ජනපතිගේ ‘සමනල’ කතාවට සමලිංගිකයෝ කිපෙති… ජනපතිට එරෙහි විරෝධය..

November 7, 2018 at 3:50 pm | lanka C news
ජනපතිගේ ‘සමනල’ කතාවට සමලිංගිකයෝ කිපෙති… ජනපතිට එරෙහි විරෝධය..

කොළඹදී පැවති ‘ජනමහිමය’ ජන රැළියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද කතාවේදී ‘සමනල’ ප‍්‍රජාවට එල්ල වූ විවේචනයන් හෙලා දකින බව ශ්‍රී ලංකාවේ සමරිසි එකමුතුව පවසයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 5 වැනිදා සඳුඳා කොළඹ පැවැති මහජන රැලියකදී සමරිසි ප්‍රජාව පිළිබඳව බියකින් පෙළෙමින් අදහස් දැක්වීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් ගෙන යමින් සිටි ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් සමනළ ජීවිතයට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ පක්ෂයේ ප්‍රධානීන් නොව වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමනළ රැල යැයි ද එහි පැවැසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රැලියට රැස්ව සිටි පිරිසගේ අත්පොළොසන් හඬ මධ්‍යයේය. ඔහු එම අදහස් පළ කරන අවස්ථාවේදී වේදිකාවේ සිටි සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ද සිනාසෙමින් අත්පොළොසන් දුන්හ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා විවෘතව සමරිසි භීතිකාවක් ව්‍යාප්ත කිරීම සහ එම භීතිකාවට සහාය දක්වමින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාව’ සහ සමරිසි ප්‍රජාවට සහයෝගය දක්වන ජනතාව ලෙස අපි දැඩිව හෙළා දකිමු. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ මානව ආත්ම අභිමානය පිළිබඳව ජනාධිපතිවරයාට කිසිදු කැපවීමක් හෝ හැඟීමක් නැති බව ජනාධිපති සිරිසේන මහතාගේ එම ප්‍රකාශවලින් පෙනී යයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේදී සමරිසි භීතිකාවක් ද එය මැඩ පැවැත්වීමක් ද පැවැති තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාවේ’ බොහෝමයකගේ ද ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු මෙවැනි ප්‍රකාශ කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.

එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද නැවත වරක් අවධාරණය කළ යුතුය. එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහයන්වල අත්දැකීම් අප සතුව ඇත. සමරිසි මෙන්ම විසම ලිංගික පිරිස්වල මූලික අයිතිවාසිකම් සුරක්ෂිත නොකළ, නොසලකා හැරී අවස්ථාවලට ඕනෑ තරම් උදාහරණ ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377 වැනි වගන්තිය ඉවත් කිරීමට ගත් ප්‍රගතිශීලි සහ සාධනීයේ තීරණයෙන් පසු ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවේ වෘත්තිකයන් එක්සත් ජාතික පෙරමුණේ අධිකරණ අමාත්‍යවරිය හමුවීමට අවස්ථාවක් ඉල්ලූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීම එවැනි සිදුවීම්වලට උදාහරණයකි. එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවට අවශ්‍ය පරිදි කටයුතු කළා නම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන කොටස් මේ වනවිටත් අවලංගු කළ යුතුව තිබිණි. එම පක්ෂය හෝ එම පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කළ නම් ලිංගික හැඩගැස්ම, ලැදියාවන්, ස්ත්‍රී පුරුෂ හඳුනාගැනීම සහ/හෝ ලිංගික මුහුණුවර/ලක්ෂණ යනාදිය නොසලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට සමානාත්මතාවයට මුල් තැන දිය යුතුව තිබිණි.

මේ නිසා ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය.

සමානාත්මතාව, යුක්තිය හා සාධාරණත්වය සහ අභිමානය වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම සතු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම සමරිසි භීතිකාවක් ඇති කරමින්, සමරිසි ප්‍රජාව පිළිබඳව වෛරයක් ඇති කරමින් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට විරුද්ධ වීමට අපි සමඟ එක්වන්නැයි ද අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.

– ශ්‍රී ලංකාවේ සමරිසි එකමුතුව

47,750 Viewers

27 Comments to “ජනපතිගේ ‘සමනල’ කතාවට සමලිංගිකයෝ කිපෙති… ජනපතිට එරෙහි විරෝධය..”

  1. Shan says:

    මෙන්න මුන්ට කියලා දීපන් ජනාධිපතිතුමා සමලින්ගිකයන්ගේ වැරද්දක් කිව්වේ නෑ, රට පාලනය කරපු හැටියෙයි, තීරණ ගත්තු හැටියෙයි, වැරද්දක් විතරයි පෙන්නුවේ කියලා

  2. Ranga Bandara gelioya says:

    equal rights should address .. we are a normal people , being a gay or lesbian in not an unusual thing . pls dont discriminate

    • Saman says:

      Pala wikurthi ponnaya yanna.

    • Victor says:

      Bullshit ! A super majority of the people in this world are heterosexual. So not being so, is indeed ‘unusual’. In the same vein it is not ‘normal’. I have no issues with you all having equal rights. President did not discriminate any, by his words. Just don’t try to push your agenda on the majority. That’s all.

    • Sandy says:

      We dont care whose gay or whose straight.
      Its personal. But like it or not, its abnormal.

      But the problem arises when a bunch of gay whores try to rule a country, trying to rationalize their abnormality, make the entire community gay.
      That’s what he meant.

  3. Dalcii mama says:

    att garu janadhipati tuma esey kiiiway tarahakata noway meya Please dot misunderstand.Jus for a pleaser.

  4. ලොල්ලො පක්ෂ කොල්ල says:

    සම රිසි කියන්නෙ සමට කැමති කියන එක . මේ නිසා වැරදි වැටහීමක් එන්න පුලුවන් .

    එබැවින් කරුණාකර පුප රිසි ලෙස වෙනස් කර ගන්න .

    • bleo says:

      මෙච්චර හිනස්සන්න එපා යකෝ තව පොඩ්ඩෙන් මට හිනා ගිය තරමට පන යනව. ඕව ක්‍රිමිනෙල් වැඩ !!!! බූහහා !

  5. Hari narakai me aya. Apitath aythiwasikam denna one.apith minissu. Narakai oya janadipthi. Ha🕺👨‍❤️‍👨

    • Mahasona says:

      මානසික ලෙඩ්ඩු අපේ රටට අවශ්‍ය නැහැ ..සමලිංගිකයෝ දුටු තැන අල්ලා සිරගෙට යවනු

      • Harshie says:

        Eka attha.mewa tamai maanawa sanhathiye awasanaye lakshana.swabhawa dharmaya gaanu pirimi kiyala wen wenwa mawwe hethu atiwa.owa maanasika wikurthitha.behethak gattot narakada paw nodee…….

  6. Anja says:

    රෙද්දේ සමරිසි. විකුර්ති කාමය මිසක් විද්‍යාත්මක පදනමක් ඕකට නැ. විවාහ යකින් තොරව කාමයේ හැසිරීම පන්සිල් කැඩීමක්. රෙද්දේ මානව හිමිකම්.

    • Samuvel says:

      තනිකරම ආගම, දර්මය, සදාචාරය , ස්බ්හාවය නොහදුනන සූකරයින් රොත්තක් ගූ වලේ කුනු වැඩ කරමින් ඉඳන් , එසේ ඉඳීමට හරස් වීම මානව සම්පත් කඩකිරීමක් කියයි. මුන් සියල්ලම ඕනනම් මේ සදාචාරමත් සමාජයේ 0.01% ක් වත් නැත. මුන් එසේ කරමින් රටේ තීරන ගැනීමේ බලය ලබන එකයි අපේ ප්‍රශ්නය.මුන්ට නායකත්වය දෙන රනිලයන් , මෝන්ගලයන් , චුක්කිලයන් එලවා දමමු.

  7. dam says:

    Yako Samanallu inne UNP eke vitharada.

    Ethakota Galkapan, Puke ……rina, Katata ….anna, Appa gahana un ekekwath Sirisena, MR gava nedda?
    Thama thamangennma ahala balapalla. Oka manashiak thathwayak………………..Thopi wage gei gembo …jathiyak loke na………

  8. fgj says:

    ane dewiyane samanal kiana nama ahinsak pera pasal daruwan saha kuda daruan wenuwenma athi wachanayak neda . samanala ranak seiyasala, samanalaya mala ha lamaya me adi lesa. ayi me pona napunsaka ali wal haththata me ,lamalokaye sundara wahnaya gawala thiyenne.

  9. Jagath says:

    Ranil and his clan tried to introduce this deviated sexual education to innocent preschool and school children, probably as adviced by western governments ! This activities should be condemned !! President didn’t use filthy words, but briefly pointed out the dangerous situation !!!

  10. Psychiatrist says:

    Meka mey wicurthi kaama ashaawak. maanasika rogayakin pelimey aitiya maanawa himikamak novey. Rogayak. issara Royal kollange weda

  11. ගලබොඩ අත්තේ චමින්ද says:

    මොවුන් අහිංසක මිනිසුන් කොටසක්. අපහාස නොකරන්න.

  12. Anja says:

    ඉන්දියාවේ මේ විකුර්ති විවාහ නීතියෙන් තහනම්. විකිපීඩියා බලන්න. බටහිර කියන විදිහට වැඩ නොකරන උන් මානව හිමිකම් කඩකරනවා ලු. රෙද්දේ බටහිර

  13. බම්බුවටද කිපෙන්නේ? ගලක් බාගෙන ආප්පයක් කා ගෙන ඉන්නේ නැතුව. says:

    බම්බුවටද කිපෙන්නේ? ගලක් බාගෙන ආප්පයක් කා ගෙන ඉන්නේ නැතුවඅහක යන තොප්පි ඔලුවේ දාගෙන විහිළු සපයන්නේ නැතුව.

  14. Ranjith says:

    තනිකරම ආගම, දර්මය, සදාචාරය , ස්බ්හාවය නොහදුනන සූකරයින් රොත්තක් ගූ වලේ කුනු වැඩ කරමින් ඉඳන් , එසේ ඉඳීමට හරස් වීම මානව සම්පත් කඩකිරීමක් කියයි. මුන් සියල්ලම ඕනනම් මේ සදාචාරමත් සමාජයේ 0.01% ක් වත් නැත. මුන් එසේ කරමින් රටේ තීරන ගැනීමේ බලය ලබන එකයි අපේ ප්‍රශ්නය.මුන්ට නායකත්වය දෙන රනිලයන් , මෝන්ගලයන් , චුක්කිලයන් එලවා දමමු.

  15. Sanath says:

    මෙය සමච්චලයට ලක් කල යුතු දෙයක් නොව. අතීතයේ සිටම තිබුනා. බුදුන් වහන්සේගේ කාලයෙත් තිබුනා. බුදුන් වහන්සේ භික්ෂු්ට සික්ෂා පැනවීමේදී ගැහැනුන් ඇසුරු කිරීම මෙන්ම සමරිසි ඇසුරත් තහනම් කළා. විනය පිටකය බලන්නන. නමුත් ගිහියන්ට තහනම් කලේ අදත්තාදානය පමනයිග ඒ කාලයෙත් මේ දේවල් සමාජයේ තිබුනා. නායකයා වැනි කෙනෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම ඔහුගේ නුගත් කම. නොමේරු බව දුෂ්ඨ බව පිලිබිබු කරන්නක්. රාජ්‍ය නායකයා රටේ සියලුම පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ගැහැනු පිරමි, අන්ධ ගොලු ආබාදිත, හා මන්ද බුුද්ධික හෝ මානසික රෝගීන් වෙත අනුකම්පාවෙන්. ගෑනි ගෙදර සිටිද්දී හොරගෑනුන් පස්සේ යන අය මේ මිනිහට හොදයි

    • කුවිපැංචා says:

      ඒ කාලෙත් සමාජයේ මේ දේවල් නම් තියෙන්න ඇති. නැහැ කියන්න හේතුවක් නැහැනේ. නමුත් අදත් අතිශය සුලුතරයක් නේ. එකටත් හේතුවක් තියෙන්න එපැයි! ඒ කතාව පැත්තකින් තියමුකෝ.

      “නමුත් ගිහියන්ට තහනම් කලේ අදත්තාදානය පමනයි” … අදත්තාදානය කියන්නේ ‘නුදුන් දේ ගැනීම’ නේ. ඒක මේ කියන කතාවට සම්බන්ධයක් නැහැනේ. දැන් ඔහේ කියන්නේ ගිහියන්ට ‘කාම සේවනය’ පිලිබඳ සිල්පද පැනෙවුවේ නැහැයි කියලද? එතකොට පන්සිල් කියල පැනවුවේත් නැද්ද? මොන ඉලවුවක්ද මේ කියවන්නේ?

  16. ගල් හාමු says:

    ලොල්ලන්ට තරහ ගිහිල්ල වගේ.ලොල්ලො සියලු දෙනාම අද හවස 7 ට ගල්කිස්ස බ්ච් එකට එන්න.අපි සුද්දොත් එක්ක ස්ට්‍රයික් කරමු.

  17. indunil says:

    wedi kaapu samanalayekk………………………….

  18. Somapala says:

    Pajathi Sira honda parlimentuwe kokkussi hodanna vitharai.

Leave a Comment

Main News