ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..

February 7, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

උදයංග වීරතුංග මහතාට එරෙහි චෝදනාව වෙලා තියෙන්නේ මිග් යානා ගනුදෙනුව. මේක දීර්ග කාලයක් තිස්සේ මඩ ගසමින් තියෙන ගනුදෙනුවක්. උදයංග වීරතුංග වේවා වෙන කෙනෙක් වේවා වැරදි කරල තියෙනවනම් නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුවත් හොරු රකින්න එන්නේ නෑ. නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීම ගැනයි අපි හැමදාමත් මේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම තෝරා බේරා තමන්ට ඕනෑ කට්ටියට විතරක් දඩුවම් කිරීමේ ක්‍රියාවලියේ දී ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය නොවෙයි කැලෑ නීතියයි.

ඌවේ චන්ඩියා මේ සියල්ලන්ටම වඩා අත්අඩංගුවට ගත යුතු කෙනෙක්. විදුහල්පතිවරියක් දන ගැස්සුවා පමනක් නොවේ. භික්ෂූන්වහන්සේ නමක් තල්ලුකර එලවා දමනවා. පලාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ට පලාත් සභා පරිශ්‍රය තුලම පහරදීමක් සිදු වෙනවා. නමුත් ඌවේ මහ ඇමතිට මොකක්ද ක්‍රියාත්මක වන නීතිය. ඔහු උසාවි යනවා එවෙලෙම ඇප අරගෙන ගෙදර එනවා. කවුරු හරි කිව්වොත් කරු ජයසූරිය කතානායක තුමන් භික්ෂුන්වහන්සේ කෙනෙක්ට යම් තල්ලු කිරීමක් සිදු කලා කියලා මම ඒක කීයටවත් විශ්වාස කරන් නෑ. මොකද කරු ජයසූරිය මැතිතුමන් එහෙම නෙවෙයි කියලා අපට අදහසක් තියෙනවා. නමුත් චාමර සම්පත් ඌවේ මහ ඇමතිතුමන්ගේ පෙර වැරදි බොහොමයි. පසු වැරදිත් බොහොමයි. මෙහෙම ඉන්න දුන්නෝතින් අනාගත වැරදිත් බෝමයි කියල තමයි වාර්තා කරන්න වෙන්නේ.

අපි දන්නවා බොහෝ දෙනෙක්ට අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩු කැබැල්ල පේනවා. නමුත් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය නම් පේන් නෑ. ජනාධිපතිතුමනි ඔබේ ඇසේ තිබෙනා පොල් පරාලයේ නම චාමර සම්පත්ය කියන එක අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

 

23,863 Viewers

3 Comments to “ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..”

  1. john the baptice says:

    බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී ! මේ අපරාද වලට සිරිසේන නිදි

  2. love nature says:

    අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

    විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිත කළාපයේ මරිච්චකඩ්ඩි හා කල්ලාර රක්ෂිතයේ තවත් අක්කර තුන්දහසක ප්‍රමාණයක් හෙළි කිරීමට සැලසුම් කර ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

    එහි වනාන්තර එළි කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

    කටාර් අරමුදල් මත රක්ෂිත කළාපයේ ඉදිකැර ඇති ජනපදවල පදිංචිකරුවන් සදහා වගාබිම් ලබා දීමට මෙම නව වනාන්තර හෙළිකිරීම් සිදු කෙරෙන අතර, අලුතෙන් පාසල්, රෝහල් හා අනෙකුත් ඉදිකිරීම් සදහාද එම භූමි ප්‍රදේශය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද වැඩිදුටත් වාර්තා වනවා.

  3. Gune says:

    Badurdeen oka pagan gaththe 2012, still continues to do so

Main News