  17. ආනමඩුවෙි නන්ද හිමි says:

    යහපාලන රජයේ ඉතාමත් දුර්වල, නිවට,නියාළු ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ යුගයේ වංචා,දූෂණ වලට සමිබන්ධ අයට මෙන්ම අපරාධකරැවන්ටද නීතියෙන් ගැලවීමට අවස්ථාව ලැබෙමින් පවතින බව පෙනේ.පසුගිය පළාත්පාලන මැතිවරණයේදී පොහොටිටුකාරයින්වත් බලා⁣පොරොත්තු නොවූ ජන්ද ප්‍රමාණයක් රාජපක්ෂ කණ්ඩායමට ලැබීම හේතුවෙන් ඔවුන් උදම් අනමින් සිටී. යමෙක් අපරාධ හෝ වංචා සිදුකළා නමි, ඔහුගේ හෘද සාක්ෂිය ඒබව දන්නවා ඇත. මෛත්‍රීපාල, රනිල් පාලනය දුර්වල පාලනයක් බව ඇත්ත උවත්,ඊට විකල්පය නැවත රාජපක්ෂලා බලයට ගෙන ඒමනමි අපේ රටට දෙවියන්ගේම පිහිටයි. ” ලිහලා බැලූ මල්ලේ ඇති දේවල් ඔබලා බැලිය යුතුද?”

    • සිංහල බන්ඩා says:

      ජෙප්පො බලයට ගේමු කියල නේද නොකිය කියන්නෙ? ඔිවා පුත්තම් බූරුවන්ටම හොඳය්.

    • ඇබිත්තයා says:

      ඔබ වහන්සේ මහන උනේ මිනීමරු ජෙප්පන්ට කඩේ යන්නද ? සිවුර දා ගත්තා නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ විදිහට ජීවත් උනා නම් නේද හොඳ සිවුරට අගෞරව නොකර

    • Api. Unp says:

      Anamaduwe. Nandage. Taattha dambarada. Athuraliyeda

    • ගුණේ අයියා says:

      සිංහල අපිට 74%

  18. God angel says:

    Well said sir.!! You need my country

  19. pakshikaya says:

    well said sir .this is the real truth . people know that..we all with you sir.we need person like you to save our country..it will go to them witout fail . it was the buddha said .

  20. PIYAL says:

    ආණ්ඩුවට තිබෙන ලොකුම භය ගෝඨාභය.
    අද එජාප පාක්ෂිකයින් පවා කියනවා රට හදා ගන්න ඕනි නිසා ගෝඨාභය මහත්තයා ජනපතිවරණයට ඉදිරිපත් වුණොත් පක්ෂ භේද
    පැත්තක තියලා එතුමාට ඡන්දය දෙනවා කියලා.
    ඒ නිසා ජනපති සිහිනයේ ඉන්නා අයට ගෝඨාභය මැතිතුමා අත්අඩංගුවට ගන්න
    ලොකු උවමනාවක් ඇති වෙලා. එතුමාව සිරබාරයට පක්කරලා තමන්ගේ ගමන යන්නයි මේ හොරු උත්සහ කරන්නේ.

  21. shrimal says:

    now we want real leader in sri lanka and you same gotabaya rajapasha

  22. xHitan says:

    Nikan Hangimuttan Epa …
    American Puravesiyo Wechcha eke Athadanguwata Gattha kiyala Lankawe Dsapalneta Loku Paaduwan anaha …

  23. priya says:

    gothabaya sir is a one hero our nation proud to be and salute

  24. podi hamuduruwo says:

    අපි ඉන්නව සර්. උන්ව මරාගෙන මැරෙනව සර්ට අත තියපු දාට…

  25. විතාරන්දෙණියේ සුමංගල හිමි says:

    ජනාධිපතිවරණයට UNP යෙන් එන්නෙ සජිත් පේමදාස. ගෝඨා නෙවෙයි මොකා ආවත් සජිත්ට පරාදයි.

    • Rex says:

      උගෙ බහිරව පූජා කරන එකාද කොහෙද

    • පිංගුත්තර​ says:

      තෝත් අර වටරැකය වගේ අග්ගිස්ස කපා ගත්ත එකෙක්ද බොල​?

  26. Upali says:

    චන්දයකට ඉදිරි පත්වී දිනන්නට බැරි පන්දම් ලිස්ට් වලින් ආ දේශපාලුවන්, කැපුවත්.. රට බෙදුවත්.. රට විකුනුවත්,, අර්ටිකය වැනසූවත්….. නය අරන් වැඩ නොකර සැප වින්දත්…රනිල් හොඳයි කියන කුහකයින්, සහ වැරදීලා බව දැනගෙනත් ආපසු හැරෙන්න ලජ්ජා වන අමනයෝත් හැරෙන්න අන් සියලු 70% ක් වන චන්ද දායකයෝ මෙතුමාගේ හඬ අගයති.

  27. Cpt saman wagaarachchi says:

    වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි. kappetiwalana kiyanne edithara hamuda niladariyek. mu wage mole pissu hadagena yuddeta baye USA giya baya gothek nemeyi. mu ape wiruwanwa pawadena hora thakkadiyek. thoge demawu piyange sohon haduwe thope sakkuwe mudalinda bola? higanna kal ikuthwu MIG genwala AIR FORCE kollo godak maruna. thota hena gahanawa

  28. ගුණේ අයියා says:

    සිංහල අපි 74%… ගෝටාට බනින උන් සුලු ජාතීන්… මොකා උනත් සුලු ජාතීන්ට කත් අදින උන්… එකත් හොදයි… මුන් හින්දාම සිංහලයා තවත් ශක්තිමත් වෙනවා

  29. Jumma says:

    අද තියෙන කොමෙන්ට්ස් දැක්කම යහපලන අය නැවතත් අන්තර්ජාලයට විශාල මුදලක් වියදම් කරන බව හොඳින් පේනව. නැවතත් බොරුව සියදහස් වරක් ප්‍රචාරය කර ඇත්ත වසන් කරවීමට උත්සහ ගන්න බව මනාවට පෙනෙනව.

  30. Dedunna says:

    gota is getting afraid. Fonseka will be appointed as law and order minister next Friday

  31. DT says:

    අද තියෙන කොමෙන්ට්ස් දැක්කම යහපලන අය නැවතත් අන්තර්ජාලයට විශාල මුදලක් වියදම් කරන බව හොඳින් පේනව. නැවතත් බොරුව සියදහස් වරක් ප්‍රචාරය කර ඇත්ත වසන් කරවීමට උත්සහ ගන්න බව මනාවට පෙනෙනව.

    මේකෙ කමෙන්ට්ස් දාලා තියෙන සුනිල් කමල් වැනි අවජාතකයන් හා උන්ගෙ පවුල්වල අය උන්ගෙ දරුවන් ජීවත් වෙන්නෙ මේකෙන් ලැබෙන් සල්ලි වලින් වගේ

  32. CVF says:

    Mr. DT you are correct

  33. D Anush says:

    මහා සංඝරත්නය මෙි දෙශපාලන සාකච්ඡාවට එන එක සුදුසු නෑ .සාසනයට සැහෙන්න අගව්‍රරව වෙනවා.ඒ ගැන හිතල කිවිවෙ.

Main News