ජනපතිගේ අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ.. ආණ්ඩුවම කැළඹිලා ඉන්නේ..- කිරිඇල්ල

January 12, 2018 at 10:40 am | lanka C news
ජනපතිගේ අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ.. ආණ්ඩුවම කැළඹිලා ඉන්නේ..- කිරිඇල්ල

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න නිශ්චිත කර දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට කැපවූ පක්‍ෂ පවා දැනුවත් නොකර මෙය සිදු කර ඇති බවයි.

ආණ්ඩුවෙන් පක්‍ෂ නායකයන්ද මේ සම්බන්ධයෙන් තමනට දන්වා ඇති බව ඔහු සදහන් කරයි.

මේ නිසා ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඔවුන් කියා සිටියේ යයිද ඇමතිවරයා කියා සිටී.

මේ කාරාණාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තම ස්ථාවරය මෙතෙක් ප‍්‍රකාශ කර නැති අතර ශ‍්‍රීලනිපය හැර වෙන කිසිදු පක්‍ෂයක් තම මතය කියා නැත.ශ‍්‍රීලනිපය 2015 පැවති ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට කටයුතු කල පාර්ශවයක් නොවේ.

24,196 Viewers

5 Comments to “ජනපතිගේ අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ.. ආණ්ඩුවම කැළඹිලා ඉන්නේ..- කිරිඇල්ල”

  1. ඇත්ත says:

    අලුත් ආප්පයක් කන ගමන් අවුරුදු 06ක් ඉන්න හිතෙන්න ඇති…..

  2. kamalasirikuruwita says:

    මිස්ට කිරි , ඔයා ඕවා ගැන බොරුවට බය වෙන්න එපා. මයි3 උන්නැහැ ඔය වැඩෙත් කරන්නේ රනිල්ගේ ඔපිනියන් උඩ බව ඔහෙලා දන්නෙම නැත්ද. මොකද රනිල් කියන්නේ මයිත්‍රී – මයිත්‍රී කියන්නේ රනිල් නිසා. මෙයා කරන වැරදි වලට එයා හවුල් (කොච්චර නෑ කියල පෙන්නන්න හැදුවත් ) එයා කරන වැරදි වලට මෙයා හවුල්. ඕක තමයි හවුල් දිගේ තරම.

    • Upali says:

      ඊළඟ පාර ආප්පයා උබවත් රවට්ටලා උබේ ඡන්දෙ ගන්නවා. ලක්ෂ 62ක් රවට්ටපු එකාට උබ මොන කජ්ජක්ද?

  3. Dr Lakshman Fernando says:

    He too GREEDY on the post SAME AS YOU. IT IS THE THEORY OF HOPPERS.

    TAKE IT EASY. 100% SURE, YOU CAN NOT COME TO THIS POST, DO NOT MAKE DREAMS.

  4. ytd says:

    UNP and SLFP just pretending. This type of simple tactics enough to play fool Sinhalese fool.
    Sinhalese are only inheritance fools in this world only think about foods.

Main News