ජනබලයට බිය වී ජනපති-අගමැති කොළඹින් අතුරුදහන්.. මංගල පාන්දරම රට යයි.. සියළු ඇමතිවරු කොළඹින් පිටවෙලා..

September 14, 2018 at 6:26 am | lanka C news
ජනබලයට බිය වී ජනපති-අගමැති කොළඹින් අතුරුදහන්.. මංගල පාන්දරම රට යයි.. සියළු ඇමතිවරු කොළඹින් පිටවෙලා..

පිවිතුරු හෙළ උරුමයේ කුරුණෑගල දිසා සම්මේලනය, ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සහ විශාල ජනතා සහභාගිත්වයක් සහිතව පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද ,ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණැගල නගර ශාලාවේදී   09 /09 දින පවත්වන ලදී.

පිවිතුරු හෙළ උරුමය ජාතික සංවිධායක ධම්මික රත්මලේ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිසා ජන සභාවේ නිලධාරි මහත්වරුන් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන රැසක මන්ත්‍රීවරුන් ද එක්විය.

පිවිතුරු හෙළ උරුමය කුරුණෑගල දිසා සභාව පිහිටුවීමේ අවස්ථාවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පිරිස අමතා කළ කතාව

ආණ්ඩුවේ නායකයින් බියෙන් සැලුණු සැප්තැම්බර් 5

මිත්‍රවරුනි සැප්තැම්බර් 5 වැනිදා ඓතිහාසික දිනයක් බවට පත් වුණා. සැප්තැම්බර් පස් වැනිදා උදා වෙනකොට ආණ්ඩුවේ නායකයින් බියෙන් සැලෙන්න පටන්ගත්තා. මුලින්ම ආණ්ඩුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියමගින් සියලුම බස් තමන්ගේ ධාවන මාර්ගයේ පමණක් ධාවනය කළ යුතුයි එයින් පිට යෑමට ධාවන බලපත්‍රය පස් වැනිදාට නිකුත් නොකළ යුතුයි කියලා නීතියක් දැම්මා. අනෙක් පැත්තෙන් කුපනිස සමෘර්ධි නිළධාරින්ගේ නිවාඩු අවලංගු කරලා ක්ෂේත්‍ර වලට යෑම තහනම් කරලා කාර්යාලය රඳවා ගත්තා.   පස්වැනිදා වැඩේට බයේ.  ඒ විතරක් නෙවෙයි හාලි-ඇල පැත්තේ උද්ඝෝෂණයට එන්න තියෙන බස්සෙකට පහරදීලා කුඩුපට්ටම් කරා. කඩවත නගරයේ මේ උද්ඝෝෂණය වෙනුවෙන් සරසමින් සිටිය තරුණයින්ට පහර දීලා අදටත් ඒ තරුණයෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන කොළඹ නුවර මාර්ගය හරහා හදිස්සියේ පස් වැනිදා උදේ පාන්දර කාණුවක් කපන්න පටන් ගන්නවා මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ආණ්ඩුව මේ සියල්ලම කරලා උත්සහ කරේ පස් වෙනිදා පැවැත්වෙන මේ ජනතාවගේ උද්ඝෝෂණය  අසාර්ථක කරන්නයි. හතරවෙනිදා රාත්‍රියේ ප්‍රවෘත්ති බැලුවහම  කොළඹට 8000 පොලිස් බලඇණියක්. ඒ වගේම කුලු පොලු අරගත්ත පොලිසිය විහාර මහා දේවී උද්‍යානයේ, කුරුඳුවත්ත පොලිසියේ, දහස් ගණනින් රංචු ගැහිලා ඉන්නවා අපිට පෙන්නනවා.  අපි බයවෙයි කියලා හිතන්න ඇති. හැබැයි මිත්‍රවරුනේ පස් වැනිදා දවල් 12, 1 වෙනවිට පාසල් වැහෙනවා,  කාර්යාල වැහෙනවා, කඩසාප්පු වැහෙනවා,  ඇඳිරි නීතිය දැමූවා වගේ කොළඹ නගරය මහා පාළු නගරයක් බවට පත් වෙනවා. අපිට මතක් වුනේ ජවිපෙ ඇඳිරි නීතිය. දවල් 1 ,2 වෙනවිට ලංකාවේ හතර දෙසින් පෙරට එන කඩි ගුලක් සේ එක මිටියට බස්රථ කොළඹට  ඇදෙනවා. සිරිසේනගේ නීතියෙන් කිව්වේ කොළඹට බස් වලින් යන්න එපා කියලා බස් රථ හිමියන්ට. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීතියෙන් කිව්වෙ නෑ කොළඹට වරෙන් කියලා. බස්රථ හිමියන් රටට හඬ ගාලා කිව්වේ බස්රථ පිටින්  සෙනග පටවගෙන කොළඹ එමින් ලෝකයට හඬ ගාල කිව්වේ අදටත් මේ රටේ සැබෑ පාලකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හැර වෙන කවුරුත් නොවන බවයි. සිරිසේනගේ දාවන බලපත්‍ර අවලංගු කරන නීතිය කැලේට ගිහිල්ලා කොළඹට බස් අරන් එන්න කිව්ව මහින්දගේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දහවල් 1.30 ට විතර මම හිටියෙ හිටපු ආරක්ෂක ලේකම්වරයා  එක්ක. පොලිසියේ ඉහළම නිලධාරියෙක් කතා කරලා කියනවා 12.30 වනවිට සෙනග රැගත් බස් රථ 2800ක් කොළඹ නගරයට ඇතුළු වෙලා කියලා. එක බස්එහෙක පනහයි කියලා ගත්තත් 140000.

මිත්‍රවරුනේ ඊට කලින් චන්ඩි කතා කියපු ගොඩ දෙනෙක් හිටියා. පොලිස්පති අර නීතිය නවන කෙනා, කුරුණෑගලින් ඡන්දය ඉල්ලන්න ඉන්නේ, කොළපාට ඇඳුම ඇඳලා ඊට උඩින්  කාකි සූට් එක ඇඳන් ඉන්න  පූජිත කිව්වා වැඩිය දැඟලුවොත් ගහනවා කියලා. කුලු පොලු හමුදාවේ අණදෙන නිලධාරි මංගල සමරවීර ගුටි කන්න බලාගෙන එන්න කියලා තර්ජනය කළා. හැබැයි කොළඹ නගරය පාළු වෙන්න  පාළු වෙන්න ජනාධිපතිතුමා උදේ පාන්දර පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ ඉන්න ඡායාරූපයක් අරගෙන ඒක මාධ්‍යයට නිකුත් කරලා ජනාධිපතිතුමන් කොළඹ නගරයෙන් අතුරුදහන් වෙනවා. ඊළඟට අගමැතිතුමන් හෙලිකොප්ටරයක නැගලා කොහෙදෝ යනවා. කවුදෝ කිව්වා දෙනියාය ගියා කියලා. ඒ වගේම මිත්‍රවරුනි අපිට චණ්ඩි පාට් දාපු මංගල සමරවීර  ඇමතිතුමා පස් වැනිදා උදා වෙන්න කලියෙන් ගුවන් තොටුපළට ගිහිල්ලා ගුවන් යානයක නැගලා සිංගප්පූරුවට පැනගන්නවා. ගහනවා ඇත්තේ සිංගප්පූරුවේ ඉදන් වෙන්න ඇති අපිට. හවස් වන විට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීතිය රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වමින් බාධක සියල්ල  මැඩගෙන ලක්ෂ දෙකකට අධික ජනකායක් කොළඹට ඇදුනා. මේ මහ සෙනඟ දැක්කට පස්සේ වියරු වැටුණු ආණ්ඩුව අද මොකද කියන්නේ

සාමන්‍ය සිංහල කියමනක් තියනවා  චන්ඩි ජෙමා පැනලා යන විට නෝන්ඩි සිමා හැඟෙනවා කියලා. ජනාධිපති අගමැති මංගලයි කොළඹින් පැනලා ගියාට පස්සේ ආණ්ඩුවේ අනිත් ඇමතිවරු ඔක්කොම හැංඟුනා. එදා මහජන දිනය බදාදා එක ඇමති කෙනෙක් වත් තමන්ගෙ කාර්යාලයට ගිහිල්ලා මහජන දිනය කළේ නෑ. ජන ගංගට බයේ. ජන බලයට බය ඒ ඒ සියලු දෙනාම හැංගිලා හිටියේ. වැඩේ ඉවර උනාට පස්සේ හැංගුන තැන්වලින් එළියට ඇවිල්ලා කියනවා වැඩේ අසාර්ථකයි කියලා. මිත්‍රවරුනි මේක අසාර්ථකයි කියන්නේ කුමකට සාපේක්ෂවද? මීට වඩා සෙනග ආපු රැස්වීම කුමක්ද ? මෙතරම් දිගු වෙලාවක් පැවැත්වූ උද්ඝෝෂණය කුමක්ද?  ජනබල මෙහෙයුම ස්ථාන 6කින් කිලෝමීටර් 4ට වඩා දිගු පෙළපාලි හයක් වශයෙන් තමයි ලේක්හවුස් වටරවුමට  ඇදුනේ. සියල්ලම එකට එකතු කරානම් කිලෝමීටර් විසි හතරකටත් වඩා දිගු පෙළපාලියක්. ජනබල මෙහෙයුම යනු ලංකා ඉතිහාසයේ දැවැන්තම සෙනග එක් වුණු උද්ඝෝෂණ යයි. දහවල් 12ට විතර පෙළපාලිය ආරම්භ උනාම උද්ඝෝෂණය අවසන් වුනේ රෑ දොළහත් පහුවෙලා 12.00 සිට රාත්‍රී 12 දක්වා පැය දොළහකට අධික කාලයක් අඛණ්ඩව පැවැති ලංකා ඉතිහාසයේ දීර්ඝතම උද්ඝෝෂණය ජන බල මෙහෙයුමයි. ඒ විතරක් නෙවෙයි එක් දවසක ආරම්භ කරලා තවත් දවසක අවසන් කරපු ලංකා ඉතිහාසයේ එකම උද්ඝෝෂණයක් ජන බල මෙහෙයුමයි. මේකට බය වෙලා තමයි අද ආණ්ඩුවේ මැති ඇමතිවරු එක එක කතා කියන්නේ.

ආණ්ඩුව ජන බලයෙන් පළිගන්න උත්සහ කළ හැටි

මිත්‍රවරුනි මේ අය කොතරම් බය උනාද විතරක් නෙවෙයි තමුන්නාන්සේලාගෙන් පළිගන්නත් කටයුතු කලා. තමුන්නාන්සේලා එකට එකතුවෙලා 2018-2-10 වෙනිදා ජනපති සිරිසේනට යි අගමැති රනිල් ටයි බඩයන්න ඡන්දෙ දුන්නා. ඒකෙ එකට එක පලිය ගන්න කිරි පැකට් එකක් බෙදුවා එදා උද්ඝෝෂණය ගිය තමුන්නාන්සේලාට. එක තාත්තා කෙනෙක් මගේ පුතා කිරි පැකට් බොන්න හරි ආසයි කියලා ඒ බෙදපු කිරි පැකට් එකක් ගෙදර අරගෙන ගිහින් තියෙනවා. එයත් එක්ක හිටිය හැමෝම අසනීප වෙච්ච නිසා ඒ කිරි පැකට් එක ඒ තාත්තා දරුවාට දුන්නේ නෑ. අද උදේ කුණ්ඩසාලේ දී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගේ රැස්වීමකදී ඒ තාත්තා මේ කිරි පැකට් එක මගේ අතට දීලා මේ ගැන රටට කියන්න කිව්වා. බලන්න මේක සාමාන්‍ය කිරි පැකට් එකක් වගේ නෙවෙයි මේක ඉදිමිලා තියෙන්නෙ. මේකට  වස විදලා තියෙන්නේ. අපි කොටිත් එක්ක අවුරුදු තිස් හතක් යුද්ධ කළා. කොටියා වෙඩි තියලා අපේ අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මා. කොටියා බෝම්බ තියලා අපේ අහිංසක මිනිස්සුන්ව කෑලි කෑලි වලට ඉරලා මරලා දැම්මා. කොටියා මාවිල් ආරු සොරොව්ව වහලා අපිට බොන්න තියෙන ජලය අහිමි කරා. හැබැයි කොටියා කවම කවදාවත් අපිට බොන්න තියෙන වතුර වලට වහ ටිකක් දාන්න ඉදිරියට ආවෙ නෑ. කොටියගේ යුද්දෙදි කොටිය තිරිසනෙක් වුනාට කොටියගේ යුද්ධය යම් ශිෂ්ටත්වයක් තිබුණා. අවාසනාවට කොටියාටත් වඩා ශිෂ්ටත්වයෙන් පිටිපස්සෙන් ඉන්න සතා අලියා බවට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු මේ ආණ්ඩුවට එරෙහි වෙන ජන බලය මුහුණ දීගන්න බැරි නිසා ජනතාවට බඩේ අමාරුව හදලා ජනතාව අක්‍රීය කරන්නයි හැදුවේ. වස දැමු කිරි දුන් පමණින් ජනතාව පරාජය කල නොහැකි බව එදා ජනතාව අධිෂ්ඨානයෙන් යුතුව පෙන්නලා දුන්නා.

මිත්‍රවරුනි එදා මේ අය හිටියේ අපිට නෙලන්න හැබැයි සියල්ල වුණාට පස්සේ දැන් කියනවා බලන්නකෝ අපේ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ නිසා කට්ටිය ඇවිල්ලා උද්ඝෝෂණය කරල ගියා කියලා. බම්බුව තමයි.  මිත්‍රවරුනි 8000ක පොලිස් හමුදාවක් ගෙනාවා.  කඳුළුගෑස් රටේම තියෙන ටික එකතු කරලා ගෙනාවා.  ලංකාවේ තියෙන ජල ප්‍රහාරක යාත්‍රා ටික ගෙනාවා.  ඒ විතරක් නෙවෙයි වෙඩි උණ්ඩ විශාල තොගයක් කොළඹට ගෙන ආවා.  හැබැයි මේ මහා ජනගඟ දැක්කට පස්සේ කොළඹ කරා ඇදෙන ජන ගඟ පිළිබඳව බුද්ධි අංශ වාර්තා කරාට පස්සේ පොලිසිය තේරුම් ගත්තා මහවැලි ගඟේ සම්පූර්ණ ජලයම අරන් ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල කරත් මේ ජන ගඟ නතර කරන්න බෑ කියලා.  රටේ තියෙන සියලුම කඳුළු ගෑස් විතරක් නෙවෙයි  ඉන්දියාවේ නැව් පිටින් ගෙන ආවත් මේ ජන ගඟ හරවා යවන්න බෑ. රටේ හමුදාවේ තිබෙන සෑම වෙඩි උණ්ඩයක් ම පාවිච්චි කරලා වෙඩි තිබ්බත් මේ ජන ගඟට වෙඩි තියලා ඉවර කරන්න බෑ.  ජන බලය ඉදිරියේ පුජිතගේ පොලිසිය පරාදයි කියලා තේරුණ නිසා තමයි පාර දිගේ දාල තිබ්බ මාර්ග බාධක පැත්තකට කරල එම  පොලිසියේ ඉන්න නිලධාරීන්ට හැකිලී ඉන්න නියෝග කෙරේ. පොලිසියේ නිලධාරීන් හදවතින් හිටියේ අපිත් එක්ක. ඒක නිසා ගහන්න එපා සෙනඟ වැඩි කියන පණිවිඩයට මේ අය ඉතාමත් ආශාවෙන් ප්‍රතිචාර දැක්වූවා.  එදා අපි රටට නෙවෙයි ලෝකෙට කියලා දුන්න පාඩම තමයි මිත්‍රරවරුනේ ධන බලය ඔවුන්ගේ, මැරබලය ඔවුන්ගේ, නිල බලය ඔවුන්ගේ, ඇමරිකාව ඉන්දියාව ඇතුළු ලෝක බලයත් ඔවුන්ගේ, හැබැයි ජන බලය තිබුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ජන බලය ඉදිරියේ ධන බලය මැර බලය නිලබලය ලෝක බලවතුන් ගේ බලය මේ සියල්ලම පොඩිපට්ටම් කරලා දාන්න පුළුවන් කියන පණිවිඩය තමයි සැප්තැම්බර් 5 වැනිදා අපි ලෝකයට කියලා දුන්නේ.

ලැජ්ජ නැතිකම අගමැති කමටත් වඩා ලොකුයි

ඒක නිසා මිත්‍රවරුනි අද මෙවැනි දෙයක් ලෝකයේ වෙනත් රටක සිදු උනානම්, මොකද වෙන්නේ මෙවැනි දැවැන්ත ආණ්ඩු විරෝධී ජන රැල්ලක් ආවම දකුණු අප්‍රිකාවේ ජනාධිපතිතුමා ඉල්ලා අස් වුණා.  ජනමත විචාරණයකින් තමන්ගෙ රටේ ජනතාව බහුතරයක් තමන්ට විරුද්ධයි කියලා තේරුණාම එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වුණා. හැබැයි මිත්‍රවරුනේ ඉස්සර නම් කිව්වේ ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා  අද අපිට කියන්න වෙලා තියෙන්නේ ලැජ්ජ නැතිකම අගමැති කමටත් වඩා ලොකුයි කියලා. අගමැතිට ලැජ්ජා බයක් තියෙනවනම්  එයා මුලින්ම අහුවෙන්න ඕන තමන්ගෙ යාලුවො ටික තමන්ගෙ උදව්වෙන් මහ බැංකුව සුද්ද කලා කියලා දැනගත්ත දවසේ. එහෙම නැත්නම් මේ රටේ ජනතාවගෙන් 70% ට වැඩි පිරිසක් පුංචි ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේදී. දැන් මෙතරම් දැවැන්ත ජන ගඟක් කොළඹට ඇවිල්ලාත් මේ අය අස්වෙන්න නම් සූදානමක් නෑ. ලැජ්ජාවක් මේ රටේ නායකයන්ට නෑ.  හැබැයි එහෙමයි කියලා ඊළඟ ඡන්දය තුරු අපිට බලන් ඉන්න බෑ. අපේ ව්‍යවස්ථාව අනුව මීළඟ ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නේ 2019 ඔක්තෝම්බර්  පස්වෙනිදට  පස්සේ. එහෙමනම් තවත් මාස දහ තුනක් තිබෙනවා.  මාස 13 කියන්නේ දිග කාලයක්. මේ දෙන්නා මේ විදියට ජෝකරයයි බ්‍රෝකරයයි රට එකතුවෙලා තවත් මාස දහ තුනක් මේ රට කරගෙන ගියොත් අපිට රටක්වත් රටට හෙටක් වත් ඉතුරු වෙන්නේ  නෑ මිත්‍රවරුනි. මේ වන විට ම හම්බන්තොට වරාය චීනෙට දීලා ඉවරයි මිත්‍රවරුනි.  ඒ විතරක් නෙවෙයි අපේ අධිවේගී මාර්ග පද්ධතියම කුරුණෑගල හරහා අනාගතයේ දී යන්න නියමිත එකත් එක්කම චීනයේ ෂැංඩොං කියන සමාගමට දෙන්න නියමිතයි.  නොරොච්චෝලේ  විදුලි බලාගාරය ණයට හිලව් වෙන්න චීනයට දෙන්න නියමිතයි. ඒ විතරක් නෙවෙයි රාජිත සේනාරත්න ඇමැතිතුමාගේ වචනවලින් ම කියනවා නම් චීන දෙනකොට ඉන්දියාව බැලන්ස් කරන්න ඕන. ඒ නිසා ඉන්දියාවට දෙනවා ගාලු වරාය, ත්‍රිකුණාමල  වරාය,  කන්කසන්තුරෙ වරාය,  පලාලි ගුවන්තොටුපළ,  මත්තල ගුවන් තොටුපොළ.  චීනට අර ටික දීලා ඒක බැලන්ස් කරන්න ඉන්දියාවට මේටික  දුන්නම අපේ පුංචි දූ පුතුන්ට අනාගතය භාර දෙන්න අපිට මොනවද ඉතිරි වෙන්නේ?

සාංසාරික බැඳීමෙන් රට රකින අපි

ඒ නිසා තමයි මේ ආණ්ඩුව ගෙදර යැවීම 2019 ජනාධිපතිවරණය නෙවෙයි අද හෙටම කිරීම තමයි අපේ වගකීමක් වෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනේ  තමුන්නාන්සේලා දන්නවා එදා සැප්තැම්බර් මාසේ පස්වැනිදා  තමුන්නාන්සේලාට කොළඹට එන්න කියලා පණිවිඩයක් ලැබුණා.  තමුන්නාන්සේලා කොළඹ යනකොට දැනගෙන හිටියේ නෑ අපි කොතනටද යන්නේ කරන්න යන්නේ මොකක්ද ආපහු එන්න වෙන්නෙ කීයටද මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වචනය විශ්වාස කරලා තමුන්නාන්සේලා කොළඹට ඇදුනා. සමහරු විවිධ  වැඩ ගෙදර තියෙනවා කියමින් දරුවෝ ගැන හිතලා රස්සාව ගැන හිතලා තමන්ගේ පෞද්ගලික දේවල් ගැන හිතලා ගෙදර රැඳෙන වෙලාවේ තමුන්නාන්සේලා කොළඹ යන්න තීරණය කරා. මිත්‍රවරුනි හැමදාමත් රට බේරගන්න හිටියේ අතලොස්සයි. අපේ මව්බිම පරසතුරන් ගෙන් බේරිලා තියෙන්නේ අධිෂ්ඨානශීලී සුළු පිරිසක් නිසයි. අපේ ඉරණම ඉතිහාසය අපිට බල කරලා කියනවා  මව්බිමේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වගකීම භාරගන්න කියලා.

සමහරවිට එදා දුටුගැමුණු රජතුමා තමන්ගෙ සේනාව අරගෙන විජිතපුර සටනට යන විට තමන්ගෙ කුඹුරේ වැඩ තියෙනවා දරුවන්ට තාත්තෙක් ඉන්න ඕන මේවා හිත හිත ගොඩක් තාත්තලා ගෙදර රැදෙන්න ඇති. නමුත් සියල්ලට කලින් අපේ දරුවන්ට රටක තියෙන්න ඕන කියලා හිතපු තාත්තාවරු සුළු පිරිසකගේ  අධිෂ්ඨානය නිසයි සිංහලට මේ පින්බිම ඉතිරි වුණේ.  එදා දුටු ගැමුණු කුමාරයත් එක්ක යුද්දෙට ගිහිල්ලා මේ රට රැකීම අපගේ වගකීමයි කියලා පපුවේ කොටාගත්ත සාංසාරික බැඳීම තියෙන්නේ තමුන්නාන්සේලා අපිට වෙන්න ඇති. එ සංසාර පුරුද්දට වෙන්න ඇති  රටට ප්‍රශ්නයක් එනවිට කාටවත් නැති කැක්කුමක් අපිට ඇති වෙන්නේ. අනුන්ට නැති දේශපාලන උනත් අපිට ඇති වෙන්නේ.

මිත්‍රවරුනි  දුටුගැමුණු කුමාරයා එක්ක විතරක් නෙවෙයි මීට වසර දහසකට කලින් මුළු ආසියාවම වෙලාගෙන පැතිරුණු කොටියා ලකුණු දරපු තමිල්නාඩුවෙන් ආරම්භ වුණු  චෝල  මුන්මුඩ අධිරාජ්‍යයේ මුළු ආසියාවම සලිත කරගෙන යටත් කරගෙන ඉන්නකොට ඒකට විරුද්ධව විප්ලවීය අරගලයක් කරලා ඒ චෝල  මුන්මුඩ අධිරාජ්‍යය  බිමට සමතලා කරපු කීර්ති කුමාරයා පස්සෙන් වැටිලා ගිය සිංහල හමුදාවේ අපි ඉන්න ඇති. එදා පෘතුගිසීන් ලන්දේසින් ඉංග්‍රීසීන් මහනුවර කරා ඇදෙනකොට  හැමදාමත් සටන් බිම් ලෙයින් තෙත් කරලා අපේ ආදරණීය මව් බිම බේරගත්ත හමුදාවේ අපි ඉන්න ඇති. සංසාර පුරුද්ද තමයි සැප්තැම්බර් මාසේ පස්වෙනිදා තමුන්නාන්සේලා ජීවිතේ පරදුවට තියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වචනය විතරක් විස්වාස කරල එදා කොළඹට ඇදුනේ.  මේ ආණ්ඩුව බොහොම සන්තෝසෙන් කියනවා අපි කරාද දැන් මුකුත් වුණාද දැන් මොකද වුනේ කියලා. අපි ආණ්ඩුවට මතක් කරනවා  ඒ සටනේ අවසානය නොව ආරම්භය විතරයි. එහෙම මිසක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදියට මෙතුමා 2030 තමයි පක්ෂය දාලා යන්නේ එතුමාට අවුරුදු අසූ එකක් වෙනකන් ඉන්නවලු. එතකොට පක්ෂ නායකත්වය බාර ගන්න දත කට මැදගෙන සුට් මහගෙන මෙන්න අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාට 2030 වන විට මන් හිතන්නේ එතුමටත් අවුරුදු 60ක් විතර වෙනවා. හැරමිටියෙන් ඇවිල්ලා තමයි එතුමාටත් පක්ෂ නායකත්වය බාර ගන්න වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා 2030 වෙනකන්  රටේ සිටියොත් රටත් ඉවරයි අපිත් ඉවරයි .මේ නිසා එතුමාව වහාම එලවන එක අපගේ වගකීමයි. අපි පස්සෙන් ඉදන් ආරම්භ කරපු අරගලය පරගැති බොරුකියන  හොරු පිරි දූෂිත ආණ්ඩුව ගෙදර යවන තුරුම  අපිත් එක්ක රැදිසිටින්න අපේ ආදරණීය මව්බිම බේරා  ගැනීමේ අරගලයේ ජයග්‍රහණයතෙක් මේ ගමනේ අපිත් එක්ක රැඳී සිටින්න කියන ඉල්ලීම කරමින් අපේ ආදරණීය මව්බිමට ජයවේවා ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා කියමින් මම නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.

මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ජාතික සංවිධායක ධම්මික රත්මලේ මහත්වරුන් ඇතුළු පිරිසක්ද අදහස් දැක්වීය.

– අරවින්ද අතුකෝරල

24,121 Viewers

12 Comments to “ජනබලයට බිය වී ජනපති-අගමැති කොළඹින් අතුරුදහන්.. මංගල පාන්දරම රට යයි.. සියළු ඇමතිවරු කොළඹින් පිටවෙලා..”

  1. desta says:

    dutugemunu rajathuma mahajanatawage salli horakam kale neha eka nisa wathman horu saha hara rella ape ithihasa inn a rajawarunta samana karanna epa den me hora relata rata dila rata bankoloth jvp kiyaganna bath belayo tikath echharai

    • Uncle , ask your rulers to hold due provincial council elections, without behaving as funks. Can you remember the feed back from the people for delaying the last local elections?More the time they delay, increasingly worse would be their next feed back.

  2. Pro-mate says:

    Amazingly, Madu Madawa Aravinda is no other than the Deputy Leader, we sympathise all female member supporters, to have blessings of gods of all religion to protect them.

  3. ජයරත්න says:

    ජනබලය අති සාර්ථකයි. දැන් ජනතාවගේ බලයට මුන දෙන්න බැරුව තමයි මාකදුරේ මහේෂ් දාල ගේම් ගහන්න හදන්නේ මේ ආණ්ඩුවේ හාල් පාරුවො ටික. ඒකාබද්ධයේ සියලු නායකයින් ප්‍රවේසමෙන්.

  4. kanchana Tennakoon says:

    දැන් පචයගෙ ජාතික හෙළ කරුමය ඉවරයි. උන් ජාතියට කරපු විනාශය උන්ට පටිසන් දීල. ගම්මන්පිල මහත්තය මේ රටේ සැබෑ ජාතිකවාදී පිරිස් එක්කාසු කරගෙන හොද ගමනක් යනව. අපෙන් සුභ පැතුම්

  5. පොදු අපේක්ෂක says:

    යන විදිහට හු ඇන් පී ලංකා පොලීසි සන්ධානයේ පොදු අපේක්ෂකයා මා කදුරේ මහේෂ් වෙයි වගේ. ඒකාබද්ධයේ නායකයිනි. මහින්ද ගෝඨාභය මෙන්ම විමල් උදය වාසු දිනේෂ් ප්‍රසන්න අතුලු සියලු දෙනා ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඕබේ සටන ජයග්‍රහණයෙන්ම කෙලවර කරන්න

  6. විජය යාපා says:

    මේ ගොන් ජඩපාලකයන් ජනතාවගේ බලයට කොච්චර බයවෙලාද කියනවනම් මුං ඡන්ද තියන්නෑ. ඒ වෙනුවට ඒකාබද්ධයේ නායකයන් පාතාලයේ උන්ට ඉලක්ක කරන්න හදනවා. කාලකන්නි යම පාලනේ. පෙරලමු මේ පාලණේ – පාදඩ මේ පාලනේ

  7. ratawesiya says:

    oya rupiyala gane koti ganan ekathu kala mathakada? kyya witharai hemadama ohoma kyya gahanawa. ohe emathi kamakata sudusu nethaa nadu nethi lawyer

    • බුද්ධිමත් රට වැසියා says:

      රුපියල ගිනෙ නෙවෙයි බං. රුපියල් 100 ගානෙ කැමති කෙනෙක්ට ආධාර කරන්න කියල කිව්වේ. නොදන්න මගුල් කියල කිචනොවී පච නොවී හිටහන්. කලු සල්ලිකාරයන්ගෙන් සල්ලි අරන් ඡන්ද කරනවට වඩා පොඩි මිනිහගෙන් සල්ලි ඉල්ලන් ඡන්දය කරන එක නම්බුයි. මොකද මිනිස්සු කැමැත්තෙන් දෙන සල්ලි ඒ. අනික ඒ ලැබුනු ගනන් වියදම් කරපු හැටි අදටත් උදයගේ වෙබ් එකේ පැහැදිලිව දාල තියෙනව.

      ඇයි බං රට වෙනුවෙන් ගම්මන්පිලලනඩු කීයක් කිව්වද ආණ්ඩුවට එරෙහිව. බහුතරය ඒ ගොල්ලො දිනුම්. පොඩ්ඩක් හොයල බලපන් නිකං කිච නොවී

      විහාර දේවාලගම් පනත, භික්ෂු කතිකාවත් පනත ඒ කියපු නඩු වලින් එකක් දෙකක් විතරයි. අනික්වා හොයල බලපන්. මොලේ පැදෙන්නත් එක්ක.

    • Saman says:

      ratawisiyaa, umbe katata henagahai oya boruwalata.

  8. බුද්ධිමත් රට වැසියා says:

    වහ දෙමු = පාතාලයට කෝන්ත්‍රාත් දෙමු . ඕන් ආණ්ඩුවේ යහපාලනය. ඇත්ත කියනකොට ආණ්ඩුවෙ ඔරන්ඔටන්ලගේ පුපේ ඉත්තෑවෝ දුවනවා.

  9. Saradiel says:

    ගොටාබය තුමා ජනාදිපති කර මුන්ට පැන යන්ට නොදී ගුවන් තොටුපල වසා දමමු

Main News