ජනපති-අගමැති ඇමතිවරුන්ගේ බැනර්, කටවුට් රටපුරා.. ඉවත් කිරීමක් නෑ..

January 12, 2018 at 5:30 pm | lanka C news
ජනපති-අගමැති ඇමතිවරුන්ගේ බැනර්, කටවුට් රටපුරා.. ඉවත් කිරීමක් නෑ..

ජනපති හා අගමැති, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රුව ඇතුලත් බැනර් හා කටවුට් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් කොමිසම වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

මැතිවරණ කොමසාරිස්තුමා,
මැතිවරණ කොමිසම,
රාජගිරිය.

කොමසාරිස්තුමනි,

ජනපති, අගමැති හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කටවුට් හා බැනර් ඉවත් කිරීම

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු සිදුකෙරෙමින් පවතින මෙම සමයේ මැතිවරණ නීති රැකීම සම්බන්ධයෙන් විවිධාකාර කතාබහ අසන්නට, දකින්නට ලැබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් ඔබතුමන් මෙන්ම පොලිස්පතිවරයා මැතිවරණ නීතිය ගැන අදහස් දක්වනු අපට පසුගිය දිනවල දකින්නට ලැබුණි. කියන විට කෙසේ කීවත් නීතිය ක‍්‍රියාත්මක කරන්නට යන විට අපට පෙනෙන්නට ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය අනුව නීතිය රැකීම කෙසේ වෙතත් නීතිය නැමීම නම් ගජරාමෙට සිදුවන බවය. ඊට එක් උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි.

මැතිවරණය ප‍්‍රකාශයට පත්වන්නටත් පෙර මිනුවන්ගොඩ පාසල් සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට අදාලව මාගේ රුව යෙ¥ දැන්වීම් පුවරුවක් මා නිවස පිහිටි උඩුගම්පල මංසන්ධියේ ප‍්‍රදර්ශනය කෙරෙමින් පැවැතිණි. එහෙත් එය මැතිවරණයක දී වාසිසහගත වන බව කියමින් වෙනත් පක්‍ෂයක සංවිධායකවරයකු පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලිසිය මා හට දැනුම් දුන්නේ එම දැන්වීම් පුවරුව ඉවත් කරන ලෙසය. මා පක්‍ෂයක නායකයෙකු හෝ මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයෙකු නොවූව ද පොලිසියේ ඉල්ලීමට ගරු කරමින් මම එම දැන්වීම් පුවරුව ගලවා ඉවත් කළේ මහජන නියෝජිතයෙකු වශයෙන් මා සතු යුතුකම් හා වගකීම් රකිමිනි.

මහජන නියෝජිතයෙකු ලෙස මාගේ දැන්වීම් පුවරුව එසේ ගලවා ඉවත් කළ ද පක්‍ෂ නායකයන් දෙදෙනෙකු වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගේ රුව රැගත් පුවරු මෙම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රුව රැගත් පුවරු ද රට පුරාම මේ වන විට දකින්නට ඇත. එය නීත්‍යානුකූල නොවන බව පොලිසියට නොපෙනෙන්නේ මන්ද යැයි මම විමතියට පත්ව සිටිමි.

එබැවින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ජනපති හා අගමැති, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රුව ඇතුලත් බැනර් හා කටවුට් ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.
මෙයට – සේවයට කැපවූ

ප‍්‍රසන්න රණතුංග
පාර්ලිමේන්තු මන්ත‍්‍රී

7,043 Viewers

7 Comments to “ජනපති-අගමැති ඇමතිවරුන්ගේ බැනර්, කටවුට් රටපුරා.. ඉවත් කිරීමක් නෑ..”

  1. john the baptice says:

    මැතිවරණ කොමසාරිස්තුමා, කටින් බතල හිටවනවා පමනය වහාම ඉල්ලා අස්විය යුතුය

  2. Sunil says:

    රටේම ගහල තියන සාටකයාගේ බලිය ඇතුලත් පොහොට්ටු කාරයොන්ගෙ පෝස්ටර් බැනර් කටවුට් වහාම ඉවත්කල යුතුයි.

    • විජේ says:

      තොට එ්ව අවුල්නම් ඉවත් කරපිය බල්ල. එ්ත් රටේ මිනිස්සු එ්වට කැමතියි.අර පඹයො දෙන්නගෙ පිංතුර වලට වඩා. රට රැකගත්ත මනුස්සයට හරියට කතාකරන්න ඉගෙනගන් මී වස්සා.

    • Wijebahu says:

      Sunil, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

  3. සනත් ඉතාලිය says:

    සුනිල් එහෙමද ආස..එතකොට ඔබට සතුටුයිද

  4. බබා උක්කුන් says:

    මැකෝගේ හැම ක්‍රියාවකින්ම පෙනෙන්නේ හැගෙන්නේ මහින්ද විරෝධය. හොදට විශ්ලේෂණය කරලා බලන්න ඔහු ගන්න හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නේ පොහොට්ටුවට, මහින්දට අවාසි වෙන විදිහට. 2015 දී ක්‍රියාකලෙත් මේ ආකාරයට. 2015 චන්ද ප්‍රතිපල ගැනත් අපිට දැන් සැකයක් තියෙනවා. මී ලග රජයෙන් ඒ සම්බන්දව කොමිසමක් පත්කොට සොයා බලන්න ඕන.
    කොහොමත් මෙයාගේ මලය දේශද්‍රෝහියෙක්. මෙය ඊට වෙනස් වෙන්න බැහැනේ.

Main News