ජනාධිපතිට එරෙහිව වතුකරයේ විරෝධතා..

December 10, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපතිට එරෙහිව වතුකරයේ විරෝධතා..

ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද(10) විරෝධතාවයක නියැලුණා.

වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු  තරුණයෝ නම් වු සංවිධානයක් මගින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල වතුකරයේ තරුණයන් පිරිසක්ද සහභාගි වි සිටියා.

හැටන් පුංචි බෝධිය අසල අද පෙරවරු 11 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරමින් එම සංවිධානයේ සමාජික එස්.සතිස් කුමාර් මහතා කියා සිටියේ 2015 වසරේ මේ රටේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරිමට වතුකරයේ තරුණ තරුණියන්ගේ ඡන්දය ලබාදුන් බවයි.

ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල ඉවත් කර ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන බවට පොරොන්දු වුවත් එම පොරොන්දු මෙතෙක් ඉටු නොකිරිම නිසා වර්තමානයේ රට අරාජිත තත්ත්වයට  පත් වි ඇති බවත්, තවදුරටත් ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල පැවතිය හොත් ජනාතාව සතු පරමාධිපත්‍යය බලය නැති වි යන බවයි එස්.සතිස් කුමාර් මහතා කියා සිටියේ.

මෙම විරෝධතාවයට වතුකරයේ නියෝජනය කරන තරුණ තරුණියන් 25 ආසන්න පිරිසක් සහභාගි වි සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,903 Viewers

2 Comments to “ජනාධිපතිට එරෙහිව වතුකරයේ විරෝධතා..”

  1. Kandy says:

    බොරැ විරෝධතා නවතා රටම නියම විරෝධතා දක්වමු !!
    තමන්ගේ මුළු දල ජාතික නිශ්පාදනයම පාහේ ණය ගෙවීමට යොදවන ජාතියක ප්‍රදානම ආර්තික ප්‍රශ්ණය ණය ගෙවීම යන කාරණය හැර වෙන කුමක්ද?????ණය ගෙවීමට එරෙහිව මුළු රටම විරෝධතා දක්වමු. ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු,අගමැති,මුදල් ඇමති ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…… ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර නීති හා සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි… මේ ණය ගෙවනවාද නැද්ද කියා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් කාලෝචිතය.

  2. climax says:

    Quote “මෙම විරෝධතාවයට වතුකරයේ නියෝජනය කරන තරුණ තරුණියන් 25 ආසන්න පිරිසක් සහභාගි වි සිටියා.” දෙමළ වහල්ලු නැවත් ඉන්දියාවටම පිටුවහල් කළ යුතුමයි…

Main News