‘ජවිපෙ 2වැනි කැරැල්ල’ ග්‍රන්ථය විශේෂ වට්ටමක් යටතේ…

September 11, 2017 at 2:30 am | lanka C news
‘ජවිපෙ 2වැනි කැරැල්ල’ ග්‍රන්ථය විශේෂ වට්ටමක් යටතේ…

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව අළලා ධර්මන් වික්‍රමරත්න විසින් රචිත අතිශය සංවේදී සත්‍ය කථාව වන ‘ජවිපෙ 2වැනි කැරැල්ල’ ග්‍රන්ථයේ 7වන මුද්‍රණය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව සැප්තැම්බර් 15 නිකුත් වේ. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය විසින් පාසැල් පුස්තකාල පොතක් ලෙසද පුස්තකාල සේවා මණ්ඩලය මගින් පුස්තකාල පොතක් වශයෙන්ද අනුමත කරන ලද්දකි. මෙම කෘතියට විෂය වී ඇත්තේ මෙයට වසර 28කට පෙර පැවති ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 2වැනි කැරැල්ලේ සත්‍ය කථාවය. කර්තෘ ප්‍රකාශනයක් වූ ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය පිටු 880කින් සමන්විත අතර ප්‍රධාන කතා පුවත් 74කි. ඉහත වකවානුවට අදාළ දුර්ලභ ඡායාරූප 1,289ක් අන්තර්ගතය. සිංහල භාෂාවෙන් මේ පිළිබඳව ලියැවුණු එකම විස්තරාත්මක ග්‍රන්ථයද මෙය වේ.

ග්‍රන්ථයේ වෙළෙඳ මිල රුපියල් 1,500ක් වූවද ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 සැප්තැම්බර් 15 සිට 24 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේදී පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාව ඉදිරිපිට පිහිටි D ශාලාවේ ඇති විසිදුනු ප්‍රකාශකයෝ කුටි අංක D156- D159 සහ D161 වෙතින් විශේෂ සහන මිලකට එනම් රුපියල් 1,000/-කට ඔබට හෝ ඔබගේ හිතවතුන්ට එහිදී ලබාගත හැකිය.

ජවිපෙ 2වැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් වේ. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට ලක්වී ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනායැයි කියන අතුරු සන්නද්ධ කණ්ඩායම් 13ක් මගිනි. ග්‍රන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න එකල එම ඇතැම් සිද්ධීන් සියසින් දුටු, බොහෝ කථා නායකයින් වෘත්තියව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධීන් වාර්තාකළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින් සමන්විතය. ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය කතුවරයාගේ 52වැනි ග්‍රන්ථය වේ.

මෙම ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය 2016 දෙසැම්බර් මස නිකුත් විය. වර්තමානයේ ජීවත්වන වයස අවුරුදු 40ට අඩු අය කිසිදා නොදුටු එහෙත් ඔවුනට අසන්නට පමණක් ලැබුණු සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ ඇතුළාත්තය පිළිබඳව සියලු තතු නොදන්නා අයටද ඒ අසම්පූර්ණ අතීත සිදුවීම් මාලාව පිළිබඳව පැැහැදිලි චිත්‍රයක් මෙම ‘ජවිපෙ 2වැනි කැරැල්ල’ ග්‍රන්ථයෙන් කියවේ. ග්‍රන්ථයට ජවිපෙ 2වැනි කැරලි සමයට අදාළ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරිකයින්, 1983 ජුලි තහනමින් පසු ජවිපෙ ක්‍රියාකාරිත්වය, ඉන්දු ලංකා ගිවිසුමට පෙර සහ පසු සිදුවිම්, අතුරු හමුදා කණ්ඩායම් සහ පුද්ගලයින්, අසූවේ දශකයේ වෙනත් වාම ප්‍රවණතාවයන්, ශ්‍රිලනිප, සාම්ප්‍රදායික වම සහ එහි ක්‍රියාකාරින්ට එරෙහිව කැරලිකරුවන්ගේ ප්‍රහාරයන්, පාසැල් ශිෂ්‍ය සටන්, සරසවි ක්‍රියාකාරකම් ඇදුරන් සහ සිසු නායකයින්, කැරලිකරුවන්ගේ මිල්ටරි ප්‍රහාරයන් සහ ක්‍රියාදාමයන්, ඝාතනයට ලක්වූ පූජ්‍ය පක්ෂය නීතිඥයින්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඇතුලු විවිධ සිදුවීම් පිළිබඳව ගවේෂණ, පර්යේෂණ සහ සමීක්ෂණ මගින් සොයාගත් දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින් සමන්විතය.

සාහිත්‍ය මාසය වෙනුවෙන් 2017 සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 14 දක්වා ග්‍රන්ථය ශ්‍රී ලංකාව තුළ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් සුරක්ෂිතව අසුරා ගෙන්වා ගැනීම සඳහා බැංකු ගිණුමට මුදල් බැර කරන්නේ නම් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne නමින් ඇති ගිණුම් අංක 74590078 සදහා දිවයිනේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රුපියල් 1,250/- මුදලක් ගෙවා ලබාගත් රිසිට්පතේ ඡායාරූපයක් ගෙන ejournalists@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබගේ නම / ග්‍රන්ථය ලැබිය යුතු ලිපිනය සහ ඔබගේ දුරකථන අංකය සඳහන් කර එවිය යුතුය. ඔබ Facebook සාමාජිකයෙකු නම් ධර්මන් වික්‍රමරත්නගේ https://www.facebook.com/DharmanWickremaretne ෆේස් බුක් ගිණුමේ inBox වෙත ගොස් මුදල් ගෙවූ රිසිට්පත අමුණා ලිපිනයද සඳහන්කර එසේ එවිය හැකිය. ෆැක්ස් මගින් එවන්නේනම් අංකය 071-9378668 වේ.

Given Below is the Account Details:
Account Name : Dharman Wickremaratne
Account Number : 74590078
Bank : Bank of Ceylon
Branch : Nugegoda

ඕනෑම අවස්ථාවකදී විස්තර පැහැදිලි කරගැනීමට දුරකථන අංක 071-2733986 හෝ 011- 5234384 ඇමතිය හැකි බව සැලකුව මැනවි.

– ධර්මන්

3,822 Viewers

2 Comments to “‘ජවිපෙ 2වැනි කැරැල්ල’ ග්‍රන්ථය විශේෂ වට්ටමක් යටතේ…”

  1. D Nimal says:

    Mr Dharaman Wickramaratan did very good job as journalist . Every youth of this country has to be read this large volumes is recommend to be readable ?
    Those who want to see the future of Our nation and People has to study and book written of past modern politics by Mr Dharaman.

  2. සමන්මලී says:

    ජනතා විමුක්ති පෙරමුණ යනු රටටම පිලලයකි. උන් දවල්ට සමජවාධය ගැන කියා රැට දනවාදය ක්‍රියාවට නංවති . මෙය මල පක්ෂයකි. මුන්ගේ වගතුග ගැන කියවා මේ රටේ තරුණ පරපුරට ගත හැකි ආදර්ශයක් නැත.

Leave a Comment

Main News