ජනපති මෛත‍්‍රී, පච රණවකගේ-අමරවීරගේ සරම් ගලවා අතට දෙයි…

January 30, 2018 at 10:40 am | lanka C news
ජනපති මෛත‍්‍රී, පච රණවකගේ-අමරවීරගේ සරම් ගලවා අතට දෙයි…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන් වී ඇති බව පසුගිය 18 දා අපි රටට හෙලි කළා.  මම කියන්නේ පචයක් බව පාච රණවක ඇමතිතුමාත් මහින්ද අමරවීර ඇමතිතුමාත් පැවසුවා.  ඔන්න දැන් ජනාධිපතිතුමා ඒ දෙන්නාගේ සරම් ගලවලා අතට දීලා තිබෙනවා.

වාර්තාවේ පිටු අඩු බවත් චුදිතයින් අතට පත් වුණොත් නඩු පැවරීමට අවාසි විය හැකි තොරතුරු තමන් වාර්තාවෙන් ඉවත් කළ බවත් ජනාධිපතිතුමා දැන් පවසනවා.  මම හරි.  තමන්ගේ ඇමැතිතුමන්ලා වැරදියි කියලා රටට පැවසුවාට බොහොම පින් ජනපතිතුමනි.

හොරුන් පිළිබඳ තොරතුරු තිබෙන පිටු වාර්තාවෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමන්ට කවුරු හරි ලණුවක් දීලා තිබෙනවා.  මේ තොරතුරු ජනාධිපති කොමිසම ඉදිරියේ දිග හැරෙන විට චුදිතයින් සියළුම දෙනාගේ නීතිඥයින් එතැන හිටියා.  ඒ නිසා කොමිසමට ඉදිරිපත් වුණු තොරතුරු, වාර්තා සියල්ලම චුදිතයින් දන්නවා.  ඇත්තෙන්ම ඒවා නොදන්නේ මූල්‍ය පාලනය පිළිබඳ බලය හිමි පාර්ලිමේන්තුව සහ පරමාධිපත්‍ය හිමි ජනතාවයි.  ඇත්තෙන්ම හොරුන් දන්න අපි නොදන්න ඒ තොරතුරු දැන ගැනීමට අපට අයිතියක් තිබෙනවා.

ඒ නිසා ජනපතිතුමන් සඟවා ගෙන සිටින බැඳුම්කර සොරුන් පිළිබඳ තොරතුරු වහාම ප්‍රසිද්ධ කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් හොරුන්ට සිදු වන අමතර වාසියක් නැහැ. නමුත් මහජනතාවට හා මහජන නියෝජිතයන්ටනම් බරපතල අවාසියක් සිදුවී තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

32,414 Viewers

7 Comments to “ජනපති මෛත‍්‍රී, පච රණවකගේ-අමරවීරගේ සරම් ගලවා අතට දෙයි…”

  1. ජනක says:

    වැඩේ පැහැදිලියි මෙයා සුපුරුදු පරිදි ජනතාවට පෙන්න unp එකට ගහන ගමන් රනිල්ට තමුන් නිදොස් කියල කියන්න ලේසි වෙන්න ඔවුන්ට විරුද්දව් කෙලින්ම චෝදනා නගා තිබෙන පිටු ඉවත්කරලා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනව.
    චන්දෙ ඉවරවුනාම ඔය ඔක්කොම ඉවරයි රනිල් මෙයාට පුද්ගලිකව ස්තුති කරාවි එයාව ආරක්ෂා කලාට ඊටපස්සේ දෙගොල්ලෝ එකතුවෙලා රට බෙදන ෆෙඩරල් වියවස්තව ගෙනේවි අයි කතා දෙකක් නෑ .
    ඊටපස්සේ පඹයත් තමුන් ජනතාවගේ පැත්තේ කියල පෙන්වන්න බොරුවට ඔය ෆෙඩරල් යෝජනාවලට ගජනව වගේ පෙන්නලා දැන් මේ කලාවගේම බොරුවක් කරලා කොහොමහරි කොටින්ට ඔය වියව්ස්තව හදලා රට බෙදන්න පාරකපලා දෙවි .

  2. Karu says:

    පිස්සු!
    රෙද්දක් ඇඳගෙන හිටියයැ ගලවන්න!

  3. kamalasirikuruwita says:

    ජනතාවනි, දේශපාලන කපටි කයිරාටිකයන්ට, අපිව ගොන්නු කියා සිතාගෙන ජනතාව ගොනාට අන්දන , රට ජාතිය පාවා දෙන්න ලෑස්තිවෙන, කට ඇරියොත් බොරුම කියන , තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදෙන එවුන්ට තමාගේ චන්දය දීම තමන්ගේ අතින්ම තමන්ගේ ළමයින්ගේ බෙල්ල කපල තමනුත් බෙල්ල කපා ගෙන මැරෙනවා වගේ වැඩක් බව සිතාපල්ලා !!!!!

  4. Manel says:

    People in Sri Lanka never learns. Tamil leaders amd Muslim leaders have their own agendas. Sinhalese never learns. In 2015, they defeated Mahinda govt by forgetting everything has has done for the country. Udaya Gammanapila, Thissa Aththanayake , Wimal and many more warned about electing My3 and Ranil. They did not believe. They believe My3 and Ranil and paved the way these two to rob the whole country. It is sad to see there seems to be more such silly people even now. So Mr Gammanpila, thanks for putting facts in the open but I am not sure if these people are intelligent enough to see these facts.

  5. Dinushi Fernando says:

    බැදුම්කර වාර්තාව පිටු 946ම කියෙව්වා කියා ගම්මන්පිල කියනවා. ඒ වගේම නිතර වාර්තාවෙන් කරැණු උපුටා දක්වනවා. අනිත් මන්ත්රිවරැ කිසිවෙකු වාර්තාව කිය වූ බව නම් පේන්නේ නෑ. වරද උන්ගේ නොවේ. මැට්ටන් පාර්ලිමේන්තු යැවූ අපේ

  6. David Milli-Banda says:

    Kawata President, ‘blackmailing” the UNP Bond rogues or the Masses ?

Main News