ජනපති කියූ පරිදි අපි 96ම එකට හිටගත්තා.. ජනපති රනිල් රකිමින් එජාප ආණ්ඩුවක් හැදුවා..- JO

February 20, 2018 at 4:40 pm | lanka C news
ජනපති කියූ පරිදි අපි 96ම එකට හිටගත්තා.. ජනපති රනිල් රකිමින් එජාප ආණ්ඩුවක් හැදුවා..- JO

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශාල ජනවරම පිළිබඳ සැකයක් ඇත්නම් තැන් තැන්වල ගණන් හදමින් නොසිට වහාම මැතිවරණයකට ගොස් ජයගෙන පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අභියෝග කරයි.

ජනාධිපතිවරණයේ දී හසංයාට සහයෝගය දැක් වූ සියලුම දේශපාලන පක්ෂ එක මිටට ගෙන පරාජය කිරීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණට ඇති බව පැවසූ රණතුංග මහතා දැන් කළ යුත්තේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ගණන් සූත්‍රවලින් බාල්දු කිරීම නොව රටේ බහුතර ජනමතයට හිස නැමීම බවත් කියයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ අතිවිශිෂ්ට ජයග්‍රහණයට දායකත්වය දැක් වූ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා දින දහයක කාලයක් ගත වෙලා තියෙනවා. ඒ මැතිවරණයේ දී පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය නිසා දින දහයක කාලයක් තිස්සේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ ඉන්නේ අන්ද මන්ද ස්වභාවයකින්. මේ ආණ්ඩුවත් දැන් අපි කිව්වා වගේම පාණ්ඩුවක් වෙලා ඉවරයි.

සමහරු දැන් අපේ ජයග්‍රහණය ගැන ගණන් සූත්‍ර හදනවා. පොදුජන පෙරමුණ එක පැත්තකට දාලා ‍අනෙක් සියලුම පක්ෂ තනි පැත්තකට ඇවිත් කියනවා අපි පොහොට්ටුව පරාද කළාලු. මේවට අලුත් පරම්පරාව නම් කියන්නේ සිත නිවන කතා කියලයි. ලබපු පරාජය පිළිගන්නේ නැතුව විකාර දෙඩෙව්වට ජනමතය වහන්න බැහැ.

මේ මැතිවරණ‍ ජයග්‍රහණය ගැන එයාලා ගණන් හදන විදියටම අපි ගණන් හැදුවොත් රනිල් සහ මෛත්‍රී පාර්ශ්ව ලබලා තියෙන්නේ පරාජයක් නෙමේ අන්ත පරාජයක්. මේ මැතිවරණයේ දී පොහාට්ටුව, සන්ධානය, නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය තරග කළේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි.

එහෙම බලනකොට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 68ක්. අනෙක් පැත්තට කල්පනා කළොත් පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුකත්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය කටයුතු කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සන්ධානයට සහ නිදහස් පක්ෂයට විරුද්ධවයි.

එහෙම බලනකොට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට විරුද්ධව ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 87ක්. ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඡණ්දදායකයන්ගෙන් සියයට 94ක්ම ඡන්දය දීලා තියෙන්නේ ඔවුන්ට විරුද්ධවයි. එහෙම බලනකොට රාජිතලාගේ මංගලලාගේ ගණන් සූත්තර හිත හදාගන්න කරපු මගඩි බව පැහැදිලියි.

මේ වගේ සිල්ලර ගණන්වලින් අපේ ජයග්‍රහණය අවතක්සේරු කරන්න බැහැ. මොකද පොහාට්ටුව පැහැදිලි බහුතරයක් ලබලා තියෙනවා. ඒ වගේම අපි ජයග්‍රහණය කරපු ආසන සංඛ්‍යාවට, දිස්ත්‍රික්ක සංඛ්‍යාවට හෝ ආසන සංඛ්‍යාවට ළං වෙන්නවත් ඔය කිසිම පක්ෂයකට පුළුවන්කමක් නැහැ.

කාට හරි මේ ප්‍රතිඵල ගැන සැකයක් තියෙනවා නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහ ඡන්දයකට යන්න කියලා මම අභියෝග කරනවා. එහෙම වුණොත් අපිට බලාගන්න පුළුවන් මේ රටේ ජනමතයට තියෙන්නේ එයාලට ද අපිටද කියලා. පුළුවන් නම් ආයෙත් ඡන්දයකට ගිහින් බහුතරය පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.

අපේ ජයග්‍රහණය ඔය කියනතරම් පොඩි නම් මුළු ආණ්ඩුවක්ම හෙල්ලිලා ගියේ මොකද කියලා අපි ප්‍රශ්න කරන්න කැමැතියි. දැන් රටේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මේ තත්ත්වය ඇති වුණේ මේ රටේ අලුත්ම දේශපාලන පෙරළියක් කරන්න පොහොට්ටුවට හැකි වුණ නිසයි.

මැතිවරණයට පෙරාතුරව මෛත්‍රීපාල ජනාධිපතිවරයා රැස්වීමක දී කිව්වා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 96 දෙනාම තමන් ළඟ සිටගන්නවා නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා. අපි මේ මැතිවරණයෙන් ලබපු විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කරපු ඉල්ලීමකට අනුව අපේ සහයෝගය පළ කළා.

ඒ අනුව අපි දැනුම් දුන්නා ඒකාබද්ධ විපක්ෂය නිදහස් පක්ෂ ආණ්ඩුවකට සහයෝගය දෙනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා තමන්ගේ පරණ රංගනයම නැවත කරමින් රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන තැකට ගියා. දැන් ආයෙමත් ජාතික ආණ්ඩු අටමගලක් අටෝගෙන නැවත පාරක් මහ බැංකුව සුද්ධ කරන්න ජනාධිපතිවරයා ඉඩ හදලා දීලා තියෙනවා.

දැන් මේ අය ඉන්නේ හොරුත් එක්ක හෙළුවෙන්. හොරු කණ්ඩායම අතහැරලා සුපිරිසුදු ආණ්ඩුවක් හදන්න තරම් හයියක් තමන්නට නැති බව ජනාධිපතිවරයා නැවතත් රට හමුවේ ප්‍රකාශ කරලා ඉවරයි. මිනිස්සු මේ පාර අතටයි බුලත්කොළයටයි කතිරය ගැහුවේ එතුමගේ වේගවක් කතා විශ්වාස කරලයි.

නමුත් කතිරයේ උණුසුම යන්නත් පෙරාතුරව එතුමා ඒ පොරොන්දුව කඩ කළා. එදා වේදිකාවෙදි හොරු හොරු කියලා පට්ට ගහපු රනිල්ව නැවත වරක් අගමැති කරලා ආයෙමත් අර පරණ ගමනම යනවා. ආයෙත් ඡන්දයක් කිට්ටු වෙනකොට රනිල් නරක් වෙයි. මේවා කලින් පිටපත ලියපු නාට්‍ය කියලා අපි කිව්වේ ඒකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා තමන්ගේ අවංකභාවය පෙන්වන්න. තවදුරටත් එත්සත් ජාතික පක්ෂයේ හොරු රැල සමඟ ආණ්ඩු කරනවද එහෙමත් නැත්නම් අපිත් එක්ක එකතු වෙලා සැබෑ විපක්ෂය නියෝජනය කරනවද කියන එක තියෙන්නේ එතුමන්ලාගේ අතේ.

එහෙම නොවුණොත් ඊළඟ මැතිවරණයෙන් පස්සේ  දේශපාලන ජීවිතයට සමු දීලා කුඹුරක් කොටගෙන තමයි ඉන්න වෙන්නේ. අපි ඒ අයට ආරාධනා කරනවා දැන්වත් ජනහද ගැහෙන රාවය හඳුනාගෙන නිවැරැදි පැත්තේ හිටගන්න කියලා. මේ පාර පෙරහැරේ යන්නෙත් කොට අදින අලිම නිසා පස්සේ ඇවිත් අපේ පෙරහැරේ යන්න නම් හිතන්නවත් එපා.

අපි ආණ්ඩුවට කියන්නේ තවදුරටත් මේ රට අස්ථාවර නොකර වහාම මැතිවරණයකට යන්න කියලයි. වෙන රටක ආණ්ඩුව මෙහෙම පැරදුණා නම් මෙලහකටත් ඉල්ලා අස්වෙලා ඉවරයි. මහින්ද මහත්තයා ජනාධිපති මන්දිරයෙන් පිටව ගියේ මැතිවරණ ප්‍රතිපළ නිකුත් වෙන්නත් ඉස්සරයි. එහෙමයි එතුමා ජනමතයට හිස නැමුවේ.

අපි ආණ්ඩුවට කියනවා මහින්ද මහත්තයාව ආදර්ශයට ගන්න කියලා. එතුමව ආදර්ශයට අරන් වහාම මේ රටේ බහුතර කැමැත්තට ඉඩදෙන්න. අපි පෙන්වන්නම් මේ රට ගොඩනගන හැටි. අපිට රට හදන්න රනිල්ලගේ රෝයල් කල්ලි ඕනේ නැහැ. මහින්ද මහත්තයා වටා ඉන්න ගමෙන් ආපු නායකයන්ට පුළුවන් මේ රට හදන්න.

– ප‍්‍රදීප් අනුර කුමාර

40,045 Viewers

16 Comments to “ජනපති කියූ පරිදි අපි 96ම එකට හිටගත්තා.. ජනපති රනිල් රකිමින් එජාප ආණ්ඩුවක් හැදුවා..- JO”

  1. ඒ මගේ පක්සේ ලකුණ says:

    ඒ ඔක්කොටොම හිටං හිටවලාම ඇරියා. විශ්වාස කොරන්න එපා 150 ටම ආප්පෙන් කෙලිය එකා 96 ට කෙලියේ නැතිනම් තමා පුදුම.

    • bleo says:

      ඕක මහ ලොකු වැඩක් නෙවෙයි. ඕනෑම් දීන පාහරයෙකුට පාවාදීම් කරන එක ලේසියි. රට ජාතිය ගොඩ නගන්න තමා බැරි. එහෙම පුලුවන් මිනිසෙක් අපට නැති වුනු එක තමා අපේ අවාසනාව.

    • Asaranaya says:

      දැන් පිස්සු මයිතූනයා ඉඳි-ආප්පෙන් කෙලින්නෙ

    • බබා says:

      ගම්සබා ජන්දෙකින් 44.65% අරන් රජය, ජනාධිපති, අගමැති එලවන්න හීන දැක්කට ඕව දවල් හීනම විතරයි. පර්සි මහේන්ද්‍රත් ජනමතය තමන්ගෙ කියල අවුරුද්දක් කෙලවගත්ත.ඒකම කරන්නද කියන්නෙ. තොපි වගේ හරක් දෙන උපදෙස් පිලිපැද්දොත් මේ ආණ්ඩුවට වෙන්නෙත් කෙලවගන්න.රටට ආදරෙයිනම් තප්පුලන්නෙ නැතිව ඉවසනවා. අනික මතක තියාගන්නවා 2015 වෙද්දි පැරදුනේ ඔය මහලොකු නායකයම තමා. ඒ මෛත්‍රී එක්ක මූනට මූන සටනින්.නැතිව මේවගේ ගම්සභාවකින් නෙවෙයි.

  2. Kolitha says:

    mama ehema kiyala thiyenawa kiyala danagaththeth paththaren…

  3. Saradiel says:

    මෙරට කෙටි කලක් තුළ බිහිවූ ළාබාලම දේශපාලන පක්ෂයක් ආණ්ඩු පක්ෂයේ බලය වෙනත් පාර්ශවයකට ඇති අවස්ථාවක මෙවැනි මැතිවරණ ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

    • Open mind says:

      මේ පක්ෂය කාගේද…ලියාපදිංචි කළේ කවදා ද…එය අලෙවි කළේ කාටද…කුමටද…….ආදී ඉතිහාසය සොයා බලන්න…..ලැබෙන තොරතුරු අපට ද දන්වන්න.

  4. SUNIL says:

    ඇමති කටු ගන්න බලාගෙන හිටපු මළබද්දෙ පීචන් උනා

  5. කොටියා says:

    113 නැතුව මොකවත් කරන්න බැහැ

  6. PISSU pusa says:

    You must not trust KEPPAYA. He is the one reclaim

  7. ඒකාබද්ධ කල්ලිය says:

    හිටං අන්දගෙන ඇමතිකම් /අගමැතිකම් අරගෙන හිටංටම වැඩේ දෙන්න අපි ප්ලෑන් කලේ.හරිගියේ නෑ මචං…..අපි පව් !!!!!

    • Devaka says:

      උඹ කොහොමද ඒක සහසුද්දෙන්ම දන්නෙ?
      නිකං කෙබර කෙලින් නැතුව හිටපන්!

  8. Nim says:

    PRASANNA, OBA HARIYATAMA HARI
    POHOTTUWA
    KALPANAWEN WADA KARANNA
    ONA WELAWAK MEKA.

  9. රනිල් හිටවමු රටට කෙලවමු සංඳානයද >>>>.>?????

  10. neil says:

    Agreed with most of the things he said except..

    I do not necessary agree that just because local government elections lost, pariament need to be dissolved. We did not have LG elections in oneday. we had two -tree provicialcouncil elections together but not all councils in one day. So in the past nobody demanded to dissolve parliament just because LG lelections were lost.

    Therfore having LG councils elections is one day is a good thing but should not have any other expectations. It will be bad precident to dissolve the governmnert. Certainly it is a RED light to the party in power.

Main News