ජනපති මිය නොයයි.. විජේමුණිනිගේ සාස්තරය වරදියි.. තොටවත්ත විජේමුණිගේ කේන්දරය බලයි.. බොහොම අපලයිලූ

January 25, 2017 at 11:25 pm | lanka C news | ලංකා සී නිවුස්
ජනපති මිය නොයයි.. විජේමුණිනිගේ සාස්තරය වරදියි.. තොටවත්ත විජේමුණිගේ කේන්දරය බලයි.. බොහොම අපලයිලූ

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම 2017 ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පැවසූ අනාවැකිය අද වන විට මුළුමනින්ම අසත්‍යයක් බවට පත්ව තිබේ.

විජේමුනි දැනට දින කිහිපයකට යලි පෙර කියා සිටියේ හදිසියේම සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා ජනපතිගේ මරණය දස මසකින් කල් දැමූ බවයි.

මේ අතර විජිත් රෝහණ විජේමුණිගේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකියක් ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා විසින් පල කර ඇත.

41,662 Viewers

19 Comments to “ජනපති මිය නොයයි.. විජේමුණිනිගේ සාස්තරය වරදියි.. තොටවත්ත විජේමුණිගේ කේන්දරය බලයි.. බොහොම අපලයිලූ”

  1. saradieal says:

    සිංහලයෙනි කුලල්කා නොගනිව් …තොටවත්ත ,කරුණාකර ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිට අවමන් නොකරන්න
    ඔහු අපේ රට ජාතියට ආදරය කරන වීරයෙක් …එදා ගාන්ධිට අපේ රට වෙනුවෙන් හොද පාඩමක් ඉගැන්වූ වීරයෙක්
    ඔබේ මේ අපහාසය අපි හෙලා දකිමු …

  2. ගිරවා says:

    ඔබට ඔය කතාවට හිටං කියක් දුන්නද ? ලැජ්ජයි ඉන්දික ඔබේ අදහස් ගැන

  3. හින්බබා සීයා says:

    නරකද ඉන්දික ඔබේ කේන්ද්‍රය බලවා ගත්තොත් ..තව මාස 10 සෙනසුරා එනවලු එවිට MY 3 සමග එක්වී ඔබටත් සුබ ගමනක් සෙනසුරා සමග යාමට හැකිය
    අහසේ තරු වලට පුලුවන්ද මිනිස්සුන්ට බලපෑම් කරන්න ..දේශපාලන පලිගැනීම් මදිවට ජෝතිෂ්‍ය පලිගැනීම් පටන් අරන් .පලිගැනීම් නවත්වනු

  4. cw says:

    Listen Indika, You said Prasanna Ranatunga will become the Prime Minister of SL in Jan 2017. When will that happen? 5 more days to go.

    • ගිරවා says:

      ….(.සෙනසුරු වක‍්‍ර උණා.. ජනපතිගේ මරණය මාස දහයකින් කල් දැම්මා.. (Pospond) – විජිත් රෝහණ විජේමුනි )
      පත්තරේ බැලුවේ නැද්ද ? හිටන්ට කඩේ යන්න ප්‍රථමයෙන්
      සෙනසුරා තව මස 10 එනවලු ..එතකොට බලමු ..ඔබත් ලස්තිවී සිටින්න සෙනසුරාව පිළිගන්න

  5. SB says:

    මුන් දෙන්නම අර සුමනදාසයගේ නිඹුල්ලුද කොහෙද…

  6. desta says:

    api. hadahan bala bala imu horakam Kara Kara pacha gaha gaha. horakamai dushanayai mahajana mudal horakam kerilla nawatthala. Ussha karala balamu.

  7. Champa says:

    විජිත් රෝහණ ටික දවසකට ඉස්සෙල්ල කිව්වනේ එහෙම වෙන්නේ නෑ.කියලා. ඊට පස්සේ ඒ අනතුර පහවුනා. දැන් කලින් කියපු පරණ කතාව අදාළ නෑ. This idiot and others should leave him alone now.

    • kolla says:

      ane uba danna redda thmai. munta ona welawata eka ela ewa kiyanawa.. Ubalath ethin My3 marenakan balan edala atie unama ohoma kiyapan. kalakanni

      • MAHASONA says:

        ඉන්දික පුළුවන් නම් සෙනසුරාව ගෙන්වා පෙන්වනු ..ඔබේ නොපෙනෙන ජෝතිෂ්‍ය ..ලෝකයේ එකත් පුළුවන්නේ …
        කටින් බතල කොළ සිටවන්න එපා …කවුද මෝඩයෝ ඔබේ කතා විශ්වාස කරන්නේ ? ඔබ අපට නම් ජෝකර් කෙනෙක් පමණයි
        අපේ රටේ සිටින දේශප්‍රේමී සිංහලයන්ට ප්‍රසිද්ධියේ අපහාස කරන්න ගිහින් ඔබේ රැකියාව අහිමි කරගන්න එපා
        විජිත විජේමුණි මහතාට ජයවේවා !!1

        • ගුරුළු says:

          ජෝතිෂ්‍ය කියන්නෙ අනුමාන කිරීම වල එකතුවක් කියන්නත් පුලුවන්. යමක් වෙයිද නොවෙයිද කියල ඇහුවම අනුමානය හරියන්න පුලුවන් 50% සම්භාවිතාවයකින්. ඉතින් හැමවිටම 50% නිරවද්‍යතාවක් එය සතුයි. හැබැයි ඊට වඩා නිවැරදිව අනාවැකි කියන්න පුලුවන් යම් පර්යේෂණ ක්‍රමයක් අනුගමනය කිරීම තුලින්. උදාහරනයක් විදියට අද මම වැස්සට තෙමෙයිද කියන අනාවැකිය කියන්න කාලගුන දෙපාර්තමේන්තවට ජෝතිෂ්‍ය වේදියාට වඩා වැඩි හැකියාවක් තියනව. ඔවුන්ගේ අනාවැකිය ජෝතිෂ්‍ය වේදියාගේ අනාවැකියට වඩා අනිවාර්යයෙන්ම නිවැරදි වෙනවා. මොකද ඔවුන් ඒක කියන්නෙ කාලගුන දත්ත සැබෑ ලෙස නිරීක්ෂණය කිරීමෙන්. හැබැයි මෙතමදි ජෝතිෂ්‍ය කරන්නේ 50% වාසිය ගැනීමක්. හැබැයි ඔය දෙන්නගෙම අනාවැකිය වරදින්න පුලුවන් මම කුඩයක් අරන් ගියොත්. දෙන්නම දන්නෙ වහිනවද කියන්න විතරයි. මම කුඩේ ගෙනියන බව දෙන්නම දන්නෙ නෑ.
          මුලු ලෝකයම සංකල්ප ගොඩක එකතුවක්. මරණය තවත් එක සංකල්පයක්. හැබැයි ඒක නිකම්ම අතහරින්න කවුරුවත් කැමති නෑ ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. අල්ලගන්නමයි ඕනකම තියෙන්නේ, අතහරින්න කැමතිම නෑ.ලෝකයේ සියලු මිනිසුන්ට ඇති එක පොදු කාරණයක් තමයි මරණ බිය.මරණය කාටත් පොදු දෙයක් …ධර්මිෂ්ටව ජිවත් වූ පුද්ගලයකුට මරණ බිය නොදැනේ

      • Champa says:

        kolla

        අනේ බූරු පැටියෝ , දන්නේ නැති මඟුල් වලට උම්බෑ නොකිය ඉන්නවද? මගේ එක comment එකක් පෙන්නන්න පුලුවන්ද මම ජනාධිපති මැරෙන කම් බලා ඉඳපු? අනිත් දවසේ බූරුවෙක් වගේ හඬලන්න ඉස්සෙල්ල කරුණු හොයාගෙන ඉඳපන්, හොඳද.

        මම ඒ comment එක ලිව්වේ කවුරු හරි විජිත් රෝහණයෙන් පලි ගන්න ඉන්නවා නම්, ඒක නතර කරන්න.

        දැන් මතක් වුනේ, Mr. Bopage 😀 පොඩි සාප්පුවක් දාගන්නවද කේන්දර බලන්න?

  8. රාහුල කොලුවා says:

    ඡනාධිපති මැරෙන වෙලාවට ඡනාධිපති මැරෙයි.. විඡේමුනි මැරෙන වෙලාවට එයා මැරෙයි.. තොටවත්ත මැරෙන වෙලාවට එයත් මැරෙයි… නොමැරෙන කවුරුවත් මේ ලෝකෙට ඇවිල්ලා නෑ… ඒක නොදන්න අය තමයි ඔය මළ විකාර ග්‍රහයෝ අල්ලන් බෙරිහන්දෙන්න…

  9. this is another yamapalana brapathi bastard getting paid heavily with $$$$ bags….get lost..

  10. Mohammed hisham says:

    මම ඉන්දික තොටවත්තකේ කේන්දරේ බැලුව
    මෙය බල්ලෙක් ඉපදෙන නැකතක ඉපදිලා තියෙන්නේ සනි හතර හුලස් වෙලා මු අන්දයෙක්වෙලාම ඉපදෙන බව මට කිව හැකි බොරුනම් ඊළඟ ආත්මෙදි බලමු

    • OLU says:

      බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.
      “නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ ති”
      අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
      මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත බොහෝ විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් “ඔබ වෙනදට වඩා මහන්සි වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක වෙනවා” කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න. ඉතින් මඳක් සිතා බලන්න…බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල දෙයකින් පරිත්තස්සානුභාවයෙන් සෙත් පැතුවට සෙත් වෙයිද…..ඔබ බෞද් ධයෙක් නම් මිසදිටු බව අතහරින්න.

  11. කෙවින් says:

    ජ්‍යොතිෂවේදීන් ලෙස හඳුන්වාගන්නා මෙම පුද්ගලයන්ගේ සංවාදයන්ගෙන් අපහට උගත හැකි පාඩම් බොහොමයක් ඇත.
    1. ජ්‍යොතිෂය 100% නිවැරදි අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් නොවන බව
    2. ඒ මත අප අනවශ්‍ය ලෙස එල්බගෙන නොසිටිය යුතු බව
    3. සෑම ජ්‍යොතිෂ අනාවැකිකරුවෙකුගේම පෞද්ගලික දේශපාලන මතය ඔවුන්ගේ අනාවැකි මගින් පිළිඹිඹු වන බව
    4.මෙම අනාවැකි සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමෙන් එම මාධ්‍ය ආයතන ද හෑල්ලු වන බව සහ
    5. අනාවැකියකට අනුව සතුරෙකුගේ හෝ මරණය බලාපොරොත්තු වීම වැනි ඉතා පහත් තත්වයකට පත් නොවිය යුතු බව.

  12. RR, Canada says:

    මූ හිතන් ඉන්නෙ ලන්කාවේ ජනාදිපති විජිත රොහන කියල, ඒකයි ඔහු වෙලාව කමින් විජිතගේ කෙන්ද්‍රය බලන්නේ.

  13. boondi says:

    මොනවා නැතත් විජිතයට කොන්ද පනතියනවා. ඒකනේ රජීව් ගාන්ධි ට බඩ පිරෙන්න දුන්නේ.

Main News