ජනපතිට ප්‍රහාරයක් එල්ල කරමින් ෆොන්සේකා වැඩ අරඹයි.. සජිත්ටත් ෂොට් එකක් දෙයි..

May 6, 2018 at 3:29 am | lanka C news
ජනපතිට ප්‍රහාරයක් එල්ල කරමින් ෆොන්සේකා වැඩ අරඹයි.. සජිත්ටත් ෂොට් එකක් දෙයි..

මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි.

හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදෙන ලෙස විදේශීය රටවලින් ඉල්ලීමක් තිබූ බව ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී ජනාධිපතිවරයා තමන්ට පැවැසී යැයි ෆොන්සේකා මහතා කියා සිටී. විදේශීය ආකල්පවලට යටත් වෙමින් රට කරවන නායකයකුව පත්කර ගැනීම ගැන තමන් මේ මොහොතේ කනගාටු වන බවද ඇමැතිවරයා පවසයි.

ඔහු මෙසේ සඳහන් කළේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු දැයි ඇතැමුන් තමන්ගෙන් විමසන බවයි. ප්‍රශ්නයට නියම පිළිතුර ලබා දුන්නොත් සජිත් ප්‍රේමදාස තමන්ගේ පරම හතුරකු වනු ඇතැයිද එබැවින් එයට උත්තර නොදී සිටීමට වගබලා ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වනජීවී අමාත්‍ය ධුරය හිමිවීම ගැන සතුටු විය යුතුව ඇතැයිද කැලේට ගොස් මත්පැන් පානය කොට ගීත ගයා නැටීමට කැමැති අයට ඒ සඳහා වෙනම වන අඩවියක් වෙන්කර දීමට හැකි බවද හෙතෙම පවසයි. යාල වැනි ජාතික වනෝද්‍යානවලට යන ඇතැම් සංචාරකයන් මත්පැන් බී සතුන්ට පීඩා වන අයුරින් හැසිරෙන බව දැන ගැනීමට ලැබුණු බවත්, එවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවැතුණහොත් වනෝද්‍යානවලට මත්පැන් රැගෙන යෑම තහනම් කරන බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– mawbima

35,246 Viewers

14 Comments to “ජනපතිට ප්‍රහාරයක් එල්ල කරමින් ෆොන්සේකා වැඩ අරඹයි.. සජිත්ටත් ෂොට් එකක් දෙයි..”

  1. විෂ ඝෝර සරුපයා says:

    විෂ ඝෝර සරුපයා රෙද්ද අස්සේ දාගත්ත නම් කෑවම අපට මොකෝ?

    • යොහාන් නිව්යෝර්ක් says:

      මේකතා වැඩක් නෑ කොටි ගානක අල්ලස් ගැනීමකට ලංකාවේ ජනාදිපතිගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානියා සහ දැව සංස්ථාවේ ප්‍රධානියා අහුවෙලා . ඒ මදිවාට දැව සංස්ථාවේ ප්‍රධානියාගේ පුතා සහ බිරිඳ සමග ජනපතිගේ පුත්‍රයා සහ බෑනා වන තිලින විවිද රටවල සංචාරය කරන අතරතුර ගත්තු පින්තුර වෙබ් එකේ තියෙනව . එකියන්නේ මේ පවුල් අතර විශාල සම්බන්දයක් තියෙනව කියන එක නේද ? මේක ඇමරිකාවේ උනානම් දවසපුරා ටීවී එකේ කතාව එක ගැන තමයි .මම මේ ලියල තියෙන කතාවේ කිසිම අපහාසයක් නෑ .ජනපති පත්කළේ අපි එනිසා අපිට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනව ජනපති කියන්නේ රජෙක් නෙවෙයි අපි විසින් අපට සේවය කරන්න පත්කරගත්තු රාජ්‍ය සේවකයෙක් පමණයි .එනිසා මේ ගැන මිට වඩා මාද්‍ය විමර්ශනයක් අවදානයක් අවශ්‍යයි මාද්‍ය ඒ පින්තුර වල සිටින පුද්ගලයන් සොයා ඔවුන්ගෙන් මේ සම්බන්දතා ගැන අසියයුතුයි එසේම ඒ ඒ පුද්ගලයන්ගේ සමීපතමයන් සම්මුක සාකච්චා සඳහා ගෙන්වාගත යුතුයි දවස පුරා මේ සාකච්චාව රැගෙන යාහැකියි .එකයි ඇමෙරිකාව සහ බිබිසි ක්‍රමය එකයි යහපාලන රටවල සිදුවන විදිය .ලංකාවේ මාද්‍ය මේක අමතක කරලා දාන්න බෑ මෙමෙහම ලෙහෙසියෙන් බය වෙන්නේ මොකටද ?මේක යහපාලන රජයක්නේ

    • සුපිරිසිදු උපාසක කොකා says:

      සිරිසේන මහතාගේ කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සබහාපති අල්ලස් අරගෙන අහුවුණු දවසෙම ඩොනල්ඩ් ට්‍රප්ම් ගණිකාවකට මුදල් ගෙව්ව බවත් අහුවුනා වෙනස තියෙන්නේ අද දවසෙත් ටම්ප් ගේ ඒ ගණිකාවට කල ගෙවීම ගැන මාද්යයේ සාකච්චා කරන වා නමුත් මෙපමණ විශාල හොරකමක් සිදුවෙලත් අපි අපේ මාද්‍ය වල ඒ ගැන කතා කිරීම නවත්තලා .
      මේ අල්ලස් ගැනීම සම්බන්දයෙන් ඊට අදාළ පුද්ගලයන් මෙන්ම ඔවුන් ඇසුරුකළ පුද්ගලයන් සොයා මාද්‍ය හඹා යාම කලයුතුයි ගවේශනාත්මක මාද්‍ය කියන්නේ එකයි ඔවුන්ට පුළුවන් මේ හොරකමට සම්බන්ද අය කවුද පිටුපස ඉන්නේ කවුද කියල හෙළිකරන්න .එය නීති විරෝදී දෙයක් නෙවෙයි මඩ ගසිමකුත් නෙවෙයි .ජනතාව දැනගන්න ඕනා තමුන්ගේ පාලකයන් තමුන්ගේ චන්ද බලයෙන් ආපු අය කරන්නේ මොනවද කියල

      • ජෙමිනි says:

        අනිවාර්යෙන්ම ජනපති අපිට කියන්න ඕනා ඔය කියන දිසානායක එක්ක ඔබගේ පවුලේ පුතා ,බෑණා තිබුණු සම්බන්දය මොකද්ද ඔවුන් ජපානය ,එංගලන්තය ,ඇමෙරිකාව වගේ රටවලට එකට ගියේ කුමක් සඳහාද කියල .එවගෙම ජනපති අපිට කියන්න ඕනා ඔබගේ බෑනා කරන රැකියාව කුමකද ?ඔහුට මෙවැනි රටවල සංචාරය කිරීමට මුදල් ලැබෙන්නේ කෙසේද එසේම ඔහුගේ වත්කම් බැරකම් සහ ඔහුගේ ඥාතීන්ගේ සහ සමීප මිතුරන්ගේ වත්කම් බැරකම් මොනවද කියල .ඒවගේම ඔබගේ පුතනුවන් හා බෑනා පිටරට සමාගම් සමග ගනදෙනු කරනවද ඒ මොනවද ?

  2. Samuvel says:

    කැලේට ගොස් අඩියක් ගහල නටන්න නම් මෙයත් කන්න මැමති දඩ මස් බයිට් එකකුත් ඕන.

  3. simion says:

    එම පුවත්පත් සාකච්ඡාවේදී මොහු පවසා සිටියේ යාල වනයට ‘අරක්කු’ රැගෙන යාම තහනම් කරන බවයි…ඒ අනුව කසිප්පු, විස්කි රැගෙන යා හැකියි..අවුලක් නැහැ…

  4. අපි ගොන්නු සංවිධානය says:

    වනාන්තරයටද වනජීවින්ටද නීතිය හා සාමය උදාකරලීමට මෙතුමාට උරුම ඉස්ථානය ලබාදීමට කාරුනික වූ අතිගරු උතුමානන්ට ඉස්තූතියි. ඔබට නිවන්පුර රුවන් ෙදාරටු විවර වෝවාියි චීලංකා වෙසක් සමයේ පතමි….!!!!!!

  5. ඉන්දික says:

    අපි යුද්දෙන් පස්සේ ඉන්න ෆොන්සේකා එක්ක පැහැදීමක් නෑ නමුත් මේ කියන කතාව ඇත්තයි .
    මේ කියන්නේ ඔය කියන ඇමතිකම ෆොන්සේකාට ලැබිය යුතුයි කියන එක නෙවෙයි .ජනාදිපති ඔය කියන ආකාරයට විදේශ රටවල බලපෑම් අනුව ඇමතිකම එයාට දුන්නේ නැතිනම් ජනාදිපතිගේ ක්‍රියාකලාපය ගැන අපිට හිතාගන්න පුළුවන් .
    කොහොමද මේවගේ ජනාදිපති කෙනෙක් යුද්දේ කාලේ හිටියානම් .නිහින, සුද්දට යටත්වෙන ?එහෙනම් සුද්දෝ හුහ් ගාපු හැටියේ යුද්දේ නවත්වාවී .
    මහින්ද කොන්ද කෙලින් තියාගෙන ඔය කිසිම සුද්දෙක් කියන දෙයක් මායිම් කරන්නේ නැතිව කොටි මරලා දැම්ම සිරිසේන හිටියනම් සුද්දෝ කියන කියන විදියට උන්ට ආයුදත් දීලා රට විනාස කරලා දාවී

    • Kevin says:

      මහින්ද රටකට හොඳ නායකයෙක් කියන එක නොකිය කිව්ව කලවැද්දට ජයවේවා

  6. රාහුල මල්ලී says:

    ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපතිව සිටි ඩේවිඩ් ග්ලැස්ටන්ව ප්‍රේමදාස මහත්තයා රටෙන් පිටුවහල් කලේ අපේ රටේ ප්‍රශ්ණවලට අනවශ්‍ය විධිහට මැදිහත් වුනා කියලා… ප්‍රේමදාස මහත්තයා වගේ ඡනාධිපති කෙනෙකුට ඇමතිවරයෙක් ඔහොම කිව්ව නං එයා විසි වෙන්නේ බ්‍රිතාන්‍යයෙනුත් එහාට…

    • රාහුල මල්ලිගේ තාත්ත says:

      ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපතිව සිටි ඩේවිඩ් ග්ලැස්ටන්ව රටෙන් පිටුවහල් කලේ J.R. ජයවර්දන ජනාදිපතියී. ප්‍රේමදාස නොවේ. ප්‍රේමදාසට ඒවා කරන්න කොන්දක් තිබුනේ නෑත.

  7. magaari says:

    සිරිසේන රනිල් යහපාලන ආණ්ඩුව කරවන්නේ විදේශ රටවල් බව සිරිසෙන ප්‍රකාශ කිරීම සතයක්.

  8. රූකඩ says:

    මෙයා කියන්න ඉස්සෙල්ලා මුලු රටම දන්නව ජනාධිපති නටන්නෙ විදේශ වල නායකයන්ට ඕනි විදිහට කියල. රූකඩ දොන් ජුවන්.

  9. Napuru Dudana says:

    Me minisa warak paththara karayekuta uththara demin kiya siriye thama kemata kemathima kema dadamas bawai. Ekanisama Sirisena mahatha mohuta niyama widyathmaka emathikama deela thiyenawa.

Main News