ජනපතිට එරෙහිව ආණ්ඩුවෙන්ම කුමන්ත‍්‍රණයක්.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණ කතා මැද රනිල් ඉන්දියාවට..

October 17, 2018 at 6:48 pm | lanka C news
ජනපතිට එරෙහිව ආණ්ඩුවෙන්ම කුමන්ත‍්‍රණයක්.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණ කතා මැද රනිල් ඉන්දියාවට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයක නිරත වීම සඳහා හෙට දිනයේ පිටත්ව යාමට නියමිතය.

තමන් ඝාතනය කිරිම සදහා ඉන්දිය රෝ ඔත්තු සේවය උත්සහ කරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී කියුවේ යයි ‘ද හින්දු’ පුවත්පත විසින් වාර්තා කර දිනකට පසුව මෙම සංචාරය යෙදී තිබීම විශේෂය.

එම කැබිනට් මණ්ඩල හමුවේදී මත්තල ගුවන් තොටුපල, ත්‍රිකුණාමලය තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට යෝජනා වුවත් ජනාධිපතිවරයා අකමැත්ත ප්‍රකාශ කලේ යයි වාර්තා පල විය.

විශ්වාස කටයුතු ආරංචි මීට කලින්ද ඉන්දීය නියෝජිතයින් එම ව්‍යාපෘති ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇතත් එහිදී ජනාධිපතිවරයා තීරණයක් දී නැති බවත්ය.

මෙම තත්වයන් ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාව දැනුවත් කරනු ඇති බවද පැවසෙයි.

කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇත්තේද ආණ්ඩුවේම ජනාධිපතිවරයාගේ ප‍්‍රති පාර්ශවය විසින් දේශපාලන වාසි තකා විය හැතකි බවටද සැක පලව ඇත.

ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සදහා උත්සහ ගත් ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි යයි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කලා යයි කියන වාර්තාවන් අසත්‍ය යයි කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කීය.

16,105 Viewers

3 Comments to “ජනපතිට එරෙහිව ආණ්ඩුවෙන්ම කුමන්ත‍්‍රණයක්.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණ කතා මැද රනිල් ඉන්දියාවට..”

  1. sathya says:

    Ane manda! MY3 thani wela.
    Mahinda gawata giyoth Saramath Galawai
    Ranil gaawa hitiyoth amudeth nathi wei.

    Paaduwe hitiya nam mokada…….

  2. david milibanda says:

    Namal Kumarayage kathawa poddak holawala gamu…………….
    Special commission ekak daala vibaaga karamu….. nathinam, tape pita rata yawayi.

    Ganu kaduwa, Yanu satanata.

  3. Nim says:

    ” MAGA HITIYOTH THO NAHEE
    GADARA GIYOTH ABU NASEE. ”
    GALA UDDA KATHA KARAGATHA
    BALALA TA WUNA DE NEEDA ?
    MY 3 ?

Main News