ජනපතිගේ කාලය වසර හයක් නම් 19 සංශෝධණයත් අහෝසියි.. පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවිය හැකියි..

January 13, 2018 at 2:10 pm | lanka C news
ජනපතිගේ කාලය වසර හයක් නම් 19 සංශෝධණයත් අහෝසියි.. පාර්ලිමේන්තුව  ඕනෑම මොහොතක විසුරුවිය හැකියි..

වත්මන් ජනාධිපතිගේ ධුර කාලය වසර හයක් යයි උපරිමාධිකරණය විසින් තීන්දු කලහොත් ඔහුගේ පාලන කාලය තුල 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලයද ජනාධිපතිවරයාට ලැබෙන බවත මන්ත‍්‍රීවරයා කීය.

19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර ධුර කාලයද අඩු කරන්නේ යයි පැවසීම අමූලික මුසාවක් යයිද ඔහු සදහන් කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

12,639 Viewers

6 Comments to “ජනපතිගේ කාලය වසර හයක් නම් 19 සංශෝධණයත් අහෝසියි.. පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවිය හැකියි..”

  1. kadiya says:

    මේක මුල ඉඳලම කරන බොරුවක්. UNP ලොක්කෝ දන්නවා මේ ගේම මුල ඉඳලම. මේක UNP + සිරිසේන දෙපැත්තම ගොඩයන්න ගහන ගේමක්. UNP යට තියෙන්නේ සිරිසේනගේ පිහිට තමයි. 2015 අගෝස්තු වගේ ඊළඟ පාර්ලිමේන්තු චන්දෙදිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද කරලා 2020 අගෝස්තු පාර්ලිමේන්තු චන්දෙ ගොඩදගන්නනම් සිරිසේන 2021 වෙනකම් ජනාදිපති වෙලා ඉන්න ඕනෑ. ඒ අනුව SLFP එක බෙදකරලා තියාගන්න ඕන. ඒකට තමයි මේ එන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝම UNP මෝඩ චන්ද දායකයෝ වගේ කියල හිතාගෙන තමයි මේ ගේම ගහන්නේ. පෙබරවාරි 10 පලාත් පාලන චන්දෙන් 1.පොහොට්ටුව 2. අලියා 3. අත හෝ JVP වුනොත් සිරිසේන ලඟ ඉන්න අයගෙන් 80% මහින්ද ගාවට යනඑක වලක්වන්න තමයි 2021 වෙනකම් සිරිසේන ජනාධිපති කම රැකගන්න වලිකන්නේ.

  2. S kumara says:

    No that’s not right.
    Parliamentary elections were held after 19th amendment were passed.
    President was elected before 19th amendment

  3. නුතන අලි බබා says:

    නුතන අලි බබා හා බැඳුම්කර හොරු හතලිහ සමග පින් පින් නොන්නාගේ සංහිදියාව තිරගතවේ.

  4. රාහුල මල්ලී says:

    Kumara.. You are correct..As the President was elected before the 19th amendment passed, he has the power to dissolve the Parliament too after two years.

  5. Open mind says:

    රත්තරන් සොයා ගැනීමක් හා විග්රහයක්……හැබැයි ……

  6. Nandasoma says:

    මේ කථාව ඇත්ත…
    සිරිසේනට වසර පහේ නීතිය වලංගු නැත්නම්, 19 වන සංශෝධනයේ ඇති කිසිදු නීතියක් ඔහුට වලංගු නොවේ….
    ජාතික ආණ්ඩුව සහ ඇමති සංඛ්‍යා නීතිය ඇතුලු කිසිදු නීතියක් මෙම පාර්ලිමේන්තුවට අදාල නොවේ….
    මෙම පාර්ලිමේන්තුව පත් වන විට වලංගුව පැවතියේ 18 වන සංශෝධනය බැවින්, 19 වන සංශෝධණය එයට බල නොපායි…
    එමෙන්ම, ඉදිරියේදීද පනවනු ලබන කිසිදු නීතියක් පවතින ආයතන වලට වලංගු නොවනු ඇත..!
    එබැවින්, ගරු අධිකරණය මෙහිදී පැහැදිලි තීන්දුවක් ගත යුතුය..!!

    මෙහිදී මතුවන අනෙක් ගැටලුව නම්, මෙසේ විමසීමට ජනාධිපති වරයාට ඇති අවශ්‍යතාවයි…
    තම ධූරය වසර 4කට සීමා කිරීමට සිටි ඔහුට අන් අයගේ ඉල්ලීම මත වසර 05කට සීමා කිරීමට සිදු විය….
    එනම් ඔහුට අවශ්‍ය වූයේ හැකි තරම් කලින් ජනාධිපති ධූරය අහෝසි කොට ගෙදර යාමයි…
    එසේ තිබියදී සියලුම අංශ අර්බුදයකට ලක් කරමින් මතයක් විමසීමේ අරමුණ කුමක්ද? ඉදිරි ජනාධිපති වරයකු හට මෙම ගැටලුව කෙසේවත් පැන නොනගී…..!!!

    එසේ නම්, මෙහි එකම අරමුණ ජනාධිපති ධූරය අත් හැරීමේ අභිලාෂය මේ වන විට වෙනස්ව ඇති බවයි….

Main News