ජනපති-අගමැති විරසකය ඉහලට.. තේ නොබී ජනපති යන්න යයි..

May 9, 2018 at 9:20 am | lanka C news
ජනපති-අගමැති විරසකය ඉහලට.. තේ නොබී ජනපති යන්න යයි..

ඊයේ දිනයේ උත්සව ශ‍්‍රීයෙන් පාර්ලිමේන්තු නව සැසිවාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආරම්භ කිරීමෙන් පසු සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාම්ප‍්‍රදායික තේ පැන් සංග‍්‍රහය පැවැත්වින.

මීට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති දේශපාලන විරසක භාවය යයිද වාර්තා වෙයි.

විශ්වාස භංගයේදී හා ඇමති මණ්ඩල සංශෝධනයේදී ඇති වූ සිද්ධීන් හේතුවෙන් මෙම විරසකය වැඩි වී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි කාල සීමාව සදහා වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ගජමිතුරැ ආර්ථිකය පරදා රට ගොඩගත යුතු බවකි.

35,841 Viewers

17 Comments to “ජනපති-අගමැති විරසකය ඉහලට.. තේ නොබී ජනපති යන්න යයි..”

  1. බන්ඩා says:

    ජනපති අගමැටි විරසකයෙන් ‘යහපාලනය’ අවසන් වෙන කොට අගමැටි සහ ගජ මිතුරැ කල්ලිය රටේ අාර්තිකය කාලා ඉවරය්.

  2. wahabdeen says:

    dennatama behe. rata winasai dekotiyqk ssaaaaaaaaaaapa karanawa. palayaaaaaaaaaaaaaaaaawwwwwwwwwwwww

  3. Kolitha says:

    mun denna api tharahai naatakaya aayeth ragapaanne ratata mokakhari winaasayak karana thawa awalan wadak setkarala thiyenakota.

  4. chandapala says:

    දෙන්නටම අමු කැවිලා වගේ. රටට දෙවියන්ගේම පිහිටයි.

    • maraya says:

      මේ සේරම ජනතාව මුලාකරන බොරු ෂෝ නොරැවටෙනු ….බැංකු හොරා තාම නිදැල්ලේ …
      .ඇයි රනිල්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ ?

  5. නිහාල් says:

    අපි තරහයි අති සාර්ථකයි දැන් තුන්වන කොටස පෙන්වනවා
    සිරිසේනගේ ඔය ගෑස් චන්ද්‍රිකා හුහ් ගානකම් පමණයි
    රට බෙදන වියවස්තා කුමන්ත්‍රණයට සුදානම් වෙන්න

  6. Pedro says:

    DO NOT BELIEVE. THIS PART OF THE DRAMA AS USUAL.

    • VIPARAMA says:

      They will never divorce ,because they want to lookafter interests of their adopted children western powers, NGOs and Separatists ,instead of looking after the interests of their legitimate children national defense,Sovereignty and the future generation.

  7. රාහුල කොලුවා says:

    ඡනපති පාර්ලිමේන්තුවට පැමිණි වෙලාවේ ඔහුව පිලි ගැනීමට නොසිට අගමැති පාර්ලිමේන්තුව දෙසට යන හැටී අපි ටී.වී එකෙන් දුටුවෙමු… මෙය මීට පෙර නුදුටු දසුනකි… ඒකට රිටන් එක ඡනපති දෙන්න ඇති…

  8. Asaranaya says:

    එකිනෙකාගෙ හොරකම් ටික වසාගන්න
    මුන්ගෙ විරසකය රටටම පෙන්නගන්න,
    පුන්චි චන්දේ කිවුම් වලට පලිය ගන්න.
    පඹයගෙ ලොක්කා කොටුවූ හැටි බලාගන්න.

  9. Nim says:

    RATA VINASA KALA TA
    SAAPAYA!!!!
    SRI LANKA WA
    THEWARAK BUDDUN TA
    POOJA KARAPU RATAAK.
    MAGGE RATA RAKADEEWA
    BUDUSARANIN , DEWE PIHITA I.

  10. Love nature says:

    රයිගමයා හා ගම්පලයා ගැන මොන කතාද

  11. Love nature says:

    රයිගමයයි ගම්පොළයයි වාගේ – එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ

    එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.

  12. Open mind says:

    අගමැති තුමණි……ඉවසුවා ඇති. බැරි නම් දාල යන්න.

  13. Sadda says:

    මේවා අපි තරහයි නාඩගමේ ජවනිකාවන්. පරන ශ්‍රීලනීප අය ඕවට රැව්ටෙන්න එපා . ඕකෙන් පොහොට්ටුවට පැනපල්ලා.

Main News