ජනපති මෛත‍්‍රී අවංක මිනිසෙක්.. ඕස්ටේ‍්‍රලියා සමාගමක වංචාවක් කර නෑ..- පරීක්‍ෂණ කිසිත් නැතිව රාජිත තීන්දුව දෙයි..

July 11, 2017 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී අවංක මිනිසෙක්..  ඕස්ටේ‍්‍රලියා සමාගමක වංචාවක් කර නෑ..- පරීක්‍ෂණ කිසිත් නැතිව රාජිත තීන්දුව දෙයි..

අවංක මිනිසුන් සොරුන් කිරීමට පසුගිය රජයේ සිටි දූෂිතයින් සහ මිනීමරුවන් උත්සාහ කරන්නේ රාජ්‍ය දේපල පනත යටතේ ඇප නැති නඩු විභාගයකට ඉදිරිපත්වීමෙි බිය හේතුවෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති විමර්ශණ කොමිසමට ඊයේ (10) පැමිණීමෙන් පසු මාධ්‍යයට ලබාදූන් ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

මෙි පිළිබදව වැඩිදූරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔිස්ට්‍රෙිලියාවෙි සමාගමක් සමග සිදූ කළ වංචාවක් ගැන පසුගිය රජයේ සිටි දූෂිතයින් සහ මනුෂ්‍ය ඝාතකයින් වාචාලකම් කියනවා. හොරු හදන්නේ අවංක මිනිසෙකුට චෝදනා කරමින් ඔහුට පුලුවන් නම් ඇයි අපට බැරි යන න්‍යාය සුත්‍රය පෙන්වාදීමටයි. පසුගිය රජයේ ප්‍රබලයන් සිදූ කළ දූෂණ වංචා හෙළිවෙමින් පවතිනවා. එහි නඩු විභාගයන් ආරම්භ වූ පසු රාජ්‍ය දේපල පනත යටතේ ඇප නැති නඩු විභාගයක් සිදූ කෙරෙනවා. එම නිසයි ලැඡ්ඡා නැතිව හොරු මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ සිදූ කරන්නේ. ජනාධිපති විමර්ශණ කොමිසමෙි විභාගවන පැමිණිලි වාර්තා කිරිම සදහා මාධ්‍යවෙිදීන්ට අවස්ථාව උදාකර තිබෙනවා. නමුත් ඊට සහභාගි වන්නේ ඉතාම අවම පිරිසක්. නමුත් පැමිණිලි විභාගය අවසන් කර චෝදනා ලැබූ පුද්ගලයා එළියට එනවිට ප්‍රකාශ ලබාගන්න නම් ඔිනෑ තරම් මාධ්‍ය වෙිදීන් සිටිනවා. නමුත් සිදූ කර ඇති වංචා දූෂණ මාධ්‍යයේ පළ වෙන්නේ නැහැ. සිදූ කර ඇති වංචා දූෂණ වසා ගැනීම සදහා පසුගිය රජයේ සිටි ප්‍රබලයින් විවිධ ක්‍රීයාමාර්ග ගන්නවා. එම තොරතුරු අප සතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය ඔවුන් දෙදෙනා සතු ආත්මීය වගකීමක්’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

10,500 Viewers

8 Comments to “ජනපති මෛත‍්‍රී අවංක මිනිසෙක්.. ඕස්ටේ‍්‍රලියා සමාගමක වංචාවක් කර නෑ..- පරීක්‍ෂණ කිසිත් නැතිව රාජිත තීන්දුව දෙයි..”

  1. හේමන්ත says:

    ආණ්ඩුව සදාකල් නෑනේ…..
    ඔය කියන හොරකම් කරපු නැති අය ගැන දවසක නඩු කතාකරයි.

  2. nera says:

    salli salli loku loku salli. kohomada rajithagen labena salli. mewa kiyavala vath ammalava vikunagena kana eka atharaganna wimal…

  3. Hesh says:

    ගොවියගෙ එක පුතෙක් දේශපාලනයට එනවා. අනිත් පුතා ලන්කාවේ ලොකුම හාල් මෝල් හිමියා වෙනවා. සම්බන්ධය පැහැදිලිද පින්වතුනි?

  4. bend to bend says:

    සෞඛ්‍ය සහ පෝෂණය පෙරදැරි කර දේශීයව ගත් අවංක තීන්දුවක්.

  5. kumara says:

    Lalith you are very true. oya data looka hora okage horawada gana elikaranna kauruwat nadda. oya hamogema killote hunu tika tika hari tiyanwa tama.

  6. Nim says:

    Ma assa athi andamata danata wasara
    50 kata pamana pera Polonnaruwata giya
    Goviyakuge lamai mewani dana kuwerio
    Una kohomada?

  7. Boo says:

    අල්ලස් හොරැ සමග නැවු හොරැ හෙලුවෙන්.

  8. pp says:

    me ya mahindata issara kade giye mitath wada ihalin.

Main News