ජනමාධ්‍ය ලේකම් ලංකාවේ නීති පොතේ නැති නීතියකින් දෙරණ අහෝසි කරන්න යයි..

April 24, 2017 at 10:24 pm | lanka C news
ජනමාධ්‍ය ලේකම් ලංකාවේ නීති පොතේ නැති නීතියකින් දෙරණ අහෝසි කරන්න යයි..

පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කරපු වෙලාවේ අපි කිව්වා ලබ්බට තැබූ අතමයි පුහුලට තියන්නේ කියලා. ඔන්න දැන් දෙරණට අත තියලා. දෙරණ නාලිකාවේ බලපත්‍ර අහෝසි කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් දිගින් දිගටම තර්ජනය කරනවා. අවසාන ලිපියෙන් කියන්නේ දෙරණ අරුණ වැඩසටහනේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට අපහාස කළ නිසා බලපත්‍රය අහෝසි කරනවාලු. ලංකාවේ අපරාධනීය අපහාස නීතියක් නෑ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට නොවේ ජනපතිට අපහාසයක් වුණත් කළ හැක්කේ වන්දි ඉල්ලා නඩු පැවරීම පමණයි. එහෙම මිස බලපත්‍ර අහෝසි කරන්න බෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා තමන් නීතිඥයෙකු බවට කියනවානෙ. එ් නිසා මා නොදන්න නීති කරුණක් පැහැදිලි කර ගන්න තිබෙනවා. නීතිය අනුව නම් ස්වභාවික පුද්ගලයෙකුට නීතියෙන් තහනම් කර නැති ඔිනෑම දෙයක් කරන්න පුළුවන්. නමුත් තනතුරකට නීතිමය පුද්ගලයෙකුට කළ හැක්කේ නීතියෙන් තමන්ට බලය දුන් කාරණා පමණයි. ජනමාධ්‍ය ආයතන වල නිසි පැවැත්ම සොයන්න ලේකම්ට බලය ලබා දුන් පනත මොකද්ද කියලා රටට කියන්න කියලා අපි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.

ලේකම්තුමා මේ උත්සාහ කරන්නේ ජනපති සතුටු කරන්න කියලායි අපට ආරංචි. රජකාලේත් ඔය වගේ වදුරෙකුත් හිටියා. රජතුමා දඩකෙළියේ ගිහින් ගහක් යට නිදාගෙන ඉන්න අවස්ථාවක රජතුමාගේ මුණට මැස්සෙක් වහනවා. රජතුමා නින්දෙන්ම මැස්සා එළවන්න උත්සහා කරනවා. මේ මෝඩ වදුරා හිතනවා මැස්සා නිසා රජතුමාගේ නින්දට බාදා වෙනවා කියලා. මැස්සා සමග වදුරට කෝපයක් ඇතිවෙලා රජතුමාගේ කඩුවෙන් මුනේ වහලා හිටිය මැස්සට කෙටුවා. මැස්සත් මැරුණා රජතුමාත් මැරුණා. ඒවගේ මෝඩ මිතුරන්ගෙන් ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි කියන අනතුරු ඇගවීම අපි ජනාධිපතිතුමාට කරන්න කැමතියි. ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගැටුමක් ඇති වීම නම් කාටවත් වලක්වන්න බෑ.

– අරවින්ද අතුකෝරල

21,605 Viewers

13 Comments to “ජනමාධ්‍ය ලේකම් ලංකාවේ නීති පොතේ නැති නීතියකින් දෙරණ අහෝසි කරන්න යයි..”

  1. Ratata Adare says:

    පිං සිද්ධවෙයි ගම්මන්පිල මැතිතුමා. වලක්වන්ඩ උත්සාහ කරන්ඩ එපා; මේ වඳුරට ඉඩ දෙන්ඩ රජාට කොටන්ඩ.
    ඉලක්කෙ හරි ගියොත් මේ රටට නැවතත් සහන දායක කාලයක් ඇතිවෙයි.

    • somapala says:

      හරියටම හරි රටට ආදරේ.

    • Ratata Adare says:

      ලැජ්ජා නෑ බන් උඹට මගේ නමින් පොස්ට් දාන්න..

      • සවුදං ජේමා says:

        උඹට ලැජ්ජ නැද්ද `රටට ආදරෙයි’ කියල උඩින්ම නම දාගෙන, රටට හතුරු සිරාට කඩේ යන්ඩ?

  2. ex UNPer 2 says:

    ඇත්තමයි බොල ! හරියට ඉලක්කෙ එහෙ මෙහෙ වෙන්නෙ නැතුව වඳුරෝ .
    මූ නම් නියම වඳුරෙක්. වඳුරට ජය වේවා ! වඳුර අපට – අප වඳුරට​.

    • kamalsiri kuruwita says:

      වඳුරෝ ඉලක්කෙ එහෙ මෙහෙ වෙන්නෙ නැතුව හරියට කෙලපන් . උඹ නම් නියම ඇට වඳුරෙක්. වඳුරට ජය වේවා !

  3. ජනමාධ්‍ය ජාතකය says:

    ඔය කතාව පොඩි කාලෙ පොතක තිබිල කියෙව්වේ….තාම මතකයි, ඇඳල තිබිච්ච වඳුරු රූපෙ මූණ පුරාම දුඹුරු පාට රැවුලක් තිබුණා…..

    අදයි දැන ගත්තෙ රජෙක් මැරුවො ත් කවදා හරි ජනමාධ්‍ය ලේකම් කෙනෙක් වෙලා ඒ පව ගෙවන්න වෙනවා කියලා……

  4. Open mind says:

    හිරු තහනම් කිරීම හා නීතිය………?

  5. හුටංගේ හුලං යන්න ලඟයි බොලවි. ඉස්සර එක එක චැනල් බලපු සිංහල ලාංකිකයෝ 100% ක්ම දැන් බලන්නේ දෙරණ නාලිකාව සහ හිරු නාලිකාව දැන් එකටත් බය වෙලා. ඔිිං බලපං ජහ පාලනනේ මාධ්‍ය නිදහස දොර ගලනවා

  6. BARCARDI says:

    This monkey man wants to show to MS his ‘colours’.

  7. ‘Ratata Adare’ WELL SAID AGREE 1 million% with your above comment………jayawewaaaa

  8. wele vidane says:

    ආප්පයා කෑ වදුරා කියලා මෙයා ඉතිහාස ගත චරිතයක් වෙවි!

  9. amanaya says:

    ඒවගේ මෝඩ මිතුරන්ගෙන් ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි කියන අනතුරු ඇගවීම අපි ජනාධිපතිතුමාට කරන්න කැමතියි|

    then will he have any friends ?

Main News