ජනාධිපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. මහා ලාබය සහෝදරයාටයි..

February 15, 2017 at 12:23 am | lanka C news | ලංකා සී නිවුස්
ජනාධිපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. මහා ලාබය සහෝදරයාටයි..

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීම ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව  කැකිල්ලේ  තීන්දුවක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

එම සංගමය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව  කැකිල්ලේ  තීන්දුවක්

සහල් සදහා පාලන මිලක් නියම කර තිබියදී අදාල නිතිය ක්‍රියාත්මක නොකර ආනයනික සහල් සදහා වෙනත් මිලකුත් දේශීය සහල් සදහා තවත් මිලකුත් නිකුත් කීරීමට ජනාධිපතිවරයා අද දිනයේ නිකුත් කල නියෝගය   තමන්ගේ සහෝදරයට මෙරට සහල් පාරිභෝගිකයා ගස කෑමට ඉඩ  දීමකි. මක්නිසාද යත් මේ වනවිට මෙරට සහල් මාෆියාවේ ප්‍රධානියා ලෙස හදුන්වන ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙහයවන පුද්ගලයෙක් විසින් සහල් ආනයන කර ඇති අතර  පාරිභෝගිකයාට පහසුවෙන් හදුනා ගත නොහැකි නිසා ආනයනික සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයා මෙම ජාවාරම සදහා කෙළින්ම සහය ලබා දි ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාලන මිල දෙකක් සහල් සදහා ඉදිරිපත් කලහොත් අප විසින් අධිකරණයේ අවධානය යොමුකරන්නේ මෙරට සහල් සහ ආනයනික සහල් පාරිභෝගිකයා හදුනාගන්නේ කෙසේද යන්න බලධාරින්ගෙන් විමසන ලෙසයි.

සහල් මාෆියාවට තවත් ඉඩ නොදී මෙරට සමස්ත පාරිභෝගිකයා රැක ගැනිම සදහා කටයුතු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර නැතහොත් සහෝදර සමාගමට එරෙහිව අප සටන් කිරීමට පසුබට නොවන බව මතක් කරමු.

රංජිත් විතානගේ
සභාපති

39,489 Viewers

11 Comments to “ජනාධිපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. මහා ලාබය සහෝදරයාටයි..”

  1. බකලදාස says:

    ඔන්න මල්ලි නියම චෙස්!

    😃 😃 😃!

    • maraya says:

      පොළොන්නරුවේ ගමරාලගේ සහල් මාෆියාව හරිම කැතයි
      සිරිසේනගේ සහෝදර සහල් මාෆියා සමාගමට එරෙහිව රට වැසියනි පාරට බසිව් ..
      බලා සිටියොත් උබලාට කන්නට සිදුවන්නේ කොස්කොල ක්‍රෝටන් කොළ
      ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි

  2. SB says:

    බලන්න…සහෝදර කැක්කුමක තරම….අගය කල යුතුයි…

    • Nila Messa says:

      Where is Champa/Walli Amma?

    • Weli Raja says:

      But this “සහෝදර කැක්කුම” is only for his well to do brothers.
      When his simple man younger brother was axed, he hid in Singapore and not even attended the funeral.

  3. JUDGE BAGALAWATHI says:

    Where is rule of law? Country is selling for golden hores

    • OLU says:

      ජනතාවට කන්න දෙන්න බැරි රජයකට මිනිසුනේ ඇයි බදු ගෙවන්නේ ?
      රටේ ආර්ථිකය ගොඩනගන්න බැරි රජයකට ජනතාව බදු ගෙවීමෙන් ඇති පලය කුමක්ද ?
      සිරිසේනගේ පවුල් සමාගම දියුණු කිරීමටද ජනතාව බදු ගෙවන්නේ ? රට අගාදයට යනවා යහපාලනය කරන්නේ බොරුව
      දැන්වත් මේ බව තේරුම් ගෙන රට ජාතිය රැකගනිව් ..බලාසිටීමට කාලයක් නැත අපේ රට අනතුරේ

  4. Saradiel says:

    රටේ සගවා ඇති සහල් සොයා ගනිව් සිංහලයෙනි යහපාලනය සිංහල විරෝධී රෙජිමයක්
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා

  5. Champa says:

    මේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ කතාවට සම්පූරනයෙන්ම එකඟයි. පාලන මිලවල් දෙකක් මොකොටද?

    පාලන මිලක් දැනටම නියම කරලා තියෙන කොට, කරන්න ඕනේ එක ක්‍රියාවේ යොදවනද කියලා වැටලීම් කරන එක මිසක් ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ගන්න පුළුවන් විදියට නීති වෙනස් කරන එක නෙමේ.

  6. gona says:

    මෙන්න සහෝදර සංගමය කියමින් රාජපක්ෂට පහර ගැහු රටට හිතවත් සිරිසේනගේ වැඩ . ඔහොම යමු කෝ දුප්පතාගේ බත් බඩගින්න සමග සෙල්ලම් කරන ගොවියාගේ පුතා. ලජ්ජා ඉ මේවට

  7. mahinda says:

    lankaawama Kaala iwarai.

Main News