ජනපති මෛත‍්‍රී මොරගහකන්ද ජලාශය කුලසිංහ නමටත්, රාජගිරිය ගුවන් පාලම සෝභිත හිමි නමටත් පුදකරයි…

January 9, 2018 at 6:26 am | lanka C news
ජනපති මෛත‍්‍රී මොරගහකන්ද ජලාශය කුලසිංහ නමටත්, රාජගිරිය ගුවන් පාලම සෝභිත හිමි නමටත් පුදකරයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා විසින් ජනවාරි 08 පෙරවරු 9 ට රාජගිරිය ගුවන් පාලම විවෘත කල අතර මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට බොහෝ කටයුතු සිදුකරන බවත් ඉන් එක් වැඩසටහනක් ලෙස රාජගිරිය ගුවන් පාලම ඉදිකර ජනතා අයිතියට පත්කළ බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

මිලියන 4700 ක වියදමින් ඉදිකළ මෙම මංතිරු 4 කින් සමන්විත පාළමේ දිග මීටර 354 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයකින් යුක්තය වන අතර මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් නම් රාජගිරිය ගුවන් පාලම පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි නමින් කරන ලෙසට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කරන ලදී.

තවද මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය අද ජනපති අතින් විවෘත වූ අතර ඒ තුළින් අක්කර ලක්ෂ 3ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එම`ගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි. මොරගහකන්ද ජලාශය ආශී්‍රතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කද මුහුදට ගලායෑම වළකා ජලාශයේ ර`දවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

මීට අමතරව සාලිස් වසරක මහවැළි අසිරිය නිමාකරමින් අද පොල්ගොල්ලේදී පැවති උත්සවයේදී ජනපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද ජලාශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි හොඳම ඉංජිනේරුවකු වන A.N.S කුලසිංහ එනම් කොන්ක්‍රීට් කුලසිංහ නම් විරුද්ධාවලියලත් ඒ ශේෂ්ඨ පුද්ගලයාගේ නමින් නම් කරන බවද පවසා සිටියේ, මහා යෝධ සංවර්ධනයේ ගරුත්වය තමන් නතු කරගැනීම අහක තබමිනි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

10,623 Viewers

7 Comments to “ජනපති මෛත‍්‍රී මොරගහකන්ද ජලාශය කුලසිංහ නමටත්, රාජගිරිය ගුවන් පාලම සෝභිත හිමි නමටත් පුදකරයි…”

  1. Pal says:

    Dear President..

    You need to be smart to rule a country than this.
    Naming a site to a different person would not be good , but we know that you are doing this to get cheap publicity.
    Every person except those who are around you to get personal benefits do not like your way of governing the country.
    You are just a failure….
    Nothing else.

    • cim says:

      ඇත්තටම මේ නිව්ස් එක දැක්කම ඇහැට කඳුලුත් ඉනුවා… තව ටිකෙන් ඕකට වැටෙන්නේ ලෝක හොරෙක්ගෙ නමක්… ඇත්තටම ඉතාම විශිෂ්ඨ තීරණයක්… මේ වගේ දේවල් ලෝබ නැතුව අගය කරන්න ඕනි. අන්න එතකොට තමයි මේ වගේ දේවල් තව වැඩි වැඩියෙන් සිද්ධ වෙන්නේ… අනේ අපේ මහරජාණන් තමුන්ගේ නම ගහගන්න තිබිච්ච ආසාව දැක්කම, මට නම් ඒ මනුස්සය ගැන පිළිකුලක් ඇරෙන්න වෙන හැඟීමක් ඇති වෙන්නෙම නෑ….

  2. Pal says:

    Correction…
    Dear President..

    You need to be smart to rule a country than this.
    Naming a site to a different person would be good , but we know that you are doing this to get cheap publicity.
    Every person except those who are around you to get personal benefits do not like your way of governing the country.
    You are just a failure….
    Nothing else.

  3. ajita de costageneral strike says:

    kawruth sirisena ranil namawata kemethi ne – taman kalin danagatha eka hondai

  4. Dev says:

    Kara una rotiye palama

  5. Kolitha says:

    Anunge lamayekuta namak adana pissek

  6. Wijebahu says:

    Mahinda would have put his name in both projects.

Main News