ජනමත විචාරන නෑ.. ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. මාමා-බෑණාගේ තක්කඩි උපාය මෙන්න..

September 24, 2017 at 11:07 pm | lanka C news
ජනමත විචාරන නෑ.. ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. මාමා-බෑණාගේ තක්කඩි උපාය මෙන්න..

මහජනයාට අධිකරණය හමුවට යාමට තිබෙන අයිතිය මඟ හරිමින්, යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී භයානක සංශෝධන රැසක් ගෙනවිත් එය සම්මත කර ගැනීමේ තක්කඩි ක්‍රමවේදයක් එදා ජේ. ආර්. ජයවර්ධන පාලනය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදීද මේදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් ඇතුළු තවත් පනත් කෙටුම්පත 04ක් සම්මත කර ගැනීමේදී ද අනුගමනය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එසේම එම තක්කඩි ක්‍රමවේදයටම රටේ ඉරණම තීරණය කරන, රටේ මූලික නීතිය බවට පත් වන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට මෙම අෘණ්ඩුව සැරසෙන බවට ඒ මහතා අනතුරු හඟවා සිටියි.

පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කවුරු කවර මාතෘකා ගෙනවිත් යට ගහන්න හැදුවත් අද රට හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය තමයි, බෙදුම්වාදී බලවේගවල උවමනාවට ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ගෙනවිත් තිබෙන, ‘නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත’ පිළිබඳ ප්‍රශ්නය. ඔබ දන්නවා, දෙමළ බෙදුම්වාදය මේ රටේ ව්‍යවස්ථාවෙන් තමන්ගේ බෙදුම්වාදී මනදොල සපුරා ගන්න දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව.

‘මාමාගේ සහ බෑණගේ තක්කඩි ක්‍රමවේදය’

එදා ඉන්දියානු බලහත්කාරයට යටත්ව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවෙත් අවි දරපු බෙදුම්වාදී කල්ලි හිලෑ කර ගැනීමට යැයි කියමින්. එදා 13 වැනි අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ තක්කඩි ක්‍රමවේදය අද පාර්ලිමේන්තුවේදී ඔහුගේ බැණන්ඩිය වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් අනුගමනය කරමින් තිබෙනවා. ඒ ක්‍රමවේදය තමයි, යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිගන්නා බව මතුපිටින් පෙන්වමින් වෙනත් තාක්‍ෂණ විධි ක්‍රමයක් මගින් එම ශ්‍රේෂ්ඨාධිකරණේ මතය අභියෝගයට ලක් කිරීම. 13 වැනි අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනමත විචාරණයකට නොගොස්, එදා සිටි නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන, ජේ. ආර්. ජයවර්ධනට උවමනා අන්දමටයි. එහිදී ජනමත විචාරණය මඟ හැර ගොස් තිබුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේදී කිහිප වරත්ම තම මාමාගේ භාවිතය පෙන්වනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවනු ලබන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහිතව පාර්ලිමේන්තුවට ආවාම කාරක සභා අවස්ථාfවිදී එයට සංශෝධන ගණනාවක් ඇතුළත් කරවීම මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තම දේදුනු වර්ණ ගැන්වූ කල්ලිය හරහා සිදු කරනවා. එම සංශෝධන මොන තරම් භයානක වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවත් ඒවාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට රටවැසියාට බැහැ.

‘අවසානයේ සම්මත වන පනත වෙනස්ම එකක්’

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 13 වැනි අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදීත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගියදා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ තවත් පනත් කෙටුම්පත් 04ක් සම්මත කර ගැනීමේදීත් උපයෝගී කර ගත්තේ මේ තක්කඩි කූඨ ක්‍රමවේදය. මෙතැනදී සිදු වන්නේ අධිකරණයේ නිර්දේශ සම්පූර්ණයෙන් ඉවත දමලා කාරක සභා අවස්ථාවේදී විශාල සංශෝධන ප්‍රමාණයක් මුලින් ගෙන ආ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා, සම්පූර්ණයෙන්ම වෙනස්, භයානක පනත් කෙටුම්පතක් අවසානයේදී සම්මත කර ගැනීම.

‘නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නෙත් මේ තක්කඩි කූඨ ක්‍රමවේදයටමයි’

‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සූදානම් වී ඉන්නේ ද ඉහත තක්කඩි කූඨ ක්‍රමවේදයටමයි. එදා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරන්න රතු අලි පැටව් 06 දෙනා අත ඉස්සුවේ මේ හොර තක්කඩි ආණ්ඩුවේ, ඉහත කී තක්කඩි ක්‍රමවේදයට තමන්ගේ තිබෙන පක්‍ෂපාතීත්වය පෙන්වමින්. අධිකරණය මඟ හැරලා, අධිකරණයට මහජනයාට යන්න තිබෙන අයිතිය මඟ හැරලා, යම් පනත් කෙටුම්පතකට කාරක සභා අවස්ථාවේදී භයානක සංශෝධන රැසක් ගෙනල්ලා එය සම්මත කිරීමේ තක්කඩි ක්‍රමවේදයට පක්‍ෂපාතී වෙලා එදා රතු අලි පැටව් 2/3ක බලයකුත් රනිල් වික්‍රමසිංහට හදා දුන්නා.

‘ඒකීය ව්‍යවස්ථාව ෆෙඩරල් කරන හැටි’

ඒ ක්‍රමයටම තමයි මේ රටේ ඉරණම තීරණය කරන, මේ රටේ මූලික නීතිය බවට පත් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න යන්නෙත්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන විට තිබෙන්නේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක්. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාfවිදී ඇතුළත් කරනු ලබන සංශෝධනවලින් තමයි එය ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පෙරළෙන්නේ.

‘මධ්‍යම ආණ්ඩුව නමට පමණයි’

‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ යන නමින් පසුගිය 21 වැනිදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇතුළත් නිර්දේශ ටික ක්‍රියාත්මක කළාම මේ රටේ මධ්‍යම ආණ්ඩුව කියා එකක් ඉතිරි වන්නේ නැහැ. නමට පමණක් මධ්‍යම ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් තිබෙනවා. නමට පමණක් ජනාධිපතිවරයකු ඉන්නවා. සමගාමී ලැයිස්තුව අහෝසි කර එහි තිබූ බොහෝ විෂයයන්ට අදාළව නීති හැදීමේ බලය ද පළාත් සභාවලට දෙනවා. පොලිස්, ඉඩම්, පරිපාලන, මුදල් පාලනය පිළිබඳ බලය යන සියල්ලම පළාත් සභාවට දෙනවා. මේ නිර්දේශවලින් පළාත් සභා දෙකක් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් කියා තිබෙනවා. ‘උතුරු – නැඟෙනහිර එක පළාත් සභාවක් ලෙස සලකලා වැඩ පටන් ගනිමු’ කියා මේ වාර්තාවෙන් කියා තිබෙනවා.

‘රටේ මූලික නීතිය හැදෙන්නේ බාහිර බලවේගවල උවමනාවට’

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට කියා තිබෙනවා ‘අපි පොරොන්දු වූ ආකාරයට ඉතා කල්පනාකාරීව, සෙමින් ඔබගේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටිනවා’ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට මම අත්සන් කළා. නව ව්‍යවස්ථාව සැදීමට අදාළ කෙටුම්පතක් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) දිලා තිබෙනවා’ කියලා. ඒ අනුව පැහැදිලියි, ඨීඡූ බදු සහනය දෙන්න යුරෝපා සංගමය දාපු කොන්දේසිය අනුව, ජිනීවා යෝජනාව අනුව, දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් අනුව තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ කියලා. රටක මූලික නීතිය වෙනස් වෙන්න ඕනෑ බාහිර බලවේගවල වල උවමනාවන් අනුවද? මේ රටේ ප්‍රගතිදායක තත්වයක් ඒ මගින් ඇති වේවි ද?

ආණ්ඩු 09ක්, සබරගමුවේ එක නීතියක්, උතුරු – නැඟෙනහිර තව නීතියක්. මෙවැනි ක්‍රමයකින් අවුල් වියවුල් ඇති වෙනවා. රටම අරාජික වෙනවා. මේ පුංචි රට එවැනි අරාජික තත්වයකට ඇද දමන්නද රණවිරුවෝ 27,000ක් අවසන් සටනේදී දිවි පිදුවේ, 23,000ක් ආබාධිත තත්වයට පත් වුණේ? ඒ අමිල කැප කිරීම කරපු ඒ මිනිසුන්ට අපි කරන ප්‍රතිඋපකාරයද මේ? මේ රටේ මිනිස්සු ඊනියා සංහිඳියා බණ කියන ඩොලර් කාක්කන්ගේ වචනවලට රැවටිලා මේ අපරාධය සිදු කරන්න ඉඩ දුන්නොත්, පාර්ල්ිමේන්තුවට තමන් පත් කරලා යවපු මන්ත්‍රීවරුන් මේ අපරාධයට අත උස්සන තුරු නිහඬව බලා සිටියොත් අනාගත පරපුරට රටක් ඉතිරි වෙන්නේ නැහැ.

දෙමළ බෙදුම්වාදයේ උවමනාව උතුරු – නැඟෙනහිරට වෙනම ස්ව-පාලනයක් ලබා ගැනීමයි. මේ ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් එය ඉටු වෙනවා. ඒ වගේම දැන් දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදු වුණාය, කියන එකත් ඔප්පු කර ගැනීමට අදාළ කටයුතු සිදු වෙමින් තිබෙනවා. ‘ස්ව පාලනයක් ගෙන ගියා. අපට වෙනස් ලෙස සැලකුවා ( යුද අපරාධ සිදු වුණා) කියා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට බෙදී වෙන්වීමේ යෝජනාවක් රැගෙන යාමයි දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව. ඒ සඳහා ඔවුන්ට බටහිර හාම්පුතුන් උදව් කරනවා. ඉහත කොන්දේසි දෙකෙන් එකක් ඉටු කර දීමටයි, මේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලහිලහියේ හැදෙමින් තිබෙන්නේ. ලේ හලලා, පණ දීපු මව්බිමේ ඒකීයභාවය අහිමි කිරීමේ මාවතකයි අද මේ රට ඇදගෙන යන්නේ.

‘කිසිදු රටවැසියකුට සහනයක් ලැබෙන්නේ නැහැ’

උතුරු – නැඟෙනහිර ස්ව-පාලන ඒකකයක් හැදුණා’ කියලා එහි වෙසෙන දෙමළ, මුස්ලිම් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ හැදෙන ස්ව-පාලන ඒකකය බටහිර තිප්පොළක් වීමයි සිදු වෙන්නේ. මේ නව ව්‍යවස්ථාවෙන් දෙමළ – මුස්ලිම් ජනතාව ඇතුළු කිසිදු රටවැසියකුගේ ආර්ථික හා සංස්කෘතික ජීවිතයට සහනයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත එකම අවුල් ජාලයක් බවට පත් වීමයි සිදු විය හැක්කේ.

ඒ නිසා මේ රටට ආදරය කරන රටවැසියන් ලෙස සියලු වාදභේද අතහැරලා රට කැබලිකරණය කරන මේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව අපි ලක්‍ෂ ගණනින් පාරට බැසිය යුතුයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් හෝ ජනමත විචාරණයකින් මේ ව්‍යවස්ථා මරඋගුලට ජය ගැනීමට ඉඩ තබන්න එපාෟ ‘ඔබේ මුතුන්මිත්තන් දීර්ඝ කාලයක් තිස්සේ දිවි දී රැකගත් මේ මව් පොළොවේ ඒකියභාවය අහිමි කිරීමට අද කටයුතු කෙරෙමින් තිබෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාව අනුව හදපු මේ පොළොව කැබලිකරණය කරන ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉතිං දැන්වත් තමන්ගේ වගකීම සහ යුතුකම ඉටු කිරීමට පෙරට එන්න’ කියා අපි මේ දේශයේ සුජාත දූ පුතුන් වෙතින් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

24,052 Viewers

17 Comments to “ජනමත විචාරන නෑ.. ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. මාමා-බෑණාගේ තක්කඩි උපාය මෙන්න..”

  1. හිටං-හුටං says:

    ඒ කියන්නේ අපිට නාග දීපය වඳින්නට වීසා ඕනියි කියන එකද?
    එතකොට ජය ශ්‍රීමහ බෝධිය වඳින්නත් වීසා ඕනි වෙයිද?

    • Upul says:

      ඒකීය කියන වචනයට සැබෑ දෙමළ තේරුම ඇති වචනය වන්නේ ඔට්‍රෙයිච්චි .එය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 ව්‍යවස්ථාවේ (දෙමළ) දැක්වේ.

    • වන්නියලැත්තෝ says:

      නාගදීපෙ නෙමෙයි දෙමළ ඊළමේ අපි පදිංචිවෙලා ඉන්නවට tax එකක් ගෙවන්න වෙන දවසත් එන්ඩ පුළුවන්.

      • ගුරුළු says:

        දැන් පෙඩරල් එකක් ගෙනවිත් බැදුම්කර මංකොල්ලය ගැන තිබු ජනතා අවධානය වෙනතකට යොමු කර ඇත …මේ ආණ්ඩුව රටේ මහජාතිය රවටමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගනී ..මේ ආණ්ඩුව දෙමල කොටි ඩයස් පෝරාවේ .අන්තවාදී මරක්කලයන්ගේ ,NGO ලාගේ අවශ්‍යතා ඉටුකරන රුකඩ රෙජිමයක්
        බලාසිටීමට කාලයක් නැත වහාම මේ යම පාලනය නෙරපා අපේ රට ජාතිය මේ පෙඩරල් ව්‍යවස්ථාවෙන් බේරාගත යුතුයි
        සිංහලයෙනි පාරට බැහැපල්ලා ..අපේ රට අනතුරේ දැනුම අවිය වේ….මේ අවි මුවහත් කරන කාලයයි…
        සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනැගීමේ අද දවසේ අත්‍යවශ්‍ය පියවර, රට බෙදන ව්‍යවස්ථාව පැරදවීමයි…

  2. හිස බූ ගෑ සිංහයා says:

    ලෝක සිතියමේ හැටියට ලංකාව උතුර-නැගෙනහිර-දකුණ කියල බෙදල තියෙන්නෙ!
    උතුර- දමිළ
    නැගෙනහිර- තම්බි
    දකුණ- දේශය බෙදන්නට උදව් දුන් මොංගල්ලා

    • ලිහිණි says:

      .අපේ රට බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි බෙදා වෙන් නොකර .රනිල් සිරිසේන ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු .
      .මේ රට සිංහල මාතෘ භූමියයි ..පිටින් ආව සරණාගතයින්ට රටේ උරුමය බෙදා වෙන්කර දෙන්නේ කුමක් සදහාද ? ලෝකයේ කුමන රටේද සරණාගත සුලුජාතින්ට ඒ රටවල උරුමය බෙදා දී ඇත්තේ ? තමන්ගේ දේශපාලන වාසි වලට අපේ රට ජාතිය විනාශ නොකර ජනපති සිරිසේන ..අගමැති රනිල් කරුණාකර ඉල්ලා අස්වන්න
      මේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි ,,දෙමළුන්ට තැමිල් නාඩුවත් ,මරක්කලයින්ට අරාබියත් ඔවුන්ගේ නිජ බිමයි ..සමගියෙන් අපේ රටේ ජිවත් විය නොහැකිනම් ඔවුන් ඒ තමන්ගේ ආපු රට වලට යා යුතුයි ..අපේ රටේ පෙඩරල් අවශ්‍ය නැත
      අපි පෙඩරල් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන් විරුද්ධත්වය පල කරමු
      සිංහලයෙනි ,අපේ රට ජාතිය රැකගැනීමට වහාම පියවර ගනිව්
      පෙඩරල් බෙදුම්වාදය අපට එපා ..එම ව්‍යවස්ථාව හකුලා ගනු …

  3. බකලදාස says:

    මේ පිංතූරෙ හැටියට කවුද ලොක්කා- කවුද සොක්කා?

  4. Nandasoma says:

    කථා කරල විතරක් වැඩක් වෙන්නෙ නැහැ… ඉක්මනටම නීතිය ඉදිරියට යා යුතුයි…

    බැරිනම් ජනතාව සමග පාරට බැසිය යුතුයි…

    • JOY says:

      ජනපති සිරිසේන ,ඔබ මේ රටේ රටේ අයිතිකරුවා නොව, වසර කීපයකට බලයට පත්වූ දේශපාලකයකු පමණි
      මේ රටේ මහා ජාතියට විරුද්ධව රටේ කැලි වලට කඩා අපේ රටේ උතුර සහ නැගෙනහිර විජාතිකයන්ගේ කොළණි යක් කිරීමට අපි ඔබට අවසර දී නැත
      වහාම මේ පෙඩරල් ව්‍යවස්ථාව හකුළා ගනු ..කරුණාකර සුලුජාතින් නටවන රූකඩයක් නොවෙනු ..අපේ මව් බිම විනාශ නොකරනු
      දේශපාලන පලිගැනීම් වලට බලයට ඇති තණ්හාවට අපේ රට ජාතිය පවා නොදෙනු

  5. apoi says:

    වැඩේ ගහල යනකම්ම දන්නේ නැතිවේයි

  6. හුට්ටන් නට්ටන් says:

    ඔයා කියනවා. ටිකදෙනෙක් තේරුම්ගන්නවා. තව ටිකක් ගණන් ගන්නේ නෑ. ඕකුන් ඕක කරනවා. අන්තිමට උඩ බලන් ඉන්නවා. ඔච්චරයි වෙන්නේ.

  7. Raawana says:

    Kohama hari me mara ugula paradawala, api newatha balayata aapuwahama, neyinta adu gaanata gewal dena, Hora uppenna hadana, hora passport hadana thakkadikam tika karanna puluwan

    • Lapaya says:

      ‘තොපි කහින්නේ හොරිකොතෙන් මාසෙකට දෙන 1,600 ට නේද. අම්මගෙන් අහල බලපන් තාත්ත සිංහලයෙක්ද දෙමලෙක්ද, හම්බයෙක්ද කියල. එක උබවත් දන්නේ නැහැ. උබේ අම්ම විතරයි දන්නේ. මේ සිංහල රට ගොනෝ.

  8. Saumya says:

    We are very happy.

  9. LION says:

    පොලිස් ඉඩම් බලය සමඟ 13 අකුරටම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවනවා-රනිල්

  10. gamarala says:

    ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට කියා තිබෙනවා ‘අපි පොරොන්දු වූ ආකාරයට ඉතා කල්පනාකාරීව, සෙමින් ඔබගේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටිනවා’ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට මම අත්සන් කළා. නව ව්‍යවස්ථාව සැදීමට අදාළ කෙටුම්පතක් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) දිලා තිබෙනවා’ කියලා. ඒ අනුව පැහැදිලියි, ඍඡූ බදු සහනය දෙන්න යුරෝපා සංගමය දාපු කොන්දේසිය අනුව, ජිනීවා යෝජනාව අනුව, දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් අනුව තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ කියලා. රටක මූලික නීතිය වෙනස් වෙන්න ඕනෑ බාහිර බලවේගවල වල උවමනාවන් අනුවද?

  11. LION says:

    මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූ බව ඇත්ත. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඇත්ත. එහෙත් ඔහු රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ඔහුට සහාය දිය යුතුයි. ඔහු වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ටික කලකට වුවත් ඒ ආණ්ඩුව රැකීමට ඒකාබද්ධ විපක්‍ෂයට කටයුතු කළ හැකියි. අද අවශ්‍ය වන්නේ රනිල් නොමැති අන්තර්කාලීන ආණ්ඩුවක්.

Main News