ජනපති කාර්ය මණ්ඩල මාධ්‍යවේදී නුවන් නිරෝධ පැහැර ගැනීමේ උත්සාහයක්.. හිරුණිකා, ජෝන්, පොලිස්පතිත් පටලවයි..[Video]

September 19, 2018 at 11:20 am | lanka C news
ජනපති කාර්ය මණ්ඩල මාධ්‍යවේදී නුවන් නිරෝධ පැහැර ගැනීමේ උත්සාහයක්.. හිරුණිකා, ජෝන්, පොලිස්පතිත් පටලවයි..[Video]

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපතිවරයා ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියකු වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි.

ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය පව සදහන් කල බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ගේ පුවත් කිහිපයක් අන්තර්ජාල මාධ්‍යයන්හි පළ කර ගැනීම සඳහා මුණගැසෙන්නැයි කරන ලද ඉල්ලීමක් අනුව තමන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගිය බවත් එහිදී මෙම පැහැර ගැනීමට උත්සාහ කල බවත් ඔහු කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් මේ වන විට කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත් පසුව කල සොයා බැලීමකදී සිදුවීම සම්බන්ධයෙන් ජොන් අමරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පොලිස්පතිවරයා මෙම සිදුවීමට සම්බන්ධයක් නොමැති බව හෙළි වූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සිනමන් ග්‍රෑන්ඩ් එකේදී ඇත්තටම උනේ මොකක්ඩ

Gepostet von Nuwan Nirodha Alwis am Dienstag, 18. September 2018

31,512 Viewers

4 Comments to “ජනපති කාර්ය මණ්ඩල මාධ්‍යවේදී නුවන් නිරෝධ පැහැර ගැනීමේ උත්සාහයක්.. හිරුණිකා, ජෝන්, පොලිස්පතිත් පටලවයි..[Video]”

  1. marusira says:

    නියමයි උඹ නියම ‍පොරක් යහ පාලනයේ වටපඩයන්ට බයවෙන්න එපා තව ටික කාලයක් පරිස්සමෙන් හිටපං

  2. Gayantha says:

    මූට හොද වැඩේ. මූ මහින්ද මහත්තයා ට 2015 චන්ද වලදි වැඩ කරලා බල තන්හවට යහපලනේට ගිහින් දැන් අයිත් මහින්ද ලගට රින්ගන්න හදන වැඩක් වෙන්න ඔන. මෙයෙත් එස් බි, තිලංග, රජිත, බදුර්ඩ්න්, හකීම් වගේ ගෙම්බෙක්.

  3. asoka says:

    This guy is a very dirty person. He was tring to get close links with Mahinda. Mahinda kept him at distance. Then he joined Sirisena. He was in my FB contacts. I did unfriend him due to his dirty tricks.

  4. Bra Sira says:

    These stories are created by Sira-Wik company to divert the attention from major economic issues.

Main News