ජනපති ඝාතන කුමන්ත‍්‍රණය උඩුයටිකුරු වේ.. අදාල ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගනී… ඔහු නාමල් කුමාරගේ හිතවතෙක්..

September 22, 2018 at 9:20 am | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය උඩුයටිකුරු වේ.. අදාල ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගනී… ඔහු නාමල් කුමාරගේ හිතවතෙක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණය පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ නාමල් කුමාරගේ සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකටයුතු ඉන්දීය ජාතිකයා 53 වැනි වියේ පසුවන අතර ඔහු මීට ටික කලකට උඩදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු බවත් තමන් වෙත එල්ල වූ මරණීය තර්ජන නිසා හොර රහසේම ශ්‍රී ලංකාවට පලා ආ බවත්ය.

තමන් මෙරටදී සරණාගතභාවය ඉල්ලා සිටියද එය නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාමල් කුමාරගේ මාධ්‍ය ඔස්‌සේ සිදුකළ හෙළිදරව්ව පිළිබඳව තමන් දුටු බවත් ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථා කීපයකදීම වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්‌පර විරෝධී බවය.

මෙසේ සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි

– divaina

28,112 Viewers

11 Comments to “ජනපති ඝාතන කුමන්ත‍්‍රණය උඩුයටිකුරු වේ.. අදාල ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගනී… ඔහු නාමල් කුමාරගේ හිතවතෙක්..”

  1. Asaranaya says:

    අම්මට හුඩු ! මෙන්න අලුත්ම නරි නාටකය, නිශ්පාදනය මෝඩි-පඹ හවුළ

    • Kamal says:

      ඉන්දියාවෙන් මහින්දට සම්මාන දුන්නෙ ඒකට තමා

    • නාගසිංහ says:

      මට පේන විදිහට වැඩේ ඉහලින් ප්ලෑන් කරලා පොලිස්පති ට භාර දීලා.
      පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති ට භාර දීලා.
      නියෝජ්‍ය පොලිස්පති පොලිසියේ විශ්වාසදායක ඔත්තුකරුවකු වූ නාමල් කුමාරට, පාතාලයට කොන්ත්‍රාත් එක දෙන ලෙස භාර දීලා. පාතාලයට කොන්ත්‍රාත් මුදල ගෙවන කටයුත්ත ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් භාර අරන්.

      අන්තිමේ පොලිස් ඔත්තුකරු සියල්ල හෙළි කරනවා.
      දැන් ඉතින් කාල වරෙන්කො.

  2. asela says:

    These are all teledramas. This is exactly what happened to Lalith Athulathmudali murder case where the then UNP government implicated a LTTE suspect as the culprit. This teledrama is to cover up the involvement of Ranil in the plot

  3. Neutral Man says:

    From the very start of the drama, it was my firm belief that the plot has been hatched with the blessings of the powers that be to assassinate Mr. Gotabaya Rajapaksa only, but My3 the traitor’s name has been dragged for the convenience of hiding the prime target.

    This is amply evident from the way, this incident has been turned in to a circus by the politicians and the police department. My3 the traitor’s behavior, in the face of a threat to his life is very suspicious and is not of a man whose life is in danger. Kujitha the joker questioned openly the authenticity of the voice in the tape, even before commencing any form of investigation, when in fact he is supposed to be conducting investigation discreetly Ra-nil, the parliament clown, keeping with his usual form, makes jokes about it. The Nalaka guy who I believe is only a pawn in the game is transferred to another division, when in fact he should have been interdicted with immediate effect until, the investigations are over.

    All in all it is very much clear that there was (still is) a serious threat to the life of GR, but when the whole thing was leaked out to the press, the plotters are in a wane attempt to give a new twist to the whole episode and depict it as a dubious story.

    The traitors in the country know that GR is the most popular person next to MR even amongst UNP, SLFP, JVP, Tamil and Muslim voters and only solution is to get him out of the equation.

    ALL PATRIOTI SRILAANKANS, IT IS OUR DUTY TO PROTECT HIM

    • Kamal says:

      විහිලු නොකර හිටහන් බන්. මහින්ද ගෝටාට නාමයෝජනා දෙන්නෙ නෑ. ඒක ඉන්දියාව තීන්දු කරල ඉවරයි.

  4. peedithaya says:

    janathawa den moka meruwaath selenne nehe. okkomala nidahasa gath dina sitama raja sepa winda. horakam kala janathawa thawamath 19 siyawase
    me siddiya sampoorna boruwak

    yako apata mewa kiyala wedak netha murunga kola kala minissu inne thopata hena wadinawa. KAN BONA DE ADU KARAPIYAW PARA HU………………….

  5. david milibanda says:

    Nalaka a Western Intelligencia MOLE ??
    This is why Ranil said he will lead until 2030………………..???????????
    The same was said by Kiriella a couple of years ago after yahapalanaya came into power.
    This has been a long tern “hatch” just like the Bond fiasco.

    Who is the ultimate beneficiary? Ranee

  6. ජයහඩ says:

    විදේස් කුමන්ත්‍රණ වලට යටවී දේශිත්වය බලු කර තම බඩගොස්තරවාදී බලතණ්හාකාරි තිරිසනුන් පාලනය කරන මේ රටේ පරගැති ඩොලර් ලොල්ලන් එළවන්න නැගිටිමු.. දැන්වත් යථානර්ථය යථාර්ථවාදිව බලනු

    • හප්පේ දේසප්‍රේමෙ උතුරනවා. රෙජිම කාලෙ තොග පිටින් චීන්නු ගෙනල්ලා රටේ හැම දේම චීනෙට පාවා දීලා ශ්‍රැන්ගිලා ඉඩම සින්නක්කර චීනෙට විකුණලා චීන යුආන් පස්සෙ දුවන කාලෙ ඔය දේසප්‍රේමෙ කොහෙද තිබුනෙ?

Main News