ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

January 16, 2018 at 10:45 pm | lanka C news
ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමට ජනාධිපතිවරයා අකමැති නම් වහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් විසින් පක්‍ෂ නායකත්වයට දැඩි බලපෑම් කරමින් ඇති බව සමාජ ජාලාවන්හි වාර්තා පලවෙයි.

අද (16) දිනයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් එජාපයට විරෝධය පෑමත් සමග පස්වරුවේ සිට මෙම බලපෑම් තවත් වැඩිව ඇති බව සදහන්ය.

ජනාධිපතිවරයාට ධුරය දරන්නට බැරි නම් ඉන්ද ඉල්ලා අස්වන ලෙසත් ව්‍යවස්ථානුකූලව ඉතිරි ධුර කාලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බාර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇතැයිද කියැවෙයි.

එජාප හිතවාදී පුවත් අඩවි වලින්ද මේ හා සමාන්තර වාර්තා පල කරමින් තිබේ.

මේ අතර ඇතිව තිබෙන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හෙට (17) දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්චාවක් කැදවා ඇත.

28,836 Viewers

13 Comments to “ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..”

  1. Rohitha says:

    Will the JO allow that?

  2. ACTING-LAKTIN says:

    Election ACTING, ACTING, ACTING

    Now showing at APPA KADE

  3. රාහුල මල්ලී says:

    ඡනාධිපතිවරණයකදී ඡනතාව චන්දය දෙන්නේ පක්ෂයකට වැඩිය පුද්ගල ප්‍රතිරූපයටයි.. ෆොන්සේකා මහින්ද සටනේදී වුනේ ඒකයි.. මෛත්‍රී ඉල්ලා අස්වුනත් රනිල්ට සදාචාරාත්මක අයිතියක් නෑ ඡනපතිගේ කාලෙයේ ඉතිරි කොටස වෙනුවෙන් පෙනී සිටින්න.. ඔහුට ඡනවරමක් ලැබුනේ නෑ.. කල යුත්තේ නැවත ඡනාධිපතිවරණයක් පවත්වා ඡන වරමක් ලබා ගැනීමයි..

  4. BARCARDI says:

    MY3 is still attacking MR than RW. But if MY3 happens to attack RW, it may be end of UNP.

  5. siraa says:

    සිංහලයාගේ අවසානය, බුද්ධාගමේ අවසානය, ශ්‍රී ලංකාවේ අවසානය.

  6. නිදහස් says:

    ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න බැරි වුන එ.ජා.ප. පිං අගමැතිකමත් අරගෙන, ජනාධිපති වෙන්න සිහින මවනව. වැඩිය දැගලුවොත් පිං අගමැතිකමත් ගහල යනව කියල මතක තියාගත්තොත් හොදයි.

  7. Bandara says:

    This is a planned friendly match till 10.02.2018. They know how to fool people very well. The people who vote for them are the idiots.

  8. hewwel says:

    Just a ACT !!!

  9. kamalasirikuruwita says:

    දාල යයි , දාල යයි බලාගෙන හිටපල්ලා. අනිකත් මල පෙරේතයෙක් වගේ මෙහෙම හරි කමක් නැහැ දවසකට හරි ජනපතින් වෙන්න තියේ නම් කියල බලෑ ගෙන ඉන්නවා. කොහොමත් රට මෙහෙ කෙලවෙගන යනවා. අනේ අපොයි මෙහෙව් කාලයක්

  10. samuvel says:

    හලෝ කලබල නැතිව ඉන්නවා. මේ පිචර් එකේ ප්‍රේක්ශකයා කුතුහලයට ලක් කරන සියුම් අවස්තාවක්. ඔබලා සිත ජාතියේ මුකුත් වෙන්නේ නෑ. ෆෙබ් 10න් පස්සෙ ජනපති අගමැති එකතුවී වැඩි ප්‍රා සබා බලය ගන්නවා.

  11. Crazy says:

    “President”, “Prime minister”, “Speaker” and “Opposition leader” roles are no longer an Honourable positions in Sri Lanka….

Main News