ජනපතිගේ තනි තීන්දුවට එජාපයේ දැඩි විරෝධය.. ප‍්‍රබල දේශපාලන තීන්දුවක්..

October 18, 2018 at 2:10 pm | lanka C news
ජනපතිගේ තනි තීන්දුවට එජාපයේ දැඩි විරෝධය.. ප‍්‍රබල දේශපාලන තීන්දුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මහජන බැංකුව, ලංකා බැංකුවේ හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයන් විසුරුවා හැරීම එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති හෝ විෂය ඇමැතිවරුන්් කිසිවකු දැනුවත් නොකර බව ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කළ යුතු බවද එම පක්ෂයේ ප්‍රබලයන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

විශේෂයෙන් රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නැති බවත් එම බලය ඇත්තේ පනතට අනුව විෂය භාර ඇමතිවරයාට බවත් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ මතය වී ඇත.

මේ හේතුවෙන් ඉතා ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගත යුතු බවත් අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු මුල්ම කාරණයක් ලෙස එය සාකච්චා කල යුතු බවටද බලපෑම් එල්ල වෙමින් තිබේ.

43,455 Viewers

7 Comments to “ජනපතිගේ තනි තීන්දුවට එජාපයේ දැඩි විරෝධය.. ප‍්‍රබල දේශපාලන තීන්දුවක්..”

  1. නයා says:

    “අපි තරහයි”
    දෙවනි කථාංගයේ පූර්ව ප්‍රචාරක පටය ආරම්භ වී ඇත……

    • සිංහල බන්ඩා says:

      ම‌ෙිිිකනම් නාටකයක් න‌ෙ‌ව‌ෙය්. ද‌ෙය්ය‌ෝ සාක්කී! මදෑ හ‌ොරැ ඇල්ලුවා, ‘යහපාලනය’ ඉවරව‌ෙනක‌ොට උනුත් ඉවරය් රටත් ඉවරය්.

    • මං සිරිසේන says:

      දැන් නාට්ටි නෑ. ඇත්තටම තරහයි. මාව මරන්න කුමන්ත්‍රණය කල එකා එක්ක මොන නාට්ටිද ?

  2. Gunapala says:

    There is nothing wrong if the Directors are rouges. If not, UNP wants to go ahead with the rouges like in Central Bank? Prez Jayawewa.

  3. chandapala says:

    ජනපතිවරණය ලග එනවනේ. අලුත්ම ච්ත්‍රපටිය පෙන්නන්න පටන් අරන් වගෙයි. අනේ අම්මප අපි වගේ මෝඩයන්ට මේ තේරෙන්නේ නෑනේ අප්පා.???????????

    • Samuvel says:

      විකට නලුවන් වීරයින්ට රඟන අතරේ දුස්ට නලුවන් යහපත් චරිත වලට බැහැල.

  4. බන්ඩා says:

    හවුල‌ෙ කැඳත් එපා කියල සිංහල කියමනක් තියනවා. එල හරක්ය් මී හරකය් එකට කරත්ත‌ෙ බැඳල දක්කන්න බැහැ කියල කතාවකුත් තියනවා. ආප්ප කාල පැන්න උනත් සිරිස‌ේන ගම‌ිි‌ෙ උපන් ග‌ොවිතැන් බත් ක‌ොරපු මිනිහ‌ෙක්. රනිලා කැන්ද ක‌ොල‌ේ ට උඩින් ප්ලාස්ටික් පිගාන‌ෙන් කිරි බත් කාපු මිනිහ‌ෙක්. යා ද‌ෙක න‌ොරත. රත

Main News